වසර 7 කට පෙර අද වැනි දිනක අපි නිදහසේ අරුණළු ජයග්‍රාහීව විදගනිමින් සිටියෙමු. වීරෝධාර හමුදාවෝ ප්‍රභාකරන්ගේ බලකොටුව වූ කිලිනොච්චිය අත්පත් කොටගත් පුවතින් ඔද වැඩුනු මුළු මහත් ජාතියම එකාවන්ව ප්‍රීති වෙමින් සිටියේය.
වසර 7කදී බොහෝ දේ වෙනස් වී ඇත. ඔය කිලිනොච්චි නොවෙයි මැදවච්චි කියමින් ඒ ජාතියේ වීර වික්‍රමාන්විත ගමන හෑල්ලු කල ජාතිභ්‍රෂ්ඨයන් රජවී ඇත.
කිලිනිච්චි ජයග්‍රහණයේ ජීවමාන මහා සෙන්පතියා වූ මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා යන්තම් වසර 55 සපිරෙන විටම ගෙදර යැවීමට ඔවුන් ක්‍රියා කර ඇත.
ඒ සටනට දිගින් දිගටම අකුල් හෙළූ බටහිරයන් විසින් ගෙන ආ යුධ අපරාද චෝදනා රජය විසින් ඉස් මුදුනින් පිළිගනු ලැබ ඇත. ඒ සටන ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, සමූහ මිනී මැරීම් යුධ උපක්‍රම ලෙසින් භාවිතා කරමින් සිදු කරන ලද නින්දනීය මෙහෙයුමක් යැයි කියන්නේ වෙන කිසිවෙකු විසින් නොව අපේ රටේම පාලකයන් විසිනි.
කැලම් මැක්‍රේ වැනි කොටි හිතවාදීන් නිර්මාණය කළ චිත්‍රපටවල ඇති දර්ශන පාදක කරගනිමින් ජාත්‍යන්තරයට අවශ්‍ය පරීක්ෂන දැනටමත් ආරම්භ කර ඇත. හමුදා සෙබළුන් අත් අඩංගුවට ගනිමින් සිටී.
රජයේ බුද්ධි අංශය සහමුළින්ම විනාශකොට තිබේ.
වසර 30 ක් පුරා ප්‍රභාකරන්ගේ ඍජු උපදෙස් යටතේ ක්‍රියාත්මක වෙමින් දකුනේ මිනී මැරූ, තවමත් ඒ ත්‍රස්ත මානසිකත්වය ඉවත් කර නොගත් මිනී මරුවන් නිදහස් කරමින් සිටී.
ඉන් හිස් වන සිර ගෙවල් හමුදා සෙබළුන්ගෙන් පුරවමිනි සිටියි.
27000ක් රන විරුවන් දිවි පුදා, 50000ක් රනවිරුවන් අත් පා දන් දී දිනාගත් භූමිය නැවතත් මේ බිමෙන් වෙන් කොට ඒ බෙදුම්වදින් වෙතටම තෑගි දීමට පිඹුරුපත් සැකසෙමින් පවතී. මැදවච්චිකාරයන් පවත්නා ව්‍යවස්ථාවත් වෙනස් කරමින් රට දෙකඩකිරීමේ සාපලත් මෙහෙයුම ඇරඹීමට සියළු කටයුතු සූදානම් කොට හමාරය. අද පවත්නා ව්‍යවස්ථාව යටතේ රට දෙකඩ කළ නොහැකිය. එයට නව ව්‍යවස්ථාවක් අවශ්‍යය. ජනවාරි 9 වැනිදාට රට දෙකඩකිරීමේ ඒ ව්‍යවස්ථා මගඩිය කරළියට පැමිනීමට නියමිතය.
නව වසර උදාවන්නේ සුභ පෙරනිමිති සමගින් නොවේ. වසර දෙදහසක් පුරා සිය අනන්‍යතාවය රැකගත් අදීන අභීත ජාතියක් කොදු සිද ගත්, හීන දීන නිහීන නපුංසකත්වයක් තුළ සිර කිරීමේ අමනයන්ගේ හෝරාව එළඹී ඇත. දකුණේ දෙවුන්දර තුඩුවේ සිට උතුරේ පේදුරු තුඩුව දක්වාත්, බටහිර කොළඹ සිට නැගෙනහිර සංගමන් කන්ද තුඩුව දක්වාත් නිදහසේ ඇවිද යන, මේ අපේ රට යැයි සෙනෙහසින් උදම් අනන අවසන් වසර එළඹි 2016 විය හැකිය.
මේ හරිගිය තැන් වැරදුනු තැන් සෙවීමට අවස්ථාව් නොවේ. පක්ෂ, පාට, ඇද, කුද සෙවීමට කාලය නොවේ. උතුර උන්ගේය, නැගෙනහිර අරුන්ගේය, මේ ඉතිරි කොටස අපි හැමෝගෙමය කියමින් තපස් රකිමුද? හිස ගිනි ගත්තකු එගිනි නිවන ලෙස මේ අනතුරෙන් රටත් ජාතියත් සසුනත් රැක ගැනීමට පෙරමුණ ගනිමුද?
-ඉඳුනිල් ප්‍රසන්න
යුතුකම සංවාද කවය

www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
හරියට හරි 2016යේ කිසිම සුබ නිමිත්තක් නැහැ, අපේ රට පාලනය කරන්නේ , ඉන්දියාවයි, ඇමරිකාවේ රාජ්යදෙපාර්තුමෙන්තුවේ ක්ලාක් කාරයන්ට ඕන විදිහට. අපිට පුලුවන් මේ විනාශය දිහා බලාගෙන ඉන්න විතරයි. රට අදීන ලෙස පාලනය කරන නායකයෙක් නැහැ, බහුතර සිංහල ජනතාවට එහෙම දෙයක් අවශ්යනැහැ, මෛත්රී-රනිල් හවුල ප්රබල බහුතරයක් හදාගෙන් ඉවරයි සුලු ජාතීන් 99% සිංහල 50% , මේ ආන්ඩුව වට්ටන්න බැහැ- සිංහලයන්ට ඒකට ඕනකම්ක් නැහැ
ReplyDeleteරටේ පාලනේ වෙන රටකින් කලාට සිංහල 50%කට ඒක කමක් නැහැ, සමහර සිංහ්ලයෝ ඒකට සතුටු වෙනවත් ඇති, මතකනේ සංගක්කාරගේ 2011 කවුඩ්රි ලෙක්චර් එක, ක්රිකට් බෝඩ් එක හදන්න අන්තර්ජාතික මැදිහත් වීමක් අවශ්යබව කිව්වා
ඔයවගේ සෑහෙන පිරිසක් අන්තර්ජාතික මැදිහත්වීම බොහොම හොද දෙයක් හැටියට දකිනවා ඇති.
රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප කිරීම් කරපු අය ගැන සිංහල බහුතරයකට කිසිම හැගීමක් නැහැ, බොහෝ දෙනේක් ගේ හිතේන් දැන් යුද්ධය ඈත්වෙලා ඉවරයි, ඒ කාලේ සිදුවුනු බෝම්බ පිපිරීම්, ඒවා නැතිකරන්න කැපකිරීම් කරපු අයට කලගුන සලකන්න බහුතරයකට අවශ්ය නැහැ, පොලොන්නරුව මායිම් ගම්මාන වල කොටින්ගෙන් බැට කාපු අයත් සිරිසේනට චන්දේ දුන්නා
රටේ ඒකීය බාවයත් සිංහල බහුතරයකට ප්රශ්නයක් නෙමෙහි, ඉන්දියාවේ ප්රාන්ත බලතල දුන්නත් , සිංහල සෑහෙන් පිරිසක් ඒ ගැන තකන්නැහැ
ජාතික වාදීන්ට තිබුනු අවස්තාව ගිලිහී ගියා, 2014 දී විමල් මේ ගැන කිව්වා රජය පුදුම විදිහට අප්රසාදයට පත්වෙලා තිබ්බේ , ඒවෙලා වේ යම් යම් සංශෝධන කලානම් ජනාධිපතිවරන ප්රතිඵල වෙනස් වෙන්න තිබ්බා
ජාතික ව්යාපාරයට් නැවත් බලයට පත්වීමේ මගක් මටනම් පේන්නේ නැහැ, මේ සිංහල ජාතියේ සහ ශ්රීලංකාවේ අවසානයයි, අපි ජීවත්වෙන්න ජාතියේ සහ ශාසනයේ අවරෝහන යුගයේ කියලා ඒ දෙස උපේක්ෂාවෙන් බැලීම තමයි හොදම දේ, පලක් නැති දිනන්න බැරි දේකට ලේ රත්කරගෙන , තවතව්ත් සංසාර ගමන දික් කරගන්න අවශ්ය නැහැ
ReplyDeleteමෙන්න 2014 විමල් ගේ අනතුරු ඇගවීමට ලිංක් එක
http://www.thesundayleader.lk/2014/06/01/this-is-not-a-drama-wimal-weerawansa/