1/16/2016

රනිල් අන්ත දෙමළ ජාතිවාදියෙකි

කතෘ:යුතුකම     1/16/2016   No comments

[මේ යුතුකම සංවාද කවය වෙබ් අවකාශයේ මීට ටික දිනකට පෙර පළ කළ ලිපියකි.
රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ යාපනයේදී තෛයිපොංගල් සැමරුමකට එක්වෙමින් සිදු කළ ප්‍රකාශය මේ ලිපියෙන් අප අවධාරණය කළ කරුණ ඉතා හොඳින් නැවත වරක් පැහැදිලි වූ අවස්ථාවකි.
එබැවින් මෙය නැවත පළ කරමු... ]

රනිල් දෙමළ ජාතිවාදියෙකි
[2015-11-29 -www.yuthukama.com]
රනිල් වික්‍රමසිංහ සමාජවාදියකු නොවේ. ඇතැමුන්ට අනුව ඔහු ලිබරල්වාදියෙකි. තවෙකෙකුට අනුව ඔහු ධනවාදියෙකි. ඔහු මේ රටේ දෙවරක්ම ඉතා බලගතු ලෙස අගමැති ධූරයට පත් විය. ඒ 2001දී සහ 2015 දීය. ඔහු භාවිතාවෙන් පෙන්වූයේ ඔහු ධනවාදියකු බව හෝ ලිබරල්වාදියෙකු බවද?

2001 දී ඔහු භාවිතාවෙන් පෙන්වූයේ ඔහු ධනවාදියෙකු හෝ ලිබරල්වාදියකු හෝ නොවන බවය. ධනවාදියෙකු නම් උත්සාහ කළ යුත්තේ මෙරට තුළ ධනවතුන් බිහි කිරීමටය. ඔවුන් උපයන අතිරික්ත ප්‍රාග්ධනය භාවිතා කොට ලෝකයේ අනෙක් රටවල සම්පත් සහ ශ්‍රමය වෙත යොමු වීමටය. රීගේනින් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරීමෙන් ගම්‍ය වන්නේ ඔහු ධනවාදියෙකු හෝ ලිබරල්වාදියෙකු හෝ වන බව නොවේ. ඇමරිකාව ඇතුළු ධනවාදී රටවලට ලංකාව කොල්ල කන්න උදවු කරන්නට සූදානම් වූ ඔවුනගේ චක්ගෝලයකු බව පමණි ඒ මඟින් පෙනෙන්නේ.

2001දී ඔහු ගැන කීමට තිබූ එකම හොඳය සෘණ ආර්ථිකයක් ධන කළ බවය. නමුත් ඇත්ත වශයෙන්ම ලංකාව වැනි රටක සෘණ ආර්ථිකයක් ධන කිරීම, ධන ආර්ථිකයක් යළි ධන කරනවාට වඩා පහසුය. එය නිතැතින්ම වාගේ සිදුවන්නකි. මහා දුර්භීක්ෂයක් නොතිබීම ඒ සඳහා හොඳටම ප්‍රමාණවත් වේ. (සෘණ ආර්ථිකයක් ලෙස එදා දේශපාලකයන් විසින් හැඳින්වූයේ ආථික වර්ධන වේගය සෘණ අගයක් ගැනීමය.)

එකල ඔහු ජනතාවට කීවේ පටි තද කර ගන්න කියාය. මෙවරද එම වචනයෙන් නොකීවද සමස්ථ අයවැයේ මුඛ්‍ය අර්ථය පටි තද කර ගනු යන්නයි. මහින්ද සමයේ තත්වය මීට හාත්පසින්ම වෙනස් විය. මහින්දගේ පණිවුඩ වූයේ ඒක පුද්ගල ආදායම වැඩි කිරීම, දිළිඳු රටක සිට මැදි ආදායම් රටක් බවට පරිවර්තනය කිරීම, සාමයේ ප්‍රතිලාභ, සහ ආසියාවේ ආශ්චර්යය වැනි ඒවායි. අප මහින්ද හා එහිදී මතවාදීව එකඟ නොවන්නෙමු. ඒ පිළිබඳ වෙනම දීර්ඝ ලෙස කතා කළ යුතුය. නමුත් මහින්දට පැහැඳිලි දිශානතියක් විය. ඒ දිශානතියට රට ගමන් කළේය. එහි අඩුපාඩු කොතෙකුත් තිබුණද මහින්දට ගමනක් තිබුනි. නමුත් රනිල්ට කුමන හෝ දිශාවකට රට ගෙනයන ආර්ථික ගමනක් නැති බව පැහැඳිලිය. අතරමංවූ සිරිසේන මහතා පාර අසා ඇත්තේ මංමුලාවූ සමනලියකගෙනි. සිරිසේන මහතා ගැන නම් මට තේරුම් ගොස් ඇත්තේ කිසිදු තේරුමක් නැති අයකු ලෙසය. ඔහු උත්සාහ කරන්නේ "පරිසරයට" මුවා වී තම නොතේරුම් කම සඟවා තබා ගැනීමටය. නමුත් පරිසරයට ඔහුව සැඟවිය නොහැකි පරිසරයක් ළඟ එන ප්‍රාදේශීය සභා මැතිවරණයත් සමඟ උදාවනු ඇත.

රනිල් වික්‍රමසිංහ ධනවාදියෙකිය යන හැඟීම යමෙකු තුළ ඇති විය හැකිය. එය සදොස් නිගමනයක් වුව එවැන්නකට කිසියම් නෑකමක් රනිල්ගේ මතවාදයේ ඇත. තේරුම් ගැනීමට අපහසු මේ මිනිසා තේරුම් ගැනීමට සිත යොමු කිරීම උචිත සහ කාලීන වැදගත්කමකින් යුතු ක්‍රියාවක් වන්නේ අපගේ මවුබිමේ ඉරණම ඒ හා ගැට ගසා තබන්නට සිදු වී ඇති බැවිනි.

සිංහල කොටි සිටියේය. ප්‍රගීත් එක්නැළිගොඩ එවැන්නෙක් බව පුවත්පත් වාර්තා කළේය. ඒ වගේම සිංහලයන් වන දෙමළ ජාතීවාදීහු ද සිටිත්. දේශපාලකයන් අතර මෙන්ම වෙනසට හඬ දුන් විකල්ප ගෝත්‍රයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර ද එවැන්නෝ වෙත්. නන්දිකඩාල් කලපුව දිගේ පාවී එන ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු සංසේචනය වී බිහිවන අළුත් පරපුරක් පතන ටියුෂන් ඇදුරෝද සිටිත්. මතවාදීව මුන්ගේ ශුක්‍රාණු හා ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු වෙනස් වන්නේ අවම සෛල ගණනකිනි. දෙගොල්ලන්ම බෝ කරන අලුත් පරපුර ඔවුන් මෙන්ම සිංහලයන්ට වෛර කරන්නෝ වෙත්.

2001දී මෙන්ම 2015දී රනිල්ගෙන් පැහැදිලි ලෙස ඉස්මතු වී පෙනෙන මතවාදය කුමක්ද?
ප්‍රභාකරන් සමග ජාතික සංවාද ඇමතිගේ සංවාදයක්..
ඔහුගේ මතවාදය හෙළි කරන එක තැනක් පමණක් ගෙනහැර දක්වන්නට අපට ඉඩ දෙන්න. ඔහු මනෝ ගනේෂන් මහතාට ලබා දෙන ඇමති කම කුමක්ද? ඒ අළුතෙන්ම තනා දුන් අපූරු ඇමතිකමේ නම "ජාතික සංවාද ඇමති" නම් වෙයි. මනෝ ගනේෂන් ප්‍රභාකරන් සමඟ එකට ප්‍රභාකරන්ට අයත් පිහිනුම් තටාකයේ දිය බුං ගැසූ බව පුවත් පත්වල එකල පළ විය. හෙතෙම එල් ටී ටී ඊ වේදිකාවල සිට එල් ටී ටී ඊ ය වෙනුවෙන් ජනතාව ආමන්ත්‍රණය කළේය. මනෝ ගනේෂන් දෙමළ ජාතිවාදියෙකි. දෙමළ ජාතිවාදියෙකුට ජාතික සංවාදය බාර දෙන්න සිත් දෙන්නේ දෙමළ ජාතිවාදියෙකුටම පමණක් නොවේද? රනිල් සිරිසේන ආණ්ඩුව පත්වූ දා සිට ත්‍රස්ත මර්ධන පනත යටතේ අත්අඩංගුවට ගන්නේ එල් ටී ටී ඊ සැක කරුවන් නොව, බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රණවිරුවන්වය. අපට අභය දුන් රණ විරුවන් ත්‍රස්තවාදීන් ලෙස පෙනෙන්නේ අන්තවාදී දෙමළ ජාතිවාදීන්ට නොවේ නම් කා හටද?

රනිල් වික්‍රමසිංහ ඉතා පැහැඳිලිවම දෙමළ ජාතිවාදියෙකි. ඔහු දෙමළ ජාතිවාදයකු වන නිසා, ඔහු බෙදුම්වාදියකුද වෙයි. ඔහු ලංකාව දෙස බලන්නේ ඔහුගේ එම දෙමළ ජාතිවාදී චින්තනයෙන් යුතුවය. ඒ උපැස් යුවලෙන් බලන ඔහුට බෙදුම්වාදයට එරෙහි වූවන් පෙනෙන්නේ ජාතිවාදීන් ලෙසය. ඔහුට අනුව මහින්ද සුළඟ යනු ජාතිවාදී සුළඟකි. දමිළ දරුවන්ගේ බෙල්ලෙන් සයනයිඩ් කරල ඉවත් කර ඔවුනගේ අතට පොත් මිටිය ලබා දුන් මහින්ද ජාතිවාදියෙකු වන්නේ අන්තවාදී දෙමළ ජාතිවාදියෙකුගේ ඇසින් මිස අන් කවර ඇසකින්ද? ආර් සම්බන්ධන්ගේ සහ රනිල් වික්‍රමසිංහගේ මතවාදයන් අතර වෙනස කල්පනා කරන්නට උත්සාහ කළහොත් මේ බව වඩාත් පැහැඳිලි වනු ඇත. සම්බන්ධන් මෙන් රනිල් දෙමළ නිජබිමක් ඇතැයි මුවින් පවසා නැත. නමුත් ඔහු ක්‍රියා කරන්නේ දෙමළ නිජබිමක් ඇතැයි යන්න පිලිගත්තෙකු ලෙස නොවේද?

සිංහලයන් රටට ද්‍රෝහි වෙමින් කොටින් බවට පත් වූයේ මුදල් ලබා ගැනීමටය. රනිල් දෙමළ ජාතිවාදියෙකු වීම නිසා ඔහුට ලැබෙන්නේ කුමන කෙං ගෙඩියක්දැයි ඇතැමෙකු අසන්නට ඉඩ ඇත. අධිරාජ්‍යවාදීන් ලංකාව දුර්වල කර සිය අණසකට යටකර තබා ගන්නේ දෙමළ ජාතිවාදය උපයෝගී කරගෙනය. ඒ නිසාම දෙමළ ජාතිවාදියෙකු වන රනිල් වික්‍රමසිංහ ඔවුනගේ අංක එකේ තෝරා ගැනීමය. පක්ෂයේ මිනිසුන් රනිල්ට එරෙහිව සිරුරට ගිනි තබා ගෙන මිය යද්දී පවා රනිල්ට ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී පක්ෂ නායකත්වය අල්ලා සිටින්නට හයියක් ලැබගන්නේ දෙමළ ජාතිවාදියෙකු වීම තුළ තමාට විදෙස් රටවලින් ලැබෙන අනුග්‍රහය ගැන විශ්වාසය තබන නිසා විය නොහැකිද? කිනම් හෝ මොහොතක බටහිර බලවතුන් විසින් තමා බලයට ගෙන එන බව ඔහු විශ්වාස කළ නිසා නොවේද? මහින්ද පරදවන්නට තමා ඇමරිකාවට ගොස් ටියුෂන් ගත් බව ඔහු පැවසුවේ කිසිදු පැකිළීමකින් තොරවය.

ජනාධිපතිවරණයකින් පත් වූ ලෝකයේ එකම අගමැති ලෙස රනිල් අගමැති ධූරයේ ජනවාරි 9 දා ව්‍යවස්ථා විරෝධී ලෙස දිවුරුම් දීමට වාසනාව ලැබ ගන්නේ දෙමළ ජාතිවාදියෙකු වීම නිසාය. ඔහුට ඉදිරියටත් යමක් ලැබෙනවා නම් ලැබෙන්නේ දෙමළ ජාතිවාදී මතවාදයට අනුකූලව රට ගෙනයමින් සිංහලත්වය පරාජය කරමින් රට තුළ සංහිඳියාවේ නාමයෙන්ම අසමඟිය හා සැකය වපුරවමින් රට බෙදුම්වාදය කරා රැගෙන යාමට ඔහු කෙතරම් දක්ෂ සහ සූක්ෂම වන්නේද යන කාරණය මත පදනම්වය. බටහිරයන් විසින් රනිල්ගේ කාර්ය සාධන ඇගයීම සකසන්නේ දෙමළ ජාතිවාදී මතවාදය බලවත් ලෙස ඔසවා තබමින් සිංහලත්වය මරා දැමීමට ඔහුට ඇති දක්ෂතාවයට අනුවය. ඒ නිසා රනිල්ට පැවතිය හැක්කේ ඔහු දෙමළ ජාතිවාදියෙකු වන තුරු පමණි. ඔහුට නොපවතින්නට වුවමනාවක් ඇතැයි නොසිතමි.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions