1/17/2016

ඉන්දියාවට හා එංගලන්තයට එරෙහිව නව පක්‍ෂයක් හා නායකත්වයක්

කතෘ:යුතුකම     1/17/2016   No comments

[ජනවාරි 17 වැනි දා ඉරිදා රිවිර පුවත්පතට නොලියූ එහෙත් පළ කිරීමට ලබන ඉරිදා වන තුරු බලා සිටීමට නොහැකි කරුණු කිහිපයක් ඉතා කෙටියෙන් පහත දැක්වෙයි.]

අද මෛත්‍රිපාල සිරිසේන ක්‍රියා කරන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නො වේ. ඔහුට ලබන මැතිවරණයෙන් පසු විධායක අගමැතිකම නොලැබෙන බවට රනිල් සහතික වී ඇත. අවුල් ආණ්ඩු දීගය ලබන මැතිවරණය තෙක් කෙසේවත් නොපවතිනු ඇත.

සිරිසේනට අද අවශ්‍ය විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් (එනම් මීළඟ මැතිවරණයෙන් හා ජනාධිපතිවරණයෙන් පසුව ද) තබා ගැනීම ය. ඔහු ඒ සඳහා නොයෙක් උපාය යොදයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නො වේ. ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ ඒ බවක් සඳහන් නො වේ. එසේ වුවත් සිරිසේන තම ජනාධිපතිවරණ ප්‍රකාශනයේ සඳහන් කෙළේ ජනමත විචාරණයක් අවශ්‍ය වගන්ති සංශෝධනය නොකරණ බව ය. සිරිසේනට ඉන්දියාවේ විරුද්ධතාව මත ද ඒ පොරොන්දුව ඉටුකළ හැකි ද? එසේ කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර එයට නැවතත් මහින්ද රාජපක්‍ෂ පත්කිරීමට ඉඩ දී ඔහු අගමැති වීමට කැමතිවන්නේ ද? එසේ නොකළහොත් ඔහුට හෝ අද ආණ්ඩුවේ සිටින ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියන ඇමතිවරුන්ට (සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂය මරා දැම්මේ ය) හෝ රනිල්ගේ ආණ්ඩුවක කිසිම තැනක් හිමිනොවනු ඇත.

ගාන්ධිගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඉන්දියාව කෙතරම් මෙරට ප්‍රශ්නවලට මැදිහත් වන්නේ ද යන්න ය. අද ලංකාව ක්‍රියාකරන්නේ ඉන්දියාවේ හා එංගලන්තයේ අණ පරිදි ය. ගාන්ධි යුද්ධාපරාධ සම්බන්ධයෙන් ලංකාවට චෝදනා නැගී ය. රනිල් හෝ ඊනියා යුද්ධයේ අවසාන කාලයේ වැඩබලන ආරක්‍ෂක ඇමති වූ සිරිසේන හෝ එයට විරුද්ධව මේ වන තුරු (17 සවස) වචනයක් කියා නැත. ඉන්දියාව දැනට සිරිසේනට විරුද්ධව යුද්ධාපරාධ චෝදනා ඉදිරිපත් නො කරයි. ඒ සිරිසේන ඉන්දියාවට කීකරු ව සිටින තාක් ය.

ලංකාව පකිස්ථානයෙන් ජෙට් යානා මිළ දී ගැනීමට පකිස්ථාන අගමැතිවරයා සමග අත්සන් කළ ගිවිසුම ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි බිඳ දමා ඇත. දැන් ලංකාව පකිස්ථානයෙන් ජෙට් මිළ දී නොගනු ඇත. අප ඉන්දියාවට මෙතරම් වහල්වන්නේ ඇයි? චීනය සමග සම්බන්ධතා දිය කළේ ඉන්දියාවේ හා එංගලන්තයේ අවශ්‍යතාව පරිදි ය.

පැහැදිලිව ම උතුරේ මහ ඇමති විග්නේස්වරන් දෙමළ සංසදය අද (ජනවාරි 17) විසුරුවා හරිනු ඇත්තේ ඉන්දියාවේ අණ පරිදි ය. එය එංගලන්තයට හා එහි විසුරුණු දෙමළ ජනයාට ප්‍රශ්නයක් වුවත් විග්නේස්වරන්ට කළ හැකි දෙයක් නැත.

ආණ්ඩුව නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර අවසන් ය. එහෙත් එය ප්‍රසිද්ධ නොකරයි. ඒ වෙනුවට මහජන මතය විමසීමට යැයි කියමින් බොරු කමිටුවක් පත්කර ඇත. ඒ හැරෙන්නට තවත් කමිටු ද පත්කර ඇත. මේ කමිටුවල වැඩි බලය ඇත්තේ සිංහල බෞද්ධ විරෝධීන්ට ය. ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න, ජයදේව උයන්ගොඩ වැන්නන්ගේ අදහස් කවරේ දැයි අපි අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ දන්නෙමු. මහජන මතය කුමක් වුවත් රනිල් ඉදිරිපත් කරනු ඇත්තේ ඉන්දියාවට හා එංගලන්තයට අවශ්‍ය දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙන ව්‍යවස්ථාවකි. මහජන මතය විමසන්නේ මහජනයාගේ ඇසට වැලි ගැසීමට ය.

සිංහල බෞද්ධ විරෝධී මාක්ස්වාදීන් හා රනිල්ගේ එ ජා පක්‍ෂය අත්වැල් බැඳගෙන ඇත. රනිල් තමා සිංහල බෞද්ධයකු බව කියයි. අපි ඒ පිළිගනිමු. එහෙත් එ ජා පක්‍ෂය සිංහල බෞද්ධ නොව ඇංග්ලිකන් ක්‍රිස්තියානි පක්‍ෂයකි. එහි සංස්කෘතිය හා චින්තනය ඇංග්ලිකන් ක්‍රිස්තියානි වෙයි. මාක්ස්වාදයේ චින්තනය කතෝලික වෙයි. ප්‍රභාකරන් හින්දු වන්නට ඇත. එහෙත් දෙමළ ජාතිවාදයේ චින්තනය ක්‍රිස්තියානි වෙයි. දෙමළ ජාතිවාදය 1833 දී ඉංගිරිසින් විසින් සිංහල බෞද්ධයනට විරුද්ධ ව දේශපාලනික ව බෞතීස්ම කරන ලද්දකි. (ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා කෘතිය කියවන්න) . රනිල් ප්‍රභාකරන් ක්‍රිස්තියානි නෝර්වේ වුවමනාවට ගිවිසුම් අත්සන් කෙළේ බෞද්ධයන්ගේ හෝ හින්දූන්ගේ හෝ අවශ්‍යතාවට නො වේ. ප්‍රභාකරන්ට කතෝලික පූජකවරු ආධාර නො කළෝ ද? ඒ ගැන සෙවීමට රනිල් කමිටුවක් පත්කරන්නේ ද? භික්‍ෂූන් වහන්සේලා ක්‍රිස්තියානි නීතිය යටතට පත්කිරීමට රනිල් උත්සාහ කරයි. අද අගමැති පමණක් නොව තත්ත්වාකාරක ජනාධිපති හා කතානායක ද වන ඔහු ක්‍රිස්තියනි රෝම ලන්දේසි නීතිය ආධරයෙන් තත්ත්වාකාරක මහානායක ද වීමට උත්සාහ කරයි. ඒ එංගලන්තයේ ඇංග්ලිකන් පල්ලියේ ආදර්ශය අනුව ය. ඇංග්ලිකන් පල්ලියේ නායකයා කැන්ටබරියේ ආච්බිෂොප්වරයා නොව එලිසබෙත් වින්ඩ්සර් ය.

සිංහල බෞද්ධයනට ප්‍රවාද (ප්‍රමාද නොවේ) ගැන වැටහීමක් නැතිවුවත් ඔවුහු එ ජා පක්‍ෂය ඉවෙන් හඳුනති. නිල වශයෙන් නොවූවත් එ ජා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා වූ සිරිසේනට 2015 ජනවාරි 8වැනි දා පැවති ජනාධිපතිවරණයේ දී සිංහල බෞද්ධයන්ගෙන් 40%කවත් ඡන්දය නො ලැබිණි. සිරිසේන ඒ බව වටහා ගන්නේ නම් මැනවි. රනිල්ට එපමණවත් නොලැබෙනු ඇත. ඔහුට සිරිසේනලාගේ හා සරත් ෆොන්සේකාලාගේ පිහිට අවශ්‍ය වෙයි.

අද පමා වී වුවත් සිංහල බෞද්ධයන්ගේ හා සිංහලත්වයට ගරුකරන්න අනෙක් අයගේ පක්‍ෂයක් වහාම ඇතිකළ යුතු වෙයි. ඒ නොමැතිව ඉන්දියාවට හා එංගලන්තයට විරුද්ධව සටන් කළ නො හැකි ය. ඒ මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් ඇති විය යුතු ය. සිරිසේනට දේශපාලන අනාගතයක් අවශ්‍ය නම් මහින්ද රාජපක්‍ෂගේ නායකත්වය පිළිගත හැකි ය. මෙය රනිල්ට විරුද්ධව කරන සටනක් නොව එංගලන්තයට හා ඉන්දියාවට එරෙහිව කරන සටනකි. ඒ සඳහා නායකත්වය දීමට තමාට නොහැකි බව සිරිසේන වුවත් වටහාගත යුතු ය. ඔහු සිංහල බෞද්ධකම අගයන්නේ නම් මහින්ද නැවතත් ජනාධිපති කරගැනීමට කටයුතු කළ යුතු ය. ක්‍රිස්තියානි සංස්කෘතියේ දෙමළ ජාතිවාදය තිබෙනතාක් විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතු ය. ඒ පදවියට සුදුසු සිංහල බෞද්ධයකු පත්කර ගත යුතු ය.

නලින් ද සිල්වා
http://www1.kalaya.org/

2016 ජනවාරි 17
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions