8/08/2015

"රනිල් යළි බලයට ඒම යනු ඒකීය ශ්‍රී ලංකාවේ අවසානයයි" - විදෙස්ගත වෘත්තිකයන්ගේ හඬ අවදිවේ...

කතෘ:යුතුකම     8/08/2015   2 comments


ඕස්ට්‍රේලියාවේ බෙල්බර්න් නුවර සිටින  'මෙල්බර්න් අපි' සංවිධානයට අනුබද්ධ ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන් ඉදිරි මහමැතිවරණය අරඹයා නිකුත් කළ ප්‍රකාශනයකි..


ශ්‍රී ලංකාවේ ජීවත් වන අපේම මව්වරුනි ,පියවරුනි, සහෝදර සහෝදරියනි,
අපගේ මාතෘභීමිය අතිශය බියකරු ව්‍යසනයක් අබියස... 


මේ කෙටි අදහස් පෙළ ඔබ වෙත ගෙන එන අපි, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පදිංචි රට දැය සමය පිලිබඳ අවංක භක්ත්‍යාදරයකින් යුතු ඔබේම සහෝදර සහෝදරියන්ගෙන් සුසැදි ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවකි.

අද අප රට පත් වී ඇති අරාජිකත්වයත් ඒ හරහා ඉදිරියේදී අප පත් වන්නට නියමිත නියත ව්‍යසනයත් පිළිබඳ අපගේ අදහස මෙලෙස කෙටි සටහනක් ලෙස ඔබ වෙතට පත් කරනුයේ මේ අඳුරු අගාධයෙන් රට මුදවාගැනීමේ හැකියාව ඇත්තේ ඔබට පමණක්ම වන බැවිනි....

ඔබගේ තීරණය මත අපගේ මාතෘභූමිය ඒකීය රටක් ලෙස තවදුරටත් පවතිනවාද එසේත් නැත්න සදාකාලිකවම එකිනෙකා මරා ගන්නා දිනපතා ලේ ගංගා හලන කාලකණ්නි දේශයක් බවට පත් කරගන්නවාද යන්න තීරණය වෙනු ඇති. ඉන්දියන් සාගරයේ පලස්තීනය බවට පත් වී එකිනෙකා මරාගන්නා අඳුරු දේශයක් නොවී සිංහලයන්ට මෙලොව ඇති එකම රට තුල සිංහල - දෙමළ - මුස්ලිම් - බර්ගර් අප සියලු දෙනා එකමුතුව වෙසෙනා සුන්දර දේශයක් බවට පත් කරගත හැක්කේ ඔබටයි..

රට අරාජික කළ අසාර්ථක දින 100

ජනවාරි 8 රනිල් අගමැති ධූරයට පත් කළේ බහුතර සුළු ජාතික චන්ද වලින් බලයට පත් වූ ජනාධිපතිවරයා හරහාය.
[සුළු ජාතික චන්ද අඩු බහුතරයක් ආසන ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ මහතා බව අමතක නොකරන්න.]
එදායින් පසු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කටයුතු කලේ ඒ බෙදුම්වාදී කොටස්වල මන දොළ සංසිඳෙන ආකාරයටය. සාම්පූර්ද ඇතුළුව උතුරේ අත්‍යවශ්‍ය අධි ආරක්ෂිත කලාප සහ මූලෝපායිකව වැදගත් හමුදා කඳවුරු එකින් එක ඉවත් කෙරිණ.

මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි නැගෙනහිර වෙනම මුස්ලිම් කලාපයක් සඳහා පසුබිම සැකසෙමින් ඇත.මුස්ලිම් ජාතිවාදී කොටස් ඒ පොරොන්දු කඩ්නමින් ඉටු කරන්න යැයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට බල කරමින් සිටී.
2002 රනිල් අගමැතිවරයා වූ පසු මිලේනියම් සිටි හරහා යුධ හමුදා බුද්ධි අංශය පාවා දී හමුදාවේ කොඳු නාරටිය බිඳ දැමූ සේ අද කොටි නායකයන් පවා අල්ලාගත් යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානී හෙන්දවිතාරණ මහතා ආදී විරුවන්ගෙන් පළිගනිමින් තිබේ.
කරණ්නාගොඩ ආදී හිටපු හමුදා නායකයන් ට අවමන් කරමින් ඔවුන් දඩයම් කරමින් තිබේ.
ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාම පිහිටුවාගත් නීති විරෝධී මූල්‍ය පොලිසිය FCID යොදා ගනිමින් තිබේ.
හමුදා විරුවන් පෝරකයට දක්කමින් කොටි ත්‍රස්තවාදීන් මුදා හරිමින් තිබෙන්නේ ඔවුන්ට වෙනත් වරදානද ලබා දෙමිනි.
එදා මෙබඳු ව්‍යසන වලදී පෙරට ආ හෙළ උරුමය , ජවිපෙ ආදී කොටස් අද රනිල් වික්‍රමසිංහගේ සහායකයන් බවට පත් වෙමින් බෙදුම්වාදීන්ගේ තුරුල්ලේ සිට මේ ව්‍යසනයට අත් වැල අල්ලමින් තිබේ.

ත්‍රස්තවාදය පැරදවීමෙන් පසු පිබිදෙමින් තිබූ රට ...

දශක තුනකටත් වඩා කාලයක් ජීවිත දස දහස් ගණනින් බිලි වෙමින් , රටේ සම්පත් කෝටි ප්‍රකෝටි ගණනින් වනසමින් අප ලෝකය හමුවේ මිනී කන්නන්ගේ දේශයක් බවට හං වඩු ගැසෙමින් තිබූ ඒ අඳුරු යුගය 2009 දී අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ රණවිරුවන්ගේ අසීමිත කැපකිරීම් හරහා නිම විය.
2005 දී එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් කරගන්නට ඔබ ගත් ඒ නිවරදි තීන්දුව ඒ ජයග්‍රහණය සඳහා වූ මූලිකම සාධකයයි.
ඉන් පසු ඇරඹියේ සංවර්ධන සංග්‍රාමයයි...
අධිවේගී මාර්ග , මං මාවත් , විදුලි බලාගාර , නව වරායන් , එක් පසෙකින් ඉදිවෙද්දී මිහිපිට අපායක් බඳුව තිබූ කොළඹ නගරය ආසියාවේ දියුණුම නගරයක් බවට කෙමෙන් පත් වෙමින් තිබිණ.

ලෝක ආර්ථික අවපාතය හමුවේ පවා නොසෙලී සිටි ආර්ථිකය පිම්මේ වර්ධනය විය. ආර්ථිකය පිලිබඳ න්‍යායත්මක උගතුන් ට පවා එය සත්‍යක් බව පිළිගැනීමට සිදු වෙද්දී මහපොළවේ ජීවත් වන ඔබටද එහි ප්‍රතිලාභ ලැබෙමින් තිබිණ.

නිවරදි නායකත්වය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගව් ගනනක් ඉදිරියට ගියේ ඔබේ අපේ දූ දරුවන්ගේ හෙට දවස පිළිබඳ බලාපොරොත්තුවක් දල්වමිනි.
ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් ජාතිය සංවර්ධන මගේ මෙලෙස ඉදිරියට යෑම නොරිස්සූ පිරිසක්ද විය.

ස්ථාවර රටක් ලෙස ඉදිරියට යෑම මේ කණ්ඩායම්වල දේශපාලන අවලංගුවන්නට හේතුවක් වන බව ඔවුන් වටහා ගති. මහින්ද වැට්ටවීමේ මෙහෙයුම ඇරඹෙන්නේ ඒ පටු අවශ්‍යතාවය වෙනුවෙනි. තමන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඔබේත් ඔබේ දුවා දරුවන්ගේත් අනාගතය අඳුරට ඇද දැම්මේ ඔවුන්ය.

කප්පරක් බොරු ගොතා දිනකට හතර පස්වතාවක් බැගින් කියා ජන මනස විකෘති කලේ ඒ මෙහෙයුම හරහාය. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට ඉගැන්නුවේ ඇමරිකන් විශ්ව විද්‍යාලයකින් බව ඔහුම පසුගියදා සනාථ කළේය.
කෙසේ හෝ ජනවාරි 8 වන දින මුළුමහත් ජාතියම පරාජයට ලක් විය.
එතනින් පසු ඇරඹුනේ යහපාලන වේශයට මුවා වූ යම පාලනයයි.
හොරු අල්ලන්නට යැයි කියා ආ රනිල් අවසානය ඉතිහාසයේ ලොකුම හොරකම එනම් දැනට කෝටි 6000 කට අධික වූ දැවැන්ත මංකොල්ලය සිදු කළේය.
දශක තුනක් පුරා ත්‍රස්තවාදයෙන් දුක් විඳි ජාතිය නැවතත් බෙදුම්වාදී උවමනාවන් ඉටු කරන දිශාවට තල්ලු කර තිබේ. කොටි සැමරුමක් 'ඩයස්පෝරා සැනකෙළියක් ' ලෙස ලබන මාසයේදි පැවැත්වීමට කටයුතු කෙරෙමින් ඇත්තේ එහි සංකේතයක් ලෙසයි.
හමුදා කඳුවුරු එකින් එක ගැලවෙමින් රට යළිත් අනාරක්ෂිත වෙමින් ඇත්තේ පසුගිය ජනවාරි 8 වනදා සැබෑවටම වෙනසක් අපේක්ෂාවෙන් චන්දය දුන් සියලු දෙනාද අන්දුන් කුන්දුන් කරවමිනි.
ඉතිහාසය පුරාවටම රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කොටි ත්‍රස්තවාදයත් බෙදුම්වාදයත් ශක්තිමත් වූ බව අප සියලු දෙනාට හොඬින් අතකය.මේ දිග හැරෙමින් ඇත්තේ එහී ඊලඟ ජවනිකාවයි.
එදා ත්‍රස්තවාදය පරදවන සටනේදී 'තොප්පිගල කැලෑවක්' යැයි 'ඕන ගොනෙකුට යුද්ධ කල හැකි' යැයි ' අලිමංකඩ යනව යැයි කියා පාමංකඩ යන්නේ' යැයි කියූවන් මෙන්ම යුධ හමුදාපතිවරයා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැතැයි පැවසූ නපුංසක දේශපලනඥයන් මෙන්ම එදා ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය අවසන් අදියර යද්දී සමස්ථ මහා වැඩ වර්ජන කැඳවා රට අස්ථාවර කර යලිත් කොටින් බේරා ගැනීමට් සැදූ රතු තොප්පිකාර ව්‍යාජ විප්ලවවාදීන්ද මේ පිරිසට අයත් විය.

රනිල් යළි බලයට ඒම යනු ඒකීය ශ්‍රී ලංකාවේ අවසානයයි.

මේ සියලු කරුණු විමසිල්ලේ බැලී විට පැහැදිලි වන එකම කරුණ නම් රනිල් වික්‍රමසිංහ මහතා බලයට ඒම යනු ශ්‍රී ලංකාවේ අවසානය වන අතර කුඩු එතනෝල් වලින් පිරි දූෂණය භීෂණය ඉහ වහා ගිය අසාධාරණ ය රජයන සමාජයක් බිහි වන බවයි.

අතීත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයන් මෙන්ම පසුගිය දින 180 ආණ්ඩුවද ඒ බව ඉතා හොඳින් පසක් කර දී තිබේ. එබැවින් මෙම මැතිවරණයේදී ඔබේ චන්දය ඉතා බුද්ධිමත්ව භාවිතා කර රට මුහුණ දීමට යන මේ ව්‍යසනයෙන් ගලවා ගැනීම ඔබේ යුතුකමයි. දේශ සීමා වලට මරාගන්නා , දිනපතා ලේ ගංගා ගලන බෙදුම්වාදය ශක්තිමත් වන මග වසා දැමිය හැක්කේ එමගින් පමණකි. එය ඔබ වෙනුවෙන් පමණක් නොව උපනූපන් අනාගත පරපුර වෙනුවෙන්ම ඔබගේ අත් හළ නොහැකි යුතුකමයි.

-මෙල්බර්න් අපි

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. මුර්ගයා රට ම්ලෙච්ඡයිනට බුක්තියට ලියා දුන් රනිල් මිස රට මිනිමරුවන්ගෙන් බෙරාගත් මහින්ද නොවන බව 17 වෙනිදා ජනතාව පෙන්වා දෙනු ඇත.

    ReplyDelete
  2. රනිල්ගෙන් හම්බු කරගෙන කන අපතයින්ට රනිල් දෙය්යා මහින්දගෙන් හම්බු කරගෙන කන අපතයින්ට මහින්ද දෙය්යා රස්සාවක් කරලා සාධාරණව හම්බු කරගෙන කන අපට ඔය මොකා ආවත් වෙනසක් නෑ .අධිවේගේ යන්න අපට කාර් නෑ .වරායෙන් කාර් ගෙන්නන්න සල්ලි නෑ .ගුවන් තොටුපළවල් හැදුවට අපිට රට යන්නත් බෑ .සල්ලි තියෙන උන්ට හදන දේවල් වලට් අපි රනිල්ටවත් මහින්දටවත් චන්දේ දෙන්නෙත් නෑ

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions