8/20/2015

ආඬි හත්දෙනාගේ ජවිපෙ!

කතෘ:යුතුකම     8/20/2015   2 comments

මේ රටේ UNP උගතුන් ප්‍රධාන විපක්ෂය කළ යුතු බව කී ජනතා විමුක්ති පෙරමුණට සිදුව ඇත්තේ මාර සන්තෑසියකි. මොවුන් කැට තබා දිවුරා කීවේ ජනතා විමුක්ති පෙරමුණ ආසන 25ක් දිනාගනු ඇති බව ය. එහෙත් ප්‍රතිඵල නිකුත් වූ විට මට සිහියට ආවේ ආඬි හත් දෙනාගේ කැඳ හැලියේ කතාව ය. අවසානයේ ඡන්දය දෙන බව කී කිසිදු UNP ආඬි උගතෙකු JVP එකට ඡන්දය ලබා දී නොමැත. අනුර කුමාර පසු කර ඔහුට වඩා කොළ පැහැ රනිල් අසල ඒ ඡන්ද නතර වී තිබේ. අනුර කුමාර දිසානායක ද බොහෝ විට නොදැනම එජාපයට ඡන්ද ලබා දෙන්නට ඇත.

කෙසේ වුව ද අවසානයේ අනුර කුමාරගේ නැවුම් හරිත පැහැ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ යටතේ තරඟ කර ඉතිහාසයේ ලබා ගත් අඩුම ඡන්ද ප්‍රතිශතය මෙවර වාර්තා කර තිබේ. ඒ 4.87%කි. මෙයට පෙර 2000 වසරේ ඔවුන් 5.99%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර පාර්ලිමේන්තු ආසන 10ක් පක්ෂයට ලැබිණි. 2001 වසරේ ඔවුන් 9.10%ක ප්‍රතිශතයක් වාර්තා කළ අතර මන්ත්‍රී ආසන 16ක් පක්ෂයට ලැබිණි. 2004 සන්ධානය තුළ මන්ත්‍රී ආසන 41ක් දිනා නැවත දෙකක් ශ්‍රීලනිපයට ද ලබා දුන්නේ ය. එකල අපි ඒ පක්ෂයේ සාමාජිකයින් වූයෙමු. එහෙව් ජනතා විමුක්ති පෙරමුණ 2015 නැවත වසර 15කට පෙර ලැබූ ජයග්‍රහණය පවා ලබා ගත නොහැකි තැනට පත් කිරීමට අනුර කුමාර දිසානායකගේ එජාප නායකත්වය සමත්ව තිබේ.

මෙවර ජනතා විමක්ති පෙරමුණට ආසන 4ක් දිනාගත හැකිව ඇති අතර ජාතික ලැයිස්තු ආසන 2 ද සමඟ ආසන 6කි. ජාතික ලැයිස්තුවේ ප්‍රථමයා වන හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ තමන් පාර්ලිමේන්තුවට පත් වුවහොත් ජවිපෙ ප්‍රතිපත්ති අනුව නොව ස්වාධීනව කටයතු කරන බව කීවේ ඇත්ත වැඩසටහනට සහභාගී වෙමිණි. එම ලැයිස්තුවේ දෙවැන්නා සහ තෙවැන්නා හොඳ UNPකාරයින් බව රටට කීවේ සෝමවංශ අමරසිංහ ය. රනිල් වික්‍රමසිංහලාට වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ රවටා කඩේ යැවිය හැකි වූ අතර ඔවුන් ඇමතු ජනතාව ද පණිවිඩ නිවැරදිව තේරුම් ගෙන එජාපයට ඡන්දය ලබා දී තිබේ. අනුර කුමාර දිසානායක පසුගිය සමය පුරා කටයුතු කළේ එජාපයේ ප්‍රබලතම කථිකයා ලෙස මිස ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස නොවේ. දැන් වැපිරු බිජුවල අස්වැන්න ලැබී තිබේ.

අවසානයේ උගතුන්ට ඡන්දය දෙන්න යැයි කෑ ගැසූ ගිය වර කරූ ජයසූරියටත් උඩින් ගම්පහින් පබා පාර්ලිමේන්තු එවූ UNP උගත්තු මෙවර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු එවා හඳුන්නෙත්ති පාර්ලිමේන්තු එව්වේ නැතැයි ද නිශාන්ත මුතුහෙට්ටිගම සහ ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු එව්වේ යැයි ද නාහෙන් අඬති. ගාල්ලේ ජනතාව ජනතා වරම පාවා නොදුන් නිශාන්තලා පාර්ලිමේන්තු එව්වා පමණක් නොව පාවා දුන් පියසේන ගමගේ ලා ගෙදර යැව්වේ ය. නිශාන්ත ගැන කතා කරන මේ UNP උගත්තු රන්ජන් රාමනායක, රවී කරුණානායක, පාලිත තෙවරප්පෙරුම හෝ පාලිත රංගෙබණ්ඩාර ලා ගැන කතා නොකරති. කෙසේ වුව ද පාඨලි චම්පික රණවකලාට මෙන් ජනතා විමුක්ති පෙරමුණට මෙවර එජාපය සමඟ එක්ව තරඟ කළේ නම් ජාමේ බේරා ගැනීමට තිබිණි. එජාපයේ අනුර කුමාර සහ ඔහුගේ ඇම කන සෙසු නායක පිරිස මෙවැනි ජයග්‍රහණ පක්ෂයට දිගට ම ලබා දෙනු ඇත.

මේ පිළිබඳ 2009 වසරේ අහෝ! ජවිපෙ නොදිටි මොක් පුර යනුවෙන් මා තැබූ සටහනකින් මේ ලිපිය අවසන් කරමි. "ජවිපෙ සිය ගමන් මග නැවත ආවර්ජනය කළ යුතු ය. තමන් දැන හෝ නොදැන සේවය කරන්නේ විජාතික පෙරමුණට බව අවබෝධ කරගත යුතු ය. සිදු වූ බලවත් පීලි පැනීම හඳුනා ගත යුතු ය. පක්ෂය දිනවිය හැක්කේ තමන් පෝෂණය කළ මතවාදය වෙත නැවත පැමිණීමෙන් බව එහිදි ඔවුනට පසක් වනු ඇත.

නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. ඇයි ඩෝ උඹලා කොමෙන්ට් කපන්නේ? බලපන්කො දැන් මෛත්‍රී උඹලගෙ මරා පඟර නැට්ටව ඇඟිල්ලෙන් නටවන හැටි. දැක්කනේ අද මධ්‍යම කාරක සභාවේ එවුන් පොන්නයෝ වගේ නැට්ට පුකේ ගහගෙන මෛත්‍රීගේ අණට කීකරු වෙච්චි හැටි. මෛත්‍රී කරන්නෙත් එදා මරා කරපුදේමයි. ඉතින් මොකක්ද වැරැද්ද? මරාගේ වැරදි නැහැනේ. එහෙනම් මරා කරපු විදිහට කරන මෛත්‍රීගේත් වැරැද්දක් නැහැ.

    ReplyDelete
  2. නාමල් උඩලමත්ත කො‍තනද යකෝ ජවිපේ අාසන 25 ක් ගන්නවා කියලා කැට තියලා කව්වේ
    උබේ ඔය මහලොකු දේෂපාලන දැනුම පාවිච්චි කරලා බොලගේ ඉලව් පක්ෂෙ බලයට ගෙනෙක්කෝ
    වෙන පක්ෂවලට උපදෙස් දෙන්න යන්නෙ

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions