1/11/2016

බුද්ධාගම, බුද්ධ ශාසනය හා ඒකීය රාජ්‍යය ව්‍යවස්‌ථාවෙන් ඉවත් කළ හැකිද?

කතෘ:යුතුකම     1/11/2016   No comments


1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ආරක්‌ෂා කර තිබෙන ඒකීය රාජ්‍යයත්, බුදු දහමට ප්‍රමුඛස්‌ථානය පිරිනැමීමට හා බුද්ධ ශාසනය සුරක්‌ෂිත කොට පෝෂණය කිරීමට රජය වෙත පැවරී ඇති යුතුකමත් අතර ජීවමාන බැඳියාවක්‌ ඇත. මෙම වැදගත් කාරණාවන් දෙක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 2 හා 9 වගන්තිවල සඳහන් කර ඇත. 9 වන වගන්තිය හුදෙක්‌ කල්පිතයක්‌ පමණක්‌ වන බව ඇතැම් අය තර්ක කරති. මෙය අප රටේ, ඉතිහාසය හා ආණ්‌ඩුක්‍රමය පිළිබඳව හැදෑරීමකින් තොරව කරනු ලබන පුහු තර්කයකි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට රජය විසින් මුල පිරීමට නියමිතය. එවන් අවදියකදී 9 වන වගන්තියේ ජීවමාන වැදගත්කමත් එය ඒකීය රාජ්‍ය කෙරෙහි කොතෙක්‌ බලපෑම් ඇතිකරන්නේද යන්නත් සම්බන්ධයෙන් කෙටි ගවේෂණයක්‌ කිරීම මෙම ලිපියෙන් අදහස්‌ කෙරේ.

බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානය ලබාදීම හා ශාසනය පෝෂණය කිරීම යනු වසර 2500 කට අධික කාලයක්‌ තිස්‌සේ අප රටේ අඛණ්‌ඩව පැවති රාජ්‍ය ප්‍රතිපත්තිය වේ. (රට විදේශ ආක්‍රමිකයන්ගේ හා බටහිර රටවල පාලනයට නතු වූ අවස්‌ථාවලදී පමණක්‌ බුදුදහමට හා ශාසනයට ලබා දී තිබූ මෙම වැදගත්කම යටපත් කර තිබේ.) මිහිඳු මහරහතුන්ගේ වැඩම කිරීමෙන් පසුව දේවානම් පියතිස්‌ස මහරජතුමා විසින් බුද්ධශාසනයේ භාරකාරයා ලෙසට පත්වී ශ්‍රී ලංකාවට අනන්‍ය වූ මෙම රාජ්‍ය ප්‍රතිපත්තියට මුලපිරුවේය. බුද්ධ ශාසනයේ හා බුද්ධ ධර්මයේ බලපෑම ශ්‍රී ලංකාවේ ජනතාවගේ දෛනික ජීවිතය, කලාව හා සංස්‌කෘතිය, අධ්‍යාපනය, කර්මාන්ත හා ජීවනෝපාය මාර්ග යනාදී සෑම අංශයකම පදනම බවට පත්විය. ඒ අනුව බුදු දහමත් ජනතාවත් රජ්‍ය පාලනයත් හා නීතියේ පාලනයත් අතර අෙන්‍යාaන්‍ය වශයෙන් තිබූ බැඳීම එකිsනෙකින් වෙන්කළ නොහැකි සෙA මුහුවිය. එමෙන්ම ඒවා එකිනෙකට ගැලපෙන පරිදි හැඩගැසිනි. නිතියේ පාලනය සැලකීමේදී බුදුදහම අප රටේ ප්‍රධාන නීති මූලාශ්‍රය විය.

බුද්ධාගම රජයේ ආගම බවත් ශ්‍රී ලංකා දේශය බුදුන්ට අයත් බවත් හා ශ්‍රී ලංකාවේ රජකිරීමට සුදුසු වන්නේ බෞද්ධ රජෙකුට පමණක්‌ වන බවත් 13 වන සියවසේදී ලියූ පූජාවලියේ සඳහන් වේ. 1769 දී ලන්දේසි ආණ්‌ඩුකාර විල්හෙම් µdක්‌ විසින් වාර්තා තබන ලද ලක්‌ රජ ලෝ සිරිත නැමැති ග්‍රන්ථයෙහි එකල මහනුවර විසූ භික්‌ෂූන් වහන්සේලා විසින් ප්‍රකාශ කර ඇති පරිදි රජු (රාජ්‍ය පාලකයා) විසින් බුදුදහම හැර වෙනත් ආගමක්‌ ඇදහිය නොයුතු බවට නීතියක්‌ තිබූ බවට සටහන් තබා තිබේ. 1816 ජූනි 03 දිනැති රොබට්‌ බ්‍රවුන් ඉංගී්‍රසි ආණ්‌ඩුකාරයා විසින් ලියන ලද ලිපියේ උඩරට රාජධානියත් බුදු දහමත් අතර බිඳ නොහැකි බැඳියාවක්‌ තිබෙන බවත් බුදුන් විසින් රජුන්ව විදේශ බලවේගයන්ගෙන් හා බලපෑම්වලින් ආරක්‌ෂා කරනු ලබන බවට (ලක්‌වැසියන්) විශ්වාස කරන බවත් සඳහන් කර ඇත. එලෙස බුදුදහමේ

රැකවරණය ලැබූ රජවරුන්ගේ පරම වගකීම හා යුතුකම වූයේ ශ්‍රී ලංකාව එකම ධජයක්‌ යටතේ පාලනය කිරීමයි.

1815 දී අත්සන් කරන ලද උඩරට ගිවිසුමට බුදු දහම ආරක්‌ෂා කරන බවට වූ කොන්දේසියක්‌ ඇතුළත් කිරීමට ඉංගී්‍රසින්ටද සිදුවිය. එහෙත් පසුකාලීනව එංගලන්ත කතෝලික බලපෑම මත එම එකඟතාව අනුව කටයුතු කිරීමට බාධා එල්ල විය. ඒ අනුව බුදු දහමට හා ශාසනයට හිමිව තිබූ උත්තරීතර හා කේන්ද්‍රීය ස්‌ථානය ඉංගී්‍රසින් විසින් පනවන ලද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මගින් ලබා නොදෙන ලදී. (මාගේ හැඟීම අනුව) විදේශ රටක්‌ හෝ රජයක්‌ විසින් මෙරට රාජ්‍ය බලය අල්ලා ගැනීමේදී පහර දිය යුතු වන කේන්ද්‍රීය ලක්‌ෂය වනුයේ බුදු දහමේ උත්තරීත්වයයි. 1972 දී අපේ රට සැබෑවටම බ්‍රිතාන්‍යයන්ගේ පාලනයෙන් වෙන්වන තෙක්‌ම බුදු දහමටත් ශාසනයටත් ලබා දී තිබූ ප්‍රමුඛත්වය ද සමස්‌ත රටම ද එකවිට විදේශීය අධිරාජ්‍යවාදීන්ට යටත් වී තිබුණි.

බුදුදහමට තිබූ මෙම පූජනීය හා රාජ්‍යතාන්ත්‍රීක වැදගත්කම වසර දහස්‌ ගණනාවක්‌ තිස්‌සේ ජනතාව විසින්ම රජුන්ටත් ඉහළින් ස්‌ථානගත කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ බුදුදහම හා ශාසනය ආරක්‌ෂා කිරීමට කැපවීමේ සහතිකය රජකම ලැබීම සඳහා වූ මූලික සුදුසුකමක්‌ බවට පත්වීමයි. පසුකාලීනව දන්ත ධාතූන් වහන්සේ වටා රාජ්‍ය බලය සංකේතාත්මකව කේන්ද්‍රගත කර ගැනීමට රජයටත් ජනතාවටත් හැකියාව ලැබුණි. ඒ අනුව යමෙකු රජු ලෙසට ජනතාව විසින් පිළිගනු ලැබූයේ ඔහු දන්තධාතූන් වහන්සේගේ භාරකාරත්වය දැරුවේ නම් පමණකි. මෙම පිළිගැනීමට ගරුකිරීමට උඩරට ගිවිසුම ඇතිකර ගන්නා අවස්‌ථාවේදී ඉංගි්‍රසි පාලකයින්ටද සිදුවිය.

එසේ වුවද භික්‌ෂුන් වහන්සේ රාජ්‍ය පාලනයට අනවශ්‍ය ලෙසට මැදිහත් වූයේ නැත. සමානාත්මතාවය, මෛත්‍රීය කරුණාව මුදිතාව වැනි අදටත් බටහිර නීතිවේදීන්ට හරිහැටි අවබෝධකරගත නොහැකි දියුණු හා සංකීර්ණ බෞද්ධ සිද්ධාන්ත ප්‍රායෝගිකව හුරුකළ දේශීය ජනතාව විසින් අන්‍යාගමික හා අන්‍යජාතික ජනතාවටද අන් කිසිදු සමාජයක නොමැති තරමේ වූ ආරක්‌ෂාවක්‌ නිදහසක්‌ හා ගරුත්වයක්‌ පිරිනමන ලදී. ඉන්දියන් සාගරය මධ්‍යයේ ස්‌ථානගත වී තිබෙන ශ්‍රී ලංකාවට වසර දෙදහසකට වැඩි කාලයක්‌ තිස්‌සේ නොපැමිණි ජාතිකයෙක්‌ හෝ අන්‍ය ආගමිකයෙක්‌ හෝ නොවීය. එහෙත් අප ජනතාව හා ඔවුන් අතර කිසිදු විටක ආගමික හෝ වාර්ගික ගැටුමක්‌ හටගත්තේ නැත. මෙරට ගැටීම් හා යුද්ධ හටගෙන ඇත්තේ විදේශීය බලවේග විසින් අප රටේ පාලන බලය අල්ලාගත් හෝ අල්ලාගැනීමට උත්සාහ ගත් අවස්‌ථාවලදීය. ඒවා ජාතිවාදී හෝ වර්ගවාදී ගැටුම් නොව රටේ නිදහස වෙනුවෙන් කළ දැවැන්ත සටන් හා නිදහස්‌ අරගලයන්ය.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා නිති සිද්ධාන්තයන් මෙම සංසිද්ධියට ආදාළ කිරීමේදී ලොව අන් රටක නොදැකිය හැකි වූ සුවිශේෂ තත්ත්වයක්‌ වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ අප රට තුළ පැවති බව පෙනේ. ජනතාව විසින් ආගමික වශයෙන් වන්දනීය වූ බුදු දහම සත්‍ය වශයෙන්ම ජනතාවගේ දෛනික ජීවිතයේ හා නීතියේ පාලනයේ මෙන්ම රාජ්‍ය බලයේද උත්තරීතරම බලකේන්ද්‍රස්‌ථානය විය. ඒ අනුව බුදු දහම රාජ්‍ය බලයේ ආරම්භක ස්‌ථානය නොහොත් පරමාධිපත්‍ය බලයේ කේන්ද්‍රිය ලක්‌ෂය විය. පරිපාලන යාන්ත්‍රණය හරහා පහළට සාරෝපනය වූයේ රජුගේ බලය නොව බුදු දහම මත පිහිටා රජු විසින් අත්කරගත් බලයයි.

ඒ අනුව දෙවන පෑතිස්‌ රජුගෙන් ආරම්භ වී මෙරට බටහිර යටත් විජිතයක්‌ බවට පත්වන තෙක්‌ම නොවෙනස්‌ වූ මූලික ලක්‌ෂණවලින් හා ආකෘතියකින් යුත් අලිත ව්‍යවස්‌ථාවක්‌ දේශය තුළ ක්‍රියාත්මක වූ බව පැහැදිලිය. එහි මුලිකම ලක්‌ෂණය වූයේ බුදු දහමට ප්‍රමුඛස්‌ථානය ලැබීමත් හා රාජ්‍ය බලය ද එයින්ම ජනනය වීමත්ය. ඒ අනුව පරමාධිපත්‍ය බලය රජු වෙත සෘජුව නොතිබූ බවත් රජු විසින්ද තම රාජ්‍ය බලය අත්කර ගන්නා ලද්දේ ඔහු විසින් යටත් විය යුතු වූ හා ජනතාව විසින් ප්‍රමුඛස්‌ථානය ලබා දී තිබූ බුද්ධාගම යන ජීවමාන බලවේගයෙන් වූ බවත් බුද්ධාගම, රාජ්‍ය හා ජනතාව අතර තිබූ මෙම සම්බන්ධය හා එහි පිළිවෙළ සම්බන්ධය විග්‍රහ කිරීමේදී පෙනී යයි. එය අපටම උරුම වූ හා මෙරට ස්‌ථාපිත වූ ව්‍යවස්‌ථාවේ මුලික ආකෘතිය ද ඓතිහාසික වශයෙන් විකාශය වූ අපගේම ව්‍යවස්‌ථා සම්ප්‍රදායද වෙයි.

බුද්ධ ශාසනය යන්නට දේශීය ජල තීරයෙන් සීමාවන සමස්‌ත භූමිය තුළ පිහිටි සියලුම වෙහෙර විහාරස්‌ථාන ඇතුළු බෞද්ධාගම රට තුළ ස්‌ථාපිත කොට ක්‍රියාත්මක කිරීමෙහිලා දායක වන හා අවශ්‍ය වන සියලු ස්‌ථාන හා ආයතනද සියලුම භික්‌ෂුන් වහන්සේලාද අයත් වෙයි. සත්‍ය වශයෙන්ම ඊට භික්‌ෂු භික්‌ෂුණි උපාසක උපාසිකා යන සියල්ලම ඇතුළත් විය යුතුය. ඒ අනුව රටත් බුද්ධ ශාසනයත් ආරක්‌ෂා කොට පෝෂණය කිරීම රජු වෙත ජනතාව විසින් පිරිනමා තිබූ පරම වගකීම හා යුතුකම වේ. එම යුතුකම ඉටුකිරීමේදී මෙරට භෞමික අඛණ්‌ඩතාවය හා රාජ්‍යයේ ඒකීයත්වය රජු විසින් අනිවාර්යයෙන්ම ආරක්‌ෂා කරගත යුතු වෙයි. රජු වෙත පැවැරී තිබූ මෙම යුතුකම හා වගකීම රජු විසින් රටත් ජනතාවත් රැකගැනීම පෝෂණය කිරීම හා සංවර්ධනය කිරීම දක්‌වා පුළුල් වන ආකාරයෙන් අරථ නිරූපණය කළ හැකිය.

එබැවින් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබා දීමටත් බුද්ධ ශාසනය සුරක්‌ෂිත කොට පෝෂණය කිරීමටත්, ඒකීය රාජ්‍ය ආරක්‌ෂා කිරීමටත් රජය යටත් කරවන වත්මන් ව්‍යවස්‌ථාවේ ඇතුළත් කර ඇති 2 හා 9 වන වගන්ති අප රටටම ආවේණික වූ හා මෙරට වසර දෙදහසකට අධික කාලයක්‌ පැවති හා රට, ජනතාව හා සංස්‌කෘතිය ආරක්‌ෂා කරන ලද ව්‍යවස්‌ථාවේ මූලික පදනම දමා ඇති වගන්තීන්ය. ඒ අනුව එම වගන්ති හා එයින් පනවා තිබෙන සදාතනික නියමයන් වෙනස්‌ කිරීමට හෝ ඉවත් කිරීමට (ජනමත විචාරණයකින් පවා) කිසිම ආණ්‌ඩුවකට හෝ නායකයෙකුට අයිතියක්‌ හෝ හැකියාවක්‌ නොමැති බවද අප විසින් අවධාරණය කරගත යුතුය. රටේ අනාගතය ද පැවැත්ම ද අනන්‍යතාවය ද අනාගත පරම්පරාවන් වෙනුවෙන් සුරක්‌ෂිත වීම සහතික වන්නේ ද එම මූලික සිද්ධාන්තවලින් පමණක්‌ බවද වටහා ගත යුතු වේ. එබැවින් 1978 ව්‍යවස්‌ථාවේ පනවා ඇති 2 වන හා 9 වන වගන්ති නිරුපද්‍රිතව තබාගැනීමට කැපවීම බෞද්ධ භික්‌ෂුවගේ මෙන්ම ජනතාවගේ ද වගකීමයි.

2015 ජනාධිපතිවරණයට තරගකිරීමේදී වත්මන් ජනාධිපතිතුමා විසින් පැහැදිලිවම ප්‍රකාශ කරන ලද්දේ එම වගන්තීන් ඇතුළු ජනමත විචාරණයකින් පමණක්‌ වෙනස්‌ කළ හැකි අන් කිසිදු වගන්තියකට කිසිදු සංශෝධනයකදී අත නොතබන බවය. එසේ වුවද 2016 ජනවාරි 9 දින පිහිටුවීමට යෝජිත ව්‍යවස්‌ථාදායක සභාවට පෙර සඳහන් සියලු වගන්තින් ඉවත්කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ නව ව්‍යවස්‌ථාවට ඇතුළත් කිරීමෙන් වැළකී සිටීමට ඉඩ ලැබේ. එවැන්නක්‌ සිදුවුවහොත් එමගින් ශ්‍රී ලංකාවේ අන්‍යතාවයට ද රටේ හා ජනතාවගේ ආරක්‌ෂාවටද භෞමික අඛණ්‌ඩතාවට ද රටේ අනාගතයට ද දේශීය බෞද්ධ සංස්‌කෘතියටද පිළියම් යෙදිය නොහැකිවූ බරපතල අන්තරායක්‌ සිදු වේ.

එසේ හෙයින් ගරු ජනාධිපතිතුමා විසින් ජනතාව වෙත ජනාධිපතිවරණයේදී දුන් පෙරොන්දුව ඉටුකරමින් පෙර සඳහන් වගන්ති නව ව්‍යවස්‌ථාවක්‌ තුළ නිරුපද්‍රිතව ආරක්‌ෂා වන බවට සහතිකයක්‌ ලබා දිය යුතු වෙයි. එසේම නව ව්‍යවස්‌ථාවක්‌ කෙටුම්පත් කිරීමේදී රටේ ඒකීයභාවය ආරක්‌ෂා කිරීමේ හා බුදුදහමට ප්‍රමුඛස්‌ථානය ලබාදීමේ හා බුද්ධ ශාසනය රැකගැනීමේ රාජ්‍ය යුතුකම සහතික කරන ප්‍රකාශයක්‌ අගමැති විසින් ද ලබා දිය යුතු වෙයි. එම සහතිකය ලබා දෙන තෙක්‌ කිසිදු ව්‍යවස්‌ථා සංශෝධනයකට සහය නොදෙන බවට වූ පූර්ව කොන්දේසියක්‌ සියලුම දේශ හිතෛෂී මන්ත්‍රීන්වරුන් විසින් ඉදිරිපත් කළ යුතු වේ. එය මාතෘ භුමිය වෙනුවෙන් ඔවුන් විසින් ඉටුකළ යුතු වගකීමකි.

ශ්‍රී ලංකාවට උචිත ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේදී දේශිය භික්‌ෂූන් වහන්සේලා අනිවාර්යයෙන්ම සහභාගි කරවාගත යුතු වන බවත් බටහිර ආභාෂය හා චින්තනය පමණක්‌ අත්කරගෙන සිටින (ඊනියා) විශේෂඥයින්ට පමණක්‌ ශ්‍රී ලංකාවට උචිත ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ කිසිදු සුදුසුකමක්‌ හැකියාවක්‌ හෝ අයිතියක්‌ නොමැති බවද රජය විසින් අවබෝධ කරගත යුතු වේ.

-නීතිඥ කණිෂ්ක විතාරණDivaina
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com