
ජනවාරි 8 වනදා තමන් සමරන්නේ වෙන කිසිවක් නොව මෙරට බිහිවූ ශක්තිමත්ම සිංහල බෞද්ධ පාලනය බිඳ වැට්ටවීම බවත් දැන් සිංහලයා වෙනුවෙන් පෙනී සිටින සිංහල ජාතිකවාදී දේශපාලනයේ මළගම සිදුවී අවසන් බවත් නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ "උදාන වාක්‍ය" පළ කර තිබේ.
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු ලෙස ජනවාරි 8 සිරිසේනගේ ජයග්‍රහනය වෙනුවෙන් වෙහෙසවූවෙකි.
යහපාලන ආණ්ඩුව යැයි තමන් මේ ආණ්ඩුවට නොකියන බව අද පවසන මේ කුහක උගතා එදා (විශේෂයෙන් ජනාධිපතිවරණ සමයේ) මාධ්‍යය වල කියා සිටියේ සිරිසේන අවශ්‍ය වන්නේ යහපාලනය ගෙන ඒමට බව මිස සිංහල බෞද්ධ ජාතිකත්වය පැරදවීමට කියා නොවේ. අපි එදාද මේ කුහකයන්ට අවැසි යහපාලනයක් නැති බවත් මොවුන්ට ඕනා එකම දෙය ඔවුන්ගේ නිධන්ගත රෝගය වන සිංහලත්වය සහ බෞද්ධත්වය හා සමඟ ඇති බද්ධ වෛරය පිරිමසා ගැනීම පමණක් බවත් දැන සිටියෙමු. යුතුකම සංවාද කවයේ අපි දිගින් දිගටම කියා සිටියේ මේ පාපී දුෂ්ඨ කුහකයන්ගේ සිංහල බෞද්ධ වෛරය නැමැති ටොපිය ඔතා තිබෙන යහපාලනය නමැති ව්‍යාජ දවටනයට නොරැවටෙන ලෙසයි. මෙලෙස සිංහල බෞද්ධ ජාතිකත්වයට වෛර කරන උන් එවැන්නන් බවට පත්වන්නේ කුමන කාරණයක් නිසාද යන්න ගැන පරීක්ෂණ පැවැත්විය යුතුය. මෙවැන්නන් සියල්ලන්ම පාහේ බිහි වන්නේ කලා විෂයන් හදාරන්නන් අතරින් වීමද සුවිශේෂි ලෙස සැලකිල්ලට ලක් කළ යුතු කරුණක් වන අතර වර්තමානය වන විට බොහෝ විටම සිංහල බෞද්ධ ජාතිකවාදී ක්‍රියාකාරීන් බිහි වන්නේ විද්‍යා ගණිත විෂයන් හදාරන අය අතරින් වීමද කැපී පෙනෙන ලක්ෂණයකි (භික්ෂූන් වහන්සේලා හැර). මෙසේ වීමට ගැඹුරු සමාජයීය කාරණා බලපානවා විය හැකිය.
රටේත් සියළු ජාතීන්ගේත් අවාසනාවට සිංහලයන්ගෙන් කොටසක් විශේෂයෙන්ම අත්දැකීම් අඩු බාල පරපුර යහපාලනය නමින් යමක් ඇතිවෙතැයි විශ්වාස කළේය. නිර්මාල් වැනි කුහකයන් විසින් රවටනු ලැබුනු සිංහලයන්ට සිංහලත්වයට එරෙහි වීමේ වුවමනාවක් තිබුනේ නැත. අද නිර්මාල්ලාගේ අරමුණ සාක්ෂාත් වී ඇත. සිංහලයන් පරාජය වී ඇත. සිංහලයන්ගේ පරාජය යනු සිංහලයන්ගේ පමණක් පරාජයක් නොවේ. එය සියළු ජාතීන්ගේ පරාජයකි. සිංහලයන් පරදවා ඇති කළ හැකි සංහිදියාවක් නැත. දැන් සිදුවෙමින් පවතින්නේ සංහිදියාවේ නාමයෙන්ම සංහිදියාව නැති කිරීමයි.
සිංහලයා පැරැද්දවූ සිරිසේනගේ ජයග්‍රහණය ගැන එයට කර ගැසූ සිංහල වෙස් ගත් තක්කඩියන් කියන්නේ කුමක්ද? ඒ තක්කඩියන් නිර්මාල්ලා පවසන මේ "ජාතිකවාදයේ මලගමට" අදද දවුල් බෙර ගැසීමෙන් සහය වෙමින් සිටිනවා නොවේද? එසේම සිංහලයන් පැරදවීමට පාවිච්චි කළ සිරිසේනගේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් මෙරට අතීත රජ දරුවන් අහසින් පැමිණ "නුඹ අපේ මිනිසෙක්" කියනා කල්හි නිර්මාල් වැන්නන් ගෙයි සාලේ පෙරලී පෙරලී සිනාසෙනවා විය යුතුය.
නිර්මාල් දේවසිරි මහතාගේ සම්පූර්ණ ෆේස්බුක් සටහන >>
"ජනවාරි 8" මා සමරන උරුමය කුමක්ද?
- නිර්මාල් රංජිත් දේවසිරි--- අදට 2015 ජනාධිපතිවරණයට වසරකි. ඒ වෙනුවෙන් ආණ්ඩුව රාජ්‍ය මට්ටමෙන් සැමරුම් උත්සව සංවිධානය කර ඇත. මටත් ඒ සදහා ආරාධනා ලැබී තිබේ. ඒවාට සහභාගී නොවීමට මම තීරණය කළෙමි. (මා ඒ වෙනුවෙන් පළ කෙරෙන ලිපි එකතුවට ලිපියක් පමණක් ලීවෙමි. ලිපි එකතුව සංස්කරණය කරනු ලබන්නේද රාජපක්ෂ තන්ත්රයේ ප්‍රකට ආරක්ෂකයෙකු වූ මගේ මිත්‍රයෙක් වීමද උත්ප්රාස ජනකය.) ඒ ඔවුන් සමරන දේ හා මා සමරණ දේ අතර වෙනසක් ඇති නිසාය. මා සමරන්නේ පශ්චාත්-යටත්විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල-බෞද්ධ හෙජමොනික පාලන තන්ත්රයේ බිද වැටීමයි. ව්‍යාජ රැඩිකල් වාමාංශිකයින් මොනවා කීවද එය ඉතා තීරණාත්මක දේශපාලන සංසිද්ධියකි.
--- රාජපක්ෂ තන්ත්රයේ මෙම බිදවැටීම කොතරම් තීරණාත්මකද යන්න රාජපක්ෂ තන්ත්රයට සෙවන දුන් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ දෘෂ්ටිවාදී කේන්ද්‍රයේ සිටින පිරිස් වලට මෙම පරාජය ක්ෂතිමය අත්දැකීමක් වී ඇති ආකාරයෙන් පෙනේ. ("යුතුකම සංවාද කුළකය" නමින් ගොනුවී ඇති පිරිස්වල කතිකාව පරීක්ෂා කිරීම මෙහිදී වැදගත්ය.) රාජපක්ෂ පරාජය කොට සිරිසේන ජයග්‍රණය කලේ ලක්ෂ 62 ට 57ක් වශයෙනි. මෙහි තීරණාත්මක බව තේරුම් ගත යුත්තේ ජනාධිපතිවරණය සම්බන්ධව ඊට පෙර රාජපක්ෂ කදවුර තුළ පැවැති තක්සේරුව දෙස බැලීමෙනි.
--- මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රකාශ කලේ සිරිසේන ෆොන්සේකා තරම්වත් ඡන්ද ගන්නේ නැති බවයි. දකුණේ ජනයා සිංහල-ජාතිකවාදයට පිටින් සංවිධානය කීරීමට ඇති හැකියාව ඓතිහාසික වශයෙන් අවසන්ව ඇතැයි ඔවුහු තීරණාත්මක ලෙස විශ්වාස කළහ. සිදුවුනේ කුමක්ද යන්න පිළිබදව තවමත් ඔවුන්ට තක්සේරුවක් නැත. ඔවුන්ට අනුව එය බටහිර හා ඉන්දීය තානාපති කාර්යාල වල කුමන්ත්රණයකි.
--- දැන් සිංහල-ජාතිකවාදයේ දේශපාලන මදුසමය අවසන්ය. තම පුතුන්ගේ දේශපාලන අනාගතය හා පවුලේ පැවැත්ම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ද සිංහල ජාතිය පාවාදීමට බොහෝ දුරට ආසන්න බව මගේ මේ මොහොතේ තක්සේරුවයි. කොහොමත් ඔහු කළේ වැල යන අතට මැස්ස ගැසීමයි. ගුණදාස අමරසේකරට දැන් ඊළග ගැලවුම්කරුවා (Messiah) එනතුරු "ගමනක මුල" නැවත ලිවීම ආරම්භ කිරීමට පුලුවන. ඒ සදහා මම ඔහුට චිර ජීවනය ප්‍රාර්ථනා කරමි. අව්‍යාජ සිංහල ජාතිකවාදීන් ගේ ලේ රත් කරමින් දැන් "සිංහ ලේ" විවෘතවම කරළියට පැමිණ ඇත. සිංහල ජාතිකවාදය (හෙගලියානු අර්ථයෙන්) එහි දයලෙක්තික වර්ධනයේ තීරණාත්මක අවසානයට පැමිණ ස්ව්යං-විනාශය කරා ගමන් කරමින් සිටී. "සිංහ ලේ" ව්‍යාපාරය ඒ අවමගුල් පෙරහැරේ මිනී බෑන්ඩ් එකයි (ජාත්‍යන්තරවාදීනි!!! කරුණාකර ඔවුන්ට බාධා නොකරන්න!!!). “අව්‍යාජ" සිංහල ජාතිකවාදීන් මෘත කලේබරය පසුපස විලාප තියමින් ගමන් කිරීම අපට දැකිය හැක.
--- ඊනියා යහපාලන ආණ්ඩුවේ (මම මේ ආණ්ඩුව සදහා යහපාලන ආණුඩුව යන වචනය භාවිතා නොකරන බව සලකන්න) පළමු වසර සැමරීමට මට කිසිදු වුවමනාවක් නැත. මා සම්බන්ධ වන්නේ ජනවාරි 8 සිදුවූ වැදගත් දේශපාලන විපර්යාසය පසුපස පැවැති පොදු අභිලාෂ ඉදිරියට ගෙනයාමේ අරගලයකටයි.
ජනාධිපතිවරණ සමයේ යහපාලන වෙස් ගෙන සිටි නිර්මාල්ලා ඊට මාස හය හතකට පෙර තම 'පොදු අපේක්ෂක මෙහෙයුමේ' අරමුණ පැහැදිලි කළ විරල අවස්ථාවක් පිළිබඳ සටහනක් පහත සබැඳියෙන් >>
‘අපි මාදුළුවාගේ හිමි ජනාධිපතිවරණෙට ගේන්නේ සිංහලයා පරද්දන්නයි’ – නිර්මාල් රංජිත්ගේ ඌරු මාලු තියරිය
මේ තක්කඩියන් ජනාධිපතිවරණ සමයේ තමන්ගේ මේ දුෂ්ඨ අරමුණ යට ගසා ව්‍යාජ 'යහපාලන' වේශයක් ගත් හැටි සිහි කරගන්න. මොවුන්ට ඕනකර තිබූ යහපාලන ඉටි ගෙඩියක් නැති බවත් අවශ්‍යව තිබුණේ සිංහල බෞද්ධයාට යම් දේශපාලන බලයක් තිබුණිනම් එයද අහෝසි කර දමා රට බෙදා දෙමළ ජාතිවාදය පිනවීම බව තවමත් නොතේරෙන තොත්ත බබාලා වෙත්ද?
-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
මේ බොහෝ දේ අප දැනසිටියද රටේ කරැමෙට බත් කන හරක් ඒකාලෙදි වැඩිවුනා... දැංවත් හරියයිද??
ReplyDeleteමුගෙ නම් මොලේ ලොකුෂෝර්ට් එකක්.අපබ්‍රන්ස කියවන්නෙ
ReplyDeleteආචාර්ය දේවසිරි උතුමාණනි,
ReplyDeleteජනවාරි 8 දා ඔබ සිතන ආකාරයේ “සිංහල ජාතිකවාදය බිඳ දැමු” ඓතිහාසික දේශපාලනික පෙරළියක් සිදුවුනායයි ඔබ ඔබේම සිහින ලෝකයේ සිට සිතන බව පෙනේ. ඔබ ඔබේම අදහසේ පමණක් තදින් එල්බගෙන ඇති නිසා යතාර්ථය නොපෙනේ.
2015 ජනවාරි 8 දා චන්ද වැටී ඇති හැටි සිහියෙන් කල්පනා කර බැලුවොත් 2015 ට සහ 2010 ට සංසන්දනාත්මකව මහින්ද රාජපක්ෂට අඩු වුයේ උතුරේ සහ නැගෙනහිර “දෙමල සහ මුස්ලිම් ජාතිකවාදී” චන්ද පමණක් බව හොඳින් පෙනේ. ඒ අනුව දෙමල සහ මුස්ලිම් ජාතිකවාදය වඩාත් තීව්ර වී ඇති බව පෙනේ. ඊට හේතු: TNA හි ජාතිවාදී දේශපාලන උසිගැන්වීම සහ සාමාන්‍ය දෙමල ජනයාගේ ඇති තම ජාතිකත්වයට මුල්තැන දීමේ සංස්කෘතිය සහ BBS හරහා මුස්ලිම් ජනතාව තුල ඇතිවූ මහින්ද විරෝධය. 2015 දී මහින්දට ලැබුණු සිංහල චන්ද ප්‍රමාණය බලු විට ඔබ කියන සිංහල ජාතිකවාදය එතනම නොසැලී ඇති බවත් තේරුම් ගත හැක. මීට අමතරව රනිල් විසින් ඇමරිකාවෙන් ඉගෙනගෙන ආවේයැයි ඔහුම කියන කුට උපක්‍රම (හොරා, හොරා, හොරා යැයි බොරු චෝදනා නැඟීම) නිසා මහින්දගේ චන්ද පදනම සුළු වශයෙන් හෝ සුරා කෑමට හැකිවීමෙන් සිදුවුයේ යලි පිබිදුනු දෙමල සහ මුස්ලිම් ජාතිකවාදය හරහා ලැබුණු අනපේක්ෂිත චන්ද ප්‍රතිපලයට තවත් රුකුලක් පමණි.
2015 ජනවාරි 8 වැනි දා චන්ද ප්‍රතිපලයත් සමඟම රට පුරා දක්නට ලැබූ ඓතිහාසික තුෂ්නිභුතභාවය, දේවසිරි මහතා කියන ආකාරයේ “සිංහල ජාතිකවාදය බිඳ දැමු” ඓතිහාසික දේශපාලනික පෙරළියක් කිරීමට සිංහල ජනතාවට උවමනාවක් “නොතිබූ” බවට කදිම සාක්ෂියකි.
2015 ජනවාරි 8 වැනි දා තිබු එම ඓතිහාසික තුෂ්නිභුතභාවයත්, 2009 මැයි 19 දා රට පුරා ඇතිවූ සැණකෙළි ස්වභාවයත් පැහැදිලිව පෙන්වන්නේ පොදු ජනතාව බලාපොරොත්තු වූ ප්‍රතිපලය සහ බලාපොරොත්තු නොවූ ප්‍රතිපලය අතර හඳුනාගත හැකි වෙනසයි. එම වෙනස හඳුනාගැනීමට “ආචාර්ය” උපාධියක් අවශ්‍ය නොවන බව කමතට බැස රටට කන්න දෙන රජ ගොවියෙකුගෙන් ඇසු විට දැනගත හැකිය.
කවුරුත් නැද්ද හිටං මේ මිනිහව පිස්සන් කොටුවට ගිහින් දාන්න..
ReplyDeleteනිර්මාල් දේවසිරි හෙළිදරව් කිරීම ගැන ප්‍රශ්නයක් නැතත් දැන් ඔහු කියනා දේ ගැන වදවීමට දෙයක් නැති බව මගේ හැගීමයි. මේ ලිපිය බොහොම හොඳයි. මොකද සිංහල ජාතිකවාදයේ මළගම ගැනයි අපේ වැළපීම් ගැනයි අර සිතිජය අත්දැකීම් ද මොනවාද කියන දේවල් ගැනයි එයාලගේ සටන් පාට අපේ වීම ගැන කියන එව්වායි ගැන අවධානය යොමු නොකර ජනවාරි 8 සිදු කල රැවටීම එහි සත්‍ය අරමුණ ගැන කතා කිරීම පමණක් මෙයින් කෙරෙන නිසා. අනෙක් මගුල් ගැන එයාට හිතෙන ඕන දෙයක් කියාගන්න දීල ඉන්න කියලයි මට නම් කියන්න තියෙන්නේ.
ReplyDeleteඑහෙත් ඇයි මේකේ නිර්මාල් ව ම හයිලයිට් කරන්නේ ? ඔහු නියෝජනයක් විතරයි. ෆෙස්බුකියේ නිතර හම්බවෙන චරිත කියන දේවල් එක්ක අපි ටිකක් ඇලෙනවා ගැටෙනවා තමයි. එහෙත් එක ඇලීමක් ගැටීමක් කියල අපි තේරුම් ගන්න ඕන.
Mulinma karanna one muge mama wenas karana eka
ReplyDeleteමේ පරයව හමු වුණොත් නම් මරණ 1 මරණවමයි...
ReplyDelete