8/10/2015

"රනිල් දිනුවොත් රට බෙදෙන හැටි මෙන්න" - නීති ක්ෂේත්‍රයේ විශිෂ්ඨයකුගේ විශිෂ්ඨ පැහැදිළි කිරීම

කතෘ:යුතුකම     8/10/2015   2 comments


එක් පසකින් දෙමළ ජාතික සංධානය උතුරු නැගෙනහිර එක් කිරීම , ස්වයං නිර්ණය අයිතිය , ඉඩම් හා පොලිස් බලතල සහිත ෆෙඩරල් යෝජනාවක් තමාගේ මැතිවරණ ප්‍රකාශනය ලෙස එක් පසකින් ඉදිරිපත් කරද්දී එක්සත් ජාතික පක්ෂයද ඉඩම් පොලිස් බලතලද ඇතුලත්ව 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා සහතික වී තිබේ. 

එක්සත් ජාතික පක්ෂය මැතිවරණයෙන් පසු දෙමළ ජාතික සංධානය සමග සභාග ආණ්ඩුවක් බිහි කිරීමට සූදානම් යැයිද කනින් කොනින් ඇසේ.

අනාගතයේ බිහිවන රජයක් හරහා රට බෙදුම්වාදී උගුලේ හිරවන අයුරු පසුගියදා විද්වත් වෘත්තිකයන් හමුවේ යුතුකම සංවාද කවය මගින් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විසින් ඉතා ව්‍යක්තවත් ඉතා නිරවුල්වත් පැහැදිළි කළේය.

මනෝහරද සිල්වා මහතා අප රටේ දැනට සිටින නීති ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වන විශිෂ්ඨයෙකි. විශේෂයෙන් උතුරු නැගෙනහිර වෙන් කිරීම වැනි අදී රටේ අනාගතයට තීරණාත්මක ලෙස බලපාන නීති කටයුතුවලදී ඔහු මව්බිමට ජයග්‍රහණ අත්කරදීමට වෙහෙසුනු දේශප්‍රේමී බුද්ධිමතෙකි.


රනිල් වික්‍රමසිංහ විසින් පූර්ණ වශයෙන් බලාත්මක කරන බව පවසන 13වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පොලිස් නිලධාරියකු හොරෙකු ලුහුබඳින විට, හොරා පළාත් මායිම පැන්නොත් පොලිස් නිලධාරියාට එතැනින් එහාට යා නොහැකි බව ඉතා පැහැදිළි ලෙස ව්‍යවස්ථාවේ වගන්ති උපුටමින් එතුමා පැහැදිළි කළේය. 13 පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වුවහොත්, රටේ ඒකීයභාවය යන්න හුදු බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වන බවත් මධ්‍යගත ආණ්ඩුවෙන් මිදුනු ආණ්ඩුවක් උතුරු-නැගෙනහිර ස්ථාපිත වන අයුරුත් මනෝහර ද සිල්වා මහතා පැහැඳිළි කළේය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක් ගැන වුවද අද පවතින 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ පමණින්ම ලංකාව ඒකීය රටක් නොවන අයුරුද එතුමා පැහැදිළි කළේය.

රනිල් අගමැති වුවහොත් රට බෙදීමේ භයානක අනතුර අප සිතන තරම්වත් දුර නොවන අයුරු ව්‍යවස්ථාව ඇසුරෙන්ම කියා දෙන ඔහුගේ පැහැදිළි කිරීමට සවන් දෙමු...


 

-යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. රනිල් කියන්නෙ මෙ රටෙ කරුමෙට උපන් එකෙක් 88/89 රටෙ තරුන ජිවිත 60000ක් විනාශ කරා, 2001 රට කොටියට ලියල දුන්නා..2015 රටෙ ලොකුම හොරකම කරා.මෙ කාලකන්නියගෙ කරුමෙන් අපිට බෙරෙන්න පුලුවන් අගොස්තු 17 වෙනිදාට....රනිල් ඉල්ලන අවසාන චන්දය තමයිමෙ

    ReplyDelete
  2. මේ කාලකන්නි මොනවා කිව්වත් රනිල් තමයි අනාගතේ ලියවෙන වටිනාම නායකයා වෙන්නේ. මහින්දට කඩේ ගිය කඩේ යන උන් රනිල්ට එදාත් බැන්නේ, විවේචනය කලේ තියෙන බයට. බොරුනම් බලන්න, රනිල් ජීවිතය තිබෙන තුරුම අගමැති නෙවෙයිද කියලා. එතුමට අපේ ආශිර්වාදය හිමි වෙනවා.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions