1/29/2016

සිරිසේනලාගේ-වික්‍රමසිංහලාගේ පාවාදීමට එරෙහිව රණ හඬ නැගේ.. සරත් වීරසේකර ජනපතිගේ මුහුණටම කියාදෙයි...

කතෘ:යුතුකම     1/29/2016   3 comments

හමුදා බුද්ධි අංශ විරුවන් අත් අඩංගුවට ගෙන බෙදුම්වාදීන් සතුටු කිරීමට අත්තනෝමතික ලෙස අභූත චොදනා නගා හිර කිරීම, ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට දුර දිග විහිදුම් බලකාය වැන අතිශය සංවේදී යුධ රහස් හෙළි කිරීම සහ රට බෙදන ව්‍යවස්ථා මර උගුල හරහා බෙදුම්වාදය ශක්තිමත් වෙන ආකාරය පිළිබඳ පසුගියදා පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ විධායක සභාවේදී රියර් අද්මිරල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා  ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් මුහුණටම ප්‍රශ්න කළේය. එහිදී ඒ සමහර කරුණු වලට සිරිසේන මහතාගේ පිළිතුර වී තිබුනේ තමන් ඒ පිළිබඳ දැනුවත් නැති බවයි.

මහවැලි කේන්ද්‍රයේ පැවැති විධායක සභාව අමතමින් ජනපති තුමා වර්තමාන දේශපාලන තත්වයද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කුමාරයා මෙහි එන වගද අන්තවාදීන් විසින් ව්‍යාවස්ථාව ගැන ජනතාව තුල අනිසි බියක් ඇති කරණ බවද කියා සිටි අතර, නිමල් සිරිපාල ඇමතිතුමා ව්‍යාවස්ථාව ගැන කියමින් දරුවා බිහි වෙන්න පෙර අඟ පසඟ කියන අන්තවාදීන් රටේ සිටී යැයි පැවසිය.

මෙහිදි නැගී සිටි සරත් වීරසේකර ජනපති තුමාගෙන් කරුණු 03 ක් ගැන විමසීය.
එහිදී අදහස් දැක්වූ සරත් වීරසේකර මහතා

"අද හමුදා බුද්ධි නිළධාරීන් අත් අඩංගුවට ගෙන නිබෙනවා. හමුදාවේ වසර 39 ක් සිටි මා ඇතුළු හමුදා සමාජිකයින් ඒ ගැන කල කිරිලා දවස් 78 ක් ඔවුන් රඳවා ගැනිමේ නියෝග මත පොලිස් භාරයේ සිටියා කිසිම ඥතියෙකුට බලන්න දුන්නෑ. ඉන්පසු රිමාන්ඞ් බාරයට ගත්තා. පසුව ඔවුන්ගේ අසනීප තත්වය මත රිමාන්ඞ් රෝහලට ඇතුලත් කලා. නමුත් පොලිසිය ඔවුන් රිමාන්ඞ් රෝහලේ ඉන්නේ කේසේද කියා චෝදනා කරමින් දොස්තරටද බලපෑම් කොට එයින් නිළධාරීන් 04 ක් සිරකුටියකට දමලා. ඒක අපි හෙලා දකිනවා. මෙයින් පෙන්නන්නේ රණවිරුවන්ට පන්න පන්නා පහර දෙන හැටි ඔවුන්ට මාස 06 කට අධික කාලයක් පඩි ගෙවා නැත. ණය ගත්ත අය අද ඉතා දුක්කිත තත්වයකට වැටිලා. ඔබතුමා මේ ගැන සොයා බලන්න ඕන.

දෙවෙනි කරුණ ඔබ තුමා කිව්වා මානව කොමසාරිස් කුමාරයා එනවා කියලා මම අද පුවත් පතේ දැක්කා සෙයිද් හුසේන් කියලා තියෙනවා එයාට අපේ දුරවිහිදුම් මෙහෙයුම් වල වාර්ථා බලන්න අවශ්‍යයි කියලා ඒක සත්‍ය නම් එය කිසි සේත් නොකල යුතුයි. ඒවා යුද රහස්, අපි ලෝකේ භයානකම ත‍්‍රස
සංවිධානය විනාශ කල හමුදාව, ඒ රහස් පිට සිවිල් කෙනෙක්ට දෙනවා කියන්නේ අපේ නිවට කම ප‍්‍රදර්ශනය කිරීමක්.

තුන්වන කරුණ වන්නේ නිමල් ඇමති තුමා කිව්වා ව්‍යාවස්ථාවේ දරුවා බිහිවන්න පලමු දරුවාගේ අඟ පසඟ කියන අන්තවාධියෝ සිටිනවාය කියා. නමුත් ඒ දරුවාගේ සම්පූර්ණ අව යව දැනටමත් රනිල් වික‍්‍රමසිංහ කියා තිබෙනවා සුජාතා විජේවර්ධන සමරු දේශනයේදී එයා කියනවා පලත් සභාවට දෙන බලතල නැවත පාර්ලිමේන්තුවට දෙන්නැ. ජනපති විධායක බලය අහෝසි කල යුතුයි. ඔස්ටි‍්‍රයානු ක‍්‍රමයට ව්‍යාවස්ථාව හදනවාය කියා. ඔස්ටි‍්‍රයාව කියන්නේ පලාත් 09 කින් යුත් පෙඩරල් රාජ්‍යයක්. එහෙනම් එයාට ඕන මෙක පෙඩරල් කරන්න. ඔබතුමාලා ඒක එහෙම නෙමෙයිනම් එක ප‍්‍රතික්‍ෂප කරන්න ඕන.

ජනපති විධායක බලය අහෝසි කරනවානම් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කරනවානම් ඒක අද අනුමත වුනත් ක‍්‍රියාත්මක වන්නේ තව අවුරුදු 4 කින් එහෙනම් ඇයි මේ නව ව්‍යාවස්ථාවක් ගෙන ඒමේ හදිසිය ? ජනතාවගේ බය ඒ නිසා අනිසි බයක් නොවේ, නිසි බයක්, ඒ ගැන කතා කිරීම අන්තවාදී."


-සටහන :යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. Yuddeta giye ahinsaka duppath demapiyange puththu. Un tika dagena boruwata yuddayak krala Mara gaththa. Dan ithiri un tika hireta danawa. Mewa krana unta ditta Damma wedaya Amathaka unata, eke Rasa kohomada kiyala therei. PAU.

    ReplyDelete
  2. Ane me Sarath Weerasekara ochchara siraa porak nan, ochchara maha loku deshapremiyeknan, me ratata ochchara aadare nan, ayi nagenehira janathawa meyawa 2015 maha chanden prathikshepa keruwe?

    ReplyDelete
  3. Good point above. Why was Radm Weerasekara sent home packing in in the 2015 general election by the Eastern Sinhalese people?? Obviously the Eastern Sinhalese lost confidence in the naval officer. He must have not been behaving appropriately in the region.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions