මෙසේ යටපත් කරන ලද ජනතා අපේක්‍ෂාවන් ය 1956 ජනතා ජයග‍්‍රහණය තුළින් මල් ඵල ගැන්වෙනුයේ. මෙම මහා දේශපාලන ව්‍යාපාරයේ පදනම තේරුම් ගත හැක්කේ බණ්ඩාරනායක මහතා විසින් 1951 දී පිහිටවා ගන්නා ලද ශී‍්‍රලනිපයේ ලිබරල් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හැදෑරීමෙන් නොව, බෞද්ධ කොමිෂන් සභා වාර්තාව සැළකිල්ලට ගැනීමෙනි. මෙරට පොදු ජනතාව බණ්ඩාරනායක මහතා අගමැති තනතුරට පත්කර ගත්තේ එතුමා ලවා බෞද්ධ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ බලගන්වා ගැනීමට මිස බටහිර ගැති ලිබරල් ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කරවා ගැනීමට නොවේ. බෞද්ධ කොමිෂන් සභා වාර්තා යෝජනා 56 දී බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය බවට පත් වී ය. එදා මෙදා තුළ ශී‍්‍රලනිපයෙන් බිහි වූ ප‍්‍රගතිශීලී නායකයින් දෙපළ වූ බණ්ඩාරනායක මැතිනිය ගේ මෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතාගේ ද ප‍්‍රතිපත්තීන් ද ඊට අනුකූල වී ය.
1948 දී ලබාගත් ඊනියා නිදහස අර්ථ සම්පන්න කරගැනීමට අවශ්‍යම සාධකයන් වූ ජාතික ආරක්‍ෂාව හා විදේශ සම්බන්ධතා අපගේ අභිමතය පරිදි නිදහස් කර ගැනීමට අවශ්‍ය පූර්වාදර්ශය සැපයූ නායකයා බණ්ඩාරනායක මහතා ය. 1956 දක්වා බි‍්‍රතාන්‍ය හමුදාවන්ගේ පාලනයට නතුව තිබුනු මෙරට වරායවල් හා ගුවන් තොටුපලවල් ජනතාව සතු කරන ලද්දේ බණ්ඩාරනායක මහතා විසිනි. බණ්ඩාරනායක මහතාට අනුව නොබැඳි පිළිවෙත යනු අධිරාජ්‍යවාදී කඳවුරට ගැති නොවීම මිස අද ඇතමුන් පවසන අයුරින් කඳවුරු දෙක අතරමැද සිටීම නොවේ. පසු කලක දී නිදහස වඩාත් අර්ථ සම්පන්න කරමින් මෙරට ජනරජයක් බවට පත් කළේ ද විදේශ සමාගමි සතුව තිබුනු වතු ද පවරා ගන්නා ලද්දේ බණ්ඩාරනායක මැතිණියගේ රාජ්‍ය පාලන කාලය තුළ දී ය. මෙසේ මේ රට ලැබූ නිදහසට යම් අරුතක් එක් කිරීමට උත්සාහ කිරීම වෙනුවෙන් බණ්ඩාරනායක මහතාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර මැතිණියට ප‍්‍රජා අයිතීන් අහිමි වී ය.
මෙ රට පහළ වුනු සැබෑ විප්ලවීය නායකයා වන මහින්ද රාජපක්‍ෂ මහතා නව යටත් විජිතවාදයේ නිර්ලජ්ජිතම මැදිහත් වීම ලෙස සැළකිය හැකි ජාත්‍යන්තර ත‍්‍රස්ත ව්‍යාපාරයක් පරාජය කරමින් මෙරට නිදහස ස්වෛරීභාවය හා ඒකීයභාවය ද රැකගත් නායකයා වී ය. යටත් විජිත හාම්පුතුන් මතු නොව සැබෑ මිතුරන් හමුවේ මේ රට යළි අභිමානවත් රාජ්‍යක් බවට පත් කරමින් තීරණාත්මක ලෙස සංවර්ධන මාවතකට යොමුකර වී ය. ඒ වෙනුවෙන් රාජපක්‍ෂ මහතාට ගෙවන්නට සිදුවිය හැකි මිළ බණ්ඩාරනයක මහතාට හා මැතිණියට ඒ වෙනුවෙන් ගෙවන්නට වූ මිළට වඩා විශාල වශයෙන් වැඩි විය හැකි ය. මේ පිළිබඳව සැළකිල්ලෙන් පසු වීම මේරටට ආදරය කරණ සියළු දෙනාගේම යුතුකම මෙන් ම වගකීමද වෙයි.
මෙම ලේඛකයා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සද්භාවය මෙන් ම ඖචිත්‍යය ද නිරන්තරයෙන් ම සැකයට භාජනය කරන්නෙකි. ජනගහණයෙන් සියයට හැත්තෑවක් ම පුරවැසි අයිතීන් නොතිබුනු වහලූන් වූ ගී‍්‍රසියේ ඇතන්ස් නුවරින් ඇරඹුනු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෑත කාලයේ දී (19 වැනි හා තරමක් දුරට 20 වැනි සිය වසේ දී ද) වහලූන් සහ දාසයන් විශාල වශයෙන් සිටි ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපීය රටවල හොඳින් ස්ථාපිත වුව ද ලොව අන් බොහෝ රටවල ඒ ආකාරයෙන් ම ස්ථාපිත නොවින. මේ රට තුළ පසුගිය වසර දශක හත තුළ දී ම මෙසේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආවේනික වූ දුර්වලතා යම් යම් අවස්ථවලදී පිළිබිඹු වනු දක්නනට ලැබිනි. පසුගිය මාස කිහිපය තුළ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුවාවෙන් ජනතා මතයට විරුද්ධව කරගෙන යන මහා ජනමත කොල්ලකෑම නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විකෘතියකට ද වඩා එය කි‍්‍රයා කරවන්නන් ගේ විකෘතියක් ලෙසටය මෙම ලේඛකයා දකින්නේ. ජනවාරි මාසයේ අගමැතිවරයා පත් කිරීමේ සිට අගෝසතු මාසයේ දී ජාතික ලයිස්තු මන්තී‍්‍රන් පත් කිරීම දක්වා පසුගිය මාස කිහිපය තිස්සේ කි‍්‍රයාත්මක වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විකෘති පිළිබිඹුව පිළිබඳව බොහෝ ලේඛකයන් මීට පෙරද අදහස් දක්වා ඇති බැවින් ඒ එකින් එක ගෙන විස්තර කිරීම අනවශ්‍ය යැ යි සිතමි.
මේ සියළු විකෘති කෙරීම් තුළින් පෙන්නුම් කරන්නේ යළිත් වරක් 1948 ට, එනම් රටේ ආරාක්‍ෂාව සහ විදේශ සම්බන්ධතා යටත් විජිතවාදීන්ගේ අභිමතය අනුව කි‍්‍රයා කරන තත්වයකට රට ආපසු ගෙන යෑමට ඇති උවමනාවයි. මේ වෙනුවෙන් ඔිනෑම පිළිගත් ශිෂ්ඨ සම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන් හා මූල ධර්මයන් පවා ඉවත ලෑමට ඔවුන් පසුබට නොවන බවට දැනටත් පෙන්නුම් කර තිබෙි. ප‍්‍රතිවිප්ලවයේ සහ ප‍්‍රතිවිප්ලවයේ වෙනස මෙන් ම ජාතිවාදයේ සහ ජාතිකත්වයේ වෙනස නොදන්නා උගතුන් සිටින රටක ඔවුනට මෙම ආපසු ගමන එතරම් අපහසු ඉලක්කයක් නොවේ ය යන්න ලේඛකයාගේ අදහසයි.
මා මුලින්ද සඳහන් කළ අයුරු මීට වසර 64 කට පෙර බණ්ඩාරනායක මහතා ශී‍්‍රලනිපය පිහිට වූවේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට වුව ද එම පක්‍ෂයට ජනතා සහයෝගය ලැබුනේ ජාතික නිදහස හා අභිමානය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටි බැවිනි. අද වන විට ශී‍්‍රලනිපයේ වත්මන් නායකත්වය විසින් මෙම ප‍්‍රතිපත්ති ධාරාවන් දෙකෙන්ම ඈත් වී කි‍්‍රයා කිරීමට සෑදී පැහැදී සිටිනු දක්නට ලැබෙී.
මෙම ආපසු ගමන නතර කිරීමට මෙරට සැබෑ බුද්ධිමතුන් පෙළගැසෙනු දැකීම ලේඛකයාගේ පරමාර්ථයයි. එසේ නො වුවහොත් මෙරට පොදු ජනතාවගේ පක්‍ෂය වූ ශී‍්‍රලනිපය පොදු ජනතාව අතරමං කරමින් අකල් මරණයකට පත් වීම නො වැළැක්විය හැකි ය.
-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2015 අගෝස්තු 29
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
Western powers just want a ruler (Paalakaya) in other countries but not a leader (Naayakaya). A leaders are rare and do not bend their back and have a clear vision. Mahinda is a leader that SL produced after many decades/centuries. And he knew what to do no matter what. So, Mahinda the leader became a headache for westerners as he wasn't acting according to their biased, lop-sided or unfair demands. Mahinda stood out and didnt stop until he see the end. So, the western powers wanted to oust him or change the regime and there are hundreds of people out there willingly to act as their cats-paws. Due to the utter ignorance of SL voters, they finally won - now we have a ruler, no back, no vision, no conscience. people now can enjoy - the crab's enjoyment.
ReplyDeleteyes. correct analysis.
Delete