මේ දින වල රට පුරා අතොරක් නැතිව පැවැත්වෙන මැතිවරණ රැස්වීම් වල ශ්‍රී ලංකාවේ වත්මන් (පත්කළ) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිරන්තරයෙන් අවධාරණය කරන කරුණක් නිතරම ජනමාධ්‍ය ඔස්සේ විකාශය කෙරිණ. ඒ කාන්තාවන්ට එරෙහි හිංසනය වෙනුවෙන් තමා පෙනී සිටින බවත්, කාන්තාවන් ගේ ප්‍රශ්න වෙනුවෙන් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක යටතේ වෙනමම පොලිසියක් පිහිටුවන බවත්, කාන්තාවන් මුහුණපා ඇති අතවර හිංසන සම්බන්ධයෙන් අධිකරණයේ පැවරී ඇති නඩු ඉතා ඉක්මනින් නිමා කිරීමට අවශ්‍ය පසුබිමක් නිර්මාණයක කරන බවත්ය.
මෙය අපට නම් හාස්‍ය දනවන කරුණකි. ඊට හේතු බොහෝය. අපේ රටේ කාන්තා හිංසනයක් නැතැයි අපි නොකියමු. එහෙත් මේ රටේ කාන්තාවන්ගේ මොල බටහිර ආකෘතියක්, න්‍යාය පත්‍රයක් අනුවම සෝදා, නැති කාන්තා අසහනයක් හෙවත් පුරුෂ විරෝධයක් මවා පා, බටහිර ඩොලර් හම්බකර, ගිළගත හැකි ව්‍යාපාරයක කොටස්කාරිණියන් හා කොටස්කරුවන් පිරිසක් නිර්මාණය කළ ව්‍යාජ කාන්තා විමුක්ති අරගලයක් පවතින බව අපේ අදහසයි. එය 1970-80 වකවානුවේ වඩාත් රැඩිකල් ස්වභාවයකින් සමාජගත කරවනු ලැබූවද, දැන් දැන් වෙනත් සංවර්ධන ව්‍යාපෘති වල සීනි පැණි තවරා, පාට කඩදාසි වල තවරා, සිංහලයන් වන්ද්‍යාකරණය නීතිගත කර, රාජ්‍ය අනුග්‍රහය ලබාගත් සේම, රාජ්‍ය අනුග්‍රහයෙන් කාන්තා විමුක්තිය පිළිබද අදහස සමාජගත කෙරේ. මෙය අප දකින්නේ සාම්ප්‍රදායික, ස්වයංපෝෂිත කුටුම්බ විසංවිධානය කිරීමේ පසුබිම සැකසීමක් සේය. කොටින්ම මෙය ඉතා සූක්ෂම විජාතික කුමන්ත්‍රණයකි. මේ කාන්තා විමුක්ති සටනේ නියමුවරියෝ එක්කෝ සමලිංගික ඇසුරට ප්‍රියතාවක් දක්වන්නෝය. නැතිනම්, නීත්‍යානුකූලව තෙවන හෝ සිව්වන සැමියා සමග පවුල් කන්නෝය. එසේත් නැතිනම් අවිවාහක කණවැන්දුම් චරිතයත; දික්කසාද වූවෝය. සංස්කෘතිය කනපිට හරවා බහුපුරුෂ සේවනය හෝ බහු ස්ත්‍රී සේවනය සාධාරිණීකරණය කරන්නට වෙහෙසෙන්නෝය. ඒ වැඩපිළිවෙල සමග සිටින යමෙක් මේ කුළකයන්ට හසු නොවන්නේ නම් මුදල් පිණිස ඒ මතවාදයන්හි කොටස්කාරිණියන් වී ඇත.
ප්‍රස්තුත කාරණයට යොමුවන්නේ නම්, හේතු ඵලවාදීව, රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා විමුක්තිය පිළිබද උස් හඬින් නන් දොඩවන්නට පටන් ගැනීම, ජාත්‍යන්තර අවශ්‍යතා මත කොළඹ කේන්ද්‍රීය කාන්තා විමුක්ති(කාමිනියන්ගේ) බලපෑම නිසා සිදූ වූවක් බව පැහැදිලිය. මෙය බහුතර සමාජයට පට්ටම ආතල් එකක් සපයන්නේ, එතුමා අන්තපුර රාජකාරීය බාරගැනීමක්, කාන්තා කටයුතු, හෝ නාරිවේදය භාරගැනීමක් සේ දැනෙන නිසාය. ඒ විෂයයේ මොකක්දෝ ගැළපීමක් ඇති නිසාය.
එසේම මේ සමාජයේම තවත් ස්ථරයක් කම්පනයට පත්වන්නේ, 1988-89 වකවානුවේ බටලන්ද කේන්ද්‍ර කොටගත් වධකස්ථාන හෝ මරණස්ථාන ජාලයක් තුළ තරුණියන් දූෂණය කර මරාදැමීමටත්, මේ රටේ සිය ගණනක් මවුවරුන්ට පුතුන් දුවණියන් අහිමිකරන්නටත්, බිරින්දෑවරුන්ට ස්වාමීයන් අහිමි කරන්නටත්, දියණියන්ට පියවරුන් අහිමි කරන්නටත් සිය රාජ්‍ය භීෂණය මුදාහැරි රනිල් වික්‍රමසිංහ හෙවත් රාජ්‍යතාන්ත්‍රික, පරිනත, දූරදර්ශී ආදී ව්‍යාජ විරුදාවලීන් වලට මුවාවී සිටින භීෂකයා, කාන්තා විමුක්තිය පිළිබද හදපත්ලෙන් කතා කරන ආකාරය ඇසීමෙනි; දැකීමෙනි.
-ලංකේෂ්වර කිවුලේගෙදර
[යුතුකම පාඨක ලිපියකි]
මේ ගැන ලියවිච්ච අපූරු තවත් ලිපියක් පහතින් බලන්න. මේ නතුර ඉතා පැහැදිලිව හෙලිදරවු කර තිබෙනවා.
ReplyDeletehttp://prathiwadhiya.blogspot.com/2015/08/blog-post_9.html