ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවුවහොත් රට බෙදුම්වාදය දෙසට තල්ලු වී නැවතත් ව්‍යසනයකට මුහුණදීමේ දරුණු අනතුරක ඇති බව අස්ගිරි මහා විහාරවාසී කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ අවධාරණය කරති.
රනිල් වික්‍රමසිංහ මහතාගේ අතීත ක්‍රියාමාර්ග මෙන්ම වත්මනේදී අනුගමනය කරමින් යන පිළිවෙත දෙස බැලීමේදී නියත ලෙසම රටේ ඒකීයභාවය අහෝසි වනු ඇති බවත් බෙදුම්වාදී ද්‍රවිඩ ජාතික සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයන සහ උපරිම ලෙස බලය බෙදන බවට සඳහන් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙස විමසිල්ලේ බැලූවිට එය හොඳින්ම පැහැදිලි වන බවත් එය වලක්වා ගෙන තව දුරටත් රටේ ඒකීයභාවය ආරක්ෂා කරගැනීමට නම් බෙදුම්වාදයට එරෙහි බලවේග ජයග්‍රහණය කරවීම මේ මොහොතේ රටට දැයට හිතැති සියළු දෙනාගේ අත් හළ නොහැකි වගකීම සහ යුතුකම බවද උන්වහන්නේ පෙන්වා දෙයි.
එහිදී බෙදුම්වාදය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වටා සිටින බලවේග පිළිබඳ උන්වහන්සේ මෙලෙස අදහස් පළ කළේය
" බටහිරට නැඹුරු වෙච්ච බටහිර ගැති එක්සත් ජාතික පක්ෂය අද වන විට තමන් වටා මේ බෙදුම්වාදය ශක්තිමත් කරන කණ්ඩායම් රාශියක් ගොනු කරගෙන තිබෙනවා. එදා සිංහල සංස්කෘතියට සභ්‍යත්වයට පහර දීපු රටට දෝහීකම් කරපු රාවය පුවත් පත අදියේ වැඩ කළ මාධ්‍යවේදීන් මෙන්ම නිර්මාල් රංජිත් දේවසිරි ගාමිනී වියන්ගොඩලා ආදීන් අද මේ අරමුණට ගොනු වෙලා ඉන්නේ. මෙරට සංස්කෘතිය පිළි නොගන්නා සන්නස්ගල වැන්නන් එතනට එක් වෙන්නෙත් ඒ අරමුණෙන්. අපට කණගාටුවට කරුණ නම් මාදුලුවාවේ සෝභිත හාමුදුරුවො මේ කණ්ඩායම සමග ඉන්නේ කොහොමද කියන එකයි. "
යුතුකම සංවාද කවය විසින් පවත්වන ලබන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් පසුගිය අගෝස්තු මස පළමුවනදා වෙනස සැපද යන මැයෙන් මහනුවරදී පැවති අතර එහිදී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් පැවැත්වූ වෙසෙසි දේශයනයි මේ...

සටහන :යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .