1/06/2016

"මව්බිම අනතුරේ - මහ සඟරුවන පෙරමුණේ - සත්‍යග්‍රහය ජන 08 - ඔබත් එන්න" - පැවිදි හඬ [Video]

කතෘ:යුතුකම     1/06/2016   No comments



ජනවාරි 9 මෙරට ඉතිහාසයේ අඳුරුතම දිනය වන බවට සැක නැත.
නව ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කරන්නේ එදාටය. විධායක ජනාධිපතිධූර අහෝසිය නැමති ඇම දමා නව ව්‍යවස්ථාවක් සැකසෙන්නේ දෙමළ බෙදුම්වාදය පිනවීමට මිස වෙනකකට නොවන බව දැන් තවදුරටත් සැඟවිය හැකි නොවේ. ජනවාරි 8 මැතිවරණ ජයග්‍රහණයට සහය දුන් දෙමළ බෙදුම්වාදීනුත් මෙරට දුර්වල කැඩී බිඳී ගිය රාජ්‍යක් වීම තමන්ගේ භූ දේශපාලන අභිලාෂයන්ට සෙතක් යැයි සිතන ඉන්දියාව සහ බටහිර රාජ්‍යන්ගේ ඒකායන අරමුණ මෙරට බෙදා වෙන්කරගැනීමයි. එහි මුල් පියවර ඒකීයභාවය අහෝසි කර බිහි කරන ෆෙඩරල් රාජ්‍යයයි. රනිල් වික්‍රමසිංහයගේ දේශපාලන අභිලාශයන්ට අනුකූල ලෙස අනාගතයේ නිර්මාණය වන බෙදුම්වාදී නව ව්‍යවස්ථාවට පසුගිය ද්‍රෝහී අයවැයට අත ඉස්සූ ලෙස අත උස්සා සහය දීම හැර මෛත්‍රීපාල හරහා හීළෑ කරගත් ශ්‍රීලනිපයට වෙනත් විකල්පයක් ඉතිරිව නැත.

අතීතයේ බෙදුම්වාදී න්‍යායපත්‍රය ඉස්මතුවූ අවස්ථාවලදී විපක්ෂය විසින් නැගූ විරෝධය හේතුවෙන් ඒවා එලෙසම ඉටු කරගැනීමට බෙදුම්වාදින් අසමත් විය.සිරිසේනට ජනාධිපතිධූරය පුදා ශ්‍රීලනිපය හීලෑ කරවා මෙදා ඒ බාධකය මග හරවා ගැනීමට බෙදුම්වාදීන් සමත්වී තිබේ.

අප මුහුණ දී සිටින්නේ අපගේ මාතභූමිය ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ඛේදවාචකය අබියසය. මේ ද්‍රෝහී පාවාදීම වලක්වා ගත නොහැකි වුවහොත් අපගේ අනාගත දූ දරුවන්ට හිමිවන්නේ දේශ සීමාවලට මරාගන්නා කාලකණ්නි අඳුරු දේශයකි. බටහිරයන් පය ගැසූ ලොව පුරා උදාහරණ අපට උගන්වන පාඩම එයයි. බලලෝභය උදෙසා රට පාවාදීමට පෙළගැසීමට පෙලගැසී සිටින සකල විධ දෝහී බලවේග පරාජය කළ හැක්කේ ජන බලයට පමණි.ඒ යොධ ජනබලවේගය පෙළගැස්වීමේ අරමුණින් පැවිදි හඬ භික්ෂු සංවිධානය විසින් සංවිධානය කර ඇති සත්‍යග්‍රහයක් ජනවාරි 08 සවස 2.00 ට කොටුව දුම් රිය පොළ ඉදිරිපිටදී පැවැත්වේ.
එයට සහභාගි වන ලෙස දේශප්‍රේමී භික්ෂු සංවිධාන විසින් සියළු දෙනාට ගෞරවයෙන් ආරාධනා කර සිටී.

මේ ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය  හමුවේදී ගෞරවනීය නායක ස්වාමීන්වහන්සේලා දැක්වූ අදහස්..

දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි.
පැවිදි හඬ මාධ්‍ය හමුව :2016_01_04



'6 පාලන ආණ්ඩුවේ' බෙදුම්වාදී න්‍යායපත්‍රය :පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි



ජනවාරි 8 රට පාවාදුන් දිනට විරෝධය පා ජාතික කොඩිය අඩකුඹු කරමු - මැදගොඩ අභයතිස්ස නාහිමි

 

මව්බිම අනතුරේ - මහ සඟරුවණ පෙරමුණේ - පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

රණවිරුවන් පාවා දෙමින් රට පාවාදෙන හවුල -
රාවණා බළකායේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස  හිමි
 

-යටියන ප්‍රදීප් කුමාර
-යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions