8/12/2015

ජනවාරි 8 පාඩමෙන් ආගෝස්තු 17 විභාගයට...

කතෘ:යුතුකම     8/12/2015   No comments

ව දින කිහිපයකින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වේ. ජනවාරි 8 ලංකාවේ සිදුවූ දේශපාලන පෙරලිය පුරවැසි බලය වැනි සමහර සංවිධාන වලට අනුව විප්ලවයකි. දේශපාලන බලය ජාතිකවාදී කඳවුරෙන් විජාතිකවාදී කඳවුරට මාරුවීම විප්ලවයක් ලෙස සැලකුවහොත් එවැනි විප්ලව කිහිපයක්ම අපි පසු කර ඇත්තෙමු. ජනවාරි 8 ජාතිකවාදී බලවේග වල පරාජයක් පමණක් නොව එම පෙරලියේ මූලිකම අරමුණ ජාතික බලවේග පරාජය කිරීම බවත් අපේ අදහසය. යහපාලනය, පවුල්වාදය පිටු දැකීම, දූෂණ විරෝධය, මානව හිමිකම් වැනි දේවල් රාශියක් පෙන්වූ මේ යහපාලන ව්‍යාපාරයේ මූලික අර්ථය වනුයේ ජාතික බලවේග තීරණාත්මකව පරාජය කිරීමයි. ඒ පිළිබඳ තරමක විවරණයක් කිරීමත් මෙහි අරමුණය.

උතුරු සහ නැගෙනහිර පලාත්වල ඡන්ද යහපාලනයටමද?
පසුගිය ජනපතිවරණයේ මේ දෙපාලාතේ ඡන්ද සිරිසේන මහතා වෙනුවෙන් ලැබුණු ප්‍රතිශතයන් සිරිසේන මහතා ජයගත් සිංහල බහුතරය වෙසෙන තැන්වල ප්‍රතිශතයෙන් පවා අසාමාන්‍ය ලෙස වැඩි වෙයි. ඒ දෙපාලාතේ ඇතැම් තැන්වල 70%-81% පමණ ප්‍රතිශතයන්ගෙන් “යහපාලන” කණ්ඩායම ජය ගනු දක්නට ලැබුණි. මේ ඡන්ද යහපාලනයක් ඇති කිරීමට භාවිතා වුණි යැයි නිගමනය කිරීම හිත රවටා ගැනීමක් පමණි. සිංහලයන්ට වඩා දෙමළ මුස්ලිම් ජාතිකයන් යහපාලනයක් ගැන තදින් උනන්දුවීමට සාධාරණ හේතුවක් නැත. ජනවාර්ගික සංයුතිය අනුව මැතිවරණ කොට්ටාශ මට්ටමේ (ප්‍රතිඵල ලංකා සිතියමක දැක්වූ විට දෙමළ ඊලාම් සිතියමට සමපාත වීම අහම්බයක් නොවේ) සුළුතර වාර්ගික කණ්ඩායම් බහුතරය වන ප්‍රදේශවල ඉතා විශාල ප්‍රතිශත වලින් සිරිසේන මහතා ජයගෙන තිබිණි. ව්‍යාතිරේක ලෙස හැඳින්විය හැක්කේ නාගරික ප්‍රදේශ සහ සිරිසේන මහතාගේ දිස්ත්‍රික්කයයි. ඒවායේද ප්‍රතිශත අඩුය.

සුළුතර වාර්ගික ඡන්ද මෙවර භාවිත වූයේ යහපාලනය උදෙසා නොව ස්වයං පාලනය උදෙසාය. ඔවුන්ම කියන අයුරින් යහපාලන ප්‍රකාශනයේ ඒකීය වචනය හැලුනේ දෙමල ජාතික සංධානයේ ඉල්ලීම පරිදිය. මුස්ලිම් කොන්ග්‍රසය නැගෙනහිර මුස්ලිම්වරුන් සඳහා වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලීම සංධානය ප්‍රතික්ෂේප කිරීමෙන් මුස්ලිම් කොන්ග්‍රසයේ සහයෝගය නොලැබුණු බව කියැවිණි. එසේ නම් යහපාලනය ඒ ඉල්ලීම් වලට එකඟවීමෙන් සහයෝගය ලබාගත්තා වියයුතුය. කෙටියෙන් කිවහොත් සිංහලයන් යහපාලන සටන් පාඨ සමග දේශපාලන තීන්දු ගනිද්දී දෙමළ සහ මුස්ලිම් ජනයා තීන්දුගෙන ඇත්තේ ස්වයං පාලන සටන් පාඨ වෙනුවෙනි.

හෙල උරුමය සහ ඇතුලෙන් පහරදීම

මුස්ලිම්වරුන්ට රාජපක්ෂ රජය පෙන්නන්න බැරි වීමේ හේතුවක්ද විය. එහිදී මුස්ලිම්වරු සහ බෞද්ධයන් අතර ගැටුම් අවුලවමින් සහ රජය ඇතුලේ සිටිමින් එයට දායක වීමට හෙල උරුමය ඇතුලු පිරිස ක්‍රියා කළ බව ඔවුන් පසුව පලකල අදහස් වලින් පෙනී යයි. උදා: “යුගපෙරලිය” පොත. බොදුබල සේනාවට එ.ජා.ප පිරිස් සහයෝගය දුන් බවත් ඒ පොතේම දැක්වෙයි. බොදුබලසේනා නිල නොලත් මාධ්‍ය ප්‍රකාශකයා වූයේ අද එජාපයට එක්වී සිටින චම්පක ඇමතිවරයාය. හෙල උරුමයේ මේ කුමන්ත්‍රණ භූමිකාව රාජිත ඇමතිවරයාගේ කටහඬින් නිකුත් වූ දුරකථන සංවාදයේ ඇත.

බල සේනාව මුස්ලිම් වරුන්, කතෝලිකයන් සහ ඇතැම් බෞද්ධයන් අතර රජය අප්‍රසාදයට පත් කරන ලදී. මේ බොදුබලසේනාව නම් කුප්‍රකට සංවිධානය මගින් සිංහල බෞද්ධයන්ට සිදුකල හානිය, රජය පෙරලීම, දෙමළ ජාතිවාදීන්ට, මුස්ලිම් ව්‍යාප්තවාදීන්ට ලැබුණු වාසිත් ඇතුලුව ඔවුන් කල සේවයක් මෙන් සියගුණයක් වෙතැයි සිතමි. ජාතික නිදහස් පෙරමුණ මුල සිටම ඊනියා බල සේනාවට විරුද්ධවූයේ එය නෝර්වේ බළල් අතක් ලෙස හඳුන්වමිනි. “සේනාව” අවසානයේ ඇස් රතුවන විහිළුවක් වී බෞද්ධ අන්තවාදී පවුවලට පමණක් නොව මුස්ලිම් ව්‍යාප්තවාදී පවුවලටද එකවර කරගැසීමට රාජපක්ෂ මහතාට සිදුවිය.

ලොකු "අයියා"ගේ චණ්ඩිකම්

ඉහත කතා සියල්ලම අයත් වන්නේ දේශපාලනය පිළිබඳ උනන්දු බොහෝ දෙනා දන්නා රට ඇතුලේ ඉතිහාසයටය. එහෙත් මේ සියල්ලටම වඩා කතා කලයුතු කතාවකට අපි යමු. ඒ මේ කතාවේ බටහිරයන්ගේ භූමිකාව වෙතය. ලංකාවේ දෙමළ බෙදුම්වාදී ප්‍රශ්නයේ මුල සිටින්නේ සුද්දන් බවත් ඉන්දියාව සුද්දන්ගේ අසරෙක් (proxy) බවත් මේ කරුණු තේරුම් ගැනීමේදී මතක තබා ගත යුතුය. (දෙමළ බෙදුම්වාදී ප්‍රශ්නයේ ඉතිහාසය පිළිබඳව ජාතිකවාදී පදනමින් විවරණය කෙරෙන "ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා" කෘතිය කාලය වෙබ් අඩවියේ කියවන්න).


http://www.kalaya.org/files/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf


ඔබාමා මෑතකදී ඉන්දියාවට පැමිණ මෝඩිට මියන්මාරය සිට ශ්‍රිලංකාව දක්වා ප්‍රදේශය පිළිබඳව බලාගන්නා ලෙස උපදෙස් දුන්නේය. මෝඩි චණ්ඩියා ලංකා පාර්ලිමේන්තුවට පැමිණ තම චණ්ඩි පුරෝගාමියා වන ගාන්ධිගේ 13ට තවත් එකතු කර 13+ දීමට අණ කරන්නේ ඔබාමාලා සහ කැමරන්ලා වෙනුවෙනි. මෙවැනි කථා ඇසීමට සිදුවීම යහපාලනයෙන් ගෙනා නිදහස දැයි වහලුන් නිදහස් කිරීම ගැන පුරාජේරු ගසන පුහු යහපාලන වීරයන්ගෙන් ඇසිය යුතු ය.

https://www.wsws.org/en/articles/2015/03/18/modi-m18.html

නැගෙනහිර රාජපක්ෂ පරදවන බටහිර සූත්‍රය

2014 වසරේ මුල කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ ගොස් රාජපක්ෂ රජය පරාජය කිරීමට ඉගනගත් බව කියා ඇතැයි කියැවේ. ඒ පිළිබඳව සොයා බැලූවිට MIT වෙබ් අඩවියේ ඊට සම්බන්ධ ප්‍රවෘත්තිය සොයා ගන්නට හැකිවිය. පහතින් දැක්වෙන්නේ එහි සබැඳියකි. එහිදී රනිල් මහතා හදාරා ඇත්තේ විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකරන ආකාරය බව මුල් කොටසින් පෙනේ. දෙවෙනි කොටසින් කියැවෙන්නේ විධායක බලතල ලබාගැනීමට උත්සහ කළ අගමැතිවරුන් පිළිබඳ උදාහරණ සහිත ජපානය පිළිබඳ විශේෂඥයෙකු ඊට සම්බන්ධ වී ඇති බවය.
http://web.mit.edu/cis/press_release_wickremesinghe_ranil.html

“During his time at MIT, Wickremesinghe will study how to formulate a constitution sans an executive presidency. He will also work with faculty and students interested in Asian regional issues.
CIS director Richard Samuels, a specialist on Japan, where prime ministers have struggled to consolidate executive powers, has expressed his welcome to Wickremesinghe: "My colleagues and I are delighted that the former prime minister has accepted our invitation to return to MIT. We look forward to exploring Asian regional issues with him.”

මෙය රාජපක්ෂ පරාජය කිරීමට සම්බන්ධ වන්නේ කෙසේද? බටහිරුන්ගේ පැත්තෙන් ප්‍රශ්නය මෙසේයි:

1. රනිල් වික්‍රමසිංහ යනු සුද්දන්ට ලංකාවේ විධායක බලතල සහිතව නායකත්වයට පත්කරගතයුතු වඩා විශ්වසනීයම තැනැත්තාය. එජනිස නායකයන්ට සිරිසේන මහතා කියා ඇත්තේ මීළඟට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් සෑදීම බටහිර අභිප්‍රාය බවය.

2. (අ)වාසනාවට රනිල් වික්‍රමසිංහටම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී මහින්ද රාජපක්ෂ පැරදවිය නොහැකිය. හේතුව: ඔහු බහුතරයක් සිංහලයන් අතර ජනප්‍රිය නොවීම; 2010 - ෆොන්සේකා සහ 2015 - සිරිසේන යන දෙදෙනා අවශ්‍ය වූයේ ඔහුට එය නොකල හැකි නිසාම පමණි.

3. ඔහුට අගමැති ධුරයට පත්වීමට ඊට වඩා පහසුයි.

4. එසේ නම් ගතයුතු වඩාම තාර්කික පියවර ඔහු අගමැති ධුරයට පත් කොට විධායක බලතල අගමැති ධුරයට ලබා දීම නොවේද? - 19 වෙනි සංශෝධනයේ බටහිරුන්ගේ ප්‍රධාන අරමුණ වික්‍රමසිංහගේ අතට විධායක බලතල ලබාදීම මිස ලංකාවට සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදීම නොවන බව මේ අනුව තේරුම් ගන්න. ලංකාවේ ජනාධිපතිවරණයකින් රනිල් වික්‍රමසිංහට ජයගැනීමේ ඉඩක් තිබුණි නම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වෙනස්ම අර්ථකථන ඔබට කියාදීමට යහපාලන උගතුන් ඉදිරිපත් වනු දකින්නට ලැබෙනු ඇත.

මෙවර ජනපතිවරණයේ සිදුවූ වෙනස ගැන බටහිර උද්දාමයට පත්වී ඇති බව ඔබ දකින්නට ඇත. කැමරන්ලා ප්‍රජාතන්ත්‍රවාදය ජය ගැනීම ගැන උදම් ඇනූහ, සොල්හයිම්ලා සාර්ථක වූ ක්‍රමය වෙනත් රටවල අත්හදා බැලියයුතු බව කීහ. මේ සියල්ල මෙසේ වෙත්දී ලංකාව වැනි කුඩා රටක් ගැන බටහිරුන්ට ඇති රුදාව කුමක්ද වැනි දේශපාලන ලදරු ප්‍රශ්න ඇසූ යහපාලන වීරයන්ද නිරුවත් වූහ. මහින්ද රාජපක්ෂ බටහිරට ඇසේ කටුවක් වැනි තත්වයට පත්වී ඇත්තේ ඇයි? ඊට ප්‍රධානම හේතුවක් නම් ඔහු ත්‍රස්ථවාදය පරාජය කිරීමේදී බටහිරට අකීකරු වීමය. තවත් හේතුවක් නම් ඔහු බටහිරට සහ ඉන්දියාවට නුරුස්සන මට්ටමට චීනයට සමීප වීමය. ඉන්දියානු සාගරයේ චීනය බලවත්වීම වැලැක්වීම බටහිරට සහ ඉන්දියාවට වැදගත් වෙයි.

යහපාලනයේ කලකිරීම සහ විකල්ප සෙවීම

ඊනියා යහපාලනයෙන් පාලනයට ලැබෙන විශේෂ යහගුණයක් නැති බව මේ කරුණු අනුව අපි කලින්ද දැන සිටියෙමු. යහපාලනයේ සැබෑ උවමනාව කුමක්දැයි දැන සිටි බටහිර ප්‍රමුඛ විජාතික බලවේග වල නියෝජිතයෝද එය දැන සිටිය හ. රතන හමුදුරුවන්ගේ කුප්‍රකට කියමනක් අනුව යමින් "මූලධර්මිකව(fundamentally) නැති දේශපාලනිකව(politically) පමණක් ඇති" යහපාලනයක් ගෙන ඒම මේ ජාවාරමේ අරමුණ විය. කිහිප දෙනෙක් සැබෑවටම වෙනසක් අපේක්ෂා කරන්නටද ඇත.

සැබෑ වෙනසක් නැති වීමන් සිදුවූ කලකිරීම නිසාත් ජාතික ආරක්ෂාව දුර්වල කිරීමත් ආර්ථිකය හැසිරවීමේදී කල අනාගැනීමත් දැක දන්න යකා හොඳ බව තේරුම් ගෙන ඇතැමුන් යහපාලනයෙන් වෙන්ව ආපසු පැමිණි අතර ඇතැමුන් දෙකටම බාහිර විකල්ප සොයති. රාජපක්ෂ පාලනය කෙරෙහි කලකිරී එයට විරුද්ධවී මාස කිහිපයක් ඇතුලත නැවත රාජපක්ෂටම ඡන්දය දීමට සිදුවීම තරමක් දුරට ආත්මභිමානය පිළිබඳ කරුණක් වීම බොහෝදෙනාට ඇති ප්‍රශ්නය බව මගේ අනුමානයයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ විකල්පයක් බවට පත් කරගෙන සිටින පිරිසක් වෙයි. ඒසේ වුවත් ජවිපෙ මේ අවස්ථාවේ විකල්පයක්ද?

ජවිපෙ ගැන විශ්වාසයක් තැබිය හැකිද?

ජවිපෙ ගැන විශ්වාසයක් තැබිය නොහැකි හේතු කිහිපයක් වෙයි. ජවිපෙට 2004 ආණ්ඩුවේ ආසන 39ක් ලබා දුන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රිලනිප ඡන්ද වලිනි. ආණ්ඩුව සමග ගමන නතර කල ජවිපෙ වැඩවර්ජන කරමින් බොරු සටන් පාඨවලින් යුද්ධය කල රජයේ කකුලෙන් ඇද්දේය. අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා එජාප මන්ත්‍රීවරු කිහිප දෙනෙක්(ෆයිල් පෙන්නීම මගින් විය හැක) බාගෙන ආණ්ඩුව ආරක්ෂා කරගත්තේය. යුද්ධය ජයගත්තේය. රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය ඇනගනු දැකීම ජවිපෙ අරමුණ වූ බව එකල ලංකා පත්‍රය බලන්නෙකුට පැහැදිලිවෙයි. ඒ අවස්ථාවාදී කාලකණ්ණි දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ඊලඟ මැතිවරණයේ ආසන 4ට වැටුණි. දුන් අවස්ථාව මරා දැමූ ජවිපෙ දැන් කියන්නේ මෙවර නැවත අවස්ථාවක් දෙන ලෙසය. ඒත් මදිවාට අවුරුදු 67ක් නිලට සහ කොලට පමණක් දුන්නා යැයිද කියති.

ජවිපෙ ජාතික ලයිස්තුව ආචාර්ය මහාචාර්ය ඇතුලු උගතුන්ගෙන් පිරී ඇති බව මැතිවරණය ප්‍රකාශකර දින කිහිපයකින් හුවමාරු වුණු ෆේස්බුක් පෝස්ටරයක පෙනුණි. ගියවර සිරිසේන මහතා දිනවන්නට මහන්සි වූ උගත් තරුණයන්ද මෙවර උගතුන්ම(!!!) පාර්ලිමේන්තු යවමු යැයි මහත් අභිමානයෙන් ජවිපෙ ජාතික ලයිස්තුව තමන්ගේ වෝල් වල අලවාගෙන සිටියහ. දින කිහිපයකින් සෝමවංශ අමරසිංහ කියා සිටියේ ජවිපෙ ජාතික ලයිස්තුවේ සිටින බහුතරය එජාපයේ පිරිස් බවය. එකෙකු CIA කාරයෙකු බවය. සෝමවංශට ජවිපෙ ගැන කියන්න ඇති කරුණු අමාරුවෙන් නමුත් අසන ලෙස අපි ජවිපෙ ගැන බලාපොරොත්තු දල්වාසිටින්නන්ට ඇරයුම් කරමු.

https://www.youtube.com/watch?v=KxqKyMjwvBI
මෙවර ජවිපෙට දෙන ඡන්ද එජාප පාක්ෂිකයින් මනාප නොලබාම පාර්ලිමේන්තු යවන මගඩියක් බවත් ඔවුන් එජාපයට (බලය බෙදීම වැනි) තීරණාත්මක කරුණුවලදී සහයෝගය දෙනු ඇති බවත් තේරුම් ගන්න. විකල්පයක්ම උවමනාම නම් ස්වාධීන කණ්ඩායමක් සොයා ඡන්දය දෙන්න.

තීරණය

මෙවර මහමැතිවරණය ජාතික සහ විජාතික බලවේග අතර දිගුකාලීන සටනේ අදියරක් බවට පරිවර්තනය වී හමාරය. එය විජාතික බලවේග නියෝජනය කරන එ.ජා.පෙ. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් සහ ජාතික බලවේග නියෝජනය කරන එ.ජ.නි.ස මහින්ද පිල මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩු බලය උදෙසා සටනකි. විජාතික බලවේග ජනවාරි 8 වෙනිදා ලත් ජයග්‍රහණය අගෝස්තු 17 බහුතර ආණ්ඩුවක් පිහිටුවහොත් තහවුරු කරගනු ඇත. ජනතාව මහින්ද පිලට බහුතර බලයක් දීමෙන් ජාතිකත්වයට සංවේදී ආණ්ඩුවක් බිහිවුවහොත් විජාතික බලවේගවල පසු බැසීමක් බවට පත්වනු ඇත. මා සිතන අයුරින් මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙනා යුතු ප්‍රධානම හේතුව බටහිර-ඉන්දියා සුරතලෙකු සහ බෙදුම්වාදයේ සොහොයුරෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණීම වැලක්වීමය. අන් සියලු අඩුපාඩුකම් මධ්‍යයෙද මහින්ද සේනාධිනායකයාව සිටි කාලයේ තම ප්‍රධාන වගකීම හෙවත් රටේ ආරක්ෂාව නිසි අයුරින් ඉටු කලේ ය.

ව්‍යාජ සාමයෙන් රට ප්‍රභාකරන්ට දුන් වික්‍රමසිංහට හතරවන ධුරකාලයක් ලැබුණොත් ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලින් ප්‍රභාකරන් නැවතූ තැන සිට බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා ඉටුකරනු ඇතැයි මම විශ්වාස කරමි. ඔහු වටා සිටින දේශපාලන බලවේග සහ බෙදුම්වාදීන් සක්‍රීය වී ඇති ආකාරයෙන් ඒ පැහැදිලි වෙයි. විග්නේෂ්වරන්ලා සමූලඝාතන බොරු චෝදනා එලියට දමයි. ඊනියා යුද අපරාධ පරීක්ෂණ වලට සැලසුම් සැකසෙයි. ඒකීය රාජ්‍යය තුල උපරිමයෙන් බලය බෙදීම වැනි කොලේ වසා ගහන විහිළුකතා ඇමතිවරුන්ගේ කටින් පිටවේ. ඒ අතර දෙමල සංධානය තම සුපුරුදු ප්‍රතිපත්තිය මත පිහිටා ස්වයං නිර්ණ අයිතිය ඉල්ලයි. යහපාලන සංහිඳියා දූතිකාව සිංහල බලය බිඳ දැමීමෙන් සංහිඳියාව ඇති කිරීම ගැන කයිවාරු ගසයි. ප්‍රභාකරන්ගේ පිළිම හදන්නට විජයකලාලා උත්සහ දරද්දී නන්දිකඩාල්වලින් ශුක්‍රාණු සොයා ප්‍රභාකරන්ගේ දරුවන් හදන්නට යන සිංහල ඇදුරන්ද පෙරහැරට එකතුවී සිටිති. මොවුන් මේ කොකා පෙන්වන්නේ කාටද?

මාධ්‍ය සංදර්ශනයක් වන ව්‍යාජ යහපාලනයක නාමයෙන් වික්‍රමසිංහට හෝ ඔහුගේ අන්තේවාසිකයන්ට බලය දෙන්නට පෙර කිහිපවරක් සිතා බලන්න. අතීතයේ මෙරටට සංක්‍රමණය වූ ජනයා මෙරට පැලපදියම් වූයේ ඔවුන්ට බිම් කොටස් වෙන්කරදීමෙන් නොව ඔවුන් ජාතියට උරාගැනීමෙනි. ඒ ස්වභාවික විසඳුමට ඉඩ ඇහිරෙන අයුරින් ජනවාර්ගික පදනමින් බලය බෙදන වැඩ, වාර්ගික ශුද්ධකරණයට ලක්කරණ සියලු ක්‍රියාමාර්ග ප්‍රශ්න වර්ධනය කරනු ඇත. වසර විසි ගණනක් ත්‍රස්ථවාදයත් සමග යුද වැදී නොපැරදුනු රටත් ජාතියත් වසර හයක් තුල බෙදුම්වාදයට පාවාදෙනවාද? තීරණය ඔබ අතේ.

-දසුන් තාරක
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions