1/31/2016

රට බෙදන ව්‍යවස්ථා මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?

කතෘ:යුතුකම     1/31/2016   1 comment

-ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේ සැඟවුණු අරමුණු

පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ආණ්‌ඩුවේ ව්‍යවස්‌ථා සම්පාදන යෝජනාව ඒකාබද්ධ විපක්‌ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ යම් සංශෝධනයන්ට යටත්ව සම්මත වීමට නියමිතය. එහිදී සංශෝධන ඉදිරිපත් කරමින් එම ක්‍රියාවලියට ඇතුල්වීමට වැඩි උවමනාවක්‌ ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මෛත්‍රී පාර්ශවයට බව පෙනේ. එය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවූ යම් එක`ගතාවයක්‌ නිසා සිදුවන්නක්‌ බවද පෙනේ. එක්‌සත් ජාතික පක්‌ෂය සහ දෙමළ සන්ධානයේ එක`ගතාවයෙන් ගෙන එන එම යෝජනාවලිය සංශෝධනය කිරීමට ඔවුන් එක`ග නැති බවක්‌ මුල් වටයේදී පෙන්නුවත් පසුව යම් සංශෝධන බාර ගැනීමට එක`ග විය. ඒ මගින් ඔවුන් පෙන්වන නම්‍යශීලී භාවය ඒකාබද්ධ විපක්‌ෂය එම ක්‍රියාවලියෙන් පිට පැනීම වැළැක්‌වීම සදහා යොදා ගන්නා උපක්‍රමයක්‌ බව පැහැදිලිව පෙනේ.

එවැනි චෝදනාවක්‌ එල්ල කිරීමට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ අදාල යෝජනාවේ මූලික හරය හෝ අවසාන අරමුණ කිසිසේත්ම වෙනස්‌ නොවන බව ඉතා පැහැදිලිව දක්‌නට ලැබීමය. කෙසේවෙතත් ඒකාබද්ධ විපක්‌ෂය වැඩි වශයෙන් අවධාරණය කළේ ක්‍රමවේදයේ තාක්‌ෂණික වැරදි මිස ක්‍රියාවලියේ අවසන් දේශපාලන අරමුණු නොවේ. ජනතා විමුක්‌ති පෙරමුණ එම අරමුණ පිළිබදව වචනයක්‌වත් සඳහන් නොකර ස්‌ථාවර නියෝග වලට පටහැනිව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය පත්කිරීමේ වරද පමණක්‌ කතා කිරීමට පරිස්‌සම් විය. ඔවුන් හ`ඩ න`ගා විරෝධයක්‌ පළ කරන බව පෙන්නුවත් ඔවුන්ගේ ඉල්ලීම ඉතා පහසුවෙන් ඉටුකළ හැකි එකකි. ඒ අනුව වචන එහා මෙහා කොට ස්‌ථාවර නියෝග වලට අනුව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු ක්‍රියාවලියට දායක කර ගැනීමේ මූලික අරමුණ රැක ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත්වූ බව පෙනේ. ඒකාබද්ධ විපක්‌ෂය ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියේ අවසන් අරමුණට අදාළව යම් විරෝධතා එල්ල කළත් ඒවා ඉතා පටු සහ සීමා සහිත වීම නිසා ඔවුන් ප්‍රාණ ඇපයට ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත්වී ඇත.

ඒකාබද්ධ විපක්‌ෂයේ විරෝධතා වලට පිලිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමා රටේ ඒකීය භාවයට සහ බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්‌ථානයට අනතුරක්‌ නොකරන බවය. වික්‍රමසිංහ මහතා ඒ ආකාරයට විපක්‌ෂයේ සටන්පාඨ ''හයිජැක්‌'' කිරීමට සමත් වන්නේ ඔවුන් සමස්‌ථ ක්‍රියාවලියේ ගැඹුර තෙරුම් නොගෙන සටන්පාඨ තේරීම නිසාය. බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබා දෙන 9වැනි වගන්තිය ව්‍යවස්‌ථාවේ එසේම තිබියදී දැන් භික්‌ෂු කතිකාවත් පනත් ගෙන එමින් සම්බුද්ධ ශාසනය අර්බුධයකට තල්ලු කරන ආකාරය අනුව ව්‍යවස්‌ථාවේ වගන්තිය වික්‍රමසිංහ මහතාට වැදගත් නැති බව පැහැදිලිව පෙනේ. එසේම ව්‍යවස්‌ථාවේ ඒකීයභාවයට අදාළ වගන්තිය එසේම තිබියදී බෙදුම්වාදය පෝෂණය කරන ප්‍රතිපාදන ශක්‌තිමත් කිරීමේ බාධාවක්‌ නැත. දෙවන ලෝක යුද්ධයට පසුව බෙදුම්වාදයට ගොදුරුවූ රටවල් 26 න් එකක්‌වත් ව්‍යවස්‌ථාවට අනුව බෙදා වෙන්කර ඇත. ඒවා සියල්ල අවසාන වශයෙන් බෙදා වෙන්කොට ඇත්තේ ඒ රටවල ව්‍යවස්‌ථාවලට පටහැනිවය.

හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතාට අනුව අප රටේ ව්‍යවස්‌ථාවේ ඉන්දියාවටත් වඩා බරපතල ෙµඩරල් ලක්‌ෂණ ඇත. ඒවා බලාත්මක නොවන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ ප්‍රබලත්වය නිසාය. (ජාතික පුනර්ජීවන කොමිෂන් සභා වාර්ථාව - 2010) ඒ අනුව දැනටමත් ව්‍යවස්‌ථාවේ ඒකීය නැමති වචනය තිබුණත් එය එක්‌තරා ආකාරකට ෙµඩරල් ව්‍යවස්‌ථාවකි. සම්බන්ධන් මහත්මයල ෙµඩරල් ඉල්ලා සිටින්නේ නැතිව ''එක්‌සත්'' යනුවෙන් ''කොන් ෙµඩරල්'' ඉල්ලා සිටින්නේ ඒ නිසාය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඒකීයභාවය සහ බුද්ධාගම ආරක්‌ෂා කරන බවට නිර්භීත ප්‍රකාශ කරන්නේ සම්බන්ධන් මහතාගේ හිත් රිදෙන්නේ නැති නිසා බව පැහැදිලිය. බෙදුම්වාදීන්ට නව ව්‍යවස්‌ථාවක්‌ නොලැබුණත් බලය බෙදීමේ කතිකාව සහ ඔවුන් සතුටු කළ හැකි විසදුමක්‌ ලබාදිය යුතුය යන කතිකාව උඩට ගැනීම ඔවුන්ගේ ප්‍රබල ජයග්‍රහණයකි. වෙනම රාජ්‍යයක්‌ හැර අන් යමකින් සතුටු නොවන පිරිසක්‌ සතුටු කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා තම හිරිඔතප් බිඳ ගැනීමට සූදානම් බවත් ඔහු ඔහු ඉතා පරිස්‌සමින් ඔහුට අයත් භූමිකාව රඟ දක්‌වන බව පෙනේ.

රනිල් වික්‍රමසිංහ මහතාට අනුව සමස්‌ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථා සම්පාදක සභාවක්‌ බවට පත් කළ යුත්තේ විපක්‌ෂයට වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක්‌ ලබා දීමටය. සැබෑ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුෙවීදී කතා තතා කිරීමට ඉඩක්‌ නොදී ''වාඩිවෙනවා'' යයි අණකරන අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට පරිබාහිර ආයතනයක්‌ පිහිටුවා ඊට වඩා වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක්‌ ලබා දීමට යෝජනා කිරීම ඉළ ඇදෙන විහිලුවකි. නමුත් පොදු විපක්‌ෂයේ මන්ත්‍රීවරු ඒ සත්‍යය තේරුම් ගන්නා බවක්‌ පෙනෙන්නට නැත. දැන් සංශෝධන බාර ගන්නා බව පවසන අගමැතිවරයා අවසානයේදී කෙසේ හෝ පිහිටුවීමට උත්සාහ කරන්නේ සියලු මන්ත්‍රීවරුන් ලවා ඔහු හදන ව්‍යවස්‌ථා මල් වට්‌ටියට අත ගස්‌සන ක්‍රමවේදයකි. ප්‍රායෝගිකව 225 දෙනෙකු අසුන්ගන්නා කමිටුවකින් ව්‍යවස්‌ථාවක්‌ තබා අවම වශයෙන් ප්‍රතිපත්තියක්‌වත් සකස්‌ කළ නොහැක. අගමැතිවරයා ඉතා පැහැදිලිවම උත්සාහ කරන්නේ බාහිරින් හදන ව්‍යවස්‌ථා කෙටුම්පතකට දායකත්වය ලබාදුන් බවට සියලු මන්ත්‍රීවරුන්ගේ මුද්‍රdව තබා ගැනීමටය.

ඉතා හාස්‍යජනක කාරණය වන්නේ ව්‍යවස්‌ථා සම්පාදනය සදහා පාර්ලිමේන්තුවේ අවසරය සහ දායකත්වය අවශ්‍ය බව කියමින් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත වීමට පෙර අමාත්‍ය මණ්‌ඩලය මගින් විවිධ කමිටු පත් කිරීමය. එක්‌ කමිටුවක්‌ මගින් මහජන අදහස්‌ ලබා ගන්නා අතර තවත් කමිටුවක්‌ සමස්‌ථ ක්‍රියාවලියට උපදෙස්‌ ලබාදෙයි. එම කමිටු දෙකේම නායකත්වය දරන්නේ බෙදුම්වාදය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින නීතීඥවරු දෙපළකි. අනෙක්‌ අප්‍රසිද්ධ කමිටුවට නෝර්වේ, ස්‌විස්‌ සහ බෙල්ජියම් ආදී රට වල විශේෂඥයින්ද අයත්වන බව වාර්තා විය. කෙසේ හෝ මහජන අදහස්‌ ලබා ගැනීමට ලබාදී ඇත්තේ ඉතා කෙටි කාලයකි. ඊට අමතරව එම කමිටුවේ සභාපතිවරයා කියන්නේ තමා ව්‍යවස්‌ථාවේ අඩංගු විය යුතු කරුණු පිලිබඳව මහජනයා දැනුවත් කරන බවය. ඒ අනුව එම ක්‍රියාවලිය ඔවුන්ගේ අදහස්‌ මහජනයා ලවා සාධාරණීයකරනය කිරීමේ උපක්‍රමයක්‌ද යන සැකය මතුවේ.

එම බෙදුම්වාදී හිතවාදී විද්වතුන්ගේ ප්‍රකාශ වලින් පැහැදිලි වන්නේ ඔවුන් විසින් සකස්‌ කරන ව්‍යවස්‌ථාවක්‌ අගමැතිවරයා හරහා ව්‍යවස්‌ථා සම්පාදක සභාවට, මණ්‌ඩලයට හෝ කමිටුවට යන කුමන හෝ ආකාරයකට නම් කෙරෙන ආයතනයට යොමුකෙරන බවය. පළමුවටයේදී 9 වැනිදා ඉදිරිපත්වූ යෝජනාවට අනුව අගමැතිවරයා නායකත්වය දරණ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කෙරෙන ව්‍යවස්‌ථා කෙටුම්පතේ මූලික ප්‍රතිපත්තිමය කරුණු පිලිබඳව ව්‍යස්‌ථා සම්පාදක සභාවේදී විවාද කළ නොහැක. ඒ බලහත්කාරී වගන්ති 29 වැනිදා හකුළා ගත්තත් නැතත් ඒ මූලික අරමුණ ජය ගැනීම සදහා සංශෝධිත ප්‍රතිපාදනයක්‌ ඇතුල් කරන බවට සැකයක්‌ නැත. ඊට අමතරව අධිකරණය ම`ග හැර කෙටුම්පත සෘජුව ජනමත විචාරණයකට යොමු කිරීමේ යෝජනාවද ආරක්‌ෂාකර ගැනීමට අගමැතිවරයා උපරිම උත්සාහය දරනු ඇත. අධිකරණය මඟහැරීම මගින් ව්‍යවස්‌ථා කෙටුම්පත පිළිබඳව දියුණු සංවාදයක්‌ ඇතිවීම වැළැක්‌වීම ආණ්‌ඩුවේ අරමුණ බව පැහැදිලිව පෙනේ.

මේ සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ කිසිදු සද්භාවයක්‌ නැති කොළේ වසා ගැසීමේ මෙම කුමන්ත්‍රණකාරී ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය ''ගෙදර ගියොත් අඹු නසී - ම`ග සිටියොත් තෝ නසී'' පන්නයේ වැඩක්‌ බවය. මෙම ක්‍රියාවලිය ආරම්භ කළ පසු එය ජයග්‍රහණයෙන් හෝ පරාජයෙන් යන කුමන ආකාරයකට අවසන් වුවත් එහි අවසන් ප්‍රතිඵලය බෙදුම්වාදයට වාසි සහගත ෙවි. ඔවුනට දැන් ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වී ඇත්තේ නැවත වටයකින් බලය බෙදීමේ ව්‍යවස්‌ථාමය විසදුම් පිලිබදව සමාජ කතිකාවක්‌ සහ ඊට අදාල ගැටුම ඉහළ මට්‌ටමකට ගෙන ඒමය. එම අරමුණ දැනටමත් ඉතා හොදින් ඉටු වෙමින් පවතී. සැබෑ විපක්‌ෂය එම ව්‍යාජ කතිකාවට කොටුකර ගැනීමට හැකි වීම ආණ්‌ඩුව ලැබූ විශාල ජයග්‍රහණයකි.

ජාත්‍යන්තර බෙදුම්වාදී න්‍යායපත්‍රය සකස්‌කොට ඇත්තේ බහුතර සිංහල ජනතාවගේ අනුකම්පාව මත ජයග්‍රහණය කිරීම සදහා නොවේ. සිංහලයා බන්දේසියක තබා එසේ නැතහොත් ජනමත විචාරණයකින් අනුමත කොට 13 වැනි සංශෝධනය ඉක්‌මවා යන බල තල ලබාදුනහොත් බෙදුම්වාදීන් එය සතුටින් භාර ගනු ඇත. එම ප්‍රවේශය සිංහලයා විසින් අඩාල කළද බෙදුම්වාදී න්‍යාය පත්‍රයට ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය මගින් විශාල තල්ලුවක්‌ ලැබේ. බෙදුම්වාදී න්‍යායපත්‍රයේ පළමු කොටස ඉදිරියට යන්නේ රටේ ව්‍යවස්‌ථාවට අනුව හෝ ඊට පරිබාහිරව එළැඹෙන යම් ගිවිසුමක්‌ හරහාය. අතිකරගන්නා 13 වැනි සංෙශෘaධනය හරහා සහ සටන් විරාම ගිවිසුම හරහා ගමන් කළ දුර දෙස බැලීමේදී එA බව පහසුවෙන් වටහා ගත හැක. එසේ නීත්‍යානුකූලව යා හැකි දුර තහවුරුකර ගැනීම සඳහා නීත්‍යානුකූල නොවූ යුද්ධය යොදා ගත් ආකාරය විස්‌තර කළ යුතු නැත. ඉහත සදහන් කළ ආකාරයට 13ට එහා යන බලතල ලැබුණහොත් නීත්‍යානුකූලව යා යුතු දුර වැඩි වී නීත්‍යානුකූල නොවන ආකාරයට යා දුතු දුර අඩුවේ. එය ඔවුනට පහසුවකි. මේ උත්සාහ කරන්නේ ඒ සදහාය.

කෙසේ වෙතත් නීත්‍යානුකූලව යා යුතු අවම දුර යාම සදහා දැනටමත් ව්‍යවස්‌ථාවේ ප්‍රතිපාදන ඇති බැවින් තව දුරක්‌ නීත්‍යානුකූලව යාමට නොහැකි වුවත් ඔවුන්ට ගැටලුවක්‌ නැත. එවිට සිදු වන්නේ නීතියට පිටින් ජාත්‍යන්තර මැදිහත්වීම යටතේ යාම සදහා ඔවුන් කලින් සැළසුම් කළ ගමනේ ඉතිරි කොටස ආරම්භ කිරීමය. නව ව්‍යවස්‌ථා සාකච්ඡාවෙන් ඒ සදහා ධෛර්යය සහ සුජාතභාවය ලැබේ. දැන් ලක්‌ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාට තම ආණ්‌ඩුව ඉඩම්, පොලිස්‌ සහ, මහ ඇමති මුදල් බලය ඇතුළු 13 වැනි සංශෝධනයෙන් ලබාදී ඇති බෙදුම්වාදී බලතල උතුරට ලබාදෙන බව කීමට ධෛර්යය ලැබෙන්නේ ඒ නව කතිකාව තුළය. ඒ නිසා ඉහත සදහන් කළ ආකාරයට ව්‍යවස්‌ථාව බෙදුම්වාදීන්ට වුවමනා ආකාරයට සංශෝධනය නොවූවත් එම ක්‍රියාවලිය මගින් ඔවුන්ගේ ගමනට විශාල තල්ලුවක්‌ ලැබේ. ව්‍යවස්‌ථා කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් කෙරෙන අවස්‌ථාවක එය සමස්‌ථයක්‌ ලෙස පරාජය වී උතුරේදී පමණක්‌ ජයග්‍රහණය කළද බෙදුම්වාදීන්ට එය ආශිර්වාදයක්‌ වනු ඇත. ඒ මගින් ස්‌වයංපාලනයක්‌ සදහා උතුරු සහ නැගෙනහිර ජනතාව විසින් ජනවරමක්‌ ලබා දී ඇති බවට ජාත්‍යන්තරව තහවුරු කිරීමට ඔවුනට අවස්‌ථාව ලැෙ€. ජනමත විචාරණයේ ජය පරාජය කුමක්‌ වුවත් එය බෙදුම්වාදීන්ට වාසි සහගත වන්නේ ඒ නිසාය.

එසේම බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත් විට ජනමත විචාරණයකින් සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනය නොකර 13 වැනි සංශෝධනය ශක්‌තිමත් කරන වගන්ති ප්‍රමාණයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලබා ගැනීමෙන් පමණක්‌ වුවද විශිෂ්ඨ ජයග්‍රහණයක්‌ අත්පත් කරගත හැකිය. උදාහරණයක්‌ ලෙස පළාත් සභාව හා මධ්‍යම ආණ්‌ඩුව අතර බලය බෙදන "සමගාමී ලයිස්‌තුව" ඉවත්කිරීම, උතුරු නැගෙනහිර පළාත් ඒකබද්ධ කිරීමේ ප්‍රතිපාදන ලිහිල් කිරීම, හදිසි අවස්‌ථාවකදී පළාත්සභා වල බලතල අත්පත්කර ගැනීමට ජනපති සතු බලතල ලිහිල් කිරීම වැනි සංශෝධන කිහිපයකින් වුවද බෙදුම්වාදීන් විශාල ජයග්‍රහණයක්‌ අත්පත් කරගනු ඇත. සමගාමී ලයිස්‌තුව ඉවත් කිරීම ඔවුන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමකි. ඊට අමතරව මහජන ආරක්‌ෂක පනත සංශෝධනය මගින් ජනපතිගේ බලතල අඩු කළ විට විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යාම. බෙදුම්වාදීන්ට ප්‍රශ්නයක්‌ නොවේ. දැනටමත් 19 වැනි සංශෝධනය මගින් ජනපති බල තල ප්‍රමාණයක්‌ දුර්වල කොට ඇති බැවින් මෛත්‍රිපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ලෙස ඉදිරිකාලයේ වැජඹීම බෙදුම්වාදීන්ට ප්‍රශ්නයක්‌ වන්නේ නැත.

ඒ අනුව මෙම ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් රට බරපතල උගුලකට තල්ලු කරන බව පැහැදිලිව පෙනේ. ඊට මුහුණදී ආණ්‌ඩුවේ සැ`ගවුන අරමුණ පරාජය කිරීමේදී මූලික කොන්දේසිය වන්නේ බෙදුම්වාදීන්ට වුවමනා ආකාරයට ව්‍යවස්‌ථාමය විසදුම් පිළිබද සංවාදයට ඇතුල් නොවී සිටීමය. දෙවැනි කොන්දේසි මහජනයා රැවටීම සදහා අටවන ඊනියා ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයට ඇතුල් නොවී සිටීමය. ඊට අමතරව ආණ්‌ඩුවේ බෙදුම්වාදී හිතවාදී අරමුණු සෘජුව හෙළිදරව් කිරීම ඉතා වැදගත්වේ. විධායක ජනාධිපති ක්‍රමය සහ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම නැමැති ජනප්‍රිය සටන්පාඨ වලට මුවාවී මේ උත්සාහ කරන්නේජනාධිපතිවරණයට පෙර බෙදුම්වාදී බලවේගවලට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට බව සමාජයට ඒත්තු ගැන්විය යුතුය. ආණ්‌ඩුවේ එම උත්සාහයට එරෙහිව සැබෑ ජනතා සටන දියත් කළ යුත්තේ අවසන් ව්‍යවස්‌ථා කෙටුම්පත එළිදැක්‌වූ පසුවය. එතෙක්‌ කළ යුත්තේ ආණ්‌ඩුවේ අධිරාජ්‍යවාදී ස්‌වාමිවරුන්ගේ අවසන් අරමුණ පිළිබඳව සමාජය අවධියෙන් තැබීමය.

අවශ්‍යනම් කොන්දේසි ඉදිරිපත්කොට ආණ්‌ඩුවේ සැඟවුණු අරමුණු එළිදරව් කිරීමට අමතරව ඒවා අවුල් කිරීමද කළ හැක. මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිතුමා ඉල්ලා සිටින ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කොට පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතුය යන කොන්දේසි ඉතා වලංගු නිර්මාණශීලී එකක්‌ බව කිව යුතුය. එම න්‍යායත්මක ස්‌ථාවරය පිලිගන්නේ නම් ඒකාබද්ධ විපක්‌ෂය කළ යුත්තේ තමාගේ අනෙක්‌ පයත් උගුල මත තබනවා වෙනුවට සංශෝධන ඉදිරිපත් කිරීමට තීරණය කිරීම මගින් 9 වැනිදා තැබූ පය ආපසු ගලවා ගැනීමය.

-වෛද්‍ය වසන්ත බණ්‌ඩාර
(Divaina)

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. මව්බිම කොටියගෙන් අපහට රැක දුන්න..
    මිහිපිට දෙවියන් විලස අප ලග වැඩ උන්න..
    “මහින්ද මහ රජුට” ගරහන දෙස් තබන..
    පරයන් මැරෙන හැටි ඔබ අද දැනගන්න..

    ඔලු කටු කුඩු වෙන්න හෙණ ගෙඩි වැදීගෙන..
    පණ ඇති සිරුරු තුල පණුවන් ගසාගෙන…
    පිස්සන් විලස මල මුත්‍රා කවාගෙන..
    ප්‍රාජිත ඇතුලු කල්ල්ලිය යයි අපායට..

    මගෙ මව්බිමට මව්බිම රැකි විරුවන්ට..
    ගරහන වසල යමපාලන හිවලුන්ට…
    විසි තිස් කඩට හිස් ගෙඩි ටික පුපුරන්ට..
    වැහි නැති හෙණ පතමු දෙවියන් ලග අපි උන්ට..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com