1/17/2016

රන් කරඬුව නොවේ නම් වෙන කුමක්ද? - පතිරාජගේ සාකච්ඡාවකින් මතුවන ස්වර්ණ පුස්තක අර්බුදය

කතෘ:යුතුකම     1/17/2016   No comments

"රන් කරඬුව අවසන් පහටවත් සුදුසු නැති පොතක්" මැයෙන් ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා පසුගිය සති අන්ත පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාව ඔස්සේ (බලන්න 2015.12.20 රාවය ) ස්වර්ණ පුස්තක විනිශ්චය හා සම්බන්දව සංවාදයට ලක්කළ යුතු වැදගත් කරුණු කිහිපයක්ම ඉස්මතු වූවකි. එය ස්වර්ණ පුස්තක සමීක්ෂණයේ උත්තරීතර මණ්ඩලය නියෝජනය කළ කෙනෙකු ලෙස පතිරාජ මහතා කළ ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක් ද වෙයි. එය බරපතල ප්‍රකාශයක් වන්නේ ස්වර්ණ පුස්තක සම්මානයේ සියලු ගම්භීරත්වය, ආටෝපය සහ බලයද, මෙරට සාහිත්‍ය සම්මාන අතුරෙන් වූ අග්‍රභාවයද එක් වදනකින් හෑල්ලු කොට දමන නිසාය. ස්වර්ණ පුස්තක සම්මානය ආරම්භ වී දැනට වසර 9 ක් ඇතුළත දී ස්වර්ණ පුස්තක විනිශ්චයේ උත්තරීතර මණ්ඩලයේ කිසිම සාමාජිකයකු විසින් මෙබදු බරපතල ප්‍රකාශයක් කිසිදා සිදුකර නැත. මෙතුවක් කාලයක් වැඩිමනක් ප්‍රශ්න තිබුණේ ස්වර්ණ පුස්තක විනිශ්චකරුවන් විසින් තෝරා ගන්නා ලද නවකතා ගැනය. "පොදු පුරුෂයා", "කන්දක්සේ මා" , "කවිකඳුර", "කාල සර්ප", හා "කුරුලු හදවත" , වැනි නවකතා තෝරා ගත්විට එම ග්‍රන්ථ පිළිබඳව විවේචන මතු වුවත් මණ්ඩලයේ කිසිම සාමාජිකයකු ඒ ග්‍රන්ථ අවසන් පහටවත් සුසුසු නැතැයි කීවේ නැත.

ආචාර්ය පතිරාජ මෙවන් ප්‍රකාශයක් නොකළයුතු ශීලයක් ආරක්ෂා කලයුතු යැයි මින් අදහස් වන්නේ නැත. එහෙත් එවන් කෘතියක් ස්වර්ණ පුස්තක වීමේ වගකීමෙන්ද දැන් පතිරාජ මහතාට නිදහස් විය නොහැකිය. ස්වර්ණ පුස්තක උළෙල අවසන් වූ විගසින්ම මා විසින් ලියන ලද "චාරිකා සටහනක් වූ 2015 ස්වර්ණ පුස්තකය - රන් කරඬුව ගැන විමසුමක් නම් ලිපිය මගින් (බලන්න 2015. සැප්තැම්බර් 14 දිවයින වටමඩල ) පවසන ලද කරුණු පතිරාජ මහතා යළි සනාථ කර තිබේ. මම මගේ ලිපිය මෙසේ ආරම්භ කළෙමි.

"තවත් ස්‌වර්ණ පුස්‌තක සම්මාන උළෙලක්‌ සැප්තැම්බර් මස 12 වැනිදා අවසන් වූයේ අති නීරස, නවකතාවක්‌ නොවන දඹදිව ගමන් විස්‌තරයක්‌ බඳු වූ "රන් කරඬුව" නම් කෘතියට ලක්‍ෂ පහමාරක මුදලක්‌ ප්‍රදානය කිරීමෙනි. මේ කෘතියේ කතුවරයා බටුවන්ගල රාහුල හිමියෝ වෙති. සම්මාන උළෙලට පෙරදීත්, පසුවත් සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ වැඩි කෙනෙක්‌ගේ මතය වූයේ 'රන් කරඬුව' අවසාන වටයට තේරීමට පවා නුසුදුසු කෘතියක්‌ බවයි." මා එහිදී ඉදිරිපත් කලේ සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ වැඩි දෙනෙකුගේ මතයයි. දැන් සමීක්ෂක මණ්ඩලයේ සාමාජිකයකුම ඒ හඬට එක්කාසු වී තිබේ. එමගින් විනිශ්චය මණ්ඩලයේ ඇති බෝල්බව හරසුන් බව,හා අගතිගාමිත්වයද විදහා දක්වයි. පසුගිය සති කිහිපයක දී රාජ්‍ය සාහිත්‍ය උළෙල ගැන සාකච්ඡාවීම නිසාමදෝ ස්වර්ණ පුස්තක උළෙල ගැන කතිකාව යටපත්වි තිබීණි. දැන් එය සමීක්ෂක මණ්ඩල සාමාජිකයකු විසින්ම මතුකර තිබේ. එය ග්‍රන්ථ සමීක්ෂණයේ ඇති ව්‍යාජත්වයට හා වගකීම් වීරහිත බවට කදිම සාක්ෂ්‍යකි.

පළමුවෙන්ම මෙහි සමීක්ෂකයන් තෝරාගැනීම ගැන විමසා බලමු. ස්වර්ණ පුස්තක සමීක්ෂකයන් තෝරාගනු ලබන්නේ විවිධ පොත් ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කරනු ලබන ලැයිස්තු වලිනි.ඒවාට බලපාන්නේ සුදුසුකම් වලට වඩා ග්‍රන්ථ ප්‍රකාශකයන් හා සමීක්ෂකයන් අතර පවත්නා සම්බන්ධතාවයන්ය. "ඇත්තටම ඕකට මිස්ටර් ප්‍රේමසිරි මට මුලින්ම කතා කළාම මම එන්න බෑ කිව්වා" යයි පතිරාජ මහතා උක්ත සම්මුඛ සාකච්ඡාවේ දී පවසා තිබේ. ප්‍රේමසිරි මහතා ඔහුට ආරාධනා කර ඇත්තේ ඔහු ප්‍රේමසිරි මහතා විසින් මෑතකදී නිෂ්පාදනය කරන ලද "සක්කාරං" චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා පතිරාජ මහතා නිසා බව පැහැදිලිය.එය සාහිත්‍ය සම්බන්ධතාවකට වඩා පෞද්ගලික හා ව්‍යාපාරික සම්බන්ධතාවකි.

පතිරාජ මහතාගේ සම්මුඛ සාකච්ඡාව අනුව පෙනී යන්නේ සම්මාන විනිශ්චය සිදුවී ඇත්තේ පිළිගත හැකි සාහිත්‍ය ධර්මතා, ආචාර ධර්ම හෝ සාහිත්‍ය කෘති විමර්ශනයකින්, සාකච්චාවකින්, හෝ සම්මුතියකින් නොවන බවයි.පතිරාජ මහතා සමීක්ෂණ කටයුතු සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කොට ඇත්තේ අනෙකුත් සාමාජිකයන් යනු කවුදැයි නොදැනය. "ඇත්තටම ඒ වෙලාවේ මම අනික් සාමාජිකයෝ කවුද කියන එක ගැන ඒ තරම් හිතුවෙ නෑ"යැයි ඔහු කියයි. ඔහු අනෙකුන් සාමාජිකයන් යනු කවුරුන්දැයි විමසා සිටියේ නම් ඔහුට ඉන් ඉවත්වීමට මුලදීම ඉඩකඩ තිබිණ. සාහිත්‍ය සම්මන්ත්‍රණයකදී හෝ පොත් දොරට වැඩීමේ උත්සවයකදී දේශන පැවැත්වීමට ආරාධනා ලබන කථිකයන් පවා අනෙකුන් කථිකයන් කවුරුන්දැයි විමසා බලා ඒවාට සහභාගි වීම හෝ නොවීම තීරණය කිරීම සුලභ කරුණක්ව ඇති විට පතිරාජ මහතා එසේ කර නැත.එසේ විමසා බැලුවේ නම් උපාසක අම්මලාටයි හාමුදුරුවන්ටයි සාහිත්‍ය විචාරන්න පුලුවන් ද යන ප්‍රශ්නය මාස ගණනාවකට පසුව නැගීමට ඔහුට සිදු නොවනු ඇත. සමීක්ෂණ කමිටුවේ සෙසු සාමාජිකයන් ගේ නම් ඔහු සඳහන් කර ඇති නිසා මේ උපාසකම්මා කවුද හාමුදුරුවෝ කවුද යන්න පාඨකයාට තේරුම් ගැනීමට අපහසු නැත.

ස්වර්ණ පුස්තක උත්තරීතර මණ්ඩලය සාමූහිකව කිසිදු සමීක්ෂණ කටයුත්තක් නොකළ බව එම සම්මුඛ සාකච්ඡාව මගින් පෙනී යයි. හැබැයි අන්තිම සාකච්ඡාව එනකල් අපි කවුරුත් ඔය කිසිම පොතක් ගැන කතා කලේ නැහැ යනුවෙන් ඔහු ඒ බව තහවුරු කරයි.(බලන්න 2015.12.20 රාවය ) ඔහු පවසන පරිදි ඔහු අන්තිම සාකච්ඡාවටද සහභාගි වී නැත. "මට ඒ සාකච්ඡාවට යන්න බැරි වුණා" යි ඔහු කියා තිබේ. ඔහු අවසාන සාකච්ඡාවට නොපැමිණි බව ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී අපටද දැක ගන්නට ලැබිණ. ඔහු ස්වර්ණ පුස්තක උළෙලට පවා සහභාගී නොවීය. අවසාන සාකච්ඡාව පවත්වන්නේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙල පැවැත්වෙන අතරතුර වෙනම රහසිගත කාමරයක බව අප අසා තිබේ. ගිය අවුරුද්දේ දී තේරීම නිසා මතුවූ ප්‍රශ්නයකදී සම්මාන කමිටුවේ සභාපති ආරියවංශ රණවීර මහතා සභාවට පැමිණ ප්‍රේමසිරි මහතා ඔවුන්ගේ සාකච්ඡා කාමරයට කැදවාගෙන ගිය අයුරු කවුරුත් දුටහ. මේ අනුව පෙනී යන්නේ ස්වර්ණ පුස්තකය කුමක් දැයි විනිශ්චය කර ඇත්තේ සමීක්ෂකයන්ගේ පෙර පැවැති සාකච්ඡා වටවලින් පසුව නොවන බවයි. පොත් ප්‍රකාශක සංගමය විසින් පවත්වන සිංහල නවකතාවට පිදෙන අග්‍රගණ්‍ය සම්මානය කියා ඔසවා තබන කෘතිය තෝරන සමීක්ෂණ ක්‍රියාවලිය එතරම් සරලද ? අපගේ අදහස ස්වර්ණ පුස්තකය වැනි සම්මාන උළෙලකදී එය කිසිදා සිදුවිය යුත්තක් නොවේ යන්නයි.

පතිරාජ මහතා පවසන්නේ අවසාන සාකච්ඡාවට තමා සහභාගී නොවූ බවත් තම මතය කේ. එන්. ඕ. ධර්මදාස මහතාට දුරකතනයෙන් කී බවත්ය. ඔහු එලෙසින්ම තමා තෝරන පොතද ධර්මදාස මහතාට කියා තිබේ. "එතකොට කේ. එන්. ඕ. කිවුවා මගේ අදහසත් ඒකම තමයි කියලා. පැට්‍රික් රත්නායකත් මට පස්සේ දවසක හමුවුණාම කිවුවා ඔහුගේ තේරීමත් වුණේ ඒකමයි කියලා. ඉතින් මට අවසන් රැස්වීමට යන්න බැරිවුණත් මම හිතුවා මම තෝරපු එකට තමයි සම්මානය යන්නෙ කියලා. හැබැයි සම්මානය ලැබුණේ අපි යෝජනා කරපු කෘතියට නොවෙයි."( 2015.12.20 රාවය )

මේ අනූව ප්‍රශ්නය තවත් බැරෑරුම් වෙයි. සම්මාන කමිටුවේ 05 දෙනාගෙන් තිදෙනකු කැමැති වූ පොතක් ස්වර්ණ පුස්තකය නොවී රන්කරඩුව සම්මාන ලබන්නේ කෙසේද? අනෙක් අතට තිදෙනෙකුම අකමැති වූ පොතක් ස්වර්ණ පුස්තකය වන්නේ කෙසේද?

ඊළගට මතුවන ප්‍රශ්නය තවත් සංකීර්ණ වේ. සමීක්ෂකයන් තිදෙනෙකුම කැමැති වූ නවකතාව සේන තෝරදෙනියගේ "බන්ඩර මැරෑ උන්"ද? අනුරසිරිගේ "බැදිමාරිය" ද? සේපාලි මායාදුන්නගේ "මහා සාමි" ද? සුමිත්‍රා රහුබද්ධ ගේ "තුරු සමුදා" ද? දැන් පාඨකයාට අනුමාන කිරීමේ ක්‍රීඩාවේ නිරත වීමට සිදු වේ. එහෙත් පසුගිය සති කිහිපය තුළ දී වෙනත් පුවත්පත් ලිපි අනුව පෙනී යන්නේ ස්වර්ණ පුස්තකය සඳහා සමීක්ෂකයන් තිදෙනෙකුම කැමති වී ඇත්තේ "රන් කරඬුව" "තුරු සමුදා" හා "මහාසාමිට" නොවන බවයි. එය එක්කෝ බන්ඩර මැරූ උන් හෝ බැඳමාරිය විය යුතු ය. ගාමිණී වියන්ගොඩ මහතා නම් 2015.11.24 රිවිර කලස සාහිත්‍ය අතිරේකයේ සම්මුඛ සාකඡාවේදී කියා තිබුණේ ධර්මසේන පතිරාජ මහතා බන්ඩාර මැරූ උන් නවකතාව සදහා කැමැත්ත පළකර තිබූ බවයි.

එසේ නම් "බන්ඩාර මැරූ උන්" හෝ "බැදිමාරිය" නොවී රන් කරඬුව ස්වර්ණ පුස්තකය වන්නේ කෙසේ ද? පතිරාජ මහතා කියන ලෙසට ඔහු අවසන් සාකඡාවට සහභාගී වී නැත. ඒ අනුව ස්වර්ණ පුස්තකය තීරණය කොට ඇත්තේ සිව් දෙනෙකුගෙන් මිස පස් දෙනෙකුගේ විනිශ්චය මණ්ඩලයකින් නොවේ. පතිරාජ මහතා සිය විනිශ්චය ලිඛිතව නොදුන් බවද ධර්මදාස මහතා කමිටුවේ සභාපති වශයෙන් ඔහුගේ තීරණය ලිඛිතව ලබාගෙන නොමැති බවද මේ සාකච්ඡාවෙන් හෙළි වෙයි. එය බරපතල දෝෂයකි. ස්වර්ණ පුස්තකය වැනි ඉහළ පෙළේ සම්මානයක දී තීරණය ලිඛිතව ලබා නොදීම හා ලිඛිතව ලබා නොගැනීම බරපතල වරදක් මෙන්ම වගකීම් විරහිත ක්‍රියාවකි.

දැන් අපට පතිරාජ මහතා සහභාගි නොවූ අවසන් සාකච්ඡාවේ දී සිදුවන්නට ඇත්තේ කුමක්දැයි සිතාගත හැකිය. පතිරාජ මහතා දුරකථනයෙන් කැමැත්ත පළ කළ කෘතිය කේ.එන්.ඕ. සහ ප්‍රැක්ට්‍රික් රත්නායකගේ ද තේරීම නම් එම දෙදෙනා "බණ්ඩර මැරූ උන්" හෝ බැඳමාරිය වෙනුවෙන් පෙනී සිටින්නට ඇත. අගලකඩ හිමියන් හා කුසුමා කරුණාරත්න මහත්මිය කිසිදු ගැටලුවකින් තොරව රන් කරඬුව වෙනුවෙන් පෙනී සිටින්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. මේ අනුව ඡන්ද 2 බැගින් කෘති දෙකකට ලැබේ. එහෙත් ස්වර්ණ පුස්තකය රන් කරඬුව වීමෙන් පෙනෙන්නේ මහාචාර්ය කේ.එන්.ඕ සහ ප්‍රැක්ට්‍රික් රත්නායක යන මහත්වරුන් දෙදෙනාම පතිරාජ නැති අවසන් සාකච්ඡාවේදී අගලකඩ හිමියන්ගේ හා කුසුමා කරුණාරත්න මහත්මියගේ විනිශ්චයට යටවී ඇති බවයි. "උපාසකම්මලාටයි හාමුදුරුවන්ටයි සාහිත්‍ය විචාරන්න පුලුවන්ද?" (2015.12.20.රාවයෙන්) ප්‍රශ්න නැගුවද සිදුවී ඇත්තේද එයයි. පතිරාජ මහතා කියන පරිදි සාහිත්‍ය "රාජ්‍ය ආගමික මතවාදයත් එක්ක ගැට ගැසීම" සාර්ථක වී තිබේ.

පතිරාජ මහතා අවසාන සාකච්ඡාවට සහභාගී වූයේ නම් මේ තීරණය වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබුණී. ජාතික වැදගත්කමක් ඇති කටයුත්තක දී ඔහු සිය වගකීම පැහැර හැර ඇති බව මෙයින් පැහැදිළි වෙයි. ඔවුන් පෙනී සිටින වගවීම, යහපාලනය, පාරදෘශ්‍යභාවය ගැටළු නිරාකරණය මෙය ද? ඔහු අවසන් සාකච්ඡාවට සහභාගි නොවූ හිඩසින් ඔහු දැන් කියන "අවසන් පහටවත් සුදුසු නැති පොතක්" ස්වර්ණ පුස්තකය කිරීමට ඔහු ද අනියමින් දායක වී තිබේ. සාහිත්‍ය, රාජ්‍ය හා ආගමික මතවාදයන් සමඟ ගැටගැහීමට ඔහු ද දායක වී තිබේ. "පසුගිය කාලයේ ම උනෙත් ඒකයි" ඔහු පවසා ඇතත් මේ කාලයේ සිදු වී ඇත්තේත් එයයි. "අන්න එතන දී නම් පුරවැසි බලය වැදගත්" යැයි පතිරාජ මහතා කීවාට මෙතැනදී නම් පුරවැසි බලය අවලංගු වී තිබේ.

ශ්‍රී ලංකා ජාතික පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මේවාට පිළිතුරු දිය යුතුය. සමීක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා පතිරාජ මහතා ගේ මේ චෝදනාවට පිළිතුරු බැඳිය යුතුය. මෙයින් පැහැදිළි වන ප්‍රධාන කරුණක් වන්නේ ඉදිරියේදී පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සමීක්ෂකයන් තෝරා ගන්නා ක්‍රමය දැඩි සේ වෙනස් කළ යුතු බවයි.

-රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015 12.29. රිවිර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions