– ආචාර්ය ගුණදාස අමරසේකර
දේශීය විමර්ශනයක් හරහා ලබා ගන්නා තොරතුරු මත පදනම්ව සාදා ගන්නා නව වාර්තාවක් මගින් ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීම ඇමෙරිකාවේ අරමුණ වන බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරය පවසනවා. එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ බව පවසා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කියා සිටියේ මීට පෙර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ දරුස්මාන් වාර්තාව ඒකපාර්ශවීය වාර්තාවක් බවට ඕනෑම අධිකරණයක් පිළිගන්නා බවයි. ඒ නිසා ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ දේශීයව පරීක්ෂණයක් පවත්වා කරුණු සොයාගැනීමට බවද අමරසේකර මහතා මෙහිදී සඳහන් කර සිටියහ. මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කර සිටියේ දේශීය ලේබලය අලවා ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ගන්නා උත්සාහයක් බවයි.
මාධ්‍ය හමුවේ අදහස්වලට මෙතනින් සවන් දෙමු..
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .