ථෙරවිදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට පැතිරෙන දුර්මත සමරහක් නිරාකරණය කිරීම මෙම ලිපියේ අරමුණය.
පොදු පිළිගැනීමට අනුව කතිකාවතක් යනු භික්ෂුන් වහන්සේ විසින් ඒකමතිකව සමිමත කරගනු ලබන හා භික්ෂුන් වහන්සේ වෙතම නියම කරවා ගනු ලබන ආචාර ධර්ම පද්ධතියක් වේ. එහෙත් ඒ සඳහා හරයාත්මක අර්ථකතනයක් යෝජිත පනතේ ලබා දී නොමැත. එම නීතියට අනුව එක් එක් ථෙරවාදී භික්ෂු නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාවන් විසින් ඒ ඒ නිකායට හෝ පාර්ශ්වයට අදාල කතිකාවත් සකස් කර සම්මත කරගත හැකිය. එම කතිකාවත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් විශේෂඥ මණ්ඩලයකට ඉදිරිපත් කර අනුමත කරවා ගත යුතුය. එවැන්නක් ලියාපදිංචි කිරීමෙන් පසුව ඊට නෛතික බලාත්මක බාවයක් ලැබෙන්නේය. එහි ඇති විදිවිධානයක් උල්ලංගනය කිරීම සමිබන්ධයෙන් අදාල නිකායේ හෝ පාර්ශ්වයෙන් කාරක සංඝ සභාව විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතුය. එහිදි ලබාදෙන තීරණයට අනුව කටයුතු නොකිරීම වරදක් වන අතර වරද කරන ලද භික්ෂුවට එරෙහිව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී චෝදනා කර මාස හයකට නොවැඩි බන්ධනාගතකිරීමක් හෝ රුපියල් පනස්දහසකට නොඅඩු දඩයකට යටත්කරවීම මගින් දඩුවම් කල හැකිය.
යෝජිත නීතිය මෙතෙක් රාජ්‍ය අනුග‍්‍රහය යටතේ පනවන ලද ප‍්‍රධාන කතිකාවතත් වලට පටහැනිය. අපට හමුවන පැරණිතම කතිකාවත මහා පරාක‍්‍රමබාහු රජුගේ අනුග‍්‍රහයෙන් සකස්කරන ලද්දකි. එහි මූලික අරමුණ වූයේ එවකට නිකා තුනකට (මහාවිහාර, අභයගිරිය, ජේතවනය වශයෙන්* කැඞී බිඳිගිය භිකෂුන්වහන්සේලාගේ සමගිය ඇතිකොට ශාසනය පවිත‍්‍රකිරීමය. දඹදෙනිය යුගයේදී සංග‍්‍රහකරන ලද විජයබාහු රජුගේ හා දඹදෙනි පැරකුම්බා රජුගේ අනුග‍්‍රහය ලැබූ කතිකාවතත්ද පසුකාලීනව කීර්ති ශී‍්‍ර රාජසිංහ හා ශී‍්‍ර රාජාධිරාජසිංහ රජවරුන් මූලික වූ කතිකාවතත්ද සැලකීමේදී පෙනීයන පොදු ලක්ෂණ වනුයේ-(අ) ඒවා සියල්ල රාජ්‍ය මුල්වි ඇතිකරගත් ඒවා වන බවත් (ආ) ථෙරවාදී භික්ෂුන්ට පමණක් සීමා නොකොට සියලූම භක්ෂුන්වහන්සේලාටම අදාල වන පරිදි සකස්කරන ලද ඒවා වන බවත් (ඇ) භික්ෂුන් වහන්සේලා අතර නිකායන් වශයෙන් හටගෙන තිබු සියලු බෙදීම් අභිබවා භික්ෂුන් වහන්සේලා සමගි කිරීමෙන් පසුව ඇතිකරන ලද ඒවා වන බවත් (ඈ) ශාසන පාරිශුද්ධිය හා ගෞරවය ස්ථාපනය කිරීම එහි ප‍්‍රමුඛ පරමාර්තයක් වී තිබූ බවය.
නිකායන් එකතුකොට සමගි කරවීමෙන් පසුව කතිකාවතත් සංග‍්‍රහ කරන ලද බව ගල්විහාර හා දඹදෙනි කතිකාවත් වල පූර්විකාවල පැහැදිලි කර ඇත්තේ ර්‍ණතුන්කා සමග කිරීමෙන් එක්නකා කොටැ ජේතවන මහාවිහාරාදී නොඑක් මහඇගි විහාර ලක්දිව තන්හි තන්හි කරවා එහි සහස‍්‍ර සංඛ්‍යාතික‍්‍රාන්ත මහාසංඝයා වාස කරවා නිරන්තර ප‍්‍රවෘත්ත ධර්මාමිෂදානයෙන් උපස්ථාන කෙරෙමින්………” යනාදි වශයෙනි.
කතිකාවත් සකස්කිරීමේදී අදාලකරගත් මූලික න්‍යාය කීර්ති ශී‍්‍ර රාජසිංහ කතිකාවතේ සඳහන්ව ඇත්තේ මෙසේය.. ර්‍ණඇමදෙනාවහන්සේම සමගිව විනයපෙළ අටුවා බලා සකචිඡුා කිරීමෙන් පූර්වකතිකාවතුත් බලාගෙන…….”
මේ අනුව කතිකාවත් සකස් කිරීම සඳහා බොහෝ පරිශ‍්‍රමයක් දරා පූර්ව සූදානමක් පැවති බව පැහැදිලිය. ඒ සඳහා දහස් ගණනින් භක්ෂුන් වහන්සේලා ඒකරාශි කොට ඊට සහභාගි කරවා ගත් බවත් එහිදී දීර්ඝ වශයෙන් සාකචිඡුා පැවති බවත් අටුවා හා පූර්වකතිකාවන් ගැඹුරින් අධ්‍යනය කර ඇති බවත් කියවේ. එහිදී සමකාලීනව සමාජය තුල මුල්බැහැගෙන තිබූ බෞද්ධ සංකෘතික ලක්ෂණවලට හා ධර්ම විනයට පටහැනි නොවන පරිදි කතිකාවත් සම්මතකරගෙන තිබේ. දඹදෙනි කතිකාවතේ සඳහන්වන ර්‍ණධර්මවිනය සන්සන්දනය කොටැ ඇජරෝ නෙවිහිදැ” යන පදයෙන් ඒ බව තහවුරු වෙයි.
මේ අතර බෞද්ධ විනය පටිපාටිය තුල තදින්ම කි‍්‍රයාත්මක වූ නීතියකි ර්‍ණගහට්ඨපණ්ඩකාදයේ ඒකවීසති වජ්ජනිය පුග්ගලා” යන්න. ඒ අනුව ගෘහස්ථයන් හා ලිංග විපර්යාස ඇත්තවුන් ඇතුලූ විසි එක්වැදෑරුම් පුද්ගලයින් භික්ෂුන්වහන්සේලාගේ විනයට අදාල කටයුතුවලදී බැහැර කල යුතුවීම අනිවාර්යය. එනමි මෙය භික්ෂුන් වහන්සේ විසින්ම පමණක් සිදුකල යුතු කටයුත්තකි. යෝජිත කතිකාවත පනතේ පෙර රජවරුන් අනුගමනය කරන ලද ඉහත සියලූ රීතීන් අමු අමුවේ උල්ලංගනය කර නොසලකා හැර ඇත. මෙතෙක් ශී‍්‍ර ලංකාවේ බෞද්ධ සංකෘතින් තුල මුල්බැහැගෙන තිබෙන සිරිත්ද විනය විරෝධි කි‍්‍රයා වශයෙන් ඇතුලත් කල හැකිවන පරිදි එම පනතේ මගපෙන්වීමක් ලබා දී තිබේ (මෙම කෙටුමිපතේ ඉතාම අනවශ්‍ය ලෙසට විවිධ (ඊනියාෙ වරදීය කි‍්‍රයා හා දඩුවමි කිහිපයක් සඳහන් කර ඇත-ඒවා බොහොමයක් විනයට අදාල නොවන හා පනතට අවශ්‍ය නොවන ඒවා පමණක් නොව භික්ෂුන්වහන්සේ හට කර ඇති මහත් නිගාවකි). සමස්ථ භික්ෂුන් වහන්සේලාටම අදාලවනු වෙනුවට මෙම නීතිය ප‍්‍රධාන ථෙරවාදි නිකායන් තුනට හා ඊට අයත් පාර්ශ්ව වලට පමණක් සීමාකර ඇත. මෙවැනි පාර්ශවද දැනට 30 කට අධික ප‍්‍රමාණයක් ඇත. ඒ අනුව ථෙරවාදී භික්ෂුන්වහන්සේලා යටත්වන එකිනෙකින් වෙන්වූ නීති පද්ධතින් 30 කට වැඩි ප‍්‍රමාණයක් බිහිවීමේ ඉඩකඩ මෙම පනත යටතේ උදාවනු ඇත. ඒ ඒ නිකායන් හා පාර්ශව වලට පරීක්ෂණ පැවැත්වීමට වෙන් වෙන්වූ සංඝ කාරක සභා පිහිටුවිය බිහිවනු. මේ නිසා පෙර කල ක‍්‍රමවේදයන්ට පටහැනිව යමින් භක්ෂු සාසනය සමගි කිරීම හා එක්කිරීම වෙනුවට භික්ෂු සාසනයේ බේදවීම නීත්‍යානුකූලවම පිළිගනිමින් මෙම නීතිය ගෙනඒමට කටයුතු කර තිබේ. අනෙක් අතට මෙම පනත සකස් කිරීමට පෙර සංඝයාවහන්සේ ඒකරාශීකොට සාකචිඡාකොට අදහස් ලබාගත් බවක්ද නොපෙනේ. එම අඩුපාඩුව සකස්කිරිමට ආණ්ඩුවට මතක් වී ඇත්තේ උගත් භික්ෂුන්වහන්සේලා විසින් යෝජිත පනතට එරෙහිව විරෝධය හා අප‍්‍රසාදය පලකිරීමෙන්් පසුව පමණක් වීම ඉතාම කණගාටුදායක තත්වයකි.
මෙම පනතේ භයානකම අංගයක් වන්නේ කතිකාවත් ගිහියන් (නීතිඥයින්)දෙදෙනෙකු හා භික්ෂුන් වහන්සේලා තිදෙනෙකුගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයකින් සහතික කල යුතු වීම අනිවාර්ය කිරීමය. එහිදී ගිහි නීතිවේදීන්ගේ කාර්යය වන්නේ කතිකාවත ලිඛිත නිතියක විදිවිධාන උල්ලංගනය වන්නේදැයි බැලීමය. මෙම කෙටුම්පත සකස්කරවුන්ට ශී‍්‍ර ලංකාව තුල මුල්බැහැගෙන තිබෙන බෞද්ධ විනය හා සංකෘතිය පිළිබඳව දැනුමක් නොතිබූ බව පැහැදිලිය. ඊට හේතුව අපගේ බෞද්ධ සම්ප‍්‍රදාය හා භික්ෂු විනය බටහිර ආභාෂයක් ඔස්සේ පරිනාමය වන නීති සිද්ධාන්තයන්ට හා සංකල්පවලටද ඒවා මත ගොඩනගා ඇති ලිඛිත නීතිවලටද සැම අවස්ථාවකදීම එකග නොවීමය. වසර දහස්ගණනක් තිස්සේ වර්ධනය වෙමින් පවතින බෞද්ධ ශාසනයේ කොටසක් වන බෞද්ධ භික්ෂුන් වහන්සේලා සෘජුව සම්බන්ධවන බොහෝ සංකෘතික සිරිත් හා විනය ක‍්‍රම ආවරණය කරන නිති තවමත් බිහිවී නොමැත. එවන් අවස්ථාවකදී සියලූ කතිකාවත් නීතියට අනුකූලකරවීමට බලහත්කාරයෙන්ම උත්සාහගැනීම නිසා සිදුවන ආගමික හා සංකෘතික හානිය තක්සේරු කල නොහැකිය.
1997 දී ගරු අභියාචනාධිකරණය විසින් බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා අපූරු තීන්දුවක් ලබා දී ඇත. එහිදී ගරු අධිකරණය විසින් තීරණය කරන ලද්දේ ශාසනික කටයුතු හා විනය සම්බන්ධයෙන් හොඳාකාර දැනුම හා අවබෝධය ඇත්තේ මහා සංඝ සභාව වන බවටත් අභියායචාධිකරණය කිසිවිටකත් මහානායක මාහිමිවරුන් විසින් විනය කාරණා සමිබන්ධව ගනු ලබන තීන්දුවලට මැදිහතත් වීම නොයුතු බවය. එහෙත් නව පනත මගින් මහානායකහිමිවරුන්ට හා උන්වහන්සේලාගේ තිරණයවලට ඇති උත්තරීතර පිළිගැනීම යටපත් කරවනු ඇත. ඊට හේතුව වන්නේ පනතේ ඇති සංඝ කාරක සභාවල තීරණ අධිරණයේ අභියෝගයට ලක්කිරිමට හැකිවීමත් (පොදු නීතිය යටතේ) එහිදි එම තිරණය දුන් සියලූ කාරක සභික භක්ෂුන් වහන්සේලා එම නඩුවලදී වගඋත්තරකරුවන් වශයෙන් තම තීරණයන් වල නිවැරදි බාවය තහවුරු කිරීමට යටත් වීමත්ය.
මෙම පනතේ ඇති ඛේදනීයම අංගය වන්නේ කතිකාවතක නියමයක් උල්ලංගනය කිරිම අපරාධමය වරදක් බවට පත්කිරිමය. වන්දනීය හා පුජනීය වූ භික්ෂුන් වහන්සේ කුඩා විනය කඩකිරීමකට වුවද දරුණු අපරාධකරුවන් හා සමව සලකා උසාවි ක‍්‍රමය තුල විත්තිකූඩුවට නැග්ගවීමට සැලැස්වීම තුලින් භික්ෂුවට මෙන්ම ශාසනයටද සිදුවන හානිය අපමණය. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කල යුතු වන්නේ මෙම නඩුකටයුතුවලදී අදාල නිකායේ හෝ පාර්ශවයේ නායක ස්වාමින් වහන්සේලා මෙන්ම සංඝ කාරක සභාවල සාමාජිකත්වය දැරු භික්ෂුන්වහන්සේලාට පවා වෙනත් සාක්ෂිකරුවන් මෙන් අපරාධ අධිකරණයක සාක්ෂි දීමට සිදුවිය හැකි වීමය. මහේස්ත‍්‍රාත් අධිකරණයකදී දියහැකි අඩුම දඩය රුපියල් 50,000 කි. මෙවැනි දන්ඩනයකට ලක්වූ භික්ෂුවක් කෙසේනම් තවදුරටත් භික්ෂුවක ලෙසින් නැවත සමාජයට පිවිසින්නේද? ගිහියන් සහභාගි නොවිය යුතු බවට පනවා ඇති භික්ෂු විනයට අදාල කාරණයකදී භික්ෂුන් වහස්නේට දඩුවමි ලබාදීමට ගිහියෙකු වෙතම පැවරිම කුමන බෞද්ධ සමිප‍්‍රදායක්ද? මෙම පනතේ සැබෑ පරමාර්ථය වන්නේ ථෙරවාදී භික්ෂු පරපුරත් බෞද්ධ ශාසනයත් මෙරටින් අතුගා දැමීමද?
මෙම පනත කි‍්‍රයාත්මක විමත් සමගම සාම්ප‍්‍රදායික සංඝාධිකරණ ක‍්‍රමය නැත්තටම නැතිවනු ඇත. මෙම පනතින් ඇතිකරනු ලබන සංඝ කාරක සභාවන් බෞද්ධ සමිප‍්‍රදාය තුල එන සංඝාධිකරණයට වෙනස්ය- මූලික ස්වරූප හතරක් (විවාදාධිකරණය අනුවාදාධිකරණය ආපත්තාධිකරණය කිචිචාධිකරණය* ඇති සංඝාධිකරණ ක‍්‍රමය අධිකරණ සමථ නැමැති සුවිශේෂ පටිපාටියකට අනුව කි‍්‍රයාත්මක වෙයි- එබැවින් සංඝාධිකරණ ක‍්‍රමය වත්මන් උසාවි ක‍්‍රමයට බොහෝ සෙයින් වෙනස්ය. බටහිර නීති විද්‍යාවට හසුනොවන සියුම් හා ගැඹුරු සම්ප‍්‍රදායන් හා නීති සිද්ධාන්තයන් සංඝාධිකරණවල කි‍්‍රයාත්මක වී තිබේ. මෙතරම් වටිනා සමිප‍්‍රදායකට හානියක් සිදුකිරිමට කවුරුන් මුල්වූයේද යන්න අභිරහසකි.
මෙම නීතිය ආණ්ඩුව විසින් ගෙන එන්නේ අපගේ ගෞරවනීය නායක ස්වාමින්වහන්සේලා විසින් නිරන්තරයෙන් මුහුන දෙනු ලබන ගැටලූවලට විසඳුමක් වශයෙන් බව ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් පෙන්වා දෙයි.ශාසනයේ කොටසක් ලෙස ක‍්‍රමවත්ව වර්ධනය වී ඇති, බෞද්ධ සම්ප‍්‍රදායෙන් පෝෂණය වූ සංඝාධිකරණයක් මගින් භික්ෂු විනය සම්බන්ධව විනිශ්චය කිරීමේ ක‍්‍රමවේදයක් සැකසිය යුතු බව අපගේද පිළිගැනීමයි. එම සංඝාධිකරණ මගින් ලබා දෙන තීරණ (දඩුවම් පැනවීමෙන් කි‍්‍රයාත්මක කරනවා වෙනුවට* බෞද්ධ විනයට අදාල මූලධර්ම අනුව සාධනීය ක‍්‍රමවේදයන් ඔස්සේ කි‍්‍රයාත්මක කරවීමේ නිතිද සැකසිය හැකිය. එම තීරණ කි‍්‍රයාත්මක කිරීම භික්ෂුන් වහස්නේගේ ගෞරවය ආරක්ෂාවන පරිදි හා ගිහියන්ගේ සෘජු මැදිහත්වීම සිදු නොවන ආකාරයෙන් සිදුවිය විය යුතුය. මෙවැනි නීතියක් ආවාට-ගියාට හදිසියේ සෑදිය නොහැකිය. ඒ සඳහා ශාසනය හා බෞද්ධ සංස්කෘතිය සම්බන්ධව ප‍්‍රවීණ දැනුමක් ඇති භික්ෂුන් වහන්සේ සෘජුව සහභාගිකරවා ගත යුතුය. නීතිය දැනගත් පමණින් හුදෙක් නීතිඥයින්ට පමණක් මෙවැනි සංකීර්ණ පනතක් තනිව සැදිය නොහැකිය.
අපගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා විසින් අපේක්ශා කරනුයේ සමස්ත භික්ෂු සමාජයම නායක භික්ෂුන්වහන්සේලාගේ විනය පාලනයට නතු කිරිම වේ. මෙය අත්‍යාවශයෙන්ම සිදුවිය යුතු කාලීන අවශ්‍යතාවයක් වන බව අපි පිළිගනිමු. එහෙත් මෙම සත්බාවි අරමුණ දඩමීමාකොටගෙන මහානායක ස්වාමීන්වහන්සේලාද නොමග යවමින් සමස්ත ශාසනයම ලෝකයා ඉදිරියේ අගෞරවයට පාත‍්‍රකරවන නීතියක් ගෙන එන්නේ කුමන බලවේගයක අවශ්‍යතාවක් ඉටුකිරීමටදැයි විමසා බැලිය යුතුය.
නීතිඥ කණිෂ්ක විතාරණ
www.lankaleadnews.com
යුතුකම සංවාද කවය

www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .