8/16/2015

මව්බිමට කතිරයක්

කතෘ:යුතුකම     8/16/2015   No comments

-ධර්මන් වික‍්‍රමරත්න
මහ මැතිවරණයට ඇත්තේ තව දිනකි. මෙවර පැවැත්වෙන්නේ 15වන පාර්ලිමේන්තු මැතිවරණයයි. පරිපාලන දිස්ත්‍රික් 25ක් නියෝජනය කරමින් මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 196ක් පත්කර ගැනීමට ජනතාව ඡන්දය දෙති. එයට අමතරව ජාතික ලැයිස්තුවෙන් 29කි. මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225කි.

වත්මන් ශ්‍රී ලංකිය දේශපාලනය තිරණාත්මක සන්ධිස්ථානයකට එළැබීම හේතුවෙන් වෙන කවරදාකටත් වඩා මෙවර මැතිවරණය තීරණාත්මකය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙවර පත්කර ගන්නේ නාමික අගමැතිවරයෙකු නොව විධායක බලතල සහිත අගමැතිවරයෙකි. මැතිවරණ සටනේ ඇත්තේ කණ්ඩායම් දෙකක් අතර පමණි. එක් කණ්ඩායමක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙහෙයුම් නායක සහ අගමැති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් රටට පණදෙන අලුතෙන්ම පටන් ගන්නා දිනූ මව්බිම රැකගන්නා වැඩසටහනකි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය මව්බිම වෙනුවෙනි.

අනෙක් කණ්ඩායම වන්නේ එජා‍පයේ අගමැති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් මාස 6කින් අලුත් රටක් හදන පංචවිධි ක්‍රියාවලිය හරහා ඉඩම් සහ පොලිස් බලතල ඇතුළත්ව දහතුන්වැනි සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා සහතික වී ඇත්තේ එජාපයයි. දෙමළ ජාතික සන්ධානය මගින් උතුරු නැගෙනහිර එක්කිරීම, ස්වයං නිර්ණ අයිතිය ඉඩම් සහ පොලිස් බලතල සහිත ෆෙඩරල් යෝජනාවක් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ඉදිරිපත් කර තිබේ. මොණරා ලකුණින් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තනිවම තරග කරන "යහපාලන" ආණ්ඩුවේ ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ථ ලංකා මුස්ලීම් ජනතා කොන්ග්‍රසයද ප්‍රසිද්ධියේ සිය මුස්ලීම් ඡන්ද දායකයින්ට කියා සිටින්නේ දිගාමඩුල්ලේ ආසන දෙකක් දිනා දුනහොත් මුහුදුබඩ ප්‍රදේශයේ වෙනම මුස්ලීම් පාලන ඒකකයක් ලබාදෙන බවය.

ලබන සඳුදා පැවැත්වෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ඊයේ නිකුත්වූ ජාතික සහ ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවන් අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 15ක් ජය ගන්නා අතර ජාතික ලැයිස්තුව සමගින් සන්ධානයට හිමිවන මන්ත්‍රීධූර සංඛ්‍යාව 114කි. එජාපය දිස්ත්‍රික්ක 5ක් ජයගන්නා අතර ජාතික ලැයිස්තුව සමගින් එජාපයට හිමිවන මන්ත්‍රීධූර සංඛ්‍යාව 85කි. දෙමළ සන්ධානය ජයගන්නා දිස්ත්‍රික්ක සංඛ්‍යාව 2ක් වන අතර දෙමළ සන්ධානයට ජාතික ලැයිස්තුව සමගින් හිමිවන මන්ත්‍රීධූර සංඛ්‍යාව 14කි. ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තුව සමගින් හිමිවන මන්ත්‍රීධූර ආසන 10කි. ඊ.පී.ඩී.පී සංවිධානයට හිමිවන මන්ත්‍රීධුර සංඛ්‍යාව 1කි. සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මන්ත්‍රී 1 ධුරයක් හිමිවන්නේනම් ඒ ජාතික ලැයිස්තුවෙන් පමණි.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඉන්දියාව සහ දෙමළ ඩයස්පෝරාවේ උපදෙස් අනුව එජාපයේ අරමුණවනු ඇත්තේ දෙමළ බෙදුම්වාදයේ සරණ ගොස් ෆෙඩරල් පිළිගෙන දෙමළ සන්ධානය සමඟ එකඟතාවයකට යමින් සහ ජවිපෙ සමඟ පරිවාස ගිවිසුමකට යමින් ජාති(ක) ආණ්ඩුවක් පිහිටුවීමය. එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ බිහිවනු ඇත්තේ ෆෙඩරල්වාදී රනිල්, චන්ද්‍රිකා සහ සම්බන්ධන් ආණ්ඩුවක් බැවින් එය ලත් තැනම ලොප් කිරීම රටට අදරැති ජනතාවගේ ජාතික යුතුකමක් මෙන්ම වගකීමකි. ෆෙඩරල්වාදී ආණ්ඩුවක් බිහිවීම වැලකිය හැක්කේ අගමැති නුසුදුස්සා වෙනු‍වට අගමැති සුදුස්සා ලෙස මහින්ද රාජපක්ෂ පත්කිරීම සදහා සන්ධාන කණ්ඩායමේ අරමුණු පාවා නොදෙන එහි මන්ත්‍රී අපේක්ෂකයින් පමණක් ජයග්‍රහණය කිරීමෙනි.

"යහපාලන" ආණ්ඩුවේ දින 213ට ඝාතන 89කි. පාතාලය සහ දෙමළ බෙදුම්වාදීන් යළි වේගයෙන් හිස ඔසවමින් පවතින බැවින් රටේ ආරක්ෂාව අනතුරේය. ඉකුත් අසූව දශකයේ අග භාග‍යේ අදුරු යුගයට ගියහොත් 60,000ක් තරුණ ජිවිත වෙනුවට වියට්නාමය හෝ කාම්බෝජය මෙන් ලක්ෂ ගණනකගේ ජීවිත ඇතැම්විට වැනසී යා හැකිය. මහ බැංකුවේ සිදුවූ මගෝඩි වංචාවෙන් රටට සිදුවූ පාඩුව අද වන විට බිලියන 20කි. වංචාවට වගකිව යුතුයැයි කියන මාමායි බෑනයි ඔක්තෝබර් 20වැනිදාට උසාවියේ පෙනී සිටින ලෙසද දැනටමත් අධිකරණය මගින් නියමකර ඇත.

අගමැති රනිල් කියනුයේ මහා පාරේ කාපට් පාරවල් වල එක් පසෙක මිනිසුන් දැන් වී වේලන බවය. මෙය අද ඊයේ ඇති වූවක් නොවේ. පාරේ වී වේලීම සාමාන්‍ය සුලභ දර්ශනයකි. දැන් අගමැතිවරයා හදන්නේ මත්තල ගුවන්තොටුපොල වී ගබඩාවක් කිරීමටලු. ඌවට ගොස් අගමැති කියන්නේ ඌවේ එළවලු සහ පලතුරු මත්තල හරහා රට යැවීමේ ව්‍යාපෘතියක් අරඹන බවය. කුරුණෑගලට ගොස් කියන්නේ ‍ෆොක්ස්සගන් මෝටර් රථ එකලැස් කිරීමේ කර්මාන්තයක් එහි අරඹා කුරුණෑගල තරුණයින් 6,000කට රැකියා දෙන බවය. ඒ සඳහා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය අදාල සමාගම සමඟ ඊයේ පස්වරු 4ට ගිවිසුමක්ද අත්සන් කළේය. එහෙත් ඉන් ලැබෙන්නේ රැකියා 70ක් පමණි. කර්මාන්ත ශාලාව පිහිටුවන තැනවත් දන්නේ දෙයියෝ පමණි.

සන්ධානයේ මෙහෙයුම් නායක මහින්ද රාජපක්ෂ කොටින්ට මුදල් දී ඇති බවත් ජනාධිපති කොමිසමක් මගින් එය ඔප්පුවුවහොත් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කල හැකි බවත් ජවිපෙ කියාසිටී. කොටින්ට ආයුධ සහ මුදල් ලබාදුන්නේ එජාප නායක රණසිංහ ප්‍රේමදාසය. සුදු නෙළුම සහ තවලම දක්කමින් පැකේජය හරහා ශ්‍රි ලංකාව කැබලි කැබලිවලට බෙදා ෆෙඩරල් කලාප සංගමයක් කරන්නට ගියේ ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගය. සටන් විරාම ගිවිසුමක් හරහා රටෙන් තුනෙන් එකක් නොර්වේ සරණ ගොස් දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ට ගිවිසුමකින් පවරා දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහය. කොටියා වලපල්ලටම යන තෙක් ජයග්‍රාහීව යුද්ධය නිමකල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහා කොටියාත් ඉවරකොට ත්‍රස්ත්‍රවාදය මුළුමනින් නිමා කිරීමට මුදල් අරගෙනලු. මේවා පශ්චාත් භාගයෙන් පවා සිනාවිය හැකි මරු කොමිට්ය.

තවත් පසකින් තාජුඩීන්ගේ සිරුර ගොඩගෙන දහ අට සන්නියක් නැටීමට ගත් වෑයමක්ද නිශ්ඵල විය. තාජුඩීන්ගේ ඝාතනය පිළිබද කලින් අධිකරණ වෛද්‍ය පරික්ෂණය පැවැත්වූයේ එක්සත් ජාතින් විසින් බොස්නියාවේ පවා අධිකරණ වෛද්‍ය පරික්ෂණවල විශේෂඥයෙකු ලෙස සේවය ලබාගත් වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකරය. මෙවැනි සිදුවීම් වලින් සිදුවෙනුයේ ශ්‍රී ලංකාවේ අධිකරණ කේෂේත්‍රය පවා ජාත්‍යතර මට්ටමින් හෑල්ලුවීමය.

උත්ප්‍රාසයට කරුණ වන්නේ මෙම කුජීත කණ්ඩායම් කිසිදු විලි ලැජ්ජාවකින් තොරව රාජ්‍ය මාධ්‍යයන් උපයෝගි කරගෙන මේවා නිරතුරුව ප්‍රචාරය කිරීමය. විශාල බොරුව දේශපාලන ප්‍රචාරණයේ දේශපාලඥයින්ට පිහිටවන පිළිගත් විධිමත් ක්‍රමයක් ලෙස මුළින්ම ලොවට හඳුන්වාදීම සිදුකරනු ලැබුවේ ඇඩොල්ෂ් හිට්ලර් තම ග්‍රන්ථයකිනි. හිට්ලර් පෙන්වාදුන් පරිදි සත්‍යයක් වසන් කොට එය විකෘති කොට අතිවිශාල බොරුවක් බවට පත්කරන විටදී සමාජය එය විශ්වාස කරන බවය. සැමවිටම එක සතුරෙකු වෙත පමණක් කැපවී ඔහුට සියළුම කටයුතු සදහා නොකඩවා දෝෂාරෝපණය එල්ලකල යුතු බවත් එමගින් ජනතාව එම විශාල බොරුව සුළු බොරුවකට වඩා ඉහළින් පිළිගනු ඇති බවත් හිට්ලර් අවධාරණය කළේය. මෙම සිද්ධාන්තය තවදුරටත් ප්‍රගුණ කරනු ලැබුවේ හිට්ලර්ගේ හිතමිත්‍ර පොදු ක්‍රියාකාරකම් සහ ප්‍රචාරක ඇමති ජෝසප් ගොබෙල්ස්ය. එය දේශපාලකයනට පිහිටවන ගොබෙල්ස් සිද්ධාන්තය ලෙස හැදින්වේ.

රජයේ මාධ්‍ය නිදහස් මාධ්‍ය ලෙස හුවා දැක්වූවද ලේක්හවුස් පුවත්පත්, රූපවාහිනිය, ගුවන්විදුලිය, ලක්හඩ සහ ස්වාධීන රූපවාහිනිය මෙම ගොබෙල්ස් න්‍යාය හිට්ලර්ටත් වඩා හොදින් ක්‍රියාත්මක කරනු ලබයි. නිදසුනක් ලෙස ස්වාධීන රූපවාහිනියේ ගිරය ගත හැක. ඇත්තෙන්ම එය ගිරය නොව මී කතුරකි. විපක්ෂ දේශපාලඥයින්ගෙන් ගිරය වැඩසටහනේ ප්‍රශ්න අසන්නේ දැන්විම් ඒජන්සියක වැඩකරන එජාප ක්‍රියාකාරිකයෙකු වූ මහේෂ් සේනානායකද, අලුත්කඩේ වැඩ නැති නිසා කරක් ගසන ඩිල්ෂාන් පතිරත්නද, ලක්හඬ වැඩසටහන් නියෝජ්‍ය කළමණාකාරිනී මයුරු ලියනගේය. තිදෙනාම ගිරයේ සිටින්නේ ස්වාධීන මාධ්‍යවේදීන් ලෙස සර්ප හැවක් පොරවා ගෙනය. වසර 2ක තරම් කාලයක් නිදහස් මාධ්‍යවේදීන් වශයෙන් හෝ ඇසූ පිරූ අත්දැකීම් නැති මාධ්‍ය කේෂේත්‍රයේ ළඳරුවන් වූ ඔවුන්ගේ හැසිරීම සමස්ථ මාධ්‍ය කේෂේත්‍රයටම මහත් නිගාවකි. ආණ්ඩු පක්ෂයේ ඇමතියාට බැට් කරන්නට ඔවුන් උඩ පැන බෝල දමන්නේ උපන් ඇදුමෙනි. "යහපාලන" ආණ්ඩුව පැමිණි වහාම ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදින් 5 දෙනෙකුට දොර වැසූ අතර තවත් ශිල්පීන් 15 දෙනෙකුට මාරුවීම් දුන්නේ සිත්පිත් නැති අයුරෙනි. ඒ යහපාලනයේ තරමය.

එජාප පාලනය කල මාස 7තුළ රාජ්‍ය භීෂණය මුදා හැරියේය. "යහපාලන" පොලිස් ඇමති ජෝන් අමරතුංගගේ වැඩ ජෝන් බාස්ට ගියේය. ඔහු‍ගේ මැරයෝ වත්තල ප්‍රාදේශීය සභා රැස්වීමට මහා දවල් පැන සභාපති ඇතුළු සන්ධාන මන්ත්‍රීවරුන්ට මැර ප්‍රහාරයක් එල්ල කළේය. ගම්පහ පුරන්වු කුඹුරු අනවසරයෙන් අක්කර 18ක් ගොඩකර අතයට ගනුදෙනුකල බවට චෝදනාවක් විය. අමාත්‍යාංශයේ බෝඩ් ගසාගෙන ඔහුගේ ආධාරකරුවෝ වාහනවල නැඟ නැගෙනහිර පලාතේ නිදන් හාරද්දී පොලිසියට පවා කොටුවිය. කුකුල්ලු ඉඳිද්දී කැරපොත්තෝ රට පාලය කළේ එසේය. "යහපාලන" ආණ්ඩුවේ නීතිය සුරකින පොලිසිය භාර ඇමතිවරයාගේ ක්‍රියාකලාපය මෙසේනම් අනෙකුත් ඇමතිවරුන් ගැන නෝ කථාය. මෝ සිනාය. වෙනස සැපද?
දින 100 සහන තරම් අතේ පැලවන බොරුවලට ජනතාව රැවටී හමාරය. දින 100 දිග්ගැස්සුනේ ඇමරිකානු ත්‍රාසජනක චිත්‍රපටියක සී.අයි.ඒ. කාරයින් සමඟ දේශප්‍රේමීන් කරන සටනක් ලෙසිනි. හොරා හොරා කියා නැගූ චෝදනා සාවද්‍ය අතේ රෝල් බව ඔප්පු වී ඇත. අගවිනිසුරු වශයෙන් කටයුතු කල මොහාන් පීරිස් එලවා දැමුවේ මරදානේ චොප්පේ මෙනි. හිටපු අගවිනිසුරුවරිය එදා තනතුරෙන් පහ කළේ පාර්ලිමේන්තුවේ නියෝගයකින්ද පසුවය. දැන් එජාපය කියන්නේ මාස 7ක් මදි බවත් රට නැංවීමට මාස 60ක් අවශ්‍ය බවත්ය. දේශපාලඥයින්ට තිබිය යුතු සුදුසුකම් මොනවාදැයි වරක් වින්ස්ටන් චර්චිල්ගෙන් අසනු ලැබීය. "අද සිදුවන දේත් ලබන මස සිදුවන‍ දේත්, ලබන වසරේ සිදුවන දේත් කීමට ඇති හැකියාව මෙන්ම එසේ සිදු නොවූයේ මන්දැයිද කීමට ඇති හැකියාව බව" එර්චීල් ගත් කටටම කීවේය. "යහපාලන" ආණ්ඩුවටද එම කියමන හොදින් ගැලපේ.

මෙවර මහ මැතිවරණයෙන් සන්ධාන ආණ්ඩුව බලයට පත්වූ පසු රැකියා අහිමිවූ ස්ථීර සහ අනියම් සේවකයින් ලක්ෂ 15කට දින 100 අවුල ලිහන සහන සමඟ රැකියා හිමිවනු ඇත. මහා සංඝරත්නයට සහ බුද්ධ සාසනයට බුහුමන්ය. අසූව දශකයේ අවසානයේ භීෂණයෙන් මවිපියන් අහිමිවූ දරුපවුලකට රුපියල් 5,000ක බැගින් දිමනාවකි. රණවිරුවන්ට උත්තමාචාර සහනයකි. කාන්තාවන්ට විශේෂ සහන රැසකි. මහපොල ශිෂ්‍යත්වය 6,000දක්වා මාසිකව වැඩිවේ. පුද්ගලික අංශයේ මූලික වැටුව 3,000කින් මාසිකව වැඩිකිරීම සදහා නීති සම්පාදනය නොසිතූ සහනයකි.

පෙර පාසැල් ගුරුවරියන්ට රුපියල් 5,000ක මාසික දීමනාවකි. ජේෂ්ඨ පුරවැසියන්ට රටට සම්පතක් ලෙස පිලිගැනේ. රාජ්‍ය සේවයේ සියළුම ශ්‍රේණියේ සේවකයින්ට අවම වැටුප රුපියල් 25,000කි. ඔවුන්ගේ ජීවන වියදම් දීමනාව 10,000 දක්වා වැඩි කෙරේ. තේ දළු කි‍ලෝවකට රුපියල් 90ක්ද රබර් කිලෝවකට රුපියල් 300ක්ද කිරි ලීටරයකට රුපියල් 70ක්ද වී‍ කිලෝවකට රුපියල් 50ක සහතික මිලකි. වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකරන, වාස්තු සහ මිනින්දෝරු වෘතිකයින්ට තීරුබදු සහිත වාහන බලපත්‍රයක් හිමිවේ. සුළු ව්‍යාපාරිකයින්ට ලක්ෂ 2 දක්වා සහන පොලියට ණයය. විදේශ රැකියාවල නිරතවන රට විරුවන්ටද වාහන බලපත්‍රයකි. ත්‍රීරෝද රථ සහ කුලීරථ රියදුරන්ගේ සේවය ඇගයේ. වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000කි. කලාකරුවන්ගේ සහ මාධ්‍යවේදින්ගේ සමාජ භුමිකාව ඇගයේ. අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බදු අඩුකිරීමෙන් ජීවන බරට යෝධ සැහැල්ලුවකි. දිනූ මව්බිම කිසිවෙකුට පාවා නොදී පණමෙන් සුරකිනු ඇත.

අද මෙන්ම හෙටද හිරු පායන නමුදු හෙට පායන හිරු දෙස වඩාත් නැවුම් බවකින් බලාපොරොත්තු සහගතව බැලිය හැක්කේ රටට පණ දෙන අලුත්ම වැඩපිළිවෙල මගිනි. මව්බිමට කතිරයක් යනු එම අනාගතයට සහතිකයකි.

ධර්මන් වික්‍රමරත්න

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions