දෙමළ බෙදුම්වාදය පිනවන ද්‍රෝහී හවුලේ නව ව්‍යවස්ථා මර උගුල
ප්‍රෝඩාකාරී ලෙස විධායක ජනාධිපතිධූරය අහෝසිය නැමති ඇම ගිල්ලවා දෙමළ බෙදුම්වාදී පිපාසය සංසිඳවන ද්‍රෝහී ව්‍යවස්ථා සංශෝධනයකට හවුල් ආණ්ඩුව සූදානම්ව සිටින බව ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
වත්මන් ව්‍යවස්ථාවේ රාමුවෙන් පිට පැන නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා තමන්ට ජනරවරම් ඇතැයි ආණ්ඩුව පැවසුවත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලහත්කාරය පාවිච්චි කර අටවාගත් හවුලක් මිස 50% කවත් ජනවරමක් ඒ සඳහා නොලැබුණු බව ඔහු තව දුරටත් සාධක සහිතව පෙන්වා දෙයි.
ඔහු මේ අදහස් පළ කළේ පැවිදි හඬ සංවිධානය සහ ජාතික එකමුතුව වීසින් පවත්වන සත්‍යග්‍රහය ගැන දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එදා 20 වන ව්‍යවස්ථා සංශෝධනය රනිල් වික්‍රමසිංහ මහතා බලහත්කාරයෙන් ගෙන එන්නට සූදානම් වෙද්දී එය 'ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්' ලෙස හඳුන්වා දුන්නන් අද මේ ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත් කර ඇති කමුටුවේ සාමාජිකයන් වී ඇති බවද ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
මේ නිර්මාණය කරමින් ඇත්තේ අතීත සම්ප්‍රදායන්ට අතීත උරුමයන්ට අනුකූල ව්‍යවස්ථාවක් නොවන බව පෙන්වා දෙන කුමාරතුංග මහතා මෙය රාජ්‍යය දුර්වල කර දෙමළ බෙදුම්වාදය ශක්තිමත් කිරීමටම සූදානම් කරන ද්‍රෝහී ක්‍රියාමාර්ගයක් බැවින් මේ ද්‍රෝහී හවුල් ආණ්ඩුවේ ද්‍රෝහී ව්‍යවස්ථාවට එරෙහිව නැගී සිටීම සියලු දේශප්‍රේමී ජනයාගේ අත් හළ නොහැකි වගකීම බවද අවධාරණය කර සිටී.
-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .