බහුතර (එහෙත් මෝඩ) සිංහලයන් වූ අප, මෛත්‍රීපාලගේද, මහින්දගේද, රනිල්ගේද වෙස්මුහුණු පැළද ගහ මරා ගැනීම දිනෙන් දින උච්ඡ තත්ත්වයකට පත්වෙද්දී, ජනාධිපතිවරණයේදී ‘නිලට’ හෝ ‘කොළට’ සහය දැක්වූ මුස්ලිම් හෝ දෙමළ දේශපාලන පක්ෂ හෝ පුද්ගලයන්, ජය හෝ පරාජය මත අතින් පයින් හෝ මතවාදී සටන් වලට හෝ අවතීරණ වී සිටිනු අප නොඇසීමු. ඉත්තේරුවෙන්ම ජයගත් හෝ පරාජයට පත්වූ පාර්ශව වෙත සහය පළකළ ඔවුන් සියල්ලන් දැන් එක් තැනකට ගොනුවී, කුලක් කා ගන්නා සිංහලයින් ගැන ‘දෙකොනින්’ සිනාසෙමින්, පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය වාර්ගික න්‍යාය පත්‍රයන් තවදුරටත් තහවුරු කරගනු වස්, ක්‍රියාකාරී සැළසුම් සැකසුවා විය යුතුය. එහෙත්, විවිධ හේතුපාඨ නිර්මාණය කරගනිමින් දේශපාලන සූදු පිටියට පැමිණ, තවමත් ජනාධිපතිවරණ ජය හෝ පරාජයට අනුව සව්දිය පුරන, පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන, ව්‍යාජ ප්‍රගතිශීලී සටන්කාමීත්වයක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේද, අන්තර් ‘ජංජාලයේද’ පෙන්වන සිංහල ‘ජාතිකවාදීන්’ වෙතින් දියුණු ජාතික විමුක්ති සටන්කාමීන් තුළ තිබිය යුතු පරිනත අරගලකාරීත්වයක් නොපෙනේ.
ඊට ප්‍රධානතම හේතුව නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ ජාතිකත්වය පිළිබඳව සිතන පිරිස් ප්‍රබුද්ධව මෙහෙයවීමට කිසිවකුත් නැති වීමය. සිංහල දේශපාලන විඥාණය තුළට කිඳා බැස ඇති, එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝ ජනතා විමුක්ති පෙරමුණු මානසිකත්වය ඔස්සේ බෙදී ඇති සිංහලයාගෙන්ද, ඒ ඒ පක්ෂ තුළ ක්‍රියාකාරී නායකයන් අතරින්ද, ජාතිකත්වයට ලැදි පිරිස් යටකී ජාතික විමුක්ති සටනේ න්‍යාය පත්‍රයට ප්‍රවේශමෙන් එකතු කරගැනීමට ජාතිකවාදී කඳවුර සමත්වී ඇත්ද? කාල් මාක්ස්, කාර්මික හා පශ්චාත් කාර්මික සමාජ අර්බුධය, බටහිර අර්ථික විද්‍යාත්මක දෘෂ්ටියකින් ‘ප්‍රාග්ධනය’ නම් වූ දැවැන්ත, ඉතා නිවැරදි විග්‍රහයක් සමාජගත කළේය. එසේම එම විෂම සමාජ ක්‍රමය බිඳදමා වඩාත් යහපත් හෙටක් උදෙසා මාක්ස් ඉදිරිපත් කළ ක්‍රමවේදය, ‘කොමියුනිස්ට් ප්‍රකාශනය’ යි. ජාතික විමුක්ති අරගලය සඳහා ජාතියේ විනාශය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරෙන විග්‍රහයක් අප සතුද? දෙවනුව, විමුක්ති අරගලයක් ලෙස අප කළ යුත්තේ කුමක්ද, සිංහල රාජ්‍ය සම්ප්‍රදායක කූටප්‍රාප්තිය කෙසේ සිදුවන්නේද යන්න නිශ්චිතව කියැවෙන ඉදිරිපත් කිරීමක් ද නැත. අප කරන්නේ නාඩි වාක්‍ය ඇදහීම, වෙනත් ගුරුන්නාන්සේලාගෙන් නිමිති හෝ අංජනම් බැලීම, ඉපදී ඇතැයි කියන දියසෙන් කුමාරවරුන් ගැන සමාජයේ ඇති බේගල් තවදුරටත් ප්‍රචාරය කිරීම පමණී.
සිංහලයා ප්‍රධාන පක්ෂ දෙකකට බෙදී කුලල් කා ගැනීම හෙවත් ජාතික අර්බුධයේ ප්‍රධානතම ප්‍රශ්නය, හැට හය අවුරුද්දක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් වැඩී වර්ධනය වී, කලකට ඉහතදී එකම පවුලේ සාමාජිකයින් ප්‍රතිපක්ෂ වූ පරිදෙන්, එකම පක්ෂයේ පතාකයන් දෙදෙනෙකු, එනම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ජනාධිපතිවරණයේ එක් අපේක්ෂකයෙකුද, එම පක්ෂයේම මහ ලේකම්වරයා, එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන තවත් දේශපාලන පක්ෂ වල සහයෙන් ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වීමද සිදුවිය. මෙය ප්‍රාථමිකවම මේ ක්‍රමයේ අර්බුධයක් ලෙසද, දෙවනුව ඒ පක්ෂයේ දේශපාලන ආතතීන් හා බල අරගලයන්ගේ පුපුරා යාමක් සේ දැක, ඒ පරවේනිය ‘කඩා ගත් අයටම තම්බා ගන්නට දී’ දීර්ඝ කාලීන සැළසුමක් සහිතව ස්වකීය න්‍යාය පත්‍රයන් මේ අර්බුධ අතර ස්ථානගත කිරීමට සමත් නුවූයේ ඇයි?
කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය තුළ අපි වෙනස් ප්‍රවණතාවක් නිරීක්ෂණය කළෙමු. පිරිසක් සක්‍රියව දේශපාලන පොර පිටියේ සිටියදී, තවත් පිරිසක් සිංහලයා අවදි කරමින්, ජාතික අභියෝග සමගින් ජාතිකවාදී මතවාදය සමාජගත කිරීම, නව ජාතික විමුක්ති ව්‍යාපාරයක ඇරඹුමක් සනිටුහන් කිරීමක් ලෙසද, මෙය සාධනීය ජාතික ජයග්‍රහණ වලින් කෙළවර වන පළල් එකඟතාවක් සහිත ක්‍රමෝපායික දේශපාලන සැළැස්මක් වන්නට පිලිවනැයි අපි සිතූයෙමු. එහෙත් එසේ සිතන්නට අප ඉස්සර වූවා වැඩිය! සිංහලයාගේ සංග්‍රහශීලී ආගනතුක සත්කාරය, බෞද්ධ තාදී ගුණය අපහරණය කරන බෙදුම්වාදී, මූළධර්මවාදී, හා අන්තවාදී මෙහෙයවීම්, හඳුනාගත් ජාතිකවාදී නැගිටීම් දකිත්ම නිල් හා කොළ කඳවුරු වල දක්ෂීණාංශික, අසිංහල අබෞද්ධ ඔත්තුකරුවෝ ඉතා සාර්ථක ලෙස සිය තැරැව්කරුවන් ඒ ජාතිකවාදී සංවිධාන හා පක්ෂ තුළ ස්ථානගත කරනු ලැබ සිටියේදැයි සාධාරණ සැකයක් දැන් අප තුළ ඇත. නිල් හා කොළ දැවැන්ත දැති රෝද අතර ජාතිකවාදී කුරුම්බැට්ටිද, කළටිද, සුණුවිසුනු වන හැටි අපි අත්විඳි පළමු වතාව මෙය නොවේ. අදිසි ජාතිකවාදී විප්ලවවාදීන්, න්‍යායාචාරීන් සේ සිය රංගනයන් ඇරඹූ ඒ තැරැව්කරුවන් විසින් ඉහළ විභවයක් සහිත දේශප්‍රේමී ගිහි පැවිදි සියල්ලන් අනවශ්‍ය පමණට කුලප්පු කරවනු ලදුව, ප්‍රවේශමෙන් දියත් කළ යුතු ජාතික විමුක්ති අරගලය හුදු ලොමු ඩැහැගැන්වෙන රංගනයක් පමණක් බවට පත් කරවනු ලැබිණි.
අපි වීදී සටන් මෙහෙයවද්දී, මෙරට අන්‍ය සුළු ජනවර්ග සිය සටන්, නිවැරදිව ව්‍යවස්ථා සංශෝධන හෝ වෙනත් අනපණත් සම්මත කිරීම් දක්වා නිවැරදිව කළමනාකරණය කරගන්නට සමත් වෙති. අපි සීඝ්‍රෙයන් ජනප්‍රිය වී ඊටත් වඩා වැඩි වේගයකින් නිෂ්ක්‍රියවී අන්තරඃධාන වන්නෙමු. ජාතික බලවේග විවිධ තල වලදී විවිධ ‘මාත්‍රාවන්ගෙන්’ දේශපාලන හැඩයක් ලබාගත යුතු වුවද, මේ පවතින ක්‍රමයේ අලුගුත්තේරුකම් නිසාද, ජාතික බලවේග වල ක්‍රියාකාරීන්ගේ උපක්‍රමීය නොහැකියාව හෝ කුඩුකේඩු තකතීරුකම් නිසාද එකී බලවේග මේ ගොහොරුවෙන් ඉලිප්පී පිපෙන පියුම් වනු වෙනුවට, ඒ මඩෙහිම දියවී යන රොඩු බොඩු වල තත්ත්වයට පත් වන්නේය. මේ මට්ටුවීම් සිංහලයා හරියාකාරව ධාරණය කරගන්නේ කවදාද? දියුණු සිංහල ජාතික විමුක්තිකාමීන් පිරිසක් බිහිකළ යුතුව තිබියදී, අප සිදුකරන්නේද පාර්ලිම්න්තුව අරක්ගෙන සිටින පිරිස් කලින් කලට ආන්ඩු පක්ෂ - විපක්ෂ ලෙස මාරුවෙමින් කරගෙන යන එකිනෙකාට ආඩපාළි කියා ගැනීමේ සූදුවේම පාර්ලිමේන්තුවෙන් පිටත සිටින කොටස් කාරයන් වීම නොවේද? කොහේ හෝ යන පාංකඩ දේශපාලනඥයකුගේ නගුටක් අල්ලාගෙන ඔට්ටුවී, තවදුරටත් දේශපාලන තැරැව්කරුවන්ගේම න්‍යාය පත්‍ර වෙනුවෙන් ක්‍රියාත්මකවීමත්, දිගක් පළලක් නොතේරෙන සමාජ ජාලා වෙබ් අඩවි වල ගම්බාර කුම්භාන්ඩයන්ට සටන්පාඨ සැපයීමත් හමාර වන්නේ කවදාදැයි අපි අසා සිටින්නෙමු.
සිංහලයා අද දේශපාලනිකව පත්ව ඇත්තේ දුප්පත් අඳ ගොවියකුගේ තත්ත්වයටය. හේ දසදුක් විඳ, බොහෝ බලාපොරොත්තු සහිතව කුඹුර, ගොවිතැන හෝ ගොවිපොළ අස්වද්දයි. අර මුදලාලිගේ කඩයේ වී වලට ලැබෙන්නේ අඩු මිලක් වුවද, තෙල් පොහොර ටික ලාබයැයි කියා ගොවීන්ගෙන් පිරිසක් එක් අයෙකුට ආවඩති. මේ මුදලාලිගේ කඩයේ තෙල් පෝර මිල වැඩි වුවද, වී වලට හොඳ මිලක් ලැබෙතියි තව පිරිසක් අනිත් මුදලාලිට ආඩවති. වී සඳහා හොඳ මිලක් ලබා ගැනීමටත්, සහනදායි ලෙස කෘෂි යෙදවුම් සපයා ගැනීමටත් ‘තමන්ගේම සමුපකාරයක්’ ගොඩනගා ගැනීමට අසමත් මේ අඥාන ‘ගොවියෝ’ පරම්පරානුගතව ‘ආවැඩීම’ම කරගෙන යති.
එදා මහාමාන්‍ය ජන නායකයින්ගෙන් ඇරඹි ඇතැම් පක්ෂ, අද ජාතික රාජ්‍යයන් අස්ථාවර කිරීම පිණිස ක්‍රියාත්මක සියලු ජාත්‍යන්තර බලවේග වල නියෝජිතයින් විසින් අරක්ගත් තිප්පොලවල් ය. එම පක්ෂ වල ඇතැම් නායකයෝද, අනුගාමිකයෝද, මේ රටේ මහා සංස්කෘතිය ඉක්මවා ගිය, ගෝලීය සංස්කෘතියේ ආභාසයෙන් ගොඩනැගුණු, අණුපාන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය මුසුවුනු මනෝරාජික සමාජ හැඩයක ජීවත්වෙමින් අන්‍යයන්ටද ඊට එකතු වන්නට බලකරති. ඒ මනෝරාජිකත්වයේ අවිඥානයට සිංහල බෞද්ධයින්ම පමණක් ජාතිවාදීන්ය. වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද විරෝධී සන්ධානයේ සහයෙන් ජය ගෙන ඒ සන්ධානයේ සිටින උග්‍ර දක්ෂිණාංශික අතළොස්සකගේ වසඟහට නතු නොවනු ඇතැයි බොහෝ දෙනා තුළ වූ සිතිවිල්ල පදනම් වූයේ ජාතික හෙළ උරුමය පිළිබඳව සිංහල බෞද්ධයන් තැබූ විශ්වාශය ඉතා ඉහළය. නමුත් පසුව එහි සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ‘සිලොන් ටූඩේ’ පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබුනේ, තම පක්ෂය ‘සිංහල බෞද්ධ පදනම’ මත නොපිහිටා කටයුතු කරන බවකි!
ඒ ප්‍රකාශය, ව්‍යවහාර වර්ෂ 2004 මැයි මස විසිපස් වන දා, ජාතික හෙළ උරුම අභිෂේක සම්මේලනයේදී එළිදැක්වූනු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 1, 2, හා 3 වගන්ති වල සඳහන් සිංහල බෞද්ධ පදනම නොදැන සිටියද, යටත් පිරිසෙයින් පක්ෂයේ නමෙහි ඇති ‘සිංහලකම’ පිළිබඳව සිතා හෝ මේ නම් සිංහලයා වෙනුවෙන් පෙනී සිටින පක්ෂයකැයි සිතූ සිංහලයන් ගේ දෙසවන් තුළ හෙණ ගෙඩි සේ පුපුරා ගිය බව කිව යුතුය. දශකයක් පාර්ලිමේන්තුවේ පරණවීම, ජාතික හෙළ උරුමයට සිංහල ජාතිකවාදී සංවිධාන ‘ගෝත්‍රවාදී සංවිධාන’ ලෙස අර්ථ දැක්වීමට සුදුසුකමක් නොවන බව මතක් කළ යුතුව තිබේ. එසේම, සිංහල බෞද්ධ පදනම කුණු කොල්ලයට දමන ඉදිරි දැක්මක් සහිත පක්ෂයක දේශපාලන නිර්දේශ පිළිගැනීමට තරම් සිංහල බෞද්ධයා මතවාදීමය වශයෙන් දුර්වල නැති බවද සිහිපත් කළ යුතුය.
මේ මැතිවරණයේදී සිය දේශපාලන පරිචය මෙන්ම ආධ්‍යාත්මික ශක්තියද තමන් වහන්සේ උපරිමව යොදාගත් බව උන්වහන්සේ ජනාධිපතිවරණයෙන් දිනකට හෝ දෙකකට පසු පැවැතවූ මාධ්‍ය සාකච්ඡාවකදී අතුරළියේ හිමියෝ වදාළහ. ජරාජය වීමට අවශ්‍ය සියලු සුදුසුකම් මහින්ද රාජපක්ෂ මහතා උපයාගෙන තිබිණි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමේ දී , ජාතික හෙළ උරුමය නැමැති සාධකය තීරණාත්මක සාධකයක් වූ බව අපි අවිවාදයෙන් පිළිගනිමු. ඒ ගැන අපට ප්‍රශ්නයක් නැත. කෙසේ වෙතත්, යහ පාලනය හා පිවිතුරු හෙටක් පිළිබඳව උන්වහන්සේ (හා ජාතික හෙළ උරුමය) තුළ වූ මේ දේශපාලන උනන්දුවත්, ආධ්‍යාත්මික ප්‍රාර්ථනයත්, අන්‍යාගමිකකරණයට එරෙහි පනත සම්බන්ධයෙන් මීට අවුරුදු දෙක තුනකට පෙරදී හෝ නුවූයේ මන්දැයි අපට සිතාගත නොහැකිය. අප මේ උත්සහ දරන්නේ, ජාතික හෙළ උරුමයේ නූතන දේශපාලන ප්‍රවණතා විවේචනය කිරීමටවත්, මහින්දට හෝ මෛත්‍රීපාල වෙනුවෙන් යමක් කිරීමටවත් නොවේ. එහෙත්, සිය දේශපාලන රූපාන්තරණයේ වත්මන් හැසිරීම තුළ ගම්‍ය වන පණිවුඩය අපට කියන්නේ සිංහලයා සිය ජාතික විමුක්තිය සම්බන්ධයෙන් තවදුරටත් හෙළ උරුමය විශ්වාශ නොකළ යුතු බවද?
‘දින සීයේ’ ඇමති මන්ඩලය ගැන අපි කලබල නොවිය යුතුයැයි සිතීමු. එහෙත් දින සියය දෙස ජාතිකවාදී දෘෂ්ටි කෝණයෙන් බලද්දී පෙනෙන්නේ වසර ගණනාවකට අවශ්‍ය බෙදුම්වාදී උත්ප්‍රේරක එතුළ නිෂ්පාදනය කරනු ලැබ ඇති බවය. තව සාමාන්‍ය ප්‍රශ්නද තිබේ. ඇමතිවරුන් පත්කලේ පොරොන්දු වූ ගණනමද? ‘දේදුනු විප්ලවයේ’ ප්‍රතිලාභ එක්සත් ජාතික පක්ෂයේ උග්‍ර දක්ෂිනාංශික ලිබරල් පිළෙහි මෙහෙයවීමට නතුව ඇති අයුරු අපට මෙහිදී පෙනී යයි. විධායකයේ බලතල ඇත්තේ කා යටතේද? සුද්දාගේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නට නම්, විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එක මගක එකිකෙනට සමාන්තරව යායුතු බවක් අප අසා තිබුණද, නූතන ශ්‍රී ලාංකීය දේශපාලන ප්‍රවණතා තුළ අප අත්විදින්නේ වෙනත් යථාර්තයකි. අප කියන්නට උත්සාහ කරන්නේ මේ ත්‍රිත්වය එකිනෙකට සතුරු පරස්පර මාර්ග වල යන බව නොවේ. එකිනෙකට අසම්බන්ධිත අයාලේ යෑමක නිරත බවක් නම් පෙනෙන්නට තිබේ. රටේ විධායකයන් දෙකක් ඇත්දැයි සිතේ. විධායකයේ සර්ව බලධාරීත්වය සීමා කිරීම යනු, වෙනත් තැනකට ඒ බලය ගොනු කිරීම නොවේ. මේ තත්ත්වය අහම්බයක් හෝ අනපේක්ෂිත තත්ත්වයක් ද නොවන බව අපි දනිමු. විධියක ජනාධිපති තනතුර යනු, ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා විසින් පත් කළ කැබිනෙට්ටුව උඩ ලස්සනට තැබූ මල් බදුනක් නොවේ.
මුස්ලිම් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම, ශ්‍රී ලංකාවේ ජන අනුපාතයට සමානුපාතික නැති අනවශ්‍ය අධිනියෝජනයක මට්ටමට ගියේ ඇයි? පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රිස්තියානි ආගමික කටයුතු භාර අමාත්‍යවරයා යටතට පත්කිරීම, රටපුරා ව්‍යප්ත අයථා අන්‍යාගමිකකරණ කටයුතු වලට එරෙහිව සුලු වශයෙන් හෝ බෞද්ධ, හින්දු ජනතා ප්‍රතිරෝධයන් දඬු කදෙහි ගැසීමේ හෙවත්, අයථා ක්‍රිස්තියානිකරණය නීතිගත කිරීමක්දැයි අයෙක් අසති. මෑතක් වනතුරු සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයට අවශ්‍ය නොවුනා වූ, සමාජීය බෙදුම්වාදයට මුල පුරන හලාල් ක්‍රියාවලිය එනම්, (මුස්ලිම් ජනතාවගේ අවශ්‍යතාවන්ට හැර දේශීය හෝ අපනයන භාන්ඩ අයථා හලාල්කරණයට ලක්කිරීම), බුර්කාව නිකාබය ආදී වූ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සමාජීය වශයෙන් සැක බිය තහවුරු කරවන සංස්කෘතික භාවිතාවන්, ෂරියා නීතිය සමාජමය වශයෙන් ආයතන ගත කිරීම සඳහා වන මද්‍රසා පාසල්, ක්වාසි උසාවි, ස්වදේශීක බැංකු වල ක්‍රියාත්මක ඉස්ලාම් මූල්‍ය ඒකක, මුස්ලිම් රටවල දේශපාලන කටයුතු සඳහා ක්‍රියාත්මක, උලෙමා සභාව, ශූරා කවුන්සිලය වැනි ව්‍යුහ, සිංහල බෞද්ධ රටක, ඒ සංස්කෘතිය තුළ සිටමින්, තථාගතයන් වහන්සේට අපහාස කළ තවුහිද් ජමාත් වැනි සංවිධාන පිළිබඳවද, දහතුන් වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ භයානක කම පිළිබඳවද, රට පුරා බෞද්ධ හා හින්දු ජන කොටස් ඉලක්ක කරගත් අයථා අන්‍යාගමිකකරණය ගැනද, සූක්ෂමව ක්‍රියාත්මක අධිරාජ්‍යවාදය ආදී වූ ජාතික අභියෝගයන් පිළිබඳ කාලීන වශයෙන් ඉතා වැදගත් හෙළිදරව් කිරීම් වූ අතර, අද වන තුරුත්, නව රජයේ කිසිදු වගකිවයුත්තකු ඒ ගැන එකදු වදනකදු වගකිවයුතු පරිදි කියා නැත. නව ආණ්ඩුවක් පත්කර ගත් මහ ජනයා දිනපතා දකින්නේ අසන්නේ පොලිස් මූල්‍ය වංචා විමර්ෂන ඒකකයේ, අල්ලස් හෝ දූෂණ කොමිසමෙහි, රක්ෂිත බන්ධනාගාරයෙහි රූපරාමු හෝ විල්පත්තුවේ සංහාරය නැතිනම්, දෙමළ ජාතික සන්ධානයේ කෙඳිරිලි, ගෙරවිලි බවට පත්වී තිබීමම පමණි.
සියයට නවයක් දහයක් තරම් වූ මුස්ලිම් ප්‍රජාවට, මේ රටේ පාර්ලිමේන්තුවේ සංයුතිය, ඇමති මණ්ඩලය, අමාත්‍යවරුන්ගේ විෂයය, ඒ තබා ලංකාද්වීපයට එන ආයෝජකයා පවා තීරණය කිරීමට බලයක් ලැබෙද්දී, 70.19% වු බෞද්ධයාට හෝ 74.88% වූ සිංහලයාට කරගත හැකිවී ඇත්තේ මොන කෙන් ගෙඩියක්ද? ප්‍රතිස්ථාපනය කළ යුත්තේ පංචස්කන්ධ නොව මේ ක්‍රමයයි; පුටුවයි. එහෙයින්, එකෙකුගේ පරාජයෙන් ඔද්දල්වී සිටීමෙන් හා තව එකෙකුගේ ජයග්‍රහණයෙන් උදම් වී සිටීමෙන් ජාතිකවාදයේ ජයග්‍රහණය තවතවත් කල් පසුවන බව අප ඉඳුරාම කියන්නේ, පේන තෙක්මානයේ සිටින සියල්ලන් සිටින්නේ අසිංහල අබෞද්ධ බලවේගවල වල ‘ග්‍රහණයේ’ බැවිණි. මහින්ද වේවා, මෛත්‍රීපාල වේවා, රනිල් වික්‍රමසිංහ වේවා, අන් සුදුසු නායකයකු වේවා, ඔහු ‘ජාතිකවාදයේ ග්‍රහණයට’ ගන්නට නොහැකිවීම ගැන ඊනියා ‘ජාතික බලවේග’ ලජ්ජා විය යුතුය. එහෙයින් ඒවා බලවේගද, නැතිනම් බලය රහිත නිකම්ම නිකං ‘වේග’ පමණක්ද, නැතිනම් ‘බාල-වේග’ දැයි සිතිය යුතුය. දැන් දැන් කෙරෙන විවිරණ අනුව පෙනීයන්නේ ඇතැම් ජාතික සංවිධාන පවා වෙන වෙනත් බළල් අත් මගින් පාලනය වන සැටියකි. ජාතික ප්‍රාර්ථනා මුදුන් පමුණුවා ගැනීමට කොන්දේසි විරහිතව ඇතිකරගන්නා සාමාග්‍රිය වෙනුවට කුහක කුලල් කා ගැනීමක නිරත වන බවකි.
භික්ෂූණ් වහන්සේ විසින් නායකත්වය සැපයෙන එවැනි සංවිධාන, ඒවායේ න්‍යායපත්‍ර, ක්‍රමවේද සම්බන්ධයෙන් අපූරුවට ගැළපෙන විමසුමක් නුදුරේදී එළිදකින සිංහල ප්‍රාඥ, කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්දයන්ගේ ‘අපණ්ණක චින්තනයද, අපෝහක තර්කනයද‘ කෘතියේ 61 වන පිටුවේ ඇත. අවසනට එයද එක්කිරීම මැනවැයි සිතමි. “එහෙයින් මම අපගේ අභීත, සමාජ සංවර්ධන ක්‍රියාවලියේ නියමුවන් වූ මහ සගරුවන අමතමි. ගරුතර හිමිවරුනි, වෙස්මින්ස්ටර් සම්ප්‍රදායෙන් බැටකෑ ජනතාවක් විධායක සම්ප්‍රදාය ඇදගෙන යත්දී ඒ සමග අරහත් ධජයේ කොනක්ද පටලවා ගෙන ලෝක බහුබූතයන් සමග විසූක දස්සන පානවාද? නැතිනම් එයින් වැළකී ‘ශ්‍රමණ මණ්ඩලය‘ පිහිටුවාගෙන නොමග ගිය සමාජය හරිමගට ගැනීමට දම්සක් සුතුරෙන් දැනුම දිනාදී, මහා මංගල සූත්‍රයෙන් මංගල ආකල්ප වල පිහිටුවා කරණීය මෙත්ත සූත්‍රයෙන් කුසලතා වර්ධනය කර, රතන සූත්‍රයෙන් ඒ සත්‍යයේ බලයෙන් සුවපත් වේවායි කියා මේ දැවෙන කැළඹෙන නොසන්සුන් වන රෝගී සමාජය සුවපත් කිරීමට අප්පමාදේත සම්පාදේථ යැයි අවසන් බුදු වදනින් ආශීර්වාදාත්මක ව නැගී සිටීමට මග පෙන්වීම කරමුදැයි සිතා බලත්වා!”
-ආචාර්‍ය චමිල ලියනගේ

යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .