1/21/2016

අධිකරණ ඇමතිට ශාසනය භාර දීමේ විද්‍යාත්මක හේතුව

කතෘ:යුතුකම     1/21/2016   No comments

නව රජය විසින් කැබිනට් මණ්ඩලය පත් කළේ ඔවුන් පවසන පරිදි විද්‍යාත්මක ක්‍රමයකටය. විජයදාස රාජපක්ෂ මහතාට අධිකරණ අමාත්‍ය ධූරයට අමතරව බුද්ධ ශාසන අමාත්‍ය ධූරයත් ලබා දුන් විට මා තුළ පසුබෑමක් හට ගත්තේය. ඒ රජය විසින් බුද්ධ ශාසන අමාත්‍යංශය ඉතාම විද්‍යානුකූල ලෙස ලබා දුන් බැවිනි. එකල එම විද්‍යාත්මක හේතුව මා හට දැනුනේ, එය එසේමදැයි යන කුකුසක්ද සමඟ බව කිව යුතුය. විජයදාසට අධිකරණ ඇමති ධූරය සමඟ බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ලබා දීම අතිශය විද්‍යානුකූල බව දැන් මට වඩාත් පසක් වී ඇත.

ව්‍යවස්ථා සම්පාදන කටයුතු සඳහා විජයදාස යම් දායකත්වයක් සපයනු ඇත. අවම වශයෙන් ව්‍යවස්ථාවට වන්නේ මොනවාදැයිවත් විජයදාස දැනුවත් වනු ඇත. ලංකාව ඒකීය රටක් විතු යුතු යැයි විජයදාස සිතන්නේ නැත. ලංකාව ෆෙඩරල් රටක් විය යුතු යැයි විජදාස සිතන්නේය. එනිසා මේ රජය විසින් ව්‍යවස්ථා සම්පාදන කටයුතු සඳහා විජයදාස සම්බන්ධ කැරගැනුම විද්‍යාත්මකය.

නමුත් ඔහුට ඒ සමඟම බුද්ධ ශාසන අමාත්‍යාංශය භාර දෙන්නේ ඇයි? ඔහු බණ ටිකකුත් දන්නා නිසාද? නොඑසේනම් තමන් රහතන් වහන්සේ නමක් යැයි ප්‍රකාශ කරන සමන්තභද්‍ර හිමියන්ගේ ශ්‍රාවකයෙකු නිසාද?නැත. ඒ හේතූන් බුද්ධ ශාසන අමාත්‍යාංශය ලබා දීමට තරම් "විද්‍යාත්මක" නොවේ.

ආණ්ඩුව විසින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලිය සම්බන්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ විට මෙරට ගෞරවනීය භික්ෂුන් වහන්සේලා උන් වහන්සේලාගේ අතීත උරුමය සපථ කරමින් වහා ක්‍රියාත්මක විය. "මව්බිම අනතුරේ- මහ සඟරුවන පෙරමුණේ" මැයෙන් සත්‍ය ක්‍රියාවක් පසුගිය ජනවාරි අටවන දින එනම් සිරිසේන විසින් ඇති කළ වෙනසට වසරක් පිරෙන දින කොළඹ කොටුවේදී පැවැත්වීය. එහි සංවිධාන කටයුතු සිදු කරමින් පවතින අතර තුර ජනවාරි 6වන දින පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුරුවන්ගේ දුරකතනයට කතා කළ සිරිසේන තමන් හමුවන ලෙස ඉල්ලීමක් ක්ළේය. ක්‍රියාකාරී භික්ෂූන් වහසේලා කිහිප නමක් සමඟ උන් වහන්සේ පසුවදා සිරිසේන හමු විය. උන් වහන්සේලා ඉදිරිපත් කළ ගැටළු වලට බලාපොරොත්තු වූ පරිදිම සිරිසේනගෙන් කිසිදු නිශ්චිත පිළිතුරක් නොලැබින. මෙහිදී අපට වැදගත් වන්නේ මෙම හමු වීම නොව, භික්ෂූන් වහසේලා නියමිත වේලාවට කළ යුතු කාර්‍යය ඉටු කළ කල්හි පාලකයින් ඉන් තැතිගත් බවයි. මේ අවදි වීම නතර කර දැමුමට ඔවුනට වුවමනා වූ බවයි. එම සත්‍යග්‍රහය ඉතා සාර්ථක ලෙස කොළඹ කොටුවේදී පැවතුනි. ඉන් දින කිහිපයකට පසු රජය විසින් ථෙරවාදී භික්ෂු කතිකාව ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ආණ්ඩුව මින් සැබෑ ලෙසම බලාපොරොත්තු වූයේ කුමක්ද? මාගේ අදහස නම් ආණ්ඩුවේ මූලිකම අභිප්‍රාය වූයේ එම පනතේ නමින්ම කියැවෙන පරිදි භික්ෂු විනය පිලිබඳ කතිකාවක් රට තුළ ඇති කිරීමයි. යමෙක් එහි ඇති වරද කුමක්දැයි ප්‍රශ්න කළ හැකිය. වරද ඇත්තේ අරමුණෙහි නොව, යටිඅරමුණෙහිය. රජයට මේ පනතට කුමක් සිදු වූවත් කම් නැති බව මගේ හැඟිමයි. ඔවුනට අවශ්‍ය අර ප්‍රධාන අත්‍යාවශ්‍ය සංවාදය වන ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ හැකිවන ලෙස, දෙමළ ජාතිවාදයට යටත් වූ ව්‍යවස්ථා වෙනස් කම් සහ රණ විරුවන් හිරේ දමා දෙමළ ජාතිවාදය පිනවන රජයේ පාහර ක්‍රියාවන් පිලිබඳ කතිකාවන් යට දමා රජයට කෙරුනත් කම් නැති නොකෙරුනත් කම් නැති පනතක් පිලිබඳ කතිකාවක් සංඝ සමාජය ප්‍රමුඛ මහා සමාජය තුළ ඇති කිරීමය.

පවතින ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් රනිල් සහ සිරිසේන ගෙනෙන්නට යන නව ව්‍යවස්ථාට සැකසීමේ ක්‍රියාදාමයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවැසිය. සිරිසේනගේ විධායක බල මහිමයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් මේ කුපාඩි යෝජනවාට අත උස්සවා ගැනීම ඔවුන්ගේ ආසන්නම ඉලක්කයයි. රට තුළ ඒ සඳහා විශාල විරෝධතාවක් විශේෂයෙන් සංඝයා වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන් ඇති වී ජනතාව දැනුවත් වුවහොත් දේශපාලනික වශයෙන් අර කුපාඩින්ට අත එසවීම අපහසු කාර්යයක් බවට පත් වේ. සංඝයා වහන්සේලාට වෙනත් ගැටළුවක් ගැන සාකච්ඡා කරන්නට සැලැස්වීම ආණ්ඩුවේ මූලික උපායයි. එමඟින් අර ව්‍යවස්ථා කුපාඩිකම පිලිබඳ කතිකාව යට යවා ගත හැකිය. දාන මාන, පිංකම්, පිරිවෙන්වල උගැන්වීම්, සහ නොයෙකුත් ශාසනික සේවාවන් කරන අතරතුරය භික්ෂුන් වහන්සේලාට මෙවැනි දේශපාලන කාර්යයන් සඳහා අවදානය යොමු කළ හැක්කේ. උන්වහන්සේලාටම වෙසෙසින් බලපාන කතිකාවක් ඇති කිරීම තුලින් ආණ්ඩුවට සංඝයා වහසේලා ඒ කතිකාව තුළ සිර කළ හැකිය. රනිල් එජාපයේ මන්ත්‍රීන්ට ව්‍යවස්ථාව පිලිබද රූපවාහිනී සංවාදවලට නොයන ලෙස දැනුම් දීම නිසා බොහෝ රූපවාහිනී නාලිකාවලට සිය දේශපාලන වැඩසටහන්හි තේමාව ව්‍යවස්ථාවෙන් පිට යොදා ගන්නට සිදු විය. මින් පැහැදිලි වන්නේ රජයට අවශ්‍ය ව්‍යවස්ථා වැඩේ ගැන කතිකාවක් ඇති වීම වැලැක්වීම බවයි.

අධිකරණ ඇමතිට බුද්ධ ශාසනය භාර දෙන්නේ ව්‍යවස්ථාව හරහා රටට හතුරුකමක් කරන විට ඊට එරෙහිවන භික්ෂූන් වහන්සේලා උපක්‍රමික ලෙස පාලනය කළ හැකි ක්‍රමවේදයන් හා දින වකවානුන් ව්‍යවස්ථා කුපාඩි කටයුතු සමඟ මනා ලෙස ගලප්පවා ගැනුමටයි. මෙම ථෙරවාදී භික්ෂු කතිකාව ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සැකසෙන්නට ඇත්තේ විජයදාසගේ මූලිකත්වයෙන් විය යුතුය. නමුත් එය ඔහු විසින්ම ඉදිරිපත් නොකිරීමට පරිස්සම් වේ. එය ජනමාධ්‍ය ඇමති විසින් ඉදිරිපත් කරයි. එය විද්‍යාත්මක නැති වුවත් විජයදාස විසින්ම එය ඉදිරිපත් කළහොත් ඉහත අප කී විද්‍යාත්මක හේතුව වඩා පැහැදිලි ලෙස එළියට පෙනෙතැයි සිතූ නිසා භික්ෂු විනය පනත අවිද්‍යාත්මක ලෙස ජනමාධ්‍ය ඇමති ගයන්ත ලව්වා ගෙන එන ලදී. ඒ නයින් ගත් කළ එයද විද්‍යාත්මකය.

රටේ උරුමය සහ සම්ප්‍රදාය නියෝජනය විය යුතු මූලික නීතිය වන ව්‍යවස්ථාව දෙමළ ජාතිවාදයට යට කරන්නට සැරසෙන විට ඊට එරෙහිව නැගී සිටීමේ උරුමය දරන ලාංකික භික්ෂුව උපායශීලී ලෙස පාලනය කිරීම සඳහා රජය විසින් ගණන් බලා ඇත්තේ ඇමති මණ්ඩලය පත් කරන විටදීම වීම මොවුන්ගේ සැලසුම්හි දිග පළල සහ භයානකකම හෙළිකරන්නකි.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions