1/05/2016

'තනපට අහසට' යද්දී වීරයන්ට තමන් වීරයන් බව අමතක වීම

කතෘ:යුතුකම     1/05/2016   1 comment

අරගලයට අවෘතයි සංවාදයට විවෘතයි
ගමේ ගොඩේ බෝලෙට රිදෙන්න බැට් එකෙන් ගහපු මම කොළඹ නාලන්දයට ගිහින් ගැහුවේ ෆුට්බෝල් ය. ඒ ක්‍රිකට් ගහන්න බැරි කම නොව ස්කූල් ටීම් එකේ ඇතුලට රිංගගන්න තිබුණ තරඟයට මුහුණ දෙන්න බැරිකමය.

උදා වූ අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලාම ක්‍රිකට් වලින් පටන් ගත්තේ මෙතැන් සිට දිගටම ක්‍රිකට් ගැන ලියන නිසාය. නන්දා මාලනියන් හා අපි ගහන ක්‍රිකට් අතර කොහෙත්ම සම්බන්ධයක් නැති උනත් මේ මො‍හොතේ එතුමිය කියන දේ හරියටම ගැලපෙන්නේ ක්‍රිකට් වලටය. ක්‍රිකට් ගහපු සංගක්කාරටය.

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ

බටහිර රටවල් වල ගැහැණු උදවිය තන පට නැතිව වැඩට යන්නේ ජූලි 9 වැනි දා ය. ඒ World no bra day සමරන්නටය. එංගලන්තයේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැති නිසා. තවදුරටත් ඔය යට ඇඳුම් ගැන ලිවීමෙන් ඇති වැඩක් නැත. ඒ වගේම ඇමරිකාවේ ඉඳන් ඇවිල්ලා ලංකාවේ සිංදු කියලා ගියපු එන්රික් ගැන ලිවීමෙන් ද පලක් නැත. ඕවා සේරම ගිය අවුරුද්දට අයිති පරණ කතාය.
ලියන්න ඕනේ මේ අවුරුද්දට අවශ්‍ය කතාය.

කතාව පටන් ගන්නේ අර්ජුනගෙන්ය.
අර්ජුනට අර්ජුන වීරයෙක් නොවුනාට මේ රටේම මිනිස්සුන්ට අර්ජුන කියන්නේ වීරයෙක් ය. අඩුම වයසින් ලංකාවේ මුල්ම අර්ධ ශතකය රැස් කලේ අර්ජුනය. මුරලිදරන් බේරා ගැනීමට ඕස්ට්‍රේලියාවේ විනිසුරුට ඇඟිල්ල දික් කර තර්ජනය කලේත් අර්ජුනය. මේ අර්ජුන එහෙමත් නැත්නම් කැප්ටන් කූල් ක්‍රිකට් ගැහුවේ ලංකාව වෙනුවෙන් ය. 96 දී ජයග්‍රාහී ලකුණ ගසා ලෝක කුසලානය ලංකාවට ගෙනපු විදිය හැමෝටම මතකය.

හැබැයි මේ කිසිම දෙයක් අර්ජුනට මතක නැත. තමන් වීරයෙක් බව අර්ජුනට මතක නම් අර්ජුන කිසි දා දේශපාලනයට එන්නේත් නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇවිත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණට යන්නේ නැත. අවසානයේ එක්සත් ජාතික පක්ෂයට යන්නේ ද නැත. මේ හැම දේම උනේ අර්ජුන තමන් වීරයෙක් බව නොදන්නා නිසාය. අර්ජුන තමන් වීරයෙක් බව දන්නවා නම් වරාය ඇමතිකමේ ඉන්න ගමන්ම ඔය විදියට ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරු පස්සේ යන්නේ ද නැත. ඇවිත් පරාද වී පජාත පන්නේද නැත. ඒ වගේම රටේම මිනිස්සු එපා කියද්දී ඔහු තමන්ගේ සහෝදරයා වරාය සභාපතිකමට ගන්නේද නැත. කරුමෙට ඔය හැම දේම උනේ අර්ජුනට අර්ජුනගේ වටිනාකම නොතේරෙන නිසාය.

තමන්ගේ සැබෑ වටිනාකම නොතේරෙන ඊලඟ ක්‍රිකට් ක්‍රීඩකයා මාස්ටර් බ්ලාස්ටර්ය. එහෙමත් නැත්නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය ය. අපිටත් ක්‍රිකට් එපා වෙච්ච කාලයක ක්‍රිකට් ඕන කලේ මේ සනත්ය. නහින දෙහින කාලේ හිටපු අත්ත මුත්ත පවා රූපවාහිනිය වටේ එකතු උනේ මාතර ඉඳන් ආපු ජයසූරිය කොලූගේ ගැහිල්ල බලන්නය. ජයසූරිය ගැහුවොත් මැච් එක දිනුම් ය. ඒකට හොඳම උදාහරණය ජයසූරියගේ තරඟ වාර්තාය. එක්දින තරඟ 445ක් ගහපු ජයසූරිය ඉන් තරඟ 45 කම මෑන් ඔෆ් ද මැච් ය. හැබැයි මෙච්චර දක්ෂතා තිබුණ ජයසූරියටත් තමන් දක්ෂයෙක් බව තේරුම් ගියේ නැත. ඔහු ගල් පිලිමයක් බව නොදැන බොල් පිළිමයක් ලෙස හැසිරුනේය.

ජයසූරිය කරපු මුල්ම වරද දේශපාලනය කිරීමය. දෙවැනි වරද එකම දේශපාලන ප්‍රතිපත්තියක එක දිගටම රැඳී සිටීමට උත්සාහ නොකිරීමය. මහින්ද මහත්තයාගේ කාලේ තැපැල් නියෝජ්‍ය ඇමති අවසානයේ ගිය මැතිවරණයේදී අත්වැල් බැඳගත්තේ සාගල රත්නායක ඇමතිතුමා සමඟය. මේ රටේ සුවහසක් මිනිසුන්ගේ අසාහාය වීරයා දේශපාලනයක් නිසා මියයන බව වීරයා නොදැන සිටියේය. හැබැයි වීරයා මිය ගියේය.

සනත් ටෙරාන් ජයසූරියත් එක්ක මාගේ හිතවත්කම් වැඩි උනේ පාර්ලිමේන්තුවේදීය. අපි අතර තිබුණ ඒ හිතවත් කම් කිසි දා නැතිවෙන්නේ නැත. ඒත් මේ දේවල් ලියන්නේ මිනිස්සු හිතන විදිය ගැනය. නිර්මල කොතලාවල ගැන දන්නේ ගෙදර ඉන්න ගෑණු මනුස්සයයි ලමයි දෙන්නයි ඇරුණු කොට රටේ ඉන්න කිහිප දෙනෙක් විතරය. හැබැයි මීට කලින් ලියපු අර්ජුන රණතුංග එසේ නැත. ඊට පසුව ලියපු සනත් ජයසූරියත් එසේ නැත. එසේම මීට පසුව ලියන මහේල හා සංගක්කාරද මේ රටේම මිනිස්සු හඳුනන චරිතය. ඔවුන් සැබෑ විරුවන්ය. තමන් වීරයන් බව නොදැන ජීවත් වන වීරයන් ය.

සංගක්කාර හා මහේල ගැන ක්‍රිකට් දන්න මිනිස්සුන්ට කියා දීමට අවශ්‍ය නැත. 2014 තිබුණ 20-20 ලෝක කුසලානයේ අවසන් තරඟයේ වීරයා සංගක්කාරය. ටෙස්ට් තරඟයක වැඩිම කඩුළු අතර සම්බන්ධය ඇත්තේද මේ මහේල සංගක්කාර සුසංයෝගයටය. දෙදෙනා රැස් කරපු ලකුණු ගණන විතරක් 624 ක් ය. මේ දේවල් ලියන්නේ මහේල සංගක්කාර ගැන නොලියා පසුවට ලියන දේවල් වැඩක් නැති නිසාය.
සංගක්කාර වීරයෙක් වෙන්නේ මේ රටටම විතරක් නොව ජාත්‍යන්තරයටමය. එදා එංගලන්තයේ කරපු දේශනය අවසානයේ සලිත උනේ අපේ ආණ්ඩුවේ හිටපු මැති ඇමතිවරුය. සංගක්කාර මේ පොලොවේ සැබෑ විරුවන්ය. අන්න ඒ විරුවන් පජාත වෙනවාට මේ රටේ ඔවුන්ට ආදරය කල මිනිස්සු කැමති නැත. ජනාධිපතිතුමා බ්‍රිතාන්‍යයේ තානාපති කම ගන්න කියා කියපු වෙලාවේ අලුයම ලූ කෙල පිඬක් සේ සංගක්කාර එය බැහැර කලේය. මිනිස්සු එතැනදී ගත්තේ සංගක්කාරගේ පැත්තය. නියම කොන්දක් තියෙන මනුස්සයෙක් ලෙස සංගක්කාර මේ පොලොවේ මුල්බැසගත්තේ ඔන්න ඔ‍හොමය.

අන්න එහෙම හිටපු සංගක්කාර රුපියල් ශත වලට යට වී තමන්ගේ යුතුකම අමතක කරන කොට මිනිස්සුන්ට හිතෙන්නේ කෝ වීරයා කියාය. එන්රික් සංගීතය සමඟ විකුණන්නේ ලිංගිකත්වය බව සංගක්කාර මීට කලින් නොදැන සිටියා විහ නොහැක. උඩින් ගියපු තන පට හරහා පහල ගියේ සංගක්කාරගේ රැස්ය. මිය යමින් පවතින්නේ අන්න අර සදාතනික වීරත්වයේ සලකුණුය.

ඇත්තටම කිව්වොත් කුමාර සංගක්කාරටවත්, මහේල ජයවර්ධනටවත් අපි හැමෝම දන්න තරමින් සල්ලි වලින් ඇති අඩුවක් නැත. මේ රටට අවශ්‍ය වෙන්නේ ඔය දෙන්නාගේ දැනුමය. පෞර්ෂත්වයය. එහෙම උනොත් හොඳ වෙන්නේ රටේ අනාගත ක්‍රිකට්ය. අනිත් හැමෝටම නැති පරිපාලක දැනුමක් තියෙන්නේ සංගක්කාරටය. ICC Rank අනුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ වල ලංකාව ඉන්නේ අන්තිම හරියේය. ලංකාවට යටින් ඉන්නේ බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ හා බංගලාදේශය විතරය. අන්න දැන් මේ මහත්වරු කරන්න ඕන සල්ලි වලට ගෑණු පිරිම නටවන එක පැත්තකින් තියලා ලංකාවේ ක්‍රිකට් ගොඩනගන එකය. අභියෝගයක්ව පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර බාර ගන්න එකය. ගල් පිලිම බොල් පිලිම නොවී තියෙන්නේ අන්න එතකොටය.

වීරයන්ට තමන් වීරයන් බව නැවත නැවතත් මතක් කර දිය යුතු නැත. මේ තර්කය තහනම් උත්තේජක චෝදනාවට ලක් වී සිටින කුසල් ජනිත්ටද අදාළය. අවශ්‍ය වෙන්නේ මේ වීරයන් දෙස රටේම මිනිස්සු බලන් ඉන්න බව තේරුම් ගැනීමය. ඔය දේ අර්ජුන රණතුංගටත්, සනත් ජයසූරියටත් අවසාන වශයෙන් මහේල - සංගක්කාර දෙපලටත් අදාළය.

මේ ලියපු හැම දේම අරගලයට අවෘත වන අතර සංවාදයට විවෘතය. හැබැයි ඒ මා සමඟ නොව ඔබ සමඟය.

-නිර්මල කොතලාවල
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. සංගක්කාර 2011 කවුඩ්‍රි ලෙක්චර් එකේ කිව්වා, අපේ රටේ ක්‍රිකට් පරිපාලනේ ගැන හොයන්න අනේ අන්තර්ජාතිකෙන් ඇවිල්ලා මැදිහත් වෙන්න කියලා, 2015 රනිල්-සිරා අන්තර්ජාතිකේ ඉස්සරහා දන නමලා අනේ අපේ රටට ඇවිත් හයිබ්‍රිඩ් උසාවි පිහිටුවලා කැපකිරීම් කරපු හමුදා සෙබලු දඩුකදේ ගහන්න කිව්වා, සංගා රනිල් සිරා එකම වල්ලේ පොල්, හුදෙකලා කොදෙව් මානසිකත්වයෙන් ඉන්න අයට වීරයො වෙන්න ඇති

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions