යෝජිත නව ව්‍යවස්ථාව හරහා රට බෙදීමේ අනතුර දැඩිව මතුව ඇතැයි මහාචාර්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියන් පෙන්වා දෙයි. කලාප 5 කට බෙදා මධ්‍යම ආන්ඩුව සමග වෙනම ආන්ඩු 6ක් යටතේ පාලනය වීමට යොජනා කර ඇති මේ ව්‍යවස්ථාව හරහා යහපාලනයක් නොව 6- පාලනයක් බිහි වනු ඇතැයි උන් වහන්සේ අනතුරු අඟවයි. පැවිදි හඬ සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් පළකළ උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.
මේ ආණ්ඩුව අපේක්ෂා කරන මගෙහි ගියහොත් නුදුරු අනාගතයේදීම රට ෆෙඩරල් රාජ්‍යක් වනු ඇතැයි පවසන උන් වහන්සේ ඉන් පසු එකිනෙකා දේශ සීමාවලට මරාගන්නා බෙදුනු දේශයක් බිහි වනු ඇතැයිද පෙන්වා දෙයි. සමහරුන් සුළු ජාතික දුක් ගැනවිලි ගැන දොඩවමින් දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටියත් ලෝකයේ සුළුතර ජාතීන් බවට පත්ව ඇත්තේ සිංහළුන් යයිද පෙන්වා දෙයි.
පසුගිය මැතිවරණයේදී මෙලෙස පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කරන්නට ජන වරමක් නොලැබුනු බව පෙන්වා දෙන ධම්මරතන හිමියෝ බලහත්කාරයෙන් සහ වරදාන ලබා දී අටවාගත් 2/3 පාර්ලිමේන්තුව තුල හදා ගත්තත් ජනතාව තුල එවැනි එකඟතාවයක් නැති බවද අවධාරණක කර සිටී.
රටේ අභිමානයත් ස්වෛරී කෙලෙසා රට තුල දෙමළ බෙදුම්වාදය ශක්තිමත් කරන ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කර මාතෲභූමිය කඳුළු දේශයක් බවට පත් කරන්නට තතනන මේ හවුල් ආණ්ඩුව ට එරෙහිව නැගී සිටීම සියළු දෙනාගේ අත් හළ නොහැකි වගකීමක් බවද උන් වහන්සේ අවධාරණය කර සිටී
-සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .