අපට අහිමි කරවන අපේ රට
අද අප රටේ බොහෝ දෙනෙකු රටේ ඈත ඉතිහාසය තබා මෑත ඉතිහාසයවත් හරිහැටි නොදන්නෝ වෙති. දුටුගැමුණු රජු මහා දුෂ්ඨයෙක් බවත් රුවන්මැලි මහා සෑය මහා පාපකර්මයක් බවත් කියන අලූත් පරපුරේ ඊනියා විචාරකයින් මෙන් පෙනී සිටින මන්දබුද්ධිකයින් මෙන්ම අප රටට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුන වර්ෂය හෝ ජනරජයක් කල වර්ෂය වත් නොදන්නා වත්මන් පරපුරේ සුපිරි ගායකයින් රූපවාහිනී නාලිකා තුලින් දැකිය හැක්කේ එබැවිනි.
එකදහස් නමසිය හැත්තෑ දෙකට පෙර ද්විතීය පාසැල් අධ්‍යාපනය නිමකළ නිසා අපට අපේ ඉතිහාසය ඉගෙනීමේ අවස්ථාව ලැබුනි. 1970 දී පතකළ මන්ත්‍රි කෙනෙකු වූ එවකට ගම්පොල සහිරා විද්‍යාලයේ විදුහල්පතිව සිටි බද්යුද්දීන් මොහොමඩ් අධ්‍යාපන ඇමතිව සිටියදී ඉතිහාසය, සිoහල සාහිත්‍යය, ප්‍රජාචාරය වැනි විෂයන් පාසැල් විෂය මාලාවෙන් ඉවත්විය. එවැනි විෂයන් හැදෑරු උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය, 1971 ජ.වි.පෙ. කැරැල්ලෙන් ඉඟිකල තරුණ විරැකියාව ආදිය මෙම විෂයන් ඉවත් කිරීමට හේතූන් වශයෙන් එදා සැලකුවද, එහි දිගු කාලීන ආදීනව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ.
2015 ජනවාරි 8 දා අප රටේ සිදුවූයේ අන්කිසිවක් නොව, ඉතා පැහැදිලිවම විදේශීය බලවේගවල ඔත්තු සේවාවන් මගින් ඔවුනට මෙහෙයවිය හැකි පාලක පිරිසක් ගෙන ආ පාලන පෙරළියකි. ඒ සඳහා උතුරු නැගෙනහිර සිදුකළ මහා පරිමාණ ඡන්ද මoකොල්ලයට අමතරව මෑත ඉතිහාසයවත් නොදත් ඊනියා අලුත් පරපුරත් කල දායකත්වය අපමණය.
ජාතික, අන්තර් ජාතික සහ ආර්ථික පිළිවෙත් සැසඳීමේදී වත්මන් ශ්‍රීලනිප ය හා එජාපය අතර කිසිදු වෙනසක් දක්නට නොලැබුනද, ශ්‍රීලනිපය ආරම්භයේ සිට 1994 තෙක් සහ 2005 සිට 2014 තෙක් එම පිළිවෙත් අතර සැලකියයුතු වෙනසක් විය.
සිරිමා බණ්ඩාරණායක මැතිණිගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය රජීව්-ජේ.ආර්. ගිවිසුමට හා 13 වෙනි සංශෝධනය ට විරෝධය පලකලා පමනක් නොව, පළමු පලාත් සභා ඡන්දයද වර්ජනය කළේය. චන්ද්‍රිකාගේ යුගයේ (1994-2005) හැර 2015 තෙක් එම පක්ෂය පෙඩරල් ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් ඒකීය රටක් වෙනුවෙන් ඇප කැප විය.
චන්ද්‍රිකා, එකලොස් වසරක පාලන කාලය තුලදී, ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති 'උඩු යටිකුරු' කරමින් ඇගේ සුප්‍රකට ' බලය බෙදීමේ පැකේජය'', ' පශ්චාත් සුනාමි මෙහෙයුම් පාලන සැලැස්ම '(P-TOMS), 'හවුල් යාන්ත්‍රණය' (JM), 'අන්තර්කාලීන ස්වයoපාලන අධිකාරිය' (ISGA), යනාදී විවිධ උපක්‍රම මගින් පෙඩරල් පාලනයක් ඇතිකරීමට අසාර්ථක උත්සහයක් දැරීය. තමන් එදා මැවූ පෙඩරල් සිහිනය කෙසේ හෝ ලබාදීමට ඇය දැන් යලිත් වරක් සියලු විදේශීය බලවේග, බලලෝභීන්, බෙදුම්වාදීන්, පරගැත්තන් ආදීන් හා එක්ව කරලියට පැමිණ සිටී. ඇයව මෙහෙයවන විදේශීය බලවේගයන්ගේ හා බෙදුම්වාදීන්ගේ සිoහල බෞධ විරෝධී නාදයේ දෝoකාරය ඇයගේ මුවෙන් අන් කවරදාටත් වඩා දැන් විටෙන් විට පිටවේ.
මෛත්‍රීපාල සිරිසේන මගින් ශ්‍රීලනිපයේ ඉතිරිවී ඇති කිසියම් ජාතිකත්වයක් ඇතොත් ඒ සියල්ලද බිඳදා ඇයට බාරදී ඇති සියලු දූත මෙහෙයන් අවසන් කරනතෙක් ඇය පිටුපස සිටින බලවේග වලට කලහැකි සෑමදෙයක්ම කරනු ඇත. ඉතිරි හරිය රනිල් ලවා කරවා ගනු ඇත. පාර්ලිමේන්තුවක ප්‍රධාන කර්යභාරය වනුයේ නීති සෑදීම හා සංශෝධනය කිරීම, රටක පැවැත්මට බලපෑ හැකි කාලීන විෂය න් විවාදයට ලක්කිරීම , රජයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සහ අභියෝගයට ලක්කිරීම, රජයේ වියහියදම් පිරීක්සීම සහ අනුමතකිරීම වේ. ආණ්ඩුක්‍රම විය්‍යවස්ථා ව යනු රට මෙහෙයවන නීති පද්ධතිය හෙවත් න්‍යාය පත්‍රයයි. එහි මූලික අරමුණ විය යුත්තේ රටේ අනන්‍යතාව රැක ගනිමින් ස්වෛරීභාවය හා ස්වාධීනත්වය තහවුරු කිරීමයි. එම අරමුණු මොනවාදැයි වටහා ගැනීමට රටේ ඉතිහාසය පිළිබඳවත් කිසියම් ප්‍රමාණයක මූලික අවබෝධයක් තිබිය යුතුය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා කළ ප්‍රකාශයකට අනුව වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 93 කට (42%) අපොස සහතිකයවත් නැත. මෙයින් අදහස් කරනුයේ ඉතිරි 58% රටේ අනන්‍යතාවය, ස්වෛරීභාවය හා ස්වාධීනත්වය ගැන අවබෝධයක් ඇත්තේය යන්න නොවේ. රටේ ඉතිහාසය තබා නිසි අධ්‍යාපන මට්ටකමවත් නොමැති පාර්ලිමේන්තු නියෝජනයක් තුලින් සම්මතවිය හැකි විය්‍යවස්ථා, නිති රීති වලින් රටේ අනාගතය කෙබඳු වේවිද යන්නය.
තමන් බලයට පත්කළ බටහිරයන් හා ඉන්දියානුවන්ට වී ඇති පොරුන්දු හා ඔවුන්ගේ මනදොල සපුරාලීමට වත්මන් පාලකයින් බැඳී සිටින බැවින් ඉදිරි මාස කිහිපය තුල ඒ සඳහා අවශ්‍යය සියලුම විය්‍යවස්ථා හා නීති රීති සම්පාදනයට ප්‍රමුඛස්ථානයක් ලැබෙනු ඇත.
ශ්‍රීලනිප ය හා එජාපය, පක්ෂ දෙකම, අද තම තමන්ගේ පෞද්ගලික ඉලක්කයන් සපුරා ලනුවස් ඕනෑම පාවාදීමක් කිරීමට පෙළඹෙන දුෂිත දේශපාලඥයින් රැලකගේ රජදහන් බවට පත්වි ඇත. එසේ නොවන ශ්‍රීලනිපයේ සුලු පිරිසක් හෝ මේ තීරණාත්මක අවස්ථාවේදී විපක්ෂයේ සිටිමින් රට දැය වෙනු වෙන් පෙනී සිටීම අගයකළ යුතුය.
ජාතියේත් රටේත් අවාසනාවට දුර නොදක්නා පරගැති චරිතයන් වන එම පක්ෂ වල වත්මන් නායක කරකාදීන් තමන් මෙහෙයවනු ලබන, අපේ රට අපට අහිමි කරවන බලවේග වල පදයට නටමින්, බලය අයුතු ලෙස යොදමින්, තමන් නායකත්වය දෙන රටට වන හානිය තඹ ශතේකට නොතකා, කෙසේ හෝ බලයේ රැඳීසිටීමට කලහැකි සෑම දෙයක්ම කරමින් සිටී.
-එස්. අකුරුගොඩ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .