චම්පික රණවක මහතා නිතර අඳින්නේ සුදු ඇඳුමයි. අතුරලිය රතන හිමියන් නිතරම තමන් ගැන ස්වයං වර්ණනාවලදී පවසන්නේ තමන් වහන්සේ ' උම්බලකඩවත් වලඳන්නේ නැති සුපේෂලකාමී අවංකත්වය දෝතින් ගෙන ' උපන් අයුරිනි. මේ සුදු ඇඳුම ට , අරහත් ධජය ට මුවා ට මුවා වී පසුගිය ජනාධිපතිවරණ සමයේ ගැසූ ජඩ යටිකූට්ටු ගේම් පිලිබඳ අපූරු සටහන් පෙළක් රතන හිමියන් සමග අදටත් සමීපව කටයුතු කරන පිවිතුරු හෙටක් සංවිධානයේ න්‍යායාචාර්‍යවරයා මෙන්ම හෙළ උරුමයට ප්‍රබලව බලපෑම් කල හැකි තැනක සිටින අශෝක අබේගුණවර්ධන මහතා වීසින් ජනාධිපතිවරණය අවසන් වූ විගසම ලියා ප්‍රසිද්ධ කළ "යුග පෙරළිය" (The Revolution of the Era) නම් කෘතියේ අඩංගු වේ.
මේ මහත්වරුන් මෙතරම් ඉක්මනින් මෙවැනි පාපොච්චාරණ ස්වරූපයේ ග්‍රන්ථයක් හරහා තිරය යට ගේම් නොවළහා හෙළි කරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි. බොහෝ විට මේ පුද්ගල චරිත හා බැඳුනු මමායනය සහ සියල්ලන්ට පෙර මං පොර වීමේ මානසිකත්වය මෙවැනි ග්‍රන්ථයක් පිට වන්නට හේතු වන්නට ඇතැයි අනුමාන කළ හැක.එසේත් නැත්නම් මේ බල මෙහෙයුම යට සිටි සැබෑ විදෙස් බලවේගවල ක්‍රියාකාරීත්වය සැඟවීමට එහි දේශීය ක්‍රියාකාරකම් පමණක් උලුප්පා ප්‍රචාරය කරනවාද යන්න සැක සහිතය. මක් නිසාද යත් මේ පොත ජනවාරි 8 ජනාධිපතිවරණයේ උණුසුම මැක්කෙනටත් මත්තෙන් පළ කිරීම අපට එලෙස සැක කිරීමට අවකාශ ඉතිරි කර දී තිබේ.
පසුගිය ජානාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය බිඳ වැට්ටවීම පිණිස ගෙනගිය මෙහෙයුම තුලදී ඔහු සිංහල සමාජය තුල ද්‍රෝහියකු කිරීමට එකල එහි මහ මොළකරුවන්ට උවමනා වී තිබිණ. ඒ සඳහා ඔවුන් එක්ව ගැසූ නින්දා සහගත ප්‍රචාරයක් සඳහා සැලසුම් කළ හැටි යුග පෙරළිය ග්‍රන්ථයේ ඇති මේ සටහනෙන් පැහැදිලි වේ. [ඊට පෙර ඔවුන්ම බල සේනා වලට මුවා වී සාර්ථකව මුස්ලිම් ජනයා මහින්ද රාජපක්ෂ වෙතින් ගලවා දමා තිබිණ. ]
උත්ප්‍රාසයට කරුණ වන්නේ මේ කුජීත කණ්ඩායමම කිසිඳු විලි ලැජ්ජාවකින් තොරව අද නැවත වටයකින් මහින්ද කොටින් සමග සම්බන්ධව සිටියේ යැයි මහා ප්‍රචාරයක් ගෙන යමින් සිටීමයි. ඒ මෙහෙයුම ගෙනයන්නේත් කුප්‍රකට පොටෝෂොප් ගේම් කරුවාමය.
මේ ක්‍රියාකාරකම්ද අනාගතයේ බිහිවන 'යුග පෙරළිය 2' ග්‍රන්ථයේ අඩංගු වනු ඇති.
යුග පෙරළිය ග්‍රන්ථයේ අඩංගු සටහන කියවමු..

"අප
අත ඉතිරිව තිබූ තුරුම්පු එකින් එක ගසා බැලූ නමුත් ඒවා දිගින් දිගටම අසාර්ථක
විය. අපට හිතවත්ව සිටි එකම ප්‍රධාන මාධ්‍ය ආයතනය වූ සිරස හි අයිතිකරු වූ කිලී මහරාජා මහතා නිතර අතුරලියේ රතන
හිමියන් සමග දේශපාලන පෙළගැසීම් පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. ඉන් එක
අවස්ථාවකට මමද රතන හිමියන් සමග ඔහු හමුවීමට ගියෙමි. එහිදී මැතිවරණ ව්‍යාපාර
හා සිරස ක්‍රියාකාරකම් පිලිබඳ සරල විවේදනයක් මම ඉදිරිපත් කළෙමි.
එහිදී එම සාකච්චාවට එක්වූ චන්දන සූරියබණ්ඩාර මහතා ඉදිරිපත් කළ එක් අදහසක් මගේ සිත් ගත්තේය. ඔහුගේ නිරීක්ෂණය වූයේ රාජපක්ෂ පිල සැමවිටම ඉදිරියෙන් සිටිමින් ප්‍රශ්න ඇතිකරන අතර මෛත්‍රී පිල කරන්නේ ඊට ප්‍රතිචාර දැක්වීම පමණක් බවයි. මෛත්‍රී පිලත් රාජපක්ෂ පිලට එරෙහිව අලුත් අනපේක්ෂිත තුරුම්පුවක් ගැසීම යෝග්‍ය බව ඔහුගේ අදහස ව්ය. එම යෝජනාව ඉතා වැදගත් වූ අතර අපි ඒ සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්චා කළෙමු.
අපි අලුත් සැලැස්මක් සම්පාදනය කළෙමු."

"මහින්ද
පිල හා කොටි ඩසස්පෝරාව අතර යම් අවබෝධයක් ඇතැයි අපට හැඟිනි. එම අවබෝධය
කෙබඳු විය හැකිදැයි අපි ලියවිල්ලකට ගතිමු. එම ලියවිල්ල සම්පාදනය කිරීමේ
විශිෂ්ඨ වැඩ කොටස කලේ ශිරාල් ලක්තිලකයන්ය.
ඊට දින දෙකකට පසු එය බැසිල් විසින් රුද්‍රා වෙත යැවූ ඊමේල් ලිපියක් ලෙස ඊ නිවුස් වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් වී තිබිණි. එම ඊ නිවුස් පළ වූ ලිපිය සැබැවින්ම බැසිල් රාජපක්ෂයන්ගේ ඊ මේල් ලිපිනයකින් රුද්‍රකුමාරන් නැමති කොටි ඩයස්පෝරාවේ වර්තමාන නායකයාගේ සැබෑ ඊමේල් ලිපිනය වෙත ගොස් තිබිණ. මෙම ලිපිය පසුව රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය සාකච්චාවක් පවත්වා රටට හෙළිකරනු ලැබීය. එය රටේ සිංහල ජනතාව අතර බරපතල තිගැස්සීමක් ඇතිකළ බව අපට පසුව හැඟිනි. මෙමගින් මහින්දගේ දේශප්‍රේමීභාවය පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් සිංහල සමාජය තුල ඇතිවිය"
-යුග පෙරළිය : අශෝක අබේගුණවර්ධන
ඒ රූපවාහිනී වැඩසටහන පසුගිය ජනාධිපතිවරණ සමයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වූයේ ඒ හරහා රාජිත සේනාරත්න මහතාගේ තාක්ෂණ දැනුම හොඳින් නිරාවරණය වූ බැවිනි.
අද ඒ කොටස නැවත නරඹන්න. ඔවුන් කොතරම් සැලසුම් සහගතව පූර්ව සූදානමක් සහිතව එය 'රඟපානවා' දැයි විමසිල්ලෙන් බලන්න. කිසිත් පෙර නොදන්නවුන් සේ රඟමින් එකිනෙකා එක එක චරිත තෝරාගෙන රඟපාන අයුරු බලන්න.
රූපවාහිනී නිවේදකයා මෙන්ම කුප්‍රකට දත් දොස්තර මහතා පිළිබඳවනම් බොහෝ දෙනා මීට පෙර දන්නවා ඇති. නමුත් අරහත් ධජයට මුවා වු රතන හිමියන්ද ඒ නරාවළටම වැටී ඇති බව මෙය නැරඹීමෙන් ඉතා හොඳින් පැහැදිලි වනවා නොවේද? මේ ජඩ මාධ්‍ය මෙහෙයුමට හසුවී 'යුග පෙරළිය' ට කර ගැසූ උගත් වියත් අලුත් පරපුරේ තරුණයන් ට මේ රැවටීම දකිද්දි අදවත් ලැජ්ජාවක් හට නොගන්නේද?
යුග පෙරළිය කෘතියේ කතුවරයාම පෙන්වා දෙන පරිදි මහින්දගේ දේශප්‍රේමය පිළිබඳ මහා සමාජයේ බරපතල ප්‍රශ්නාර්ථයක් තිරය යට ක්‍රියාත්මක කළ මේ තිරිසන් මෙහෙයුම නිසා හට ගැණින. මෙයට සහභාගී වූවන් අතර අද පණ්ඩිතමානී වේශයෙන් රූපවාහිනී මාධ්‍ය හරහා 'සටන්' කරන ජඩ වේශය සඟවාගත් ඊනියා ජනමාධ්‍ය මහත්වරුන්ද සිටීමේන් ඔවුන් නිතර දෙසන සාධාරණ , ස්වාධීන මාධ්‍ය භාවිතයේ තරම ගැන හිතා ගත හැක.
අද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධිකාරී උවමනාව හරහා එක්සත් ජනතා නිදහස් සංධාන ජාතික ලැයිතුවටද ඇතුලත්ව සිටින අලජ්ජී ලෙස මෙම කූට ලේඛන සැකසූ සමහරක් මහත්-හොරුන් ඒ සඳහා කොතෙක් සුදුසුද යන්නත් ඔවුන් නිතර දෙසන පාරදෘශ්‍යභාවයේත් වගවීමේත් සාධාරණ පිවිතුරු සමාජයේත් අවලස්සන පැතිකඩක් මේ හරහා අපට හොඳින් නිරාවරණය වී තිබේ.
රතන ස්වාමීන්වහන්සේ උම්බලකඩ නොකෑවද ඊට වඩා 'කුණු රස' වළඳන බව නොවේද මේ හරහා පැහැදිලි වන්නේ? චම්පිකලා රතන හිමිලා අපට පිවිතුරු හෙටක් නිර්මාණය කරන්නේ මෙවැනි පාදඩ ගේම් වලින් නම් ඒ පිවිතුරු හෙටට 'දෙවියන්ගේ'ම පිහිටය.
-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

මේ වගේ කාලකන්නියෝ...
ReplyDeleteමෙවැනි කාලකන්නින්ගේ මුසා බස් වලට තව දුරටත් යමක් සිතිය හැකි මිනිසුන් රැවටිය නොහැකිය. ඒ බව තේරුණු නිසාදෝ කළු උස කන්නාඩි කාරයා වියරුවෙන් නන් දොඩවයි. මින් පැහැදිලි වන්නේ ඔවුන් තම දේශපාලන දිවියේ අවසනට පැමිණ ඇති බව අවබෝධ වී ඇති බවකි.
ReplyDeleteතව බුදු මැදුරු වල සිතුවම් ඇඳීයන්..
ReplyDeleteහිස් ගෙඩි පැලෙන තරමට වස් වැදීයන්..
පාවා දුන්නවුන් එකිනෙක මැරීයන්..
රට කන වසලයන් හට හෙණ වැදීයන්..
බොරු කියනා උන්ගේ කට පැලීයන්...
"හෙළ" නොවනා මුන් හැම දෙන නැසීයන්..
කරන කියන හැමටම වස් වැදීයන්...
රට නසනා උන්ට හෙණ හත වැදීයන්..
"මරා" කියා "මහින්ද" අමතපු උන්ට..
"හොරා" කියා මහ බොරු වපුරපු උන්ට..
සදාතනික ලෙස අපායෙ සැතපෙන්න..
සොබාදහම ඉඩ දෙයි පෙන්වා සත්ත..
මහින්දට නිකරුනෙ දොස් කියන අවලාද නගන සියලු දෙනාටම සාප වේවා… ජාති ජාතිත් සාපම වෙව.. මෙම හෙළ බිමෙන් තුරන් වේවා.!!!