1/24/2016

රනිල් - මෛත්‍රී හවුලේ රට බෙදන ව්‍යවස්ථා මර උගුල පැරදවිය යුත්තේ ඇයි? - නලින්ද සිල්වා මහතාට සවන් දෙමු

කතෘ:යුතුකම     1/24/2016   No comments


 රනිල් මෛත්‍රී හවුල මේ සිදුකරමින් සීටිනුයේ ව්‍යවස්ථානුකූලවම බෙදුම්වාදය දිනවන රට බෙදන ද්‍රෝහී ක්‍රියාමාර්ගයක් බවත් ,ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය නම් එය වත්මන් නීතියේ අඩංගු ක්‍රියා පිළිවෙල අනුව මිස රනිල් වික්‍රමසිංහ මහතාගේ වියරු ඒකාධිපති අධිකාරී උවමනාවට අවශ්‍ය පරිදි තක්කඩි ලෙස හොර පාරෙන් සිදුකසිදු නොකළ යුතු බවත් පසුගියදා චින්තන පර්ෂදයේ සංවිධායකත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී ආචාර්‍ය නලින්ද සිල්වා මහතා පැහැදිලි කර දුන් අයුරු...



"මේ ආණ්ඩුව බලයට පත්කෙරුණේ ඇමරිකාවේ ආධාරය ඇතිව ඉන්දියාව හා එංගලන්තය විසිනි. ඔවුන්ගේ මූලික අරමුණ දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීම ය. ඒ සඳහා බටහිරට හෝ ඉන්දියාවට හෝ යටත් නොවූ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීමට ඒ රටවලට අවශ්‍ය විය. (මෙරට සිවිල් සාමාජිකයන්ට ද අවශ්‍ය වූයේ එපමණ ය. අද රටේ පවත්නා තත්වයට ඔවුන් ද මේ ආණ්ඩුව බලයට පත්කිරීමට වෙහෙසුණු ජ වි පෙ ඇතුළු පක්‍ෂ හා කණ්ඩායම් ද වගකිව යුතු ය) ඉන්දියාවට හා එංගලන්තයට ඇත්තේ එකම අභිලාෂයක් යැයි මෙයින් නො කියැවෙයි. ජෙනීවා යෝජනාවල හරය වනුයේ දෙමළ ජාතිවාදය පිනවමින් මෙරට ඒකීයභාවය නැතිකිරීම, සිංහලයට හා සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය අහොසි කිරීම ආදිය ය. ඉන්දියාව හා එංගලන්තය මේ අවුල් ආණ්ඩුව පිහිටුවූයේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව ය. ඒ අනුව 2015 ජනවාරි 8 වැනි දා සිදු වී ඇත්තේ සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිවිප්ලවයකි. නව ව්‍යවස්ථාව කෙසේ කෙටුම්පත් කෙරුණත් ඒ ඉන්දියාව හා එංගලන්තය වෙනුවෙන් දෙමළ ජාතිවාදය සඳහා ය. එය සිංහල ජනතාවගේ ද විපක්‍ෂයේ ද සහාය ඇතිව කිරීම යමපාලන අවුල් ආණ්ඩුවේ අභිප්‍රාය වෙයි.

මෛත්‍රිපාල පන්නා දැමීමට එ ජා පක්‍ෂයට අවශ්‍ය අතර රනිල් වික්‍රමසිංහ පන්නා දැමීමට මෛත්‍රිපාල කණ්ඩායමට අවශ්‍ය වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම්හු මේ විරසකය මගින් ආණ්ඩු පිහිටුවීමට සිහින දකිති.

එහෙත් එහි දී එංගලන්තය හා ඉන්දියාව කෙසේ ක්‍රියා කරනු ඇත් ද? ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවකි. රනිල් වික්‍රමසිංහ එළවීම පැත්තකට දමා ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුනට ද සිදුවනු ඇත්තේ නව ව්‍යවස්ථාවට පක්‍ෂපාති වීම ය. ඒ සඳහා උප්රවැට්ටයක් ආණ්ඩුව සූදානම් කර ඇත. ඒ ව්‍යවස්ථා විරෝධී ආකාරයකට නව ව්‍යවස්ථාවක් දෙමළ ජාතිවාදය සඳහා සකස්කර එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර නැවතත් ව්‍යවස්ථා විරෝධී ජනමතවිචාරණයකට යොමු කිරීම ය. ජනමතවිචාරණය එක් ප්‍රශ්නයකට පමණක් ගොනු කර, විධායකය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස්කිරීම ඉස්මතු කරමින් දෙමළ ජාතිවාදයට දෙන දොළ පිදේනි සඳහා ද ජනතා කැමැත්ත ලබාගැනීම ආණ්ඩුවේ සැලැස්ම වෙයි. ජනමතවිචාරණයේ දී අසන ප්‍රශ්නය ඉතා පැහැදිලි නිරවුල් එකක් විය යුූතු ය. ව්‍යවස්ථාවට කැමති ද නැද්ද යන්න එවැනි ප්‍රශ්නයක් නො වේ. ව්‍යවස්ථාවෙහි ජනතාව කැමති වගන්ති මෙන් ම අකමැති වගන්ති ද තිබෙනු ඇත. ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ සඳහන් ඒකීය රට වැනි කරුණු එකක්් එකක් ගෙන ප්‍රශ්න රාශියක් ජනතාවගෙන් ඇසිය යුතු ය. ඒකාබද්ධ විපක්‍ෂයේ වගකීම වනුයේ් මේ සියල්ල හෙළිදරවු කිරීමත් සිංහල බෞද්ධ විරෝධී ඊනියා ව්‍යවස්ථා සංශෝධනය වර්ජනය කිරීමත් ය. "

-නලින් ද සිල්වා
උපුටා ගැනීම:  කලය :2016-01-10

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions