8/01/2015

යුධ ජයග‍්‍රහණයට එරෙහිව හෘද සාක්ෂිකාරයෝ එදා කළ කී දේවලින් ටිකක්

කතෘ:යුතුකම     8/01/2015   1 comment


යුධ ජයග‍්‍රහණයට එරෙහිව හෘද සාක්ෂිකාරයෝ එදා කළ කී දේවලින් ටිකක්

මේ ලිපියෙහි දක්වා ඇත්තේ යුධ ජයග‍්‍රහණයේ තීරණාත්මක කාලවකවානුවලදී ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව කටයුතු කළ ආකාරය පිළිබඳ උදාහරණ කීපයකි. මේ පිරිස අද හෘද සාක්ෂියක් ගැන කියමින් නැවතත් මැතිවරණයකට ප‍්‍රවේශ වී තිබේ. පසුගිය වසර කීපය තුළ තමන්ගේම ස්වයං විනාශකාරී තීන්දු තීරණ හරහා බරපතල කඩා වැටීමකට ලක්වී තිබූ එම පක්ෂය අද නැවත ජනපි‍්‍රය වීමට උත්සාහ ගනිමින් සිටින්නේ මහින්දගේ ආණ්ඩුවේ පැවති වැරදි අඩුපාඩු අතිශෝක්තියට නංවමිනි. ඒ හරහා ඔවුන් පසුගිය මැතිවරණයට වඩා වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් මෙවර ලබා ගැනීමට ඉඩ ඇතත් එහි තේරුම ඔවුන් තම උපායමාර්ගිය වරද්දා ගැනීම නිවැරදි කරගත් බව නොවේ. කෙටියෙන් කිවතොත් යුධ ජයග‍්‍රහණය අවස්ථාවේ මෙන්ම මේ මොහොතේද ජවිපෙ මේ රටට එරෙහි දේශපාලන බල කඳවුර නියෝජනය කරන පක්ෂයකි. එය එසේ වන්නේ මන්දැයි පෙන්වා දීම මෙම ලිපියේ අරමුණ නොවන මුත් මේ ලිපියෙන් මා අපේක්ෂා කළේ ඔවුන්ගේ එම මග වරද්දා ගැනීමේ ඉතාම තීරණාත්මක තැනක් වන යුධ ජයග‍්‍රහණයට එරෙහි වීම පිළිබඳ බොහෝ අයට අමතක වෙමින් තිබෙන කාරණා කීපයක් පාඨක අවධානයට ලක්කිරීමටය. එය මේ මොහොතේ ජවිපෙ වැරදි දේශපාලන ස්ථානගත වීම වටහාගැනීම සඳහාද කිසියම් අනුබලයක් සපයන්නක් වෙයි.

ජවිපෙ එක්තරා කාලයකදී බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පැරදවීම සඳහා මේ රට පෙළගැස්වූ ප‍්‍රබලතම බලවේගය ලෙස කටයුතු කළේය. එසේ වුවද ඔවුන් තම මග වරද්දා ගැනීමෙන් අනතුරුව ඉතා වේගයෙන් ඒ කි‍්‍රයාකාරීත්වය සපුරා කණපිට හැරුණු අතර යුද්ධයේ ඉතා තීරණාත්මක අවස්ථාවලදී ජවිපෙ කටයුතු කරන ලද්දේ ඊට දිරිදෙන බලවේගයක් ලෙස නොව යුධ ජයග‍්‍රහණයට වල කපන බලවේගයක් ලෙසය. ඔවුන්ගේ මේ කි‍්‍රයාකලාපය එම පක්ෂය බලවත් ලෙස ජනතාව අතරින් ප‍්‍රතික්ෂේප වීමට හේතුවූ අතර ඔවුන් අද දක්වාම ඒ වැරදි දේශපාලන ස්ථානගතවීම නිවැරදි කොට ගෙන නොමැති බවද කිවයුතුය. ඔවුන් අද මහින්ද දෙස පමණක් බලා සියලූ තීන්දු තීරණ ගනිමින්, මහින්දගේ වැරදි අතිශෝක්තියට නංවා රනිල් බලයට ගෙන ඒමේ නිවට ප‍්‍රයත්නයක් වෙනුවෙන් තම හෘද සාක්ෂිය කැපකොට ඇත්තේ ඒ නිසාය. වත්මන් ජනතා විමුක්ති පෙරමුණ මහින්දගේ රජයට එරෙහිව මතු කරන ඇතැම් සටන් පාඨ සාධාරණ ඒවා විය හැකි වුවත් ඔවුන්ට සැබෑ ප‍්‍රශ්නය ඇත්තේ මහින්දගේ වැරදි සමග නොවන බව මෙහිදී අප විසින් ගැඹුරින් වටහා ගත යුතුය. මහින්දගේ වැරදිවලදී පමණක් නොව මහින්ද මේ රටට ඓතිහාසික ජයග‍්‍රහණයක් අත් කර දෙන මොහොතේදී පවා හෘද සාක්ෂි කාරයන් ඊට එරෙහිව කටයුතු කළ ආකාරය අප විසින් කිසිවිටෙකත් අමතක කළ යුතු නැත. එහෙත් අද මේවා අමතකව යාම නිසා හෝ් නොදැනුවත් කම නිසා නැවතත් අනුර දිසානායකගේ ව්‍යාජ වංචා විරෝධී කතාවලට ආසක්ත වී සිටින යම් පිරිසක් රටේ සිටින බව සැබෑය. ඔවුන් විසින් අවසාන තීන්දුවට පෙර මේ බරපතල කාරණා දැඩිව අවධානයට ගතයුතුය.

මුලාවේ පියසටහන්

2002 -2004 යුගයේදී රනිල්ගේ සාම ප්‍රෝඩාව පැරදවීම සඳහා ජවිපෙ නියමු කාර්යය භාරයක් ඉටු කළේය. අනතුරුව 2005 මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් අනතුරුව ත‍්‍රස්තවාදය පැරදවීම සඳහා එතුමාගේ රජයට විශාල බලපෑමක් කිරීමටද ජවිපෙ ප‍්‍රමුඛ දේශහිතෛෂී බලවේග සමත්විය. එසේ වුවද 2006 -2007 වසරවල යුධ මෙහෙයුම් ආරම්භ වන කාලය වන විට ජවිපෙ ක‍්‍රමයෙන් බාල ආණ්ඩු විරෝධී භූමිකාවකට අවතීර්ණ වෙමින් සිටියේය. මෙය ඔවුන්ගේ උපාය මාර්ගික ගමන් මග පිළිබඳ පක්ෂ අභ්‍යන්තරයේ විවිධ ගැටුම් ඇතිවූ කාලයක්ද වූ අතර එහි ප‍්‍රතිපලයක් ලෙස 2008 වසරේදී විමල් ඇතුළු ජාතික මතවාදය නියෝජනය කළ පිරිසක් ජවිපෙන් බි`දී ගියේය. මේ අනුව 2007න් පමණ පසු කාලය වනවිට ජවිපෙ මුළුමනින්ම තමන්ගේ අතීතයට පටහැනි දේශපාලන ගමනක් කරා පල්ලම් බසින්නට පටන්ගෙන තිබිණි. මුලදී ත‍්‍රස්තවාදය පැරදවීමට පක්ෂව දැවැන්ත කාර්යය භාරයක් ඉටු කළද, යුධ මෙහෙයුම් තීරණාත්මක ලෙස ඉදිරියට යන අවස්ථාවේ ඊට එරෙහිව කටයුතු කිරීමට ජවිපෙ යොමු වූයේ එසේය.

ආණ්ඩු පෙරලීම

ජවිපෙ සෘජුවම යුද්ධය ප‍්‍රතික්ෂේප කළේ නැත. එසේ වුවද කතාවෙන් බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට එරෙහිවන අතරේම කි‍්‍රයාවෙන් ඊට උපරිම වශයෙන් පක්ෂ වීම ජවිපෙ නිත්‍ය පිළිවෙත බවට පත්ව තිබිණි. ඔවුන් එක් අතකින් ත‍්‍රස්තවාදය පැරදවිය යුතු බව පවසන අතරේම අනෙක් අතින් ත‍්‍රස්තවාදය පරදවන ආණ්ඩුව තමන්ගේ අංක එකේ සතුරා බවට පත් කර ගත්තේය. ඉතාම සරල කාරණා පවා අල්ලා ගනිමින් ආණ්ඩුව පෙරලා දැමීමට ඔවුන් ඝෝෂා න`ගන ලද්දේ අලූත් ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කිසිදු විකල්පයක් තමන් සතුව නොමැති තත්ත්වයක්ද යටතේය. ඔවුන් අද පමණක් නොව යුධ ජයග‍්‍රහණය අතරතුරදී පවා අනියමින් එජාපයේ හා අන්තර්ජාතික බලවේගවල වුවමනාව ඉටු කරන ලද්දේ ඒ අන්දමිනි.
උදාහරණ -
”මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් බල කඳවුරක් අපි ගොඩනැංවිය යුතුයි. ඒ බලවේගය හදන්නේ යූඇන්පීයත් එක්ක නෙමෙයි. ඒ බලවේගය හදන්නේ මේ රට පාලනය කරන කා එක්කවත් නෙමෙයි. ඒක ගොඩනැගෙන්නේ මේ රට හදන්න පුළුවන් හැකියාව තිබෙන ජනතා බලවේග එක්කයි.”
ටිල්වින් සිල්වා සම්මුඛ සාකච්ඡුාවකදී
2008 ජුනි 15 ඉරිදා ලංකාදීප

2008 අයවැය
 
මේ මෝඩ හා රටේ පැවැත්මට එරෙහි ආණ්ඩු විරෝධය නිසාම ජවිපෙ කෙරේ වූ ජන ප‍්‍රසාදය වේගයෙන් පහත වැටිණි. යුධ ජයග‍්‍රහණයට අදාල අතිශය තීරණාත්මක කාලවකවානුවක් වූ 2008 වසරේ නොවැම්බර් මස පැවති අයවැය ඡුන්ද විමසීමේදී ජවිපෙ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ඡුන්දය භාවිත කළේය. ඒ උත්සාහය පරාජය කළ හැකි වූයේ එවකට විපක්ෂයේ සිටි විමල් වීරවංශ ඇතුළු ජානිපෙ මන්තී‍්‍රවරුන් 12 දෙනා ආණ්ඩුවට එක් වීම නිසාය.

සටන් පාඨ අහේනිය

යුද්ධයේ ඉතා තීරණාත්මක අවස්ථාවලදී ජවිපෙ සටන් පාඨ හා කොටි හිතවාදී බලවේගවල සටන් පාඨ අතර කිසිදු වෙනසක් නොවූ තරම්ය. එහිදී එජාපය, කොටි සංවිධානය, එන්ජී ඕ ජාලය, හා බටහිර ප‍්‍රජාව මහින්දගේ රජයට එරෙහිව පෙරට ගත් සියලූ සටන්පාඨ ජවිපෙ සටන් පාඨ බවටද පත්ව තිබිණි. ඔවුන් එවැනි සටන් පාඨ මත පදනම්ව ආණ්ඩුවට එරෙහිව ගතහැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම නොපිරිහෙලා අත්හදා බැලූහ. මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, බඩුමිල ආදී මතුපිටින් සාධාරණ ලෙස පෙනෙන සටන් පාඨවලින් වසාගත් අසාධාරණ දේශපාලන මෙහෙයුමට ජනතා විමුක්ති පෙරමුණද දායක වූයේ එසේය.

බොරු වැපිරීම


මීළ`ගට මහින්දගේ ආණ්ඩුව කිසිදා යුද්ධය නිමා නොකරන බව සහ නිමා කළත් එය හුදු නිශ්පල දෙයක් බවට බලවත් මතයක් පතුරුවා හැරීමද මේ කාලය තුළ ජවිපෙ අංක එකේ රාජකාරියක් බවට පත්ව තිබිණි. සැබවින්ම මහින්දගේ ආණ්ඩුව යුද්ධය වරද්දා ගන්නේ නම් ජවිපෙ පිළිවෙත විය යුත්තේ එය හරි මගට ගැනීම සඳහා අවශ්‍ය බලපෑම එල්ල කරමින් ඊට දිරි දීමය. එසේ වුවද ජවිපෙ පිළිවෙත වූයේ ආණ්ඩුව යුද්ධය නොකරන බව ඉතා ආශ්වාදයෙන් යුතුව නැවත නැවත අවධාරණය කරමින් ත‍්‍රස්තවාදයට එරෙහිව පෙළගැසී තිබූ ජනමතය ව්‍යාකූල කිරීම සහ යුද්ධයට පෙර ආණ්ඩුව පෙරළා දැමීමට දිගින් දිගටම උත්සාහ දැරීමය. ජවිපෙ නොනිල පුවත්පත වූ ලංකා තුළින් මේ සඳහා බොහෝ උදාහරණ සපයා ගත හැකිය. ඒ දුෂ්ඨ මෙහෙයුම සඳහා විශාල වශයෙන් බොරුව භාවිතා කිරීමද ජවිපෙ නිත්‍ය පිළිවෙතක් බවට පත්ව තිබිණි. ඒ බොරු මොනවාදැයි මේ සටහන් කීපය දෙස බැලීමේදී පැහැදිලි වන අතර ප‍්‍රභාකරන්ගේ මරණය දක්වාම ඔවුහු ඒ කටයුත්ත නොපිරිහෙලා ඉටු කළෝය.
උදාහරණ
  • ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා විසින් ගෙන යන මෙහෙයුම අතරමග නවතා දමා කොටි සංවිධානය සම`ග සටන් විරාමයක් සඳහා වන යෝජනාවකට එකග වීම පිළිබඳව ආණ්ඩුව සලකා බලමින් සිටින බව විශ්වාස කටයුතු මූලාශයකින් වාර්තා වේ.
(ප‍්‍රධාන පුවත) ලංකා 2009 පෙබරවාරි 08
  • ඇමරිකා එක්සත් ජනපද හමුදාවක් ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීම ඉදිරියේදී විය හැකි තවත් හානියකි. ඉන්දියානු සාගර කලාපයේ සිය බල අරමුණු ඉටු කරගැනීමට සුරතලෙකු ලෙස භාවිතා කළ හැකි කොටි සංවිධානය පරාජය වීමත් සමග සිය හමුදා මෙහි ගෙන්වා ගැනීමට එක්සත් ජනපද පාලකයන්ට අවශ්‍ය වී තිබේ.
(දේශපාලන සටහන) ලංකා 2009 මාර්තු 29
  • කුමාර් රූපසිංහ ආණ්ඩුවේ ඇමතිවරු සමග එක්වී බලය බෙදන යෝජනාව සකස් කරන අතරේම ශී‍්‍ර ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සමග එක්වී විවිධ කටයුතුවල නිරතවෙයි.
....... මේ සඳහා පුළුල් බලය බෙදීමකුත් උතුරු නැගෙනහිර පළාත්වල සිය රූකඩ පාලනයකුත් ඔවුන්ට අවශ්‍යය. අද ඔවුන් කි‍්‍රයාත්මක වන්නේ ඒ වෙනුවෙනි. ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ ඊනියා දේශපේ‍්‍රමී ආණ්ඩුව සහ අධිරාජ්‍යවාදීන් අතර රහසිගත ගිවිසුමක්ද ඇත.
(දේශපාලන ලිපියකින්) 2009 මාර්තු 15 ලංකා
  • යුද්ධය අවසන් යැයි ආණ්ඩුව කරන ප‍්‍රකාශවලින් හැ`ගී යන්නේ ආණ්ඩුව කොටි සංවිධානයේ ඉහල පෙළේ නායකත්වය අත්අඩංගුවට ගැනීම හෝ විනාශ කිරීම අතහැර දමා භූමිය අල්ලා ගැනීමට පමණක් සීමාවී සිටින බවය.
(දේශපාලන සටහන) 2009 මැයි 03 ලංකා


බොරු සිරස්තල
 
සතිපතා පළකෙරුණු ව්‍යාජ දේශපාලන විග‍්‍රහයන් හා ගල් පැලෙන බොරු ප‍්‍රවෘත්තිවලට අමතරව ලංකා පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලයද අවසාන මොහොත දක්වාම සකස් වූයේ යුධ ජයග‍්‍රහණය සිහිනයක් හෝ පල රහිත එකක් බව හැ`ගී යන ආකාරයෙනි.
උදාහරණ
1. ඇමරිකානු මිසයිල පද්ධතියක් තී‍්‍රමලේට (2009 ජනවාරි 18 ලංකා)
2. බලය බෙදීමට ජනපති එක`ග වේ. (2009 පෙබරවාරි 1 ලංකා)
3. සටන් විරාමයකට ආණ්ඩුව සූදානම්. (2009 පෙබරවාරි 8 ලංකා)
4. යුද්ධය නිමාවීමට පෙර ශී‍්‍ර ලංකාවට සාමසාධක හමුදාවක්. (2009 පෙබරවාරි 22 ලංකා)
5. බි‍්‍රතාන්‍ය විශේෂ නියෝජිතයන්ට ආණ්ඩුව අනුමැතිය දුන් බව හෙළිවේ. (2009 මාර්තු 8 ලංකා)
6. ශී‍්‍ර ලංකාවේ මුහුදත් තෙල් නිධිත් ඉන්දියාවට (2009 අපේ‍්‍රල් 12 ලංකා)
7. ප‍්‍රභාකරන් ගලවා ගැනීමට ඇමරිකානු මෙහෙයුමක් (2009 මැයි 3 ලංකා)
8. තෙවැනි පාර්ශවයක ආධාරයෙන් ප‍්‍රභා, පොට්ටු, සුසෙයි ඇමරිකාවට (2009 මැයි 10 ලංකා)

ටිල්වින්ගේ ආගිය කතා

ජවිපෙ මූනිච්චාවට ඉතාම ව්‍යාජ ලෙස යුද ජයග‍්‍රහණයට පක්ෂ බව පෙන්වුවද අවසාන මොහොත දක්වාම ඔවුන්ගේ පරම බලාපොරොත්තුව වූයේ මහින්ද යුද්ධය ඇනගන්නා ආකාරය දැකීමය. යුධ ජයග‍්‍රහණයෙන් දින කීපයකට පෙර ටිල්වින් සිල්වා මහතා සිදුකළ පහත එන විකට ප‍්‍රකාශය ඒ සඳහා කදිම නිදසුනකි. සිවිල් වැසියන්ට සිදුවන හානි වැලැක්වීම සඳහා බර අවි ප‍්‍රහාර නතර කිරීම පවා ටිල්වින්ට එදා පෙනුනේ යුද්ධය නතර කිරීමක් ලෙසය.

”ආණ්ඩුව නිකුත් කරපු නිවේදනේ ඉතා පැහැදිලිව තිබෙනවා සංග‍්‍රාමික මෙහෙයුම් නවත්තන්න ආණ්ඩුව කටයුතු කළා කියලා. ඒ අතරේම බර අවි පාවිච්චි කරන්නේ නෑ කියලත් තියනවා. ඒ නිවේදනයේ තව තැනක තියනවා ආරක්ෂක හමුදාව සිවිල් වැසියන් මුදා ගැනීමට පමණක් සීමා කරනවා කියලා. ඉතාම පැහැදිලියි මේ කියන්නේ ත‍්‍රස්තවාදීන් මර්දනය කිරීමේ කටයුතු ආණ්ඩුව අතහැරියා කියලා.”
ටිල්වින් සිල්වා සම්මුඛ සාකච්ඡුාවකදී
-ලංකා 2009 මැයි 3

මෙහි දක්වා ඇත්තේ පක්ෂ, පාට, ජාති, ආගම්, භේදයකින් තොරව මේ රටේ සහ මනුෂ්‍යත්වයේ ජයග‍්‍රහණයක් වන ත‍්‍රස්තවාදය පැරදවීමේ තීරණාත්මක ප‍්‍රශ්නය හමුවේ ඊනියා හෘද සාක්ෂි කාරයන් පෙන්වූ තුච්ජ හැසිරීම පිළිබඳ උදාහරණ කීපයකි. මහින්දගේ වැරදි හමුවේ පමණක් නොව මහින්දගේ අතිශය නිවැරදි කටයුතු හමුවේ පවා ජවිපෙට මහින්ද සමග පැවතියේ එකම පරිමාණයේ විරෝධයකි. එය හුදු මහින්දගේ වැරදි නිසා ඇතිවන විරෝධයක් නොව පරගැතිකම හා එජාප හිතවාදය ඔස්සේ මහින්ද ගැන ඇතිවන මාරාන්තික වෛරයකි. දින කීපයකට පෙරද ලාල්කාන්ත ප‍්‍රකාශකළේ තමන්ට රනිල් සමග ගනුදෙනු කළ හැකි වුවත් මහින්ද සමග කිසිදු ගනුදෙනුවක් කතාවක් නැති බවය. අද අනුරලාගේ උකස් තැබූ හෘද සාක්ෂිය ගැන බලාපොරොත්තුවෙන් පසුවන පිරිස් මැතිවරණයට පෙර මේ කාරණා තරයේ අවධානයට ගත යුතුව තිබේ.

-ඉසුරු ප‍්‍රසංග
මූලාශ්‍ර - (බිදුණු වම් අත - ජවිපෙ නිරවි මර්දනයට පසුවදනක් කෘතිය- ඉසුරු ප‍්‍රසංග)

යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. ජේ වී පී එක නරකයි නම් මහින්දයි උගෙ හැතිකරේටයි කියන්න නමක් ශබ්දකෝෂයෙත් නෑ දේශප්‍රේමියනි

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions