8/13/2015

රටේ අනාගතය සහ ඔබේ තීරණය

කතෘ:යුතුකම     8/13/2015   2 comments


අගෝස්තු 17 ඡන්දය ලංකා ඉතිහාසයේ තීරණාත්මක ම මැතිවරණයයි.

එදාට ඔබ තීරණයක් ගන්න වෙනවා. රනිල් වික්‍රමසිංහගේ නායකත්වය තියෙනකල් එක්සත් ජාතික පක්ෂයට ආසන 100 ක් ගන්න බැහැ . ඔහු ඉන්න කාලේ ගොවියෝ පෙලට වහබිපු හැටි ගම්වල මිනිසුන්ට මතකයි. ඒ නිසා ඔහුට ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන් වෙන්නේ දෙමල සන්ධානෙත් එක්ක විතරයි. ඔබට අගෝස්තු 17 තීරණය කරන්න තියෙන්නේ රනිල් - සම්බන්ධන් ආණ්ඩුවක් හදනවා ද නැත්නම් සන්ධානයේ ආණ්ඩුවක් බුලත් කොලය ලකුණින් පත් කරනවා ද කියල. තනි පක්ෂයක් හැටියට ආසන 113 පන්නන්න හැකියාව තියෙන එක ම පක්ෂය සන්ධානය පමණයි.

මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ අනුර කුමාර වැනි අය මාධ්‍ය මගින් විශාල රැල්ලක් ඇතිකරමින් ඉන්නවා මහින්ද යුගය සදහට ම ඉවර කළ යුතු බවට. එහෙත් ඔවුන් කවුරුවත් කියන්නේ නැහැ මහින්ද යුගය ඉවර කරලා බිහි කරන්නේ මොනවගේ යුගයක් ද කියල. බිහි කරන්න යන්නේ මේ රටේ අතීතයට අයිති විය යුතු ෆෙඩරල්වාදී රනිල් - චන්ද්‍රිකා යුගයක්. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මහින්ද රට භාරගත්තේ 2005 දී. එහෙත් චන්ද්‍රිකා සහ රනිල් මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වය දරුවෙ 1994 ඉදන්. රනිල් දැන් අවුරුදු 20 ක් එක්සත් ජාතික පක්ෂය වලපල්ලට යවනවා. එහෙත් ඔහු ඒකාධිපති විදිහට කිසිවෙකුට ඉදිරියට ඒමට නොදී පක්ෂය පාලනය කරනවා. මහින්දගෙන් පස්සේ රට භාරගන්න ඕනේ මේ වගේ පරණ පිළුණු නායකයෙක් ද ?අපි කතා කරන්න ඕනේ ඒක ගැනයි. මහින්දගෙන් පස්සේ බිහිවෙන්න ඕනේ මහින්දටත් වඩා හොඳට රට කරවන නායකයෙක්. රට යන්න ඕන ඉස්සරහට මිසක් අවුරුදු 20 ක් ආපස්සට නෙමෙයි නේද ? ඇත්තටම මිනිස්සු හිතන්නේ එහෙමයි. මිනිස්සු රනිල් ගැන දන්නව. ඒ නිසයි එච්චර දේශපාලන අවබෝධයක් නොතිබ්බ අපේ තරුණ සහෝදරවරු සමහරක් මෛත්‍රිපාල මහතා ට සහය දුන්නේ. එකට අපි දොස් කියන්නේ නැහැ. මොක ද හැමෝම වෙනස් වෙන්න කැමතියි. එහෙත් රට ආයෙත් යන්නේ රනිල් චන්ද්‍රිකා ගේ කෝලම් යුගයට බව ඇස් පනා පිට පෙනෙද්දීත් ඇහැකන පියන් මහින්දගේ වැරදි ම මතුර මතුර ඉන්නවනම් ඒක කුහකකම. මහින්දගේ වැරදි තිබුණ . එහෙත් ඉදිරියේදී ඔහු එන්නේ පාඩමක් ඉගෙනගත් නායකයෙක් හැටියට. අනිත් එක ඔහුට දැන් අසීමිත බලයක් නැහැ. ඔහුට වැරදි හදාගන්න තව එක අවස්තාවක් දීම කිසිදු වරදක් නැහැ. ඔහු පමණයි මෑත කාලයේ රටට යමක් කළා කියල කට ඇරලා කියන්න පුළුවන් එක ම නායකයා.

17 වෙනිදට අපි සන්ධානයට බලය දිය යුතු හේතු අතර වැදගත් ම හේතුවක් වෙන්නේ පිළුණු අවලංගු නායකයෙක් වෙන රනිල්ගෙන් එක්සත් ජාතික පක්ෂය මුදවල ඒ පක්ෂය රටේ පොළොවේ පයගහල ජිවත් වෙන නායකයෙකුට භාරගන්න දීල රටේ ප්‍රධාන පක්ෂ දෙක අතර හොඳ බලතුලනයක් ඇතිකිරීම. වෙන විකල්පයක් නැහැ.

ජාතික ආණ්ඩුවක භයානකකම

රනිල් වික්‍රමසිංහ මහතා නිතර ම කියනවා ජාතික ආණ්ඩුවක් හදන බව. ජනතා විමුක්ති පෙරමුණත් මේක කියනවා. සමහර මිනිස්සුන්ට මේක හරි ම ආකර්ශනීයයි. එහෙත් ජාතික ආණ්ඩුවක් සාමාන්‍යයෙන් ලෝකයේ හැදෙන්නේ යුද්ධ කාලෙකට විතරයි. වෙනත් අවස්ථා වල කිසිම රටක ජාතික ආණ්ඩු හදන්නේ නැහැ. මොකද ? ජාතික ආණ්ඩුවක් ස්වභාවයෙන් ම භයානකයි. ලෝකේ හැම රටක ම ප්‍රධාන පක්ෂ දෙකක් තියෙනවා. එකෙන් තමයි රටේ දේශපාලන බලය තුලනය වෙන්නේ. ජාතික ආණ්ඩුවක් හදුවහ ම මොකද වෙන්නේ ? එතකොට රටේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයෝ එකතුවෙලා මුළු දේශපාලන බලය ම තමන්ගේ නායකත්වය යටතට ගන්නවා. පහුගිය කාලේ වෙන්න ගියේ අන්න ඒ වගේ දෙයක්. එතකොට ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන්ට බලහත්කාරයෙන් ඕන ම දෙයක් කරන්න පුළුවන්. අන්න ඒ භයානකකම නිසයි ලෝකේ කොහෙවත් ජාතික ආණ්ඩු පිහිටුවන්නේ නැත්තේ යුද්ධ කාලෙකදී හැර. එකට මේ රටේ බලන්න. යුධ්ධේ කාලේ ජනතා විමුක්ති පෙරමුණයි එක්සත් ජාතික පක්ෂයයි දෙක ම උත්සහ කලේ ආණ්ඩුව වට්ටවන්න. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ ඇඟිලි ගැන ගැන හිටිය මහින්ද මහතා යුද්ධය අනාගන්න කල්. ඒ වෙලාවේ කවුරුවත් ආව ද ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න ? නැහැ. එහෙත් අද ලොකු උවමනාවක් තියෙනවා. මේකට ජනතා විමුක්ති පෙරමුණ හරි කැමතියි. මොකද ඔවුන්ට විපක්ෂ නායකකම හම්බවෙනවා. එහෙත් රට ජාතිය පැත්තෙන් හිතුවහම ජාතික ආණ්ඩුවක් හරිම භයානකයි. අපි මේක 1977 -1994 යුගය එක්ක සසදමු.

77 ජේ ආර් - සිරිමාවෝ - විජේවීර සහ අද රනිල් -මහින්ද - අනුර කුමාර ....සංසන්දනය කරමු.

77 දී ජේ ආර් එනකොට ආවේ ධර්මිෂ්ට රාජ්‍යය කියන නම ඉස්සරහට දාගෙන. රනිල්ට වගේ ම හිතවත් මාධ්‍ය ඔහුට මිස්ට ක්ලින් පට්ටමකුත් ගහල තිබ්බ. එහෙත් අපි දන්නවා 77 තමයි මේ රටේ දේශපාලනය අන්ත දුෂණයට ලක් වුණේ . රනිල්ට තියෙන්නෙත් ඒ ජාන ම බව ලංකා ඉතිහාසයේ සුපිරිම හොරකම වුනු මහබැංකු හොරකම කිරීමෙන් ඔප්පු කරා. 70 - 77 යුගයේ සිරිමාවෝ යුගයේ ප්‍රශ්න තිබ්බ. ඒවායින් මිරිකුණු මිනිස්සු සහනයක් බලන් ජේ ආර් ට ඡන්දෙ දුන්න. ජේ ආර් මේ දුන්නු බලය ඉතා ම ඒකාධිපති විදිහට පාවිච්චි කරලා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා ඇයට නැවත ඡන්දය ඉල්ලීමේ හැකියාව නැති කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තට නැති කරලා දැම්ම. අද මහින්දව අතුගාල දාල රනිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරන්න යන්නෙත් එක ම තමයි. මේක පක්ෂයක් ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මේක රටේ දේශපාලන බලතුලනය ගැන ප්‍රශ්නයක්. රටේ ප්‍රධාන විපක්ෂය බිමට සමතලා කරලා දැම්මහම එකේ වාසිය ගන්න පුළුවන් කියල සුළු පක්ෂ හිතනවා. එහෙත් ප්‍රධාන විපක්ෂය නැති කරලා දැම්මට පස්සේ අනෙක් පක්ෂ නැතිකරන එක මහා කජ්ජක් නෙමෙයි. අද අනුර කුමාර රනිල් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිකරන්න යනවා වගේමයි එදා විජේවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජේ ආර් අතින් විනාශ වෙන හැටි ආසාවෙන් බලන් හිටිය. අන්තිමට මොකද වුනේ? ජේ ආර්ට විරුද්ධ වෙන මුවාවෙන් රාජ්‍ය බලය අල්ලගන්න විජේවීර දරපු උත්සාහය රටට තරුණ ජිවිත 60000 ක් නැති කරලා ඉවර උනේ. රනිල්ට රට දෙනවා කියන්නේ නැවත ඒ වලට ම වැටෙන එකයි. මිනිස්සු 77 දී දුන්නු රට ජේ ආර් නැවත භාරදුන්නේ කොහොම ද? යුද්ධයක් එක්ක භිෂණයක් එක්ක. දුෂිත මනාප ක්‍රමයක් එක්ක. අදටත් අපි ඒවායින් විඳවනවා. අද මේ මනාප ක්‍රමය නිසා නෙමෙයි ද දේශපාලකයන්ට ව්‍යාපාරිකයන් මත යැපෙන්න වෙලා තියෙන්නේ? අපි කරන්න ඕනේ මෙන්න මේ ක්‍රමය වෙනස් කරන එක. එකට ජනතා විමුක්ති පෙරමුණට උවමනාවක් තිබ්බේ නැහැ. එහෙම උනා නම් තමන්ට පාඩු නිසා. ඔවුන් කැමති මේ දුෂණය දිගටම තියෙනවට. එතකොටයි ඔවුන්ට වාසි.

ඒකාධිපතියා කවුද ?

ඒකාධිපතියෙක් කියන්නේ ජනතාවගේ අකමැත්තෙන් ජනතාව පාලනය කරන කෙනෙක්. ජනතාවගේ කැමැත්ත විමසන්න ඉඩ නොදෙන කෙනෙක්. විජාතික මාධ්‍ය මගින් මොන ප්‍රතිරුප හැදුවත් මහින්ද රනිල් වික්‍රමසිංහගේ එකාධිපතිකමට ළඟකවත් නැහැ. නිකම් මතුර මතුර ඉනේ නැතුව දෙන්නගේ අතීත ක්‍රියා වලින් බලමු. ඔබට මතක ද රනිල් වික්‍රමසිංහ 2002 දී අගමැති වෙලා කොටි එක්ක ගිවිසුමක් ගහනකොට ඒ ගැන රටේ පාර්ලිමේන්තුවේ කවුරුවත් දන්නේ නැහැ. අද ලිච්චවි පාලනය ගැන කතා කරාට අදත් ඔහු ඒ තරම් ම ඒකාධිපතියෙක්. කිසිම රටක මෙහෙම ඒකාධිපතිකමක් කරන්නේ නැහැ. පරලිමේන්තුව නොදැනුවත් ව රටේ ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක ගිවිසුමක් අත්සන් කිරීම. නැහැ. මොන ම රටකවත් නැහැ. එහෙත් මේගොල්ලෝ ලිච්චවි පාලනය ගැන කියනකොට මිනිස්සු රැවටෙනවා. හේතුව මිනිස්සුන්ට ඉක්මනට හැමදේම අමතක වෙන එක. ජේ ආර් 1984 දී පාර්ලිමේන්තු චන්දෙ අවුදු 6 කට කල් දැම්ම. ලෝකේ කොහේ ද ඔහොම දේවල් වෙන්නේ ? මේවා ජේ ආර් ල රනිල් ල ගේ ආවේනික ගති. ඒවා අරින්න බැහැ . ලිච්චවි පාලනය ගැන ධර්මිෂ්ට පාලනය ගැන කියවනවා. එහෙත් අන්තිම ඒකාධිපතියෝ. පැරකුම් යුගයක් ගැන කියනවා. එහෙත් ගොවියෝ වහ බොනවා.

අනික් පැත්තෙන් මහින්දට නාමයෝජනා නොදීමට මේගොල්ලෝ කොච්චර උත්සහ කළා ද ? මහින්ද චන්දයට එනවා ද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ද නැත්නම් රනිල් වික්‍රමසිංහ ද ? මේක කොච්චර ඒකාධිපතිකමක් ද ? අවුරුදු 20 ක් චන්ද 30 ක් පැරදිලා කාටවත් ඉඩ නොදී තමන්ට අවශ්‍ය විදිහට පක්ෂය පාලනය කරන රනිල් කොච්චර ඒකාධිපතියෙක් ද ? මේ වගේ මිනිස්සු හදන ජාතික ආණ්ඩුවක් කොහොම වේවි ද කියල හිතාගන්න පුළුවන් ද ?

බෙදුම්වාදී අවදානම

මේ ගැන කතා කරනකොට සමහරු කියනවා එහෙම එකක් නැහැ කියල. අපි රැවටෙන්න හරි කැමතියි. මතක තියාගන්න අපි අවුරුදු 300ක් සුද්දෝ එක්ක යුද්ධ කරලා පැරදුනේ නැහැ. යුරෝපිය ජාතියකට අසියාවේදී ලැබුණු දරුණු ම යුධ පරාජය ලබා දුන්නේ රාජසිංහ රජ්ජුරුවෝ. අන්තිමට සුද්දෝ අපව යටත් කරේ කොහොම ද ? අපේ නිලමෙලා ටික රවට්ටලා ගිවිසුමක් ගහල. අද අපි ප්‍රභාකරන්ව පරද්දල රනිල්ට කියල ගිවිසුමකින් ෆෙඩරල් දෙනවා ද ? බටහිර බලවතුන් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ දැඩි විරුද්ධත්වය මත අවුරුදු විස්සක් චන්ද 29ක් පැරදී පැරදී රනිල් ව නායකයා කරන් ඉන්නේ ඔවුන්ගේ මෙම අරමුණ ඉටු කිරීමට සුදුසු ම පුද්ගලයා ඔහු නිසයි. පාර්ලිමේන්තුවටත් හොරෙන් කොටි එක්ක එක රැයින් ගිවිසුම් ගහල කොටින්ටයි හමුදාවටයි ප්‍රදේශ වෙන්කරලා කොටින්ට අන්තර්පාලනයක් දෙන මට්ටමට ම ඉස්සරහට ගිය රනිල් හැර මීට වඩා සුදුස්සෙක් නැහැ. ඔබ දන්නවා ද චන්ද්‍රිකා කුමාරතුංග වැනි අය උතුරු නැගෙනහිර ස්වයං තීරණ අයිතිය තිබෙන්නේ දෙමල ජනතාවට බව - ඒ කියන්නේ උතුරේ මුලික අයිතිය තිබෙන්නේ දෙමල ජනතාවට පමණක් බව - ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්න බව ? ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට නැති වෙනස් බලතල අසමමිතික බලය බෙදීම හරහා උතුරු නැගෙනහිරට ලබාදෙන්න මුලින්ම යෝජනා කලේ රනිල් වික්‍රමසිංහ බව ? මේ දෙන්නගේ පැකේජ් සුනාමි සහන මණ්ඩල මතක ද ? එදා මේවා ජාතියේ වාසනාවට පැරදුනා. මොකද ඒ කාලේ දෙන්න දෙපැත්තේ. දෙන්න ම තරහයි. බල අරගලයක් තිබ්බ. ඒ නිසා බටහිර බලවතුන්ට බැරිවුණා තමන්ගේ අරමුණු ක්‍රියාත්මක කරන්න. ඒ නිසයි මේ සැරේ ජාතික ආණ්ඩුවක් හරහා මේවා ක්‍රියාත්මක කරන්න යන්නේ . හොඳට මතක තියාගන්න - එදාට මේවට විරුද්ධ වෙන්න බොහොම අමාරුයි, 1987 දී ජේ ආර් ඉන්දු ලංකා ගිවිසුම
ගහන කොට ඊට විරුද්ධ ව පෙළපාලි ගිය 150 ක් වෙඩි තියල එතන ම මැරුව . එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කවදාවත් තමන්ගේ තීරණයක් හකුලගන්නේ නැහැ. මිනි කියක් උඩින් හරි එක කරනවා. අද අපට මේවා අමතකයි.

ලක්ෂ පනස් අට ට අපි හැමෝම එකා වගේ එකතු වෙමු

මේ වෙලාවේ හැම චන්දයක් ම වැදගත්. තීරණාත්මකයි. පොඩි ඉඩක්වත් ඉතිරි කරන්න එපා. ඡන්දය අපතේ හරින්න එපා. ලක්ෂ පනස් අට වගේ ම අවංකව ම රටට හොඳක් කරන්න හිතල මහින්දට පාඩමක් උගන්නන්න හිතල ගිය පාර හංසයාට ගහපු අයත් මේ සැරේ පවුල් පිටින් ගිහින් බුලත් කොලයට ගහන්න. මොක ද මේ ඔබේ දරුවාගේ හෙට දවස ගැන තීරණයක්. 


-යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. මචෝ, හිත අමාරු කරගන්න එපා. දැන් පේනවනේ මරාට අගමැතිකම දෙන්නේ නෑ මයිත්‍රී. ඉතින් නිකන් මොකටද නහින්නේ? රනිල් අගමැති වෙන එක වලක්වන්න බැහැ.

    ReplyDelete
  2. same goes for my namesake who has published the above comment! Let the voters decide and respect that verdict! To all voters at this crucial time the only question you have to ask your self when you cast your vote is whether you would like to live in an undivided or divided Sri Lanka? It is as simple as that! It is not about party politics, religious beliefs, ethnicity or any other measurement from which you perceive is important to cast your vote! It is a simple question you have to ask your conscience whether as a Sri Lankan you would like to see the country divided along ethnicity which in the long run would lead to another civil war or whether you would like our country to continue as a undivided nation! We can exact pressure internally to solve our burning issues later first and foremost we should have a country where all of us can live in peace! division is not the solution to obtaining peace!

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions