8/06/2015

මහින්ද රාජපක්ෂ සහ එන්ජීඕ දේශපාලනය

කතෘ:යුතුකම     8/06/2015   1 comment


ඉසුරු ප්‍රසංග මහතා විසින් ලියන ලද මැතිවරණය හා සිවල් සමාජ මාෆියාවේ වත්මන් භූමිකාව ලිපිය අරඹයා ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා තම ෆේස්බුක් ගිණුමෙන් තැබූ සටහනක්
***************************************************************

මහින්ද රාජපක්ෂ සහ එන්ජීඕ දේශපාලනය
=============================================================
ඉසුරු ප්‍රසංග ( Isuru Prasanga ) එන් ජී ඕ ගැන ලියා තිබූ ලිපියක් දුටුවෙමු. ඔහු එහි දී එන්ජීඕවල කටයුතු සම්බන්ධව අජිත් පැරකුම් ජයසිංහ ලියා තිබූ විවේචනාත්මක ලිපියක්ද උපුටා දක්වා තිබුණි. මෙවැනි විවේචන ඒන්ජීඕ සම්බන්ධය මටත් ඇත. කෙසේ වෙතත් එන්ජීඕ විසින් ඉෂ්ට කරන ලද කාර්යභාරය හුදෙක් විදේශ න්‍යාය පත්‍රයකට ලඝු කළ හැකිද? මෙය තේරුම් ගැනීමට ඉසුරු ප්‍රසංගලාගේ කදවුරේ වීරයා වන මහින්ද රාජලපක්ෂ දෙස බැලීමම ප්‍රමාණවත්ය. 

මහින්ද රාජපක්ෂ දේශපාලන චරිතයක් ලෙස නිර්මාණය වුනේ ඔහුගේ මානව හිමිකම් ක්‍රියාකාරිත්වය තුළිනි. මීට මූලික වශයෙන් උපකාර ලැබුණේ එන්ජීඕ ව්‍යාපාරයෙනි. මම මුලින්ම මහින්ද රාජපක්ෂව දුටුවේ ද ඔහු සුනිලා අබේසේකර හමුවීමට පැමිණ සිටි අවස්ථාවකයි. අතුරුදහන් වූවන් පිළිබද මහින්ද ගේ කටයුත ඇත්ත වශයෙන්ම ඔහුගේ කටයුතු නොවේ ඒවා සුනිලා අබේසේකරගේත්, එවකට මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන උපදේශකයා වූ කුසල් පෙරේරාගේත් කටයුතුය.අද මහින්ද සිංහල-බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරයේ ජනප්‍රිය දේශපාලන ප්‍රකාශකයි වී සිටින්නා සේ 1990 ගණන් වල මුලදී ඔහු එන්ජීඕ මානව හිමිකම් දේශපාලනයේ ජනප්‍රිය ප්‍රකාශකයා විය. ඒ අනුව ගත් කළ මහින්ද රාජපක්ෂ යනු එන්ජීඕ නිර්මාණයකි. ඇත්ත වශයෙන්ම 1990 ගණන්වල අගදී නලින් ද සිල්වා දැඩි මහින්ද විරෝධියෙක් වූ අතර ඔහුගේ ප්‍රධාන චෝදනාව වූයේ මහින්ද එන්ජීඕ කාරයෙක්ය යන්නයි.
දැන් ප්‍රශ්නය වන්නේ මහින්දගේ ජනප්‍රියභාවය මගින් ගොඩයන පිරිස් මහින්දගේ ජනප්‍රියභාවයේ තිඹිරිගෙයට බෝම්බ ගැසීමයි.

අැත්ත වශයෙන්ම මහින්ද පිළිබද සත්‍යය තත්වය නම් ඔහුට ජාතිකවාදය පිළිබදව මෙන්ම මානව හිමිකම් පිළිබදවද ගැඹුරු අවබෝධයක් නොමැති වීමයි.

-නිර්මාල් රංජිත් දේවසිරි

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. එතකොට සිංගප්පුරුවට ගිහින් කොටි ඩයස්පෝරාව සමග සාකච්චා කර ලංකාව විදෙස් රටවල කුමන්ත්‍රණ වලට හසු කර දුන් මේ අය තමයි ජාතිකවාදය පිළිබඳව ගැඹුරටම දන්නේ ? රට දෙකඩ කරන්න වලි කන කොටින්ට එයට මඟ සලසා දීම ද නියම ජාතිකවාදය ?
    මහින්ද NGO සමග ගනුදෙනු කලාම වුවද ඔහු ඔහුගේ සීමාවන් හොඳින් දැන සිටි බව පැහැදිලිය. මේ ආචාර්ය වරුන්ගේ NGO භාවිතාව ඊට බෙහෙවින්ම වෙනස් බව ඔවුන් අපට පෙන්වා ඇත.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions