1/14/2016

ජාතියේ අනන්‍යතාවයට සිදුවූ දේ ආගමටත් වේද?

කතෘ:යුතුකම     1/14/2016   No comments

1948 දී සුද්දාගෙන් නිදහස ලැබුවද 1957 වනතුරුම රජයේ භාෂාව වූයේ ඉoග්‍රීසි යයි. ඉoග්‍රීසි උගතාට පමණක් නොව කලිසමට තිබුන තැනවත් එදා සිoහල උගතාට තිබුනේ නැත. එවකට විජේවර්ධනලාට අයත්ව වික්‍රමසිoහලා පාලනය කල ලේක්හවුස් ආයතනයේ ඉoග්‍රීසි පුවත් පතක පලවූ කාටුනයක සිoහල උගතා වඳුරෙකුට සමාන කර තිබිණ. රජයේ පමනක් නොව පුද්ගලික ආයතනවල පවා ලිපිකරු සේවයේ සිට පරිපාලනය තෙක් සියලු තනතුරු කොළොඹ ඇතුලු ප්‍රධාන නගරවල, විශේෂයෙන්ම යාපනයේ,රජයේ ආධාර ලබමින් පවත්වා ගෙන ගිය මිෂනාරී පාසැල් වලින් බිහිකල ඉoග්‍රීසි උගතුන්ට පමණක් සීමාවිය. ඔවුන් අතර 'බර්ගර්' හා ද්‍රවිඩ ජාතිකයින්ද ක්‍රිස්තියානි ලබ්දිකයින්ද, රටේ බහුජන කොටස වන සිoහල බෞද්ධයින් අභිභවා කැපීපෙනින. ගමේ ගොඩේ පවත්වා ගෙන ගිය පාසැල් බොහමයක අවසානය අටවෙනි පන්තිය විය. නැතනම් දහවෙනි වසරතෙක් යන 'ප්‍රාරම්භය' යනුවෙන් හැඳින්වූ අවසාන පන්තිය විය.

සුප්‍රකට පනස්හයේ පෙරලියෙන් පසු සිoහල රජයේ භාෂාව කිරීම, විශ්ව විද්‍යාලය අධ්‍යාපනය පුලුල් කිරීම රජයේ ආධාර ලබමින් පවත්වා ගෙන ගිය පාසැල් රජයට ගැනීම වැනි ක්‍රියා දාමයන් මගින් රටේ බහුජන කොටසට යටත් විජිතවාදීන්ගේ පාලනසමයේ සිට වරත් ප්‍රසාද ලබා සිටි පැලැන්තියෙන් සිදුව තිබූ අසාධාරණය කිසියම් ප්‍රමාණයකින් දුරස් වුවද, සිoහල රජයේ භාෂාව කිරීම මෙරට ඊනියා ජනවාර්ගික අර්බුදයේ හේතුවයි පවසමින් ඊට විසදුමක් වශයෙන් 1978දී දෙමළ ජාතික භාෂාවක් වශයෙන් විය්‍යවස්ථාගත කෙරින.

එයින් නොනැවතී 1987දී ඉන්දියාවේ බලකිරීම මත 13වෙනි සංශෝධනය මගින් දෙමළ භාෂාවද රජයේ භාෂාවක් කෙරිණ. ඒ අනුව වත්මන් විය්‍යවස්තාවේ සිoහල සහ දෙමළ රජයේ භාෂාවන් මෙන්ම ජාතික භාෂාද වේ. ඉoග්‍රීසි සන්ධීය (Link) භාෂාව විය. රටේ 74% කට වැඩි ජනතාවකගේ මවුබස සිoහල වන අතර දෙමළ භාෂාව කතා කරණ දෙමළ හා මුස්ලිම් ජනතාව මිලියන 4.7 පමණි. එහෙත් ඊනියා ජනවාර්ගික අර්බුදය තව තවත් තීර්ව වූවා මිස භාෂාව විසඳුමක් නොවීය. භාෂාව අර්බුදයේ හේතුව නම් ඊනියා අර්බුදය එතනින් අවසන් විය යුතුව තිබින.

ආණ්ඩුක්‍රම විය්‍යවස්ථාවේ IV පරිච්ඡේද යේ 22 වගන්තිය අනුව උතරු හා නැගෙනහිර පලාත් සභාවල සියලු රාඡ්‍ය ආයතන වල පරිපාලනය කලයුතු වන්නේ දෙමළ බසිනි. දෙමළ බෙදුම් වාදීන් දැනටමත් සිoහල ජනයා උතුරු පලාතින් පලවාහැර ඇති බැවින් හා සිoහල ජනයා යලි පදිoචි කිරීමට ඉඩ නොදෙන බැවින් වත්මන් විය්‍යවස්ථාවම උතරුපලාත ඒකභාෂික (monolingual) කිරීමට මඟ පාදා ඇත.

13 වෙනි සංශෝධනය මුලුමනින්ම ක්‍රියාත්මක කලයුතුයයි අදත් දෙමළ සoධානය, බටහිරයන් හා ඉන්දියාව තදින්ම බලකරන්නේ උතරු හා නැගෙනහිර පලාත් දෙමළ කතා කරන ජනයාගේ ඓතිහාසික නිජබිම් හැටියට හා දෙමළ රජයේ භාෂාවක් මෙන්ම ජාතික භාෂාවක් හැටියට ඉන්දියාව ජේ.ආර්/රජීව් ගිවිසුම මගින් බලහත්කාරයෙන් සටහන් කරවීම, ඊනියා ස්වයo පාලනයකට ගෙන යෑමට ඉමහත් රුකුලක්වී ඇති බැවිනි.
ලෝකයේ බොහො රටවල් තම ජාතියේ අනන්‍යතාවය රාඡ්‍ය භාෂා මට්ටමින් පෙන්නුම්කරයි. රටක බහුජාතියේ භාෂාව රාඡ්‍ය භාෂාව වශයෙන් මතුවී අනෙකුත් භාෂාවන්ගේ සාධාරණ භාවිතයට පහසුකම් සැලසීම පිලිගත හැකිවුවද, ශ්‍රී ලoකාව රජයේ භාෂා හා ජාතික භාෂා කිහිපයක් හඳුනා ගන්නා රටවල් අතලොස්සකින් එකකි.

කලක් යටත් විජිතයන් වූ සමහර රටවල් තවමත් ඉoග්‍රීසි, ප්‍රoශ, ජර්මන්, ස්පාඤ්ඤය වැනි භාෂාවන් විවිධ හේතූන් මත තමන්ගේ රාඡ්‍ය භාෂාව හෝ ව්‍ය්‍යාපාරික භාෂාව වශයෙන් තවමත් පවත්වාගෙන ගියද රටක ජාතික භාෂාව විය යුත්තේ එරට ජාතියේ භාෂාව, එනම් එරටේ ශිෂ්ටාචාරය ඇතිකල ජාතියටය. මේ සදහා සිoගප්පූරුව, ලක්සම්බර්ග්, ජපානය, වියට්නාමය, බුරුමය සහ මැලේසියාව උදාහරණවේ. ඒ අනුව අප රටේ ජාතික භාෂාව වියයුත්තේ සිoහල පමණි. එසේ වුවද කිසිදු ඓතිහාසික සාධකය කින් හෝ රටේ ජනමතයකින් තොරව, එක් රැයකින්, හුදෙක් ජාතිවාදී තර්ජන හා විදේශ මැදිහත්වී ම් මත භාෂා දෙකක් රාඡ්‍ය හා ජාතික භාෂා වශයෙන් සමතත්වයේ ලමින් රටේ අනන්‍යතාවය දැනටමත් පාවා දී ඇති ලෝකයේ එකම රට ශ්‍රී ලoකාව වියහැකිය.

එපමණකින් නොනැවතී ඉතා පැහැදිලිවම විදේශීය කුමණ්ත්‍රණකරුවන්ගේ සහයෙන් හා උතුරු නැගෙනහිර මහා පරිමාණ ඡන්ද මoකොල්ලයකින් බලයටපත් ජනාධිපතිවරයා, සිය දොල පිදේනියක් හැටියට රටේ පවතින විය්‍යවස්තාවට එරෙහව යමින් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීමටත් ඉඩදී ඇත.

බුද්ධ ශාසන කාර්ය්‍ය සාධක මණ්ඩලය නමින් පිහිටුවාගත් කිසියම් සoවිධාණයක් මගින් මෑතකදී නිකුකර ඇති පුවත්පත් නිවේදනයකට අනුව 13වෙනි සංශෝධනය මගින් අපෙන් ගිලිහී ගිය ජාතික අනන්‍යතාවය පමණක් නොව ජාතික ගීයට වත්මන් ජනාධිපතිවරයා සිදුකරඇති අත්තනෝමතික ක්‍රියාවද අනුමතකරමින් ඒවා නව ව්‍යවස්තාවකට ඇතුලත්කිරීමට යෝජනා කරනු දක්නට ලැබීම ඉතා කණගාටුවට කරුණකි.

ජාතියේ අනන්‍යතාවය එසේ තිබියදී අද බොහෝ දෙනුකු රටේ ව්‍යවස්තාවෙන් ඒකීය භාවයට හා බුද්ධාගමට දී ඇති වගන්ති බේරා ගැනීමට දඟලනු පෙනේ. 13වෙනි සoශෝධනය මුලුමනින්ම ක්‍රියාත්මක වීමෙන් පසු ශ්‍රී ලoකාව තුල බලය බෙදීම ඉන්දියාවේ අර්ධ පෙඩරල් ක්‍රමය අභිභවා යන්නේයයි පැවසුවේ අන්කවරෙකු නොව එහි නිර්මාතෘ රජීව් ගාන්ධිමය.

'ඒකීය' වචනය තුලම 'පෙඩරල්' යන වචනය නොයොදා ඊටත් එහා යන ආණ්ඩුක්‍රම යක් දැනටමත් ලැබී ඇති අපට බුද්ධාගම යන වචනය තිබියදීම අපට සර්ව ආගමික පූට්ටුවක්ද ලැබීම වැඩි ඈතක නොවේ.

-එස්. අකුරුගොඩ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com