8/02/2015

කුමන්ත්‍රණ පරදා සුරකිමු ශ්‍රී ලංකා

කතෘ:යුතුකම     8/02/2015   No comments



 -සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ පණිවිඩයකි

කුමන්ත්‍රණයේ පසුබිම

ඇමෙරිකාව ප්‍රමුඛ ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පෝෂණය කිරීමට කටයුතු කළහ.එම බලවතුන් යුද්ධයේ තීරණාත්මක මොහොතක ප්‍රභාකරන්ට අභයදානය දෙන ලෙස මහින්දට නියෝග කළහ .එම නියෝග නොතකා මිලියන 20 ක ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අභීත තීරණ ගැනීමේ වරදට ඔවුන්ගේ උදහසට ලක්වන්නට මහින්දට සිදු විය.

යෝධ සංවර්ධනයක් රට තුල කරමින් චීනය සමග එක්ව නැගී එන නව ආර්ථික බලවතා ශ්‍රී ලංකාව ආර්ථිකව අස්ථාවර නොකළොත් එය තමන්ට තර්ජනයක් වන බව ඉන්දියාව මෙන්ම සිංගප්පූරුවද දැන සිටියේය .එනිසා කුමන්ත්‍රණකරුවන්ගේ රහස් සාකච්ඡා සඳහා සිංගප්පූරුවේ දොර විවෘත විය .ජනවාරි 8 කුමන්ත්‍රණයේ පසුබිම එයයි .

මහින්ද ඉහත කාරණා ගැන අදහස් දක්වමින් පවසා සිටියේ රටේ නායකයා ලෙස තමන්ට වඩා වැදගත් වනුයේ කුමන්ත්‍රණකාරී රටවල අවශ්‍යතා සම්පුර්ණ කිරීම නොව සිය රටේ ජනතාවගේ ආරක්ෂාව සහ සංවර්ධනය තහවුරු කිරීම බවයි .ඒ සඳහා අවංකව කැපවෙන චීනය රුසියාව ආදී මිත්‍රශීලී රටවල් සමග ඔහු සුහද සබඳතා පැවැත්වීය .

කුමන්ත්‍රණකරුවන්ව පරාජය කොට ජනතා සටන නැවත දිනවීමට ඓතිහාසික අවස්ථාවක් අගෝස්තු 17 දිනයේදී උදාවේ .නිසි විකල්පයක් නොමැතිව මහින්ද පරදා රට අස්ථාවර කළ ඇතැම් අය සිය වරද නිවැරදි කරගෙන මව්බිම නැවත නිසි මාවතට යොමු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු .

යහපාලනය නිසා රට විනාශ වූ අයුරු ...
යහපාලන ශාපය නිසා රටේ ආර්ථිකය සහ සංවර්ධනය විනාශ වූ හැටි
  • බොරු හේතු දක්වමින් සංවර්ධන ව්‍යාපෘති මුදල් වෙන්කර තිබු ව්‍යාපෘති 58000 ක් අත්හිටුවීම නිසා රැකියා දස දහස් ගණනක් අහිමි වී ජනතාව අසීරුවට පත්විය .සංවර්ධනය කඩාකප්පල් වී ආර්ථිකය වඳ පීදී ඇති බව පැවසුවේ යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ විසිනි .
  • ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා ගිය වසරේ ගත්තාටත් වඩා ණය ප්‍රමාණයක් දැනටමත් බැඳුම්කර හරහා මෙම ආණ්ඩුව ලබාගෙන ඇත.
  • සේවක අතිරික්තයක් ඇති කරමින් රටේ මුල්‍ය අර්බුද ඇති කරමින් මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ නොතකා දේශපාලන හිතවත්කම් මත ජල සම්පාදන මණ්ඩලයට සේවකයන් 600 ක් බඳවාගැනීම - මුලාශ්‍ර 2015 -06 10 දිවයින
  • රුපියල අවප්‍රමාණය වීම නිසා බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් අධික ලෙස ඉහළ යාම -මුලාශ්‍ර 2015 -06 -10 දිවයින
  • කරුන්කා ගනුදෙනුව වැනි වංචනික දුෂිත ගනුදෙනු නිසා රේගුවේ පරිපාලනයට බලපෑම් කිරීම -මුලාශ්‍ර 2015 -06 10 දිවයින
  • සමෘද්ධිලාභීන් නොවන සිය පාක්ෂිකයන්ට සමෘද්ධි අරමුදලෙන් මුදල් නිසි ක්‍රමවේදයකින් තොරව හිතුමතේ බෙදාදීම -මුලාශ්‍ර 2015 -06 -09 දිවයින
  • මුදල් නොමැතිකම නිසා ජ්‍යෙෂ්ට පුරවැසි දීමනාව අත්හිටුවීම මුලාශ්‍ර 2015 -06-08 දිවයින
  • වෛද්‍ය උපාධිධාරීන්ට පත්වීම් නොදීම නිසා සෞක්‍ය සේවයේ බිඳවැටීම් ඇති වීම සහ රැකියා අර්බුදයක් නිර්මාණය වීම -මුලාශ්‍ර 2015-6-07 දිවයින
  • අල අස්වනු නෙලන කාලයේ අර්තාපල් බදු අඩුකොට හිතවත් මහාපරිමාණ ආනයනකරුවන්ට සහන සැලසීමෙන් අර්තාපල් ආනයනය කොට දේශීය ගොවියා අසරණ කිරීම 2015 -06-10 ජානිපෙ මාධ්‍ය හමුවේදී ගොවි සංවිධාන සභාපති නිමල් පියතිස්ස මහතා
  • සුදුසුකම් නැතිව බඳවාගත් සේවකයන් නිසා වරායේ වර්ජනයක් ඇතිවීම මුලාශ්‍ර 2015 -06 - දිවයින
  • රට ණය උගුලක හිරකරන බවට මහින්ද රජයට චෝදනා කළද සංවර්ධනයක් නැති එදිනෙදා වැඩ කටයුතු වලට ණය ලබා ගන්නා ආණ්ඩුවේ ණය ලබාගැනීම්
ගිය වසරේ ණය ලබා ගැනීම්: Rs. 259.8 billion
මේ වසරේ මේ දක්වා ණය ලබා ගැනීම්: Rs. 378.3 billion මුලාශ්‍ර Daily FT 2015 -06 -06
  • මහා බැංකු මුල්‍ය වංචාව නිසා සිදු වූ පාඩුව කෝටි 6000 ඉක්මවා ඇති අතර වසර 30 අවසන් වන විට එහි පාඩුව තවත් ඉහළ යනු ඇත .
  • රජයේ මැදිහත්වීමෙන් පාරිභෝගිකයන්ට සාධාරණ මිලට භාණ්ඩ ලබාදුන් ලක් සතොස සෘජු රැකියා 3200 ක් අනතුරේ හෙළමින් පරිහානියට යාම .
  • 2000 % කොමිස් ගසමින් ගසාකෑම් සිදු කරන බවට චෝදනා කළ අධිවේගී මාර්ග ප්‍රමිතිය බාල කොට පසුගිය රජයේ මිලටම නැවත වැඩ ආරම්භ කිරීම .උදා වත්තල කෙරවලපිටිය කොටස
මේ කීපයක් පමණි .තවත් උදාහරණ බොහෝය.මෙසේ බොහෝ අදුරදර්ශී ලෙස ආර්ථිකය කළමනාකරණය කරමින් රට විශාල අගාධයකට හෙළා ඇත.

යහපාලන ශාපය නිසා රටේ ඒකීයත්වය සහ ජාතික ආරක්ෂාව අනතුරේ වැටුණු හැටි
  • උතුර කොටින් පාලනය කරන සමයේ දරුවන්ට කාන්තාවන්ට සම්පුර්ණ ආරක්ෂාව තිබු බවත් හමුදාව පැමිණීමෙන් පසුව තත්වය අයහපත් වූ බවත් ආණ්ඩු පෙරළියෙන් පසුව හමුදාවෙන් නිදහස් වෙන්නට සිතන බවත් එජාප සංවිධායිකා සහ නියෝජ්‍ය ඇමතිනි විජයකලා මහත්මිය පැවසීම සහ එජාපය ඒ ගැන මුනිවත රැකීම
  •  ජාතික සංහිදියාවක් ඇති කිරීම සඳහා උතුරු නැගෙනහිර එක්කළ යුතු බවත් එම ප්‍රදේශවල ඉඩම් නැවත දෙමළ ජනතාවට දිය යුතු බව ජාතික විධායක කමිටු සාමාජික ආර් සම්බන්ධන් මහතා පැවසීම සහ රජය ඒ ගැන මුනිවත රැකීම මුලාශ්‍ර 2015-06-10 දිවයින 
  • කොටි යලි ශක්තිමත් වෙමින් සිටින බවත් කොටි මුල්‍ය ජාලය සහ ජාත්‍යන්තර ජාලය හොඳින් ක්‍රියාත්මක වෙන බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කලත් රජය ඒ පිළිබඳ තැකීමක් නොකිරීම මුලාශ්‍ර 2015-06-23 දිවයින 
  • කුරිරු කොටි ත්‍රස්තවාදීන්ව පෝෂණය කළ ගෝලීය ද්‍රවිඩ සංසදය ඇතුළු තහනම් කොටි හිතවාදී සංවිධාන 16 ක් සමග ලංකාවේ විදේශ ඇමතිවරයා ලන්ඩන් නගරයේදී රහස් සාකච්ඡා පැවැත්වීම .මුලාශ්‍ර 2015-06-14 දිවයින 
  • කොටි දෙමල ඩයස්පෝරා සැණකෙළියක් කොළඹදී පැවැත්වීමට ජනපති එකඟවීම .මුලාශ්‍ර 2015-06-21 දිවයින 
  • හමුදාවේ චිත්ත ධෛර්ය පහළ දමමින් ආන්දෝලනාත්මක නඩු විභාගයකින් පසුව දිගුදුර විහිදුම් බලකායේ හමුදා සෙබළෙක් පෝරකයට යැවීම සහ මරාගෙන මැරෙන කළු කොටි ඇතුළු දරුණු කොටි ත්‍රස්තවාදීන් නිදහස් කිරීමට සාකච්ඡා කිරීම .
  • එජාප අපේක්ෂිකා විජයකලා මහේෂ්වරන් විසින් මැතිවරණයෙන් පසුව යාපනයේ සියලු පොලිස් ස්ථාන වසා දමන බවට ප්‍රකාශයක් කිරීම සහ රජය මුනිවත රැකීම . මුලාශ්‍ර Asian Tribune 2015-07-10 
  • දෙමළ බෙදුම්වාදීන්ගේ ඉල්ලීම පරිදි පළාත්වලට බලය බෙදන බව රනිල් අගමැතිවරයා ප්‍රකාශ කිරීම මුලාශ්‍ර අද දෙරණ 2015-07-12 
  • ලබන මැතිවරණයේදී ටී එන් ඒ ජයග්‍රහණයෙන් දෙමළ ජනතා අභිලාෂයන් ඉටු කරන බවත් ඒ සඳහා ආණ්ඩුව හැසිරවීමේ බලය උතුරු නැගෙනහිර ජනතාව තමන්ට ලබාදෙන බවත් ආර් සම්බන්ධන් මහතා ත්‍රිකුණාමලයෙදී පවතී රැස්වීමකදී කියයි .මුලාශ්‍ර හෙළබිම පුවත් වෙබ්අඩවිය
සියලු කරුණු කාරණා පෙළගැසෙන්නේ රටේ ඒකීයත්වය සහ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා රටේ මිලියන 20 ක ජනතාවගේ ජීවිත නැවත අවදානම් තත්වයකට පත් කිරීමටයි .

යහපාලන ශාපය නිසා රටේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස විනාශ වූ හැටි
  • කිසිම චෝදනවාක් අදටත් නැති මොහාන් පිරිස් අග්‍රවිනිශ්චකරු ව්‍යවස්ථාවට පටහැනිව ඉවත් කිරීම, මේ රටේ නීතියේ ආධිපත්‍ය ජනාධිපති බලතල වලින් පාගා දැමු අවස්ථාවකි .* ජනපතිවරණයකින් පාර්ලි‌‌මේන්තු බලය වෙනස් කොට බහුතරය පසෙක සිටියදී සුළුතරයකට ආණ්ඩු බලය ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පියවරකි .
  • බැඳුම්කර සිද්ධියට අදාල කෝප් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට එරෙහිව අතුරුතහනම් නියෝගයක් අධිකරණ නියෝජ්‍ය ඇමති විසින් ලබා ගැනීම, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට වැට බැඳීමකි.
  • රනිල් අගමැතිවරයා මාධ්‍ය හමුවක් පවත්වා විරුද්ධ මතධාරී මාධ්‍යවේදීන් පිරිසකට ජාතිවාදීන් යයි අශ්ලීල අයුරින් ප්‍රසිද්ධියේ බැන වැදී තර්ජනය කිරීම 
  • කිසිදු විශ්වාසභංග යෝජනාවක් චන්ද විමසීමකට ලක්නොකරන බවට පැවසීම .මුලාශ්‍ර 2015 -06 08 දිවයින 
  • ආණ්ඩුව සහ විපක්ෂය කුමක්දැයි හඳුනාගත නොහැකි තරමට විපරීත දේශපාලන තත්වයක් නිර්මාණය වීම .තමන් ආණ්ඩුවේද විපක්ෂයේද යන්න පැහැදිලි නැති අංජ බජල් තත්වයක් ඇතැයි එස් බී දිසානායක ඇමතිවරයාගේ ප්‍රකාශය උදාහරණයකි .2015 -06 -16 ලංකාදීප
යහපාලන ශාපය නිසා රටේ ක්‍රීඩාව ජනතා ස්වස්තථාවය පිරිහුණු අයුරු
  • රටවල් රැසක් සමග තරග කොට ලබාගත් ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීම රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් අත්හිටුවන ලදී .මෙමගින් රටේ කීර්තියට හානි සිදු වූ අතර ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් පමණක් නොව සංචාරක ක්‍ෂේත්‍රයෙන් අපට ලබාගත හැකිව තිබු වාසි රැසක් අහිමි විය මුලාශ්‍ර -බී බී සී වෙබ්අඩවිය 
  • මහින්ද රජය කුණු ගඳ ගහන රෝග බහුල කොළඹ නගරය ඇතුළු නගර පිරිසිදු හරිත නගර බවට පත්කොට ජනතාවට ව්‍යායාම් මංතීරු සකසා විවේකය ගතකිරීමට උයන් සකස් කළත් ඒවා නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා අභාවයට යමින් ඇත 
  • ආසියානු මළල ක්‍රීඩා උළෙලේ එකම පදක්කම්ලාභිනිය වූ නිමාලි ලියනාරච්චි මෙනෙවියට රජයෙන් කිසිදු සැලකිල්ලක් නොදැක්වීම
  • වෛද්‍ය උපාධිධාරීන්ට පත්වීම් නොදීම නිසා සෞක්‍ය සේවයේ බිඳවැටීම් ඇති වීම සහ රැකියා අර්බුදයක් නිර්මාණය වීම -මුලාශ්‍ර 2015-6-07 දිවයින
අධ්යාපන කලාව හා සංස්කෘතිය
  •   2014 අයවැයෙන් පිරිවෙන් නගා සිටුවීමට වෙන් කල රු ලක්ෂ 5 ක මුදලක් නව අධයාපන ඇමතිවරයා විසින් ජාතික පාසල්වල පුනරාවර්තන වියදම් ලෙස මාරු කර ඇත. 
  • යහපාලන ආන්ඩුව මගින් දහම්පාසල් ධර්මාචාර්‍ය විභාගය නැවැත්වීමට යෝජනා කරමින් තිබීම.
  • භික්ෂු විශ්‍යවිද්‍යාලයට බඳවා ගන්නා භික්ෂුන් වහන්සේලා සංඛයාව කප්පාදු කිරීම මගින් බෞද්ධ අධයාපනයට ඇති අවස්ථාව අහිමි කිරීමට වෑයම් කිරිම.
  • 2009න් පසු උතුරේ සීඝ්‍රයෙන් මත්ද්‍රවය ප්‍රවර්දනය වූ බවද එය සිංහල හමුදාවේ ප්‍රධානත්වයෙන් සිදුවන බව විග්නේෂන් කරන ප්‍රකාශය හමුදාව උතුරින් ඉවත් කිරීමේ තවත් වෑයමකි. සැබෑව නම් උතුරට මත්ද්‍රවය රැගෙන ඒමත් දකුණට ප්‍රවාහනය කිරීමත් දෙකම සිදු කරන ලද්දේ එල්.ටී.ටී.ඊ විසිනි. 
  • ආගමික උත්සව නොපවත්වන්නේ යයි කියා අරලිය ගහ මැඳුරේ ධර්ම දේශනා තහනම් කළත් රාමසාන් මුස්ලිම් ආගමික උත්සවයක් පැවැත්වීම 
  • දළදා මාලිගාව වටා රේස් පැදි බවට හා ඒ හරහා දේශපාලන වාසි ලබා ගැනීමට ෆොටෝෂෝප් වලින් සකස් කල ජායාරූප ප්‍රසිද්ධ කරමින් දළදා වහන්සේ නිග්‍රහයට පත් කිරීම.සැබවින්ම දීර්ග කාලයක් මුළුල්ලේ පැවති නුවර රේස් පැදීම නවතා දැමුවේ මහින්ද පාලන යුගය තුලයි .
  • ජිනීවාහිදී සමලිංගිකයින්ට පක්ෂ වූ එකම ආසියාතික රට ලෙස ශ්‍රිලංකාව සහයෝගය දීම හා ඒ හරහා ශ්‍රි ලාංකීය බෞද්ධ සංස්කෘතිය අවමානයට ලක්වීම හා අනාගතයේදි ලංකාව තුල සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ අවදානම මතුවීම.
  • කුඩු කැසිනෝ එතනෝල් තුරන් කරනවා කියා බලයට පැමිණි නව එතනෝල් බලපත් දෙමින් ඒවා තවත් ප්‍රවර්ධනය කිරීම

නිතර ඇසෙන ප්‍රශ්න සහ පිළිතුරු

1.මහින්ද ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ ඉන්දියාව සමග හොඳ සබඳතාවක් නොපවත්වීද ? මහින්දගේ විදෙස් සබඳතා අවුල්ද ?

1987 දී ඉන්දියාවට යටත් වූ ජේ. ආර්. ජයවර්ධන ජනපතිට සිදුවූයේ ඉන්දීය අණට කීකරු වී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර පලාත් සභා පිහිටුවා ඉන්දීය වඳුරු හමුදාව මෙරටට පැමිනෙන තෙක් බලාසිටීමටයි. අපි අතීතයෙන් පාඩම් ඉගෙනගත යුතුය. මහින්ද රාජපක්ෂ රජය ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව සමග විදෙස් සබඳතා පැවැත්වුවද එම රටවල් සැම විටම උත්සාහ දරන්නේ ඔවුනට වාසි ආකාරයට අප වැනි සංවර්ධණය වෙමින් පවතින කුඩා රටවල් පාලනය කිරීමටයි. නමුත් පකිස්ථානය, රුසියාව, චීනය, කියුබාව, ඉරාණය, පලස්තීනය, ඊශ්‍රායලය, ද. කොරියාව, ඕස්ටේලියාව වැනි ලොව අනෙක් රටවල් මහින්ද රජය සමග ඉතා හොඳ සබඳතාවක් ගොඩනගාගෙන උදව් කල අතර අප රටේ පාලනයට ඇඟිලි ගැසුවේ නැත.

මහින්දගේ ජාත්‍යන්තර සබඳතා දුර්වලයි කියන කතාව පදනම් වෙන්නේ ඇමරිකාව කියන කතන්දර පදනම් කරගෙන. ජාත්‍යන්තරය කියන්නේ ඇමරිකාව බ්‍රිතාන්‍ය හෝ ඉන්දියාව නොවේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 196ක් තියෙනවා. එයින් රටවල් 1ක් 2ක් විරුද්ධ වීම කියන්නේ ජාත්‍යන්තරය විරුද්ද වුනා කියන එක නොවේ.

2.මහින්ද නැව් නොඑන වරායන් ගුවන් යානා නොඑන ගුවන් තොටුපළවල් මිනිසුන් නොයන පාරවල් හදමින් නිරර්ථක සංවර්ධනයක් සිදු කලාද ?

කෙළඹ වරාය සියවස් ගනනාවක් තිස්සේ දියුණු වූ වරායකි. කටුණායක ගුවන්තොටුපල 1940 දී ආරම්භකර මේ දක්වා දීර්ඝ කාලයක් තිස්සේ පුළුල් වෙමින් සංවර්ධණය වූවකි. එහෙයින් හම්බන්තොට වරාය ලොව පුරා ප්‍රචලිත වෙමින් උපරිම කාර්යක්ෂමතාවයට පැමිණීමට වසර කිහිපයක් ගතවේ. හම්බන්තොට වැනි ජනාකීර්ණත්වයෙන් අඩු ප්‍රදේශයක පිහිටා ඇති බැවින් ඒ අවට කර්මාන්තශාලා, ආයෝජන කලාප පිහිටුවීමට ඇති ඉඩප්‍රස්ථා වැඩිය. කටුණායක ගුවන් තොටුපල අසලම පිහිටුවා ඇති ආයෝජන ප්‍රවර්ධන කලාපය උදාහරනයකට ගන්න. ප්‍රධාන වරායක් අසල ගුවේතොටුපලක් පිහිටුවීමෙන් එම ප්‍රදේශයට ආයෝජක ආකර්ශනය නිතැතින් හිමිවේ. එසේම රටපුරා දියුණු මට්ටමේ මාර්ග පද්ධතියක් ඇතිවීම මගින් රටේ ජනතාවගේ කාළය ඉතිරිවීම, ව්‍යපාරික කාර්යක්ෂමතාවය වැඩිවීම, ආයෝජක ආකර්ෂණය, සංචාරක ආකර්ෂණය නිතැතින්ම ඉහල යයි.

ආර්ථික වාසි ගැන සළකා අර්ජුන ඇමතිවරයා වරායේ ඊලග අදියරේ දිය පුරවා ඇත.ඈත අතීතයේ රුහුණු රටේ ගොඩවාය වරාය අද හම්බන්තොට වරාය ලෙස පෙරට එමින් තිබේ .ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෙක් ලෙස සිංගප්පුරුව ඉදිරිපත් වන්නේ නැගී එන ආසියාවේ ආශ්චර්යට ඔවුන්ද බිය වූ බැවිනි .2014 වර්ෂයේ හම්බන්තොට වරායේ ආදායම රු.බිලියන 5.4 කි .මුලාශ්‍ර ඩේලි මිරර්.

3.ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ නමින් ඇති සිරිලිය ගිනුම පිළිබඳ පල වු වාර්තා සත්‍යයද?
 
"සිරිලිය සවිය” පුණ්‍යාධාර සංවිධානය සඳහා මහජන බැංකුව විසින්ම ගිණුමක් ආරම්භ කරන ලෙස, සිරිලිය සවිය පුණ්‍යාධාර ආයතනය වෙත ආරාධනා කර ඇත. එනම් ඕනෑම වාණිජ බැංකුවක් කැමතියි තමන් ගාව වැඩි මුදලක් තැන්පත් වෙනවාට. ඒ අනුව මහජන බැංකුව විසින් ස්වෙච්ඡාවෙන්ම අදාල සිරිලිය සවිය ගිණුම විවෘත කර දෙයි.

(i). ගිණුමක් විවෘත කිරීමේදී හැඳුනුම්පත් අංකයක් සටහන් කරගන්නේ අදාල තැන්පත් කරුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමටයි. එවකට ශිරන්ති රාජපක්ෂ මහත්මිය රටේ පළමු කාන්තාව “First Lady” ලෙස හැඳින්වුණ නිසා ඇයගේ අනන්‍යතාවය අමුතුවෙන් තහවුරු කරගැනීමට මහජන බැංකුවට අවශ්‍ය වී නෑ. ඒ අනුව මහජන බැංකුවේ “information system” එකේ අදාල “text box” හිස්ව තැබීමට නොහැකි නිසා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ හැඳුනුම්පත් අංකය 222222222V ලෙසටත් සඳහන් කර තිබේ.

(ii). ජාතික හැඳුනුම්පත සටහන් කරගත යුතුමයැයි නීතියක් නොමැතිනම් සහ ගිණුම් භාරකාරීත්වය අමුතුවෙන් සනාථ කරගැනීමට අනවශ්‍ය නිසා එය ඔවුන් නොසලකා හැර ඇත .

4 ඩුබායි මැරියට් හෝටලය රාජපක්ෂ පවුලට අයත් බව රන්ජන් රාමනායක එල්ල කල චෝදනාව සත්‍යයක්ද?

සාජා නගරයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක වැඩ පරීක්ෂකයෙකු ලෙස කටයුතු කළ නන්දන මහතා පසුව ඇගළුම් හලක් ආරම්භකොට සාජා නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන්ට කෑම සැපයීමේ කොන්තාත්තුවක්ද ලබාගෙන තවත් ඉහළට එද්දී තවත් අංශවලට යොමු විය .

මෙලෙස තම ශ්‍රමයෙන් දියුණු වූ ඔහු, වසර 2005 වනවිට මෙම හෝටලයේ වැඩකටයුතු ආරම්භ කර තිබුනා. එම කාලයේදීම ඊට කලින් ආණ්ඩුවෙන් පෞද්ගලිකරණය කර (විනාශයටයමින්තිබූ ) ලංකා වානේ සංස්ථාව ඉතාම අඩු මුදලකට ලබා ගැනීමටද ඔහුට හැකියාව ලැබුනා.

මෙම deal එක සහ මැරියට් හෝටලය ආසන්න කාල වලදී සිදු කිරීමත් එම කාලයතුලදීම ලංකාවට තරු 5හෝටල් ගෙන ඒමට රාජපක්ෂ ආණ්ඩුවෙන් ගත උත්සාහයත් සියල්ලම් එකට අනා ගත් විපක්ෂය. මැරියට් හෝටලය රාජපක්ෂ පවුලේ බවට කතාවක් පතුරවන ලදී.

නන්දන මහතාට තවමත් ජදාෆ් මැරියට් හෝටලය සෑදීමට ගත බැංකු නයෙන් USD මිලියන 100 පමණ ගෙවීමට ඇත. (මහින්ද රාජපක්ෂගේ සල්ලිනම් ණය කුමටද?)

5 එජාපය, ජවිපය, පුරවැසි බලය ඇතුළු බොහෝ සංවිධාන මහින්දට විරුද්ද ඇයි?

NGO ව්‍යාපෘති කරගෙන යාමට මහින්ද ලොකුම බාධාවක් වීම.ඔහු බටහිර නැමියාවක් තිබෙන රනිල් වැනි ගැත්තෙකු නොව අපේ සංකෘතික උරුමය වෙත මුල්ඇදුනු චින්තනයක් තිබීම. කෙසේ වෙතත් මහින්ද ප්‍රමුඛ සන්ධානයට මේ වනවිට රටට ආදරය කරන පක්ෂ සහ සංවිධාන 20 කට අධික ප්‍රමාණයක් එක්වී සිටී .

6 මුස්ලිම් අන්තවාදයේ ව්‍යාප්තියට මහින්ද උදව් කළාද ?

මුස්ලිම් අන්තවාදය හා මුස්ලිම් ජාතිකයන්ගේ සංස්කෘතිය දෙකකි.ඉස්ලාම් ආගම කුරාණයානුකූලව අදහන ඉස්ලාම් භක්තික මුස්ලිම් ජනතාවට එසේ ඇදහීමට අයිතිවාසිකම් ලබාදීම සමානාත්මතාවය ගරු කරන රජයක වගකීමයි. එසේ වූවා කියා ශ්‍රී ලංකාව මුස්ලිම් රටක් බවට පරිවර්ථනය නොවේ. වැලැක්විය යුත්තේ මුස්ලිම් අන්තවාදය මිස ඉස්ලාම් ආගමික නිදහස හා මුස්ලිම් සංස්කෘතිය නොවේ. මහින්ද රජය යටතේ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ලබාදුන්නේ විල්පත්තු රක්ෂිත ප්‍රදේශ නොව ඉන් පිටත රජයට අයත් ඉඩම්ය. යහපාලන රජයේ අන්තවාදී ඇමතිවරයකු විසින් අසීමාන්විතව රක්ෂිතය ප්‍රදේශයන්ද සමගම ජනාවාස ඇතිකර තිබේ.කෙසේ වෙතත් මුස්ලිම් අන්තවාදීන්ගේ හෝ දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා ඉටු නොකළ නිසා මේ වන විට ඒ සියලුම දෙනා එක්වී සිටින්නේ දේශද්‍රෝහී රනිල් ඇතුළු එජාපය වටාය .ඔවුන් අන්තවාදී බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉටු කරන විට මහින්ද ජාතික සමගිය ඇති ඒකීය ශ්‍රී ලංකාවක් ඇති කිරීමට කැමති පිරිස සමග කටයුතු කරමින් සිටී

7.දළඳා මාලිගාව වටේ රේස් පැදීමට මහින්ද අවසර දුන්නද ?

නුවර රේස් පැදීම ආරම්භ වන්නේ අදක ඊයෙක නොවේ .ජේ ආර් යුගයේ පවා රේස් පැදීම තිබිණි .එසේම මේ රේස් පැදීම සිදු වුයේ දළඳා මාලිගාව වටේය යන්න සම්පුර්ණ අසත්‍යයකි .එහි මැප් එක පිරික්සීමේදී ඒ බව සනාථ වේ .මෙය සිදු වුයේ බෝගම්බර සිපිරි ගෙය සහ මධ්‍යම වෙළඳපොල වටාය .

නයිට් රේස් වල නැටූ ගෑනුන්ගේය කියා පෙන්නූ ඡායාරූප ව්‍යාජ ඒවාය. ඒවා පිටරටක පැවැත්වූ සංදර්ශනයක ඡායාරූප සංස්කරණය කර පසුබිමට දළදා මාලිගය යොදා ඇත. එහෙම බලද්දි දළදා මාළිගයට අපහාස කළේ කවුද? කෙසේ වෙතත් නුවර රේස් පැදීම ආරම්භ වුයේ මහින්ද යුගයේ නොවුනත් මහනාහිමිවරුන්ගේ ඉල්ලීම පිට එය අවසන් වුයේ මහින්ද යුගයේ බව පැහැදිලි සත්‍යයකි .

8 මහින්ද අධිවේගී මාර්ග, නෙලුම් කුළුන, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ වැනි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කලේ මෙගා ඩිල් හරහා 2000% තරම් කොමිස් ලබා ගැනීමට ද?

යම්කිසි ව්‍යාපෘතියකට ණය ලබාදීමට පෙර ඇස්තමේන්තුවක් සකස් කර එය පරීක්ෂා කර බැලීම ණය ලබාදෙන ආයතනයේ සිරිතයි. එසේනම් වැයවන මුදල මෙන් ඉතා අධික ණයක් ලබාදෙන්නේ නැත. ව්‍යාපෘතියකට ලැබුණු මුදලින් 2000% ක් කොමිස් නම් ව්‍යාපෘතිය කිරීමට මුදල් නැත. යම් මුදලකින් 100%ක් යනු එම මුදල් ප්‍රමාණයම වන අතර 2000% ක් යනු ඊට වඩා ඉතාම වැඩි මුදලකි.

හම්බන්තොට වරාය ඉදිකලයුතුය යන යෝජනාව සිරිමාවෝ බන්ඩාරනායක යුගය දක්වා පැරනිය. ඉහල කොත්මලෙ විදුලි බලාගාරය 1968 යෝජනාවකි. නොරොච්චොලේ බලාගාරය 1985 යෝජනාවකි. ඒ ව්‍යාප්‍රුති ඒ කාලවල ක්‍රියත්මක නොකිරීමෙන් මෙතෙක් සිටි පාලකයන් රටට කර ඇති පාඩුව කී ගුනයක් විය හැකිද. විදුලුබල මන්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත් වන්නේ ගල් අගුරු බලාගාරය ඉදි නොකර අධික මිල ඩීසල් වැනි බලාගාරවලට යොමු වීම හේතුවෙනි. 2005ට පෙර විදුලිය කැපීම සාමාන්‍ය සිද්දියක් විය. ඒ හේතුවෙන් රටේ සංවර්ධනයට වූ බාධාව ගනනය කර ඇතිද

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්දගේ මෙගා ඩිල් සමඟ අසාදු ලැයිස්තු අනාවරණය කරන බව පුන පුනා පැවසුවද, චන්දය ලබාගත් පසු එකදු මෙගා ඩිල් එකක්වත් හෙළි කිරීමට නව රජය අසමත් විය

මහින්ද මහතා යටතේ විදුලිබල ක්ශේත්‍රයේ මහා පෙරලිකාර සංවර්දනයක් සිදුවිය. 2004 වනවිට 76%ක් වූ electrification level එක අද වනවිට 98.6%කි. ඒ අනුව අද රටේ සෑමදෙනාටම විදුලිය ලැබි ඇත. ගමට ලයිර් දෙන්නම් කියා ඡන්දය ඉල්ලූ යුගය අවසන්. මහින්දගේ යුගය හිෆන්නාගේ තුවාල මෙන් මාකට් කරමින් සිටි සටන්පාට අවසන්කල යුගයකි.

9.මහින්ද අධික පොලියට ණය ගනිමින් රට ණය උගුලක හිර කලාද ?

සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබාගැනීම ලෝකයේම සිදුවන්නකි .ලෝක ණය වර්ගීකරණය අනුව රටවල් 70 කට අධික ප්‍රමාණයක් අපටත් වඩා ණය ලබාගෙන ඇත .

රට ණය උගුලක හිර වන්නේ ලබාගත් විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි ලෙස රටේ ආර්ථිකය අඩාල වූ විටය. එසේ වන්නේ විදේශාධාර ලබාගෙන ඒවායින් ජනතාවට සහන පමනක් සැලසූ විටය. මහින්ද රජය ජනතාවට සහන පමණක් නොව රට වේගවත් සංවර්ධණයක් කරා ගෙනයමින් තිබුණි.මහින්ද රට භාරගන්නා විට දළ දේශීය නිශ්පාදිතයෙන් 103.5% ප්‍රතිශතයක් දක්වා විදේශ ණය ප්‍රමාණය ඉහල ගොස් පැවතියද 2014 වසර අග වන විට කොපමණ විදේශ ණය ගත්තද ණය ප්‍රතිශතය 75.5% දක්වා අඩු මට්ටමකට ගෙන තිබුනි. සිදුකරගෙන ආ සංවර්ධණයේ ප්‍රතිලාභ ලැබෙන විට ඉදිරි වර්ෂවලදී විදේශ ණය ප්‍රතිශතය තවත් අඩු කරගත හැක.

10. මහින්ද එතනෝල් කුඩු කැසිනෝ වසංගතයක් රට තුල ඇති කලාද ?

එතනෝල් කුඩු කැසිනෝ ලංකාවට ගෙන ආවේ මහින්ද යුගයේ නොවේ .වැඩිම කුඩු තොග අත් අඩංගුවට ගැනුනේ මහින්ද යුගය තුලය.එසේම මහා කුඩු ජාවාරම්කාර වෙලේ සුදාව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කලේද ගෝටාභය මහතාගේ මුලිකත්වයෙනි .එසේම බොහෝ කුඩු ජාවාරම්කරුවන් රටෙන් පැන ගියේද මෙහෙයුම්වලට බියෙනි

එතනොල් යනු අධිසාන්ද්‍ර මධ්‍යසාර වන අතර එය ලොව කිසිඳු රටක නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් නොවේ.ලංකාවේ කැසිනෝ බලපත්‍ර 5ක් නිකුත් කර ඇති අතර එම බලපත්‍රගාභීන් විසින් කොළඹ වෙන වෙනම ස්ථාන වල කැසිනෝ සමාජ ශලා පවත්වාගෙන යයි. එම බලපත්‍ර නිකුත් කර ඇත්තේ මහින්ද පාලනයට පෙර වන අතර මහින්ද රජය මගින් උත්සාහ කරන ලද්දේ ඒවා කොළඹ එක් ස්ථානයකට ගෙන ඒමටයි.

එතනෝල් කුඩු කැසිනෝ නවත්වනවා යැයි කියා බලයට පැමිණි යහපාලනය එතනෝල් බලපත්‍ර ප්‍රමාණය 5 සිට 28 දක්වා වැඩි කර ඇති අතර 6 මාසයක් තුල ආනයනය කර ඇති එතනෝල් ප්‍රමාණය පසුගිය වසරටම ආනයනය කළ ප්‍රමාණයට ආසන්නය .

11. මහින්දට එල්ලවූ දුෂණ වංචා චෝදනා බොහොමයකි .මේ ගැන අදහස කුමක්ද ?

දූෂිතයන් ලෙස චෝදනා වලට ලක්වූවන් මිස වැරදිකරුවන් වූ කිසිවෙකු මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග නැත. සියලු සාක්ෂි සාධක තමන් සතුයයිද බලයට පැමිණි විගස අත් අඩංගුවට ගෙන දඬුවම් කරනවා යැයි පැවසු යහපාලන ආණ්ඩුවට මාස 6 ක් තිස්සේ තම චෝදනා ඔප්පු කරගත නොහැකි වී ඇත .එසේම ඉතාම මෑත කාලයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර, සමෘද්ධි ,කරුන්කා, වැලි, තබ වංචාවන් මෙන්ම හොරෙන් කැලෑ කැපීම ගැන චොදනා ලැබූ චූදිතයන් වෙනුවෙන් යහපාලනය යැයි කියාගන්නා රජය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත .

12. මහින්ද යුගයේ ජීවන වියදම ඉහල ගියේ ඇයි ? භෞතික සංවර්ධනය තුලින් මිනිසුන්ගේ ජීවන වියදම අඩු කළ හැකිද ? බඩට කන්නට නැති සංවර්ධනයෙන් පලක් තිබේද ?

ලෝක ආර්ථිකයේ දිනේන දින සිදුවන්නේ වියදම් වැඩිවීම මිස අඩුවීම නොවේ. එය මහින්ද යුගයටම අදාල ගැටළුවක් නොව 1977 න් පසු විවෘත ආර්ථිකයට රට විවර කිරීම නිසා වේගවත් වූ කරුණකි. බඩගින්නේ සිටින මිනිසෙකුට ආහාර දීමම නොව ආහාර උපයා ගැනීම සඳහා ආදායම් මාර්ගයක් සකසාදීම මගින් ඔහුගේ ජීවන මට්ටම උසස් කරගත හැක. රටක භෞතික සම්පත් දියුණු කිරීම මගින් මහා පරිමාණ පමණක් නොව සුළු පරිමාන ව්‍යවසායකයාටද තම ව්‍යාපාරික කාර්යක්ෂමතාවය වැඩිකරගනිමින් උසස් ජීවන මට්ටමක් ගොඩනගාගත හැක. රජයක ප්‍රධාන වගකීම ජනතාවට කන්න දීම නොව උපයාගෙන කෑමට අවශ්‍ය අධ්‍යාපණයක්, නිදහස් වටපිටාවක්, සංවර්ධනයක් සපුරාදීමය. ගමනැගුම, දිවිනැගුම ආදී ජනතා සුභසාධන ව්‍යාපෘති මහින්ද රාජපක්ෂ රජය මගින් සිදුකලේ නොමිලේ කන්න දීම නොව උපයාගෙන දියුණු වීමට අතහිත දීමයි.

13. මහින්ද රජය 2000 % කොමිස් ගැසූ කතාව ඇත්තද ?

100ක් ඇස්තමේන්තු කළ ව්‍යාපෘතියක යමෙකුට commission ගත හැක්කේ උපරිම 99%ක් වේ. මන්ද අඩුම තරමින් 1%ක් වත් මුදල් අදාල ව්‍යාපෘතියට යොදවා ව්‍යාපෘතිය කොට උඩ යාමට හෝ නිම කල යුතු නිසාය. 100%ක් හොරා කෑවොත් එම ව්‍යාපෘතිය කිරීමට මුදල් ඉතුරු නොවේ. එසේම 100%ක් කොමිස් ගතහොත් එම ව්‍යාපෘතිය ඇස්තමේන්තු කළ මුදල ඉක්මවා යයි. එහිදී තවදුරටත් ඇස්තමේන්තුවක් කිවහැකි දෙයක් ඉතුරුවේද? 2000%ක් හොරාකෑම මෙන්ම 2000%ක් කොමිස් ගැනීමද ගණිතයට අනුකූලව සපුරා වැරදිය. තාර්කිකව වැරදිය.ඒ දෙකම නැතත් චන්දය දිනාගත්තාට පසු මේ කොමිස් කතාව මහා ලොකුවට කී පාටලී ඇමතිවරයා සහ මෛත්‍රී ජනපති දෙදෙනාම කසාය බිවු ගොළුවන් සේ ගොළු වූහ.

14.යහපාලන බොරුවලට මහින්ද පියවරක් නොගත්තේ ඇයි ? 

මඩවලට අසත්‍යයට තැනක් නොලැබෙනු ඇත යන්න එතුමාගේ පුර්ව විශ්වාසය විය .එහෙත් එමගින් ජනතාව නොමග ගොස් රට විනාස වෙන නිසා එතුමාගේ නීතිඤවරු එතුමාට එරෙහිව කළ බොරු චෝදනාවලට නීති මගින් කටයුතු කිරීමට තීරණය කර ඇත .අදාළ චුදිතයන් පිරිසකට දැනටත් එන්තරවාසි යවා ඇත .

මහින්ද යනු ..
 
මිනිසුන්ව දෙවරක් රැවටිය නොහැක - ඒබ්‍රහම් ලින්කන්
ආත්ම ආරක්ෂාව සහ සිය අභිමානය වෙනුවෙන් නැගිට සටන් කරන්නට ශ්‍රී ලාංකිකයන්ට හුරු කලේ එතුමාය .
ප්‍රභාකරන් හමුවේ නිවටව නියාලුව සිටි ශ්‍රී ලාංකීය ජාතියට කශේරුකාවක් දුන්නේ එතුමාය .ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල කුමන්ත්‍රණවලට එරෙහිව අභීතව කටයුතු කොට ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට නායකත්වය දී ශ්‍රී ලාංකීය අභිමානය ලොව හමුවේ ඔසවා තැබුවේ එතුමාය .

මිනී කන්නන්ගේ දේශයක් ආසියාවේ ආශ්චර්ය කරා ඔසවා තැබුවේ එතුමාය .

මව්බිම එක්සේසත් කල රාජ්‍ය නායකයන් 8 දෙනා අතරින් වසර 600 කට පෙර සිරිලක එක්සේසත් කළ 6 වෙනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව සිරිලක එක්සේසත් කල රාජ්‍ය නායකයා එතුමාය .

සිය වගකීම් අකුරට ඉටු කල රාජ්‍ය නායකයන් අතර දකුණු ආසියානු කලාපයේ ශ්‍රේෂ්ටතම නායකයා ලෙස Gallup සමීක්ෂණයට අනුව ලෝකයෙන් ගෞරව ලද එතුමා කොළඹ නගරය ලෝකයේ සියලු නගර පරයා සීග්‍රයෙන් දියුණුවන සංචාරක නගරය බවට පත්කරන්නට අවැසි පදනම දැමීය . .ලෝකයේ රාජ්‍ය නායකයන් අතර ඉහළ පෙලේ වැජබෙන විටත් බලය අහිමිව නිවසට ගිය විටත් එක සේ ජනතාවට ආදරය කල එතුමාට ජනතාවද එකසේ ආදරය කළහ .

බලයේ සිටියදී අරලිය ගහ මැඳුර මෙන්ම බලය නැති විට මැදමුලන නිවස ජනතාවට විවෘත කළ නායකයා එතුමාය . චරිත ගාතනවලින් නොසැලුණු එතුමාට ශාරීරික හිංසන සිදු කිරීමට ඉඩ නොතැබිය යුතුය .එනිසා අවසන් සටනට පැමිණි රටට පණ දුන් නායකයා දිනවා රටේ ජනතාව වෙනුවෙන් දිවි කැප කළ මහින්ද මැතිදුන්ගේ ආරක්ෂාව පමණක් නොව රටේ ජාතික ආරක්ෂාව තහවුරු කොට සංවර්ධිත රටක් කරා යාමට අපි අත්වැල් බැඳ ගනිමු .මහින්ද මැතිඳුන් සහ එතුමාගේ හිතවතුන්ට පමණක් මනාපය දී කුමන පක්ෂයක සිටියත් පාවාදෙන්නන් සහ කඩාකප්පල්කාරීන් සියල්ල පරදවා නැවත ජාතික ආරක්ෂාව තහවුරු කොට දේශපාලන ස්ථාවරත්වයක් තුලින් සංවර්ධන විප්ලවය ආරම්භ කිරීමට මව්බිම දිනවමු

-සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ පණිවිඩයකි

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions