8/20/2015

තින්ත බාල්දියේ වැටුනු ජනපති සිරිසේන

කතෘ:යුතුකම     8/20/2015   8 comments

ඡන්දයෙන් දිනූ කෙනෙක් නැත. සියල්ලෝම පැරදී ඇත.

සරත් ෆොන්සේකාගේ පක්ෂය පොළොවට සමතලා වී ඇත. ජවිපෙ කන්දක් විළි ලා මීයකු වදා ඇත. එක්සත් ජාතික පක්ෂයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හෝ බහුතරයක් දිනා ගත නොහැකි විය.

මේ සියල්ලට වඩා ජනපති සිරිසේනව මෙරට මිනිසුන් විසින් ඉතා තදින් ප්‍රතික්ෂේප කර ඇත. සිරිසේනට හිතවත් පාක්ෂිකයන් මහින්දගේ වේදිකාවලට අවසානයේ ඡන්දය බලා ගෙන ගොඩ වුවද ඔවුන් පරදවාලීමට මිනිසුන් වග බලාගෙන ඇත. මිනිසුන් ඉතා හොඳින් ඔවුන් තෝරා බේරා ගන්නට සමත් වී ඇත.

අප කුඩා කාලයේ අසා ඇති කතාවකි මේ.

දිනක් කැළෑවෙන් එළියට ආ නරියෙක් ගමට ගියේය. එහිදී නිල් පැහැති තීන්ත බාල්දියක් පෙරළී නරියා නිල් පැහැති විය. ඌ කළෑවට ආ විට මේ නම් අමුතුම සතෙකැයි සිතා කළෑවේ සතුන් විසින් මේ නරියා සිය නායකයා ලෙස පිළිගන්නා ලදී. මේ සිටින්නේ තමන් සමඟම සිටි කපටි නරියා යැයි අන් කිසිම සතෙකු දැන සිටියේ නැත. නරියා විසින් අන් සතුන් රැවටීම දිගටම සිදු කෙරිනි. තින්ත බාල්දියේ සරණින් උන්ගේ ගරු බුහුමන් ලබමින් ටික කලක් ජීවත් විය. නමුත් දිනක මහ වැස්සක් ඇද හැළුනි. එහිදී කපටි නරියාගේ සායම් දිය වී ගියේය. ඒ සමඟම ඌ නරියකු මෙන් හූ කියන්නට වූයෙන් අනෙක් සතුන් මේ නරියකු බව හදුනා ගත්තෝය. තමන්ව රැවටීමට ලක් කරමින් ගරු බුහුමන් ලැබූ මේ නරියාව කැළෑවෙන් එළවා දැමීමට ඒ සතුන් වග බලා ගත්තේය.

සිරිසේන මහතා යහපාලනය  නමැති තින්ත බාල්දියට වැටුනා නොව. ඔහුව එහි ඔබලා ගොඩ ගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කළෝය. ලංකාව නමැති කළෑවේ සතුන්ද මේ යහපාලන බාලදියෙන් ගොඩ ගත් නරියාට රැවටුනි. නරියාට මෙන් වැස්සක් වැටෙන තුරුවත් සිය සායම බේර ගන්නට සිරිසේන මහතාට නොහැකි විය. තමා දිවුරුම් දී එසැණින් පාර්ලිමේන්තුව රැස් නොකරම ඔහු විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැතිවරයකු පත් කළේය. ඔහු ඒ වන විට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාස දිනා නොසිටි බව සුපැහැඳිළිය. සිරිසේන මහතාගේ මුල්ම කාර්ය ව්‍යවස්ථාව කඩ කිරීමකි. නරියාට නම් අඩු තරමේ ටික දිනක් හෝ හූ නොකියා සිටීමට තරම් විනයක් තිබිනි. ඉන්පසු ව්‍යවස්ථා විරෝධී ලෙස ඇමති මණ්ඩලය පත් කළේය. අගවිනිසුරුගේ පස්සට පයින් දෙකක් දී දොට්ට දැමුවේ වියරු ඒකාධිපතියකු ලෙස නොවේද? විපක්ෂය රනිල්ගේ අණසකට යටත් කළේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගේ මතය එක පයිසෙකට මායිම් නොකරමිනි.

සායම දිය වෙද්දි එය යළි යළි පින්තාරු කිරීමට මාදුළුවාවේ සෝභිත වැනි හිමි නමකගේ සරණද අර නරියාට නොලැබිනි. හූ කියද්දි සායම දියවෙද්දී නරියා නරියකු බව හඳුනා ගැනීමේ ශක්‍යතාවක් අර කැළෑවේ සතුන්ට තිබිනි. ඒ කතාවේ නරියා විනය අතින් ඉදිරියෙන් සිටියා සේම කැළෑවේ සත්තුද බුද්ධිය අතින් අපට වඩා ඉදිරියෙන් සිටියෝය. උන් නරියා එළවා දැමීය.

අපට ඒ ටිකවත් කර ගන්නට බැරිය. ශී ලංකා නිදහස් පක්ෂයට ද්‍රෝහි වී ජනාධිපතිවරණයෙන් එය පරාජය කිරීමට කටයුතු කළ සතුටට සිරිසේන මහතා එම පක්ෂයේ නායකත්වයෙන්ද පිදුම් ලැබීය.

අවසානයේ ඔහු ඉතා අමන ලෙස සිය නායකත්වය භාවිතා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කිරීමට නරියෙකුටත් අන්ත දීන හැසිරීමක නිරත විය. ඒ ගැන කවුරුත් දනිත්. ඒ දීන හැසිරීම අවසන් නැත. එහි හොඳ හොඳ ජවනිකා ඇත්තේ ඉදිරියටය.

ඡන්දයෙන් මිනිසුන් පැහැඳිළි ලෙස සිරිසේන මහතාගේ මිනිසුන් ප්‍රතික්ෂේප කිරීමෙන් කියා සිටින්නේ රට පාවා දෙන රනිල් සමඟ දීගයකට නොයන ලෙසය. සිරිසේන මේ ඡන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉල්ලුවා නම් ඔහුද පරදිනු ඇත. ඒ ජනමතයයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූවවන් ඒ ජන මතය තේරුම් ගෙන ඒ අනුව හැසිරිය යුතුය.

මැතිවරණයට පෙර අවසන් පැයේදී දිසා අධිකරණයකින් වාරණ නියෝගයක් ලබා ගනිමින් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුන් ඉවත් කිරීමට යහපාලනයෙන් භෞතීෂ්ම කළ තමා නායකත්වය දරණ පක්ෂය පරාජය කිරීමට ඇප කැප වුනු සිරිසේන කටයුතු කළේ ඉතා නිර්ලජ්ජිත ලෙසය. දැන් මුලින්ම කළ යුත්තේ අධිකරණය හමුවට ගොස් ඒ තීන්දුව නැවැරදි කරගැනුමයි. එය සිදු නොවන්නේ මන්ද?

සුසිල් ප්‍රේමජයන්ත් මහතා උසාවියට යන්නට බයද? බය නම්, කාටද බය? මොවුන් බය නැත්තේ ජනමතයට විතරද?

කැළෑවේ සත්තු අර නරියකු බව හඳුනා ගත් පසු ඌ එළවා දැමුවා මිස ඌ ඉදිරියේ දණින් වැටුනේ නැත. 

ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

ඔබේ මනාපය ඇත්ත කියන යුතුකම ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

8 comments :

  1. ලසන්ත සොයුර,
    ඔබද මමද දරන මෙම මතය අපේ රටට සත 5ක වැඩක් නැති දෙයකි. අප අපගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගැනීමට තිබෙන කාලය අපතේ හැරිමකි.
    මෙවන් වූ වසලයන්ට මේ පින් බිම පහරා විනාස කිරීමට ඉඩ දී අප නිහඬව බලා සිටිමු..
    වසලයන් ලෙස හැසිරෙන පිම්පි සිරා, හොරගොල්ලේ ගණිකාව මැරෙණ මොහොතෙදී මෙන්ම ඊලඟ භවයෙදී හෝ අප්‍රමාණ විඳවනු ඇත..

    --
    අනගාරික දම්පල් හිමිගේ සිතුවිලි දරන්නෙක්..

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි. මටත් ඡන්දයෙන් පසුව හිතුනේ එකම තමා.

      Delete
    2. ඔබ පවසන කරුණ නිවැරදි ය. නමුත් අප උපන් අපගේ මව්බිම ඊනියා ජාත්‍යන්තරයේ ත් මුදලට අම්මාඅප්පා වුවද පාවාදෙන ද්රෝහීන්ගේ ත් කෙළිබිමක් වනු බලා සිටිය හැක්කේ කවරෙකුට ද?

      Delete
  2. විමලසේන8/20/2015 3:15 PM

    අපේ උන්ට තේරෙන්නේ නෑ ඇටෑකින්. අවුරුදු ගානක් ආණ්ඩුව පැත්තේ හිටපු හින්දද මන්දා. හැමතිස්සෙම අදහස් බෝ කරන්නේ උන්. අපි අදහස් බෝ කරන්න පටන් ගන්න ඕනා. අදහසක් කියන්න පුළුවන් එකෙක් නෑ නිදහස් පක්ෂයේ. ඒක කරන්න පුළුවන් විමල්ට විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔතන. කියන්නයි ඕනා. බලපන් මහින්ද හොරා කියන එක. කිහිප දෙනෙක් එකම දේ කීප තැනකදි ඛීප විටකදි කියන ඕන. එතකොට ඒක ඇත්ත වෙනවා. අර විමල් හැමදාම කියපු එළුවා බල්ලා කතාව අහලා ඇතිනේ..

    සිරා කරපු ජරා වැඩ ගැන කට ඇරලා මෙහෙම කියන්න ඕන, ලියන්න ඕනා දැන්. එහෙම නැත්තන් සෝභිත හිමිලා දෙසයි සිරිසේන සිරා කියලා. එතකොට මිනිස්සු ඒ මුසාවාදය පිළිගන්නව. සිරාගේ නරි වැඩ අපි කියමු අද ඉදලා.

    ReplyDelete
  3. හිතවත් සොයුර, මම නුබ නොහඩුනමි. එත් මා නුම්බ හඩුන්නනා බවක් මට සිතෙ. මන්ද මගෙ සිතුවිලිද ඔබ හා සමන හෙයිනි. එයට යමක් එකතු කල යුත් යයි මට හැගේ. යහපාලන නඩය මතුරු මනතරය හොරා හොරා ය. එහෙත් මෙ නඩයේ බොහො දෙන උපන් ගෙයි හොරුය. එබවින් කල් නොගොස් උන්ගෙ මන්ත්‍රය උන් පසු පස එනු ඇත.

    චන්දය්දි සන්දානයෙ පැරදුම සදහා උපරිම ලෙස ඩ්‍රොහිකම් කල මේ යහපාලන කාක්කන් , මහින්දට චන්ද්ය ඩුන් උන්ගේ ජාතික ලයිස්තුව හොරා කැමට ඩන් සුඩ්ඩනම් වන අයුරු දුටු විට උන් නරියනට සමාන කිරිම, නරින්ට කරන ලොකුම ලොකු අපහාසයක් බව නොකියා බරිල. එබවින් යහපාලන නඩය නරින්ට සමාන් නොකර සිටිම නරින්ට කරන ගවුරවයකි.

    ReplyDelete
    Replies
    1. ඔබ කිසිවෙක් මම නොහඳුනමි.. නමුත්, ඉහත එක සොයුරෙක් කිවාක් මෙන් මටද ඔබ සියලු දෙනාම මාගේ මිතුරන් ලෙස දැනේ...
      මා ඉහත ලෙස මෙම සියල්ල අත් හැරිය යුතු බව කිවේ, සිතට දැනෙන අපමණ වේදනාව නිසයි.. (නුදුරු අනාගතයෙදි අප සියලු දෙනටම ඉතිරි වන එකම විසඳුමත් එයම වනු ඇති )
      එසේ වුවත් ඔබද මමද දකින මෙම ජාතිකත්වය රටට කාවද්දන්න හැකි වීම සිහිනයක් ලෙස දකිමි..
      එයට අපමණ ලොබ බඳිමි.. ( :-) හරියට ජෙප්පොයි සමාජවාදියොයි නිර්ධන පන්තිය ජයගන්නා දින උදා වනවා දකින්නක් මෙන් )
      දිය බිඳෙන් බිඳ එක්ව මහා ගංගාවක් සදන්නා සේ, මෙම පුංචි පුංචි මත වාදි අරගල මහ රැල්ලක් වී මුලු රටම අප චින්තනය අගයන, අදහන, වෙලාගන්නා දිනක් උදාවනු ඇති බව සිහින දකිමි..
      නමුදු ඒ සමගම යථාර්තයද දකිමි..
      අප ගොඩනගන්න වෙහෙසෙණා මෙම පවුර මුහුදු වෙරලක ගොඩ නගන මහා වැලි පවුරක් බව දනිමි...
      මා කීමට උත්සාහ කලේ, අප අවංක සිතින් දරණ මෙම මතවාද නිසා, අපම සිතිවිලි වලින් මංමුලා වී සිටින බවයි.... (මා මෙසේ බණ දෙසුවද මටද මෙය අතහැරීමට නොහැකි බවද දනිමි..)
      මහා හිස් බවක් දැනෙන අතර රට වනසන්නවුන් කෙරෙහි සිත් තුල ඇති වෙන ද්වේශය අපටම අනර්ථ කාරී නොවේද?

      අනගාරික දම්පල් හිමිගේ සිතුවිලි දරන්නා

      Delete
  4. උගත් බුද්ධිමත් නිදහස් නිවහල් දේශයක් පතන ප්‍රගතිශීලී පිරිසක් නියෝජනය වෙන මණ්ඩපයක් ලෙස "යුතුකම සංවාද කවය"හඳුන්වන්න පුලුවන් නිසාමයි මේ අදහස් ඉදිරිපත් කරන්නෙ.මේ රටේ උගත් බුද්ධිමත් නායකවරුන් පොදුමහා ජනතාව සමග පසුගිය කාලය පුරාම විශාල ප්‍රයත්නයක් දැරුවේ මේ මවුබිම බෙදුම්වාදීන්ගේ පාලනයට හසුවීමෙන් බේරාගැනීමටයි.නමුත් මෙවර මහා මැතිවරණය ආරම්භයේ පටන් අවශානය දක්වාම අසාධාරණකම් සහ දූෂණයන්ගෙන් පිරී තිබුන බව නොයෙකුත් සාධක සාක්‍ෂි පෙර නොවූවිරූතරම් පෙනෙන්න තිබුනත් ඒවාට විරුද්ධව ගතහැකි නීතිමය පියවර ගෙන ඡන්දය නැවත පරීක්‍ෂා නොකරන්නේ අැයි?හඬ නොනගන්නේ අැයි?ඔබතුමන්ලාගේ කාරය භාරය මෙතනින් අවසන්ද?පැහැදිලිවම සිංහල බෞද්ධ ජනතාව නියෝජනය කළ පොදු පෙරමුන විශාල ජයක් ලබා තිබියදී මේ කුමන්ත්‍රණයට ඉඩදී නිශ්ශබ්දව සිටියහොත් අද ලේසියෙන් කරගතහැකිදේ පසුවට ජීවිත පූජාකරලවත් කරගන්න බැරිවෙනවා.මේ ඉතිහාසයටම බලපාන තීරණාත්මක මොහොතක් එළඹිලා තිබෙන්නෙ.මේ ගැන කතිකාවතක් අැති කරගෙන වහා ක්‍රියාත්මක විය යුතුයැයි බොහෝ දෙනාගේ මතය මෙන්ම ඉල්ලීම​.

    ReplyDelete
  5. උගත් බුද්ධිමත් නිදහස් නිවහල් දේශයක් පතන ප්‍රගතිශීලී පිරිසක් නියෝජනය වෙන මණ්ඩපයක් ලෙස "යුතුකම සංවාද කවය"හඳුන්වන්න පුලුවන් නිසාමයි මේ අදහස් ඉදිරිපත් කරන්නෙ.මේ රටේ උගත් බුද්ධිමත් නායකවරුන් පොදුමහා ජනතාව සමග පසුගිය කාලය පුරාම විශාල ප්‍රයත්නයක් දැරුවේ මේ මවුබිම බෙදුම්වාදීන්ගේ පාලනයට හසුවීමෙන් බේරාගැනීමටයි.නමුත් මෙවර මහා මැතිවරණය ආරම්භයේ පටන් අවශානය දක්වාම අසාධාරණකම් සහ දූෂණයන්ගෙන් පිරී තිබුන බව නොයෙකුත් සාධක සාක්‍ෂි පෙර නොවූවිරූතරම් පෙනෙන්න තිබුනත් ඒවාට විරුද්ධව ගතහැකි නීතිමය පියවර ගෙන ඡන්දය නැවත පරීක්‍ෂා නොකරන්නේ අැයි?හඬ නොනගන්නේ අැයි?ඔබතුමන්ලාගේ කාරය භාරය මෙතනින් අවසන්ද?පැහැදිලිවම සිංහල බෞද්ධ ජනතාව නියෝජනය කළ පොදු පෙරමුන විශාල ජයක් ලබා තිබියදී මේ කුමන්ත්‍රණයට ඉඩදී නිශ්ශබ්දව සිටියහොත් අද ලේසියෙන් කරගතහැකිදේ පසුවට ජීවිත පූජාකරලවත් කරගන්න බැරිවෙනවා.මේ ඉතිහාසයටම බලපාන තීරණාත්මක මොහොතක් එළඹිලා තිබෙන්නෙ.මේ ගැන කතිකාවතක් අැති කරගෙන වහා ක්‍රියාත්මක විය යුතුයැයි බොහෝ දෙනාගේ මතය මෙන්ම ඉල්ලීම​.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions