8/31/2015

පුළුල් දේශයක් කරා....

කතෘ:යුතුකම     8/31/2015   No comments



ජනපති මෛත්‍රීපාල මහතා විසින් චන්ද්‍රිකා මැතිණිය ආදීන්ගේ අනුදැනුම මත සිංහල ජාතිකත්ව මතවාදය විනාශ කර දැමීමට කටයුතු කළ හොත් එය මෙරරට අප නොහිතන තරමේ විනාශයක් ගෙනෙන බව ඉඳුරාම කියමි. මන්ද එවැනි අදූරදර්ශී පියවරක අනිවාර්ය ගොදුර වනු ඇත්තේ මෙරට එජාප හෝ ශ්‍රිලනිප බහුතර සිංහලයා පමණක් නොවේ. එවැන්නක අනිවාර්ව විපාක මෙරට මුස්ලිම් හා ද්‍රවිඩ ජනයා විසින් ද විඳිමට නියමිත ය. මේ තාක් සුළු ජාතීන් මහජාතිය සමග ද සුළු ජාතීන් සෙසු සුළු ජාතීන් සමග ද එකිනෙතා කා කොටා නොගන්නා පරිසරයක් බිහි ව ඇත්තේ සිංහල බහුතරය ඊට වැළකුම්කාරකයක් ලෙස ක්‍රියා කරන හෙයිනි. මෙරට මහජාතිය වන සිංහලයාගේ අන් ජාතීන් කෙරෙහි වන සහනශීලිත්වය හා අනෙකා අවශෝෂණය කර ගැනීමට ඇති සූදානම ඉතා දුර්ලභ ලකුණකි. මෙරට සුළුජාතීන් ද එය නොදන්නවා නොවේ. ඔවුන් එය භුක්ති විඳින ප්‍රායෝගික යථාර්ථයකි. සංස්කෘතික ව සිංහලයා විවෘත ය. මෙය පළුදු නොකිරීමට අපි සැම වගබලා ගත යුතු ය. බහුතරයේ මෙම ස්වභාවික සමතුලිතකරන භූමිකාව අහිමි වීම යනු රටේ කේන්ද්‍රය අහිමිවීම වන අතර සියල්ල විවෘත වී බලය සඳහා වන මහා ගැටුමකට රට ගමන් කරවීමට එය පාර කපනු ඇත. සෞරග්‍රහ මණ්ඩලය තුළ සූර්යාගේ කාර්යභාරය වන්නේ සෙසු ග්‍රහවස්තු සිය ගමන් පථය තුළ ගමන් කරවන අතර ඒවා විසිරි නොයන ලෙස, ඉබාගාතේ නොයන ලෙස ස්ථාවර ව තබා ගැනීම ය.

මෙවර මැතිවරණ ප්‍රතිපලය වුව පෙන්වා දෙන්නේ ජාතීන් අතර නව අසහනශීලි මානයන් විවෘත වී තිබෙන බව ය. මෙය එකිනෙකා පරයා යෑමේ තරඟයක් බවට පත් වුවහොත් ඇතිවන තත්වය කණගාටුදායක වනු ඇත. සමහරු මෙම විවෘත වීම ප්‍රාර්ථනා කළෝ ය. ඒ මෙරට පවතින මූලික පදනම හෝ ව්‍යුහය, විශේෂයෙන් ම මේ වින්‍යාසය (configuration) විසංයෝජනය කොට නව ව්‍යුහයක් හා සැලැස්මක් ඇඳීම සඳහා ය. ඒ සඳහා මොවුන්ට පළමුව මෙරට තුළ ආරාජිකත්වයක් ද එකී ආරාජික තත්වයෙන් පසු තම සැලසුමට අනුව ලංකාව නැවත ප්‍රෝග්‍රෑම් කිරීමට ද අවැසි බව පෙනී ගොස් ඇත.

ඇමරිකානු සැලසුම්කරුවන් විසින් ඉරාකයේ හා ලිබියාවේ කළේ මෙයයි. තිබූ පාලනයන් පෙරලා දමා මුලින් රට විවෘත කෙරුණි. ඇත්ත වශයෙන් ම ලිබියාවේ අවිගත් කණ්ඩායම් හා ඉරාකයේ අයිසිස් ත්‍රස්තයින්ගේ නැගීම ඇමරිකාව අපේක්‍ෂා කළ තත්වයකි. ඒ ද සැලසුමේ කොටසකි. අයිසිස් ත්‍රස්තයින් විසින් මේ වන විට මුළු ඉරාක ශිෂ්ටාචාරය ම විනාශ කරමින් ඉතිහාසය අලුතින් ලියමින් තිබේ. මෙය මෙසේ සිදුවන්නට හැර මෙහි මහා සැලසුම් කරුවන් මැදිහත් වන අවදිය උදා වන්නේ පසුව ය. විනාශයකින් තොරව අලුත් යමක් නිර්මාණය කළ නොහැකි බව ජර්මන් දාර්ශනික ප්‍රීඩ්රිෂ් නීට්ෂේගේ අදහසකි.

මෙහි දී සිංහලයින්ට විශේෂ කාර්යභාරයක් තිබේ. ඒ රට ශිෂ්ටාචාර විනාශයෙන් බේරා ගැනීමට සිංහලයා සියළු භේද දුරලා එක්වීම තුළිනි. විශේෂයෙන් ම සිංහලයා බෞද්ධ ක්‍රිස්තියානි/කතෝලික වශයෙන් නොබෙදීමට වග බලාගත යුතු ය. ජාතිකත්වය තුළට ආගමිකත්වය මුසු කරගැනීම පුළුල් හා ප්‍රබුද්ධ තලයක පමණක් සිදුවිය යුතු බව අවධාරණය කෙරේ. ජාතික ව්‍යාපාර තුළ අද දක්වා තිබෙන දුබලතාවක් නම් එය සිංහල බෞද්ධ සමීකරණය මත පමණක් පිහිටුවා තිබීම ය. මෙය දුබල පදනමකි. මින් සෙස්සා බහිෂ්කරණය කෙරේ. පළවා හැරේ. එනිසා මෙම සමීකරණ පුළුල් කළ යුතු ය. සෙසු ආගමිකයින් ද මීට ඇතුළත් කර ගැනීමට තරම් ජාතික ව්‍යාපාර අවංක ව වැඩ කළ යුතු ය. කුහක නොවිය යුතු ය. මෙහි ඊලඟ පියවර වන්නේ සෙසු ජාතීන් ද මීට ඇතුළත් කර ගැනීම ය. ඒ මහා ප්‍රබුද්ධ වේදිකාව මතට ඒමෙන් පමණක් අපට පොදු සතුරාට මුහුණ දිය හැකි වන අතර එසේත් නැතිනම් අප හුදකලා වි බෙදී විනාශ මුඛය කරා යෑමට හිතහදා ගත යුතු ය.

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය් මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama


, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com