8/07/2015

ජවිපෙ ගෙදරට නාකි වන්නේ ඇයි?

කතෘ:යුතුකම     8/07/2015   No comments


"ජනතා විමුක්ති පෙරමුණ දැන් අවුරුදු 50 පැනපු අවිවාහකයෙක්. කසාද බඳින්න හෙව්වත් කවුරුවත් කැමති වෙන්නේ නැහැ"

ඉහත අදහස පෙරේදා මා හා දුරකතනයෙන් පැවසූයේ මහාචාර්ය ගාමිණි සමරනායකයන් ය. මහාචාර්ය සමරනායක 71 කැරැල්ලට ඍජුව දායක වූ හිටපු කැරලිකරුවෙකු බව ප්‍රකට ය. එහෙත් ඔහු වහා ඇත්ත තේරුම් ගත්තේ ය. එවන් වියතුන් කී දෙනෙකු නම් මෙරට සිටිත් ද?

සමරනායක මහතා පවසන කාරණය ගැඹුරින් සිතා බැලිය යුතු දෙයක් ලෙස යෝජනා කරමි. ඇත්ත වශයෙන් ම ජනතා විමුක්ති පෙරමුණ මෙරට බලයට ඒනම් මේ වන විට එය සිදු වී හමාර ය. කිසියම් පක්‍ෂයක් රටක බලයට ඒම යනු විවාහයක් බඳු ය. විවාහය සිදු වන්නේ පක්‍ෂය විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල හා ජනතාව අතර ය. අවුරුදු පනහක් වැනි ඉතා දිගු කාලයක් තුළ කිසියම් පක්‍ෂයකට රටක ජනතා ඡන්දයෙන් බලයට එත නොහැකි නම් එය ජනතාවගේ ප්‍රශ්නයක් නොව‍ අදාළ පක්‍ෂය විසින් ඉදිරිපත් කරන වැඩ පිළිවෙල රටක් විසින් පිළි නොගැනීම පිළිබඳ ප්‍රශ්නයකි. එහි අර්ථය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ ජනතා විස්වාසයක් මෙරට ජනයා තුළ නොතිබීම හැර අන් කුමක් ද?

ජනතා විමුක්ති පෙරමුණ මෙරටට කළ විශාලතම සේවය නම් ඔවුන් විසින් ම පසුව අතරමග දී හැර දැමූ ත්‍රස්තවාදයට එරෙහි සටනට සහාය වීම ය.ඒ ද සිදු වූයේ එවකට විමල් ඇතුළු පිරිස එම පක්‍ෂය තුළට ගෙන්වා තිබූ ජාතිකවාදය නිසා ය. විමල් ඉවත් වීමෙන් ජවිපය නැවතත් කිසිදු ප්‍රායෝගික වැඩ පිළිවෙළක් නැති, හුදු පැණිරස විවේචන පමණක් ඉදිරිපත් කරන චුයින්ගමයක තත්වයට වැටුණේ ය. අපි චුයින්ගම් කන්නේ බඩගින්නට නොවේ. එහෙත් කම්මැලිකමට ය. කෙසේ වෙතත්, චුයින්ගම් කෑමේ භයානක බව වැටහෙන්නේ දිවට පමණක් රස දෙන එමගින් බඩ රැවටීමෙන් ගැස්ට්‍රික් වැළදුණු පසුව ය.

කලක සිට ජවිපයට අවශ්‍ය වන්නේ තමන්ට කසාදයක් බැඳගත නොහැකි හෙයින් කසාද බැඳ සිටින රට ගැස්ට්‍රික් ලෙඩෙකු කිරීම ය. විශ්වවිද්‍යාල පද්ධතියට යළි සුවකළ නොහැකි ලෙස ඔවුන් එය සාර්ථක ව බෝ කොට තිබේ. ජවිපය මහින්දට පහර පිට පහර දෙන්නේ මහින්ද යටතේ යුද්ධය නැවතී රටට නිසි සංවර්ධන දිසාවට යොමු වූ බැවිනි. රට නැගුණොත් ජවිපයට විවෙචනය කිරීමට ප්‍රශ්න ඉතිරි වන්නේ නැත. මේ අතර, ජවිපය රනිල්ට සහාය දෙන්නේ රනිල් යටතේ රට නැවතත් අරාජික වී හතර අතින් රටේ ප්‍රශ්න ඔඩු දුවන තැන එම ප්‍රශ්න හරහා තමන්ට ඡන්ද කුට්ටියක් කඩා ගැනීමේ අවස්ථාවක් ලැබෙන නිසා හැර සද්භාවයකින් නම් නොවේ. මෙම අති භයානක දේශපාලන උපක්‍රමය වටහා ගැනීමට තරම් මේ රට සමත් ද?

-මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions