- රටට හිතැති මහජන නියෝජිතයන්ගේ වගකීම මතක් කර දෙන ගෙවිඳු කුමාරතුංග
විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම , නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම ආදී අලංකාර වගන්ති ඉදිරියට දමා රට බෙදන ව්‍යවස්ථා සංශෝධනයකට රනිල් - මෛත්‍රී හවුල් ආණ්ඩුව සූදානම් වන බවත් ජනවාරි 26 වනදා පාර්ලිමේන්තුවේදී එහි ක්‍රියාපටිපාටිය පිළිබඳ තීරණාත්මක චන්ද විමසීමක් පැවැත්වෙන බැවින් එය පරාජය කිරීමට කටයුතු කිරීම රටට හිතැති මන්ත්‍රීවරුන්ගේ වගකීම සහ යුතුකම බවත් , සිරිසේන ජනාධිපතිවරයා ඒ ද්‍රෝහී පාවාදීම වසං අසාර්ථක උත්සාහයක් ගත්තත් ඔහුගේ සුපුරුදු හිස් ප්‍රලාපවලට හසු නොවී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ සඳහා පෙරමුණ ගත යුතුව ඇති බවත් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පෙන්වා දෙයි.
බිල්ලෝ කුමන්ත්‍රණ ව්‍යවස්ථාව යන මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති යුතුකම සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මේ බව අවධාරණය කළේය.
ඒකාබද්ධ විපක්ෂය අවඥාවට ලක් කරමින් ජීඑල් පීරිස් මහතාගේ ජුන්ටාවක් ගැන අවමන් කරන රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා සංශෝධනය සඳහා බෙදුම්වාදීන්ට බහුතරය හිමිවන 21 දෙනෙකුගෙන් සමන්විත ජුන්ටාවක් පත් කර ඇතැයි පෙන්වා දෙන කුමාරතුංග මහතා එදා 20 වන සංශෝධනය ගෙන එද්දී එය රනිල් වික්‍රමසිංහගේ 'ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්' යැයි චෝදනා කළ චම්පික රණවක ඇමතිවරයා කිසිඳු විලි ලැජ්ජාවක් නැතිව එහි සාමාජිකත්වය දරන බවද පෙන්වා දෙයි.
පරාජිත මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුව හරහා මංකොල්ලකෑම හරහා අටවාගත් 50% කගේවත් වරමක් නැති ආණ්ඩුවට අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ජනතා වරමක් නැති බව පෙන්වා දෙන ගෙවිඳු කුමාරතුංග මහතා එවැනි රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහි වීම රටට අදරය කරන සියළු දෙනාගේ වගකීම බව පෙන්වා දෙයි.
එදා රණවිරුවන් රණ බිමේ දිවි පුදා බේරා ගත් මාතෘභූමිය මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණ හරහා පාවාදීමට කැසකවන ද්‍රෝහීන් පරාජය කිරීම පාර්ලිමේන්තුවේ සිටින ජනතා හදවත් හඳුනන මහජන නියෝජිතයන්ගේ වගකීම සහ යුතුකම බව පෙන්වා දෙන ඒ මහතා ඒකාබද්ධ විපක්ෂයට ඒ සඳහා පෙරමුණ ගන්නා ලෙසද ආයාචනා කර සිටී..
සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන් සවන් දෙන්න...

සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
Please accept a DEFEAT, without trying to discredit the VICTORS. No matter how much you love MR, he LOST to his deputy. It is shameful to loose to your own minister when you are the president, BUT that is life. People who cannot accept defeat are NOT leaders. They are bad looses and never should be running even a municipality let alone a country.
ReplyDelete