ලෝකයේ රටවල් සෙසු රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන තිබීමේ අරමුණ අදාළ රටවලට අෙන්‍යාන්‍ය වශයෙන් ප්‍රතිඵලදායක වන ආකාරයේ වෙළෙඳාමක් වර්ධනය කරගැනීම ය. මෙවැනි නිදහස් වෙළෙඳ ගිවිසුම් මගින් සාමාන්‍යයෙන් සිදු වන්නේ එAවාට සම්බන්ධ වන රටවල් අතර වෙළෙඳාම සඳහා වූ බාධක ඉවත් කිරීම ය. මීට අදාළ රටවල් එකඟ වන භාණ්‌ඩ සඳහා තීරු බදු ලිහිල් කිරීම වැනි පියවර ඊට ඇතුළත් ය. ජගත් මට්‌ටමේ දී මෙවැනි වෙළෙඳ ගිවිසුම් පවතී. සමස්‌තයක් ලෙස ගත හොත් මේ නිසා ජාත්‍යන්තර වෙළෙඳාම වර්ධනය වී තිබේ.
කෙසේ වෙතත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජනා වී ඇති වෙළෙඳ ගිවිසුම ශ්‍රී ලංකාවට කෙතරම් වාසිදායක එකක් වේ ද යන්න ගැටලුසහගත ය. භාණ්‌ඩවලට පමණක් නො ව සේවාවලට හා ආයෝජන සඳහා ද බලපාන සේ ඇති කරගැනීමට නියමිත බව පැවසෙන මේ එකඟතාව සඳහා මුලින් යෝජනා වූයේ කලකට ඉහත දී සාකච්ඡාවට ලක් වූ 'සීපා' නම් කෙටි යෙදුමෙන් හැඳින්වෙන ගිවිසුම ය. පසුව 'එට්‌කා' නම් ගිවිසුමක් අත්සන් තබන බව සඳහන් විය. කෙබඳු නමකින් හඳුන්වනු ලැබුව ද, ඉන්දියාව සමඟ කිසියම් වූ ගිවිසුමක් අත්සන් තැබීමට රජය සූදානම් බව පැහැදිලි ය. මුලින් මේ වසරේ පෙබරවාරියේ අත්සන් කිරීමට නියමිත බව පැවසුණු ගිවිසුම ලබන ජූනි මාසයේ පමණ අත්සන් තැබෙන බව පසුගිය දා පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ය.
FTA සිට CEPA හෝ ETCA දක්‌වා
ඉන්දියාව සමඟ රජය පුළුල් වෙළෙඳ ගිවිසුමත් අත්සන් කරනු ලබන්නේ 1998 වර්ෂයේ දී ය. නිදහස් වෙළෙඳ ගිවිසුම (Free Trade Agreement – FTA fyj;a ISFTA) නම් එම ගිවිසුම 2000 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අතර මෙය භාණ්‌ඩ වෙළෙඳාම සම්බන්ධ වූවකි. මේ සමඟ දෙරට අතර වෙළෙඳාම වර්ධනය වුව ද සමස්‌තයක් ලෙස වෙළෙඳ ශේෂයේ වාසිය පැවතුණේ ඉන්දියාවට ය.
මේ තත්ත්වය හමුවේ දෙරට අතර වඩා පුළුල් ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා විය. 'සීපා' හෙවත් පූර්ණ ආරථික සහයෝගිතා ගිවිසුම (Comprehensive Economic Partnership Agreement - CEPA) ගිවිසුම නම් වූ එය පළමුව සාකච්ඡාවට ලක් වූයේ පසුගිය සන්ධාන රජය සමයේ 2005 වර්ෂයේ දී ය. සාකච්ඡා වට දහ තුනකින් පසුව මේ ගිවිසුම පිළිබඳ කටයුතු 2008 ජුලි මාසය වන විට සම්පූර්ණ විය. සීපා ගිවිසුම යටතේ භාණ්‌ඩ වෙළෙඳාම පුළුල් කිරීම අපේක්‌ෂා කළ අතර, ඊට අමතරව, සේවා හා ආයෝජන ද ඇතුළත් කිරීමට නියමිත විය. එසේ ම ආර්ථික සහයෝගිතාව ද එහි ඇතුළත් විය. මේ පිළිබඳව ඒ කාලයේ දී ව්‍යාපාර අංශවලින්, දේශීය ව්‍යාපාරිකයන් ගෙන් හා විද්වත් වෘත්තිකයන් ගෙන් සැලකිය යුතු විරෝධයක් පැනනැගිණි. එවකට පැවැති නිදහස් සන්ධාන රජය සීපා ගිවිසුම පිළිබඳ කටයුතු ඉදිරියට ගෙන ගියේ නැත. ඊට බලපෑවේ සීපා යෝජනාවලිය ගැන වූ ගැටලු හා නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ඇති වී තිබෙන ගැටලු විසඳාගැනීමේ අවශ්‍යතාවයි.
කෙසේ වෙතත් සීපා ගිවිසුම ඇති කරගැනීමේ අදහස ඉන්දියාව අත්හැර නො තිබිණි. සන්ධාන රජය පරාජයට පත් වීමෙන් පසුව සීපා ගිවිසුම යළිත් වරක් කරළියට ආවේ පසුගිය වර්ෂය මුල දී ය. මේ නිසා ඇති විය හැකි බලපෑම් පිළිබඳව උනන්දුවක් දැක්‌වූ පාර්ශ්වවලින් ඒ ගැන විරෝධතා පළ විය. පසුගිය වර්ෂය අවසානයේ දී වර්තමාන රජය ප්‍රකාශ කළේ සීපා ගිවිසුම අත්සන් නො කරන බවත්, ඒ වෙනුවට ඉන්දියාව සමඟ 'එට්‌කා' හෙවත් ආර්ථික හා තාක්‌ෂණික සහයෝගිතා ගිවිසුමක් (Economic and Technology Co-operation Agreement - ETCA) අත්සන් කරන බවත් ය. එය සීපා ගිවිසුමට වඩා වෙනස් වූවක් ලෙස බලධාරීන් පෙන්වා දී තිබුණ ද, එහි බලපෑම තීරණය වන්නේ නමින් නො ව අන්තර්ගත කරුණුවලිනි. මේ යෝජිත ගිවිසුම මෙරට සැම දෙනා ගේ ම සැලකිල්ලට ලක් විය යුතු දෙයක් බව යෝජිත ගිවිසුමට එල්ල වී ඇති විරෝධතා අනුව පෙනේ.
පැවැති ගිවිසුමේ වාසි කාට ද?
ඉන්දියාව වැනි විශාල රටක් හා ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් අතර ඇති කරගන්නා වෙළෙඳ ගිවිසුමකින් ඇති විය හැකි අවාසි හා අහිතකර බලපෑම් ගැන අවධානය යොමු කළ යුතු ය. විශේෂයෙන් භාණ්‌ඩවලට අමතරව සේවා අංශය ද ආවරණය කරන ආකාරයේ වෙළෙඳ ගිවිසුමක දී මේ තත්ත්වය වැදගත් ය.
අද වන විට වසර 15ක් පමණ කාලයක් තිස්‌සේ ක්‍රියාත්මක ඉන්දු-ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පැවැති කාලයේ දී මෙරට හා ඉන්දියාව අතර වෙළෙඳාම වර්ධනය වී ඇත. 2003 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 241.1ක් පමණ වූ මෙරටින් ඉන්දියාවට අපනයනය කරන ලද භාණ්‌ඩවල වටිනාකම 2014 වන විට මිලියන 625ක් පමණ දක්‌වා ඉහළ ගොස් ඇත. මෙය මෙරට වෙළෙඳ ද්‍රව්‍ය සඳහා ඉන්දියානු වෙළෙඳපොළ පුළුල් වීම පිළිබඳ සාධකයක් ලෙස ගත හැකි ය. එහෙත් මේ අතරින් ඇතැම් අපනයනවල හිමිකාරිත්වය ඉන්දියානු ව්‍යාපාරිකයන් සතු වූ අතර මේ නිසා ඉන් ලංකාවට ලැබුණු වාසිය වඩාත් අඩු ය. නිදසුනක් ලෙස වනස්‌පති තෙල් හා තඹ අපනයනය දැක්‌විය හැකි ය. අනෙක් අතට නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ පවා මෙරට නිෂ්පාදන ද්‍රව්‍ය අපනයනය කිරීමට යැමේ දී බදු නො වන වෙනත් සීමාවලට ලක් වීමට සිදු වූ අවස්‌ථා පිළිබඳව මෙරට ව්‍යාපාරිකයන් ගේ පැමිණිලි තිබේ.
කෙසේ වෙතත් මේ කාලය ඇතුළත ඉන්දියාවෙන් අපේ රටට ආනයනය කර ඇති භාණ්‌ඩවල වටිනාකම මීට වඩා බෙහෙවින් වැඩි ය. 2003 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1075ක් පමණ වූ ඉන්දියානු ආනයනවල වටිනාකම 2014 වන විට මිලියන 3977ක් පමණ තෙක් වර්ධනය වී ඇත. මේ මුළු කාලය ඇතුළත වෙළෙඳ ශේෂයේ වාසිය තිබුණේ ඉන්දියාව දෙසට ය.
සේවා අංශය විවෘත කිරීමේ බලපෑම්
කෙසේ වෙතත් පෙර සඳහන් කළ ආකාරයට ම සීපා ගිවිසුමේ මෙන්ම ඒ වෙනුවට ඇති කරගන්නා වෙනත් ගිවිසුමක වැදගත් ම අංශය වන්නේ සේවා අංශයේ යම් යම් ක්‌ෂේත්‍ර විවෘත කිරීමයි. වෘත්තික ක්‌ෂේත්‍ර ද මේ ආකාරයෙන් විවෘත වීමට අවස්‌ථාව තිබේ. පසුගිය දා රජයේ අමාත්‍යවරයකු ප්‍රකාශ කළ ආකාරයට යම් යම් අංශවල සේවා ඉන්දියාවට විවෘත කිරීමට යෝජනා වී ඇත. ඒ අතර තොරතුරු තාක්‌ෂණ අංශය හා නැව් නිර්මාණය යන අංශය ද වෙයි. මේ සඳහා වෛද්‍ය හා නීති ක්‌ෂේත්‍රය අදාළ නො වන බව අවධාරණය කර තිබිණි. මේ අංශවලින් පැනනැගුණු විරෝධය මීට බලපාන්නට ඇත. (වෛද්‍ය හා ඉංජිනේරු අංශවල වෘත්තිකයන් යෝජිත වෙළෙඳ ගිවිසුම පිළිබඳව අවධානය යොමු කර තිබිණි.)
මේ තත්ත්වය සැලකිය යුතු කරුණකි. විශේෂයෙන් එරට තොරතුරු තාක්‌ෂණ වෘත්තිකයන් විශාල පිරිසක් අර්ධකාලීනව රැකියා කරන පිරිස් වෙති. ඔවුන් මෙරට රැකියා සඳහා ආකර්ෂණය විය හැකි ය. වාර්ෂිකව ඉන්දියාවෙන් පිට වන උපාධිධාරීන් ගණන විශාල ප්‍රමාණයක් වන අතර මේ උපාධිවල ගුණාත්මක බව පිළිබඳ ගැටලු තිබිය හැකි වුව ද, ව්‍යාපාරිකයන් ලාබ ශ්‍රමය සොයන බැවින් ඔවුන් සඳහා වැඩි ඉල්ලුමක් ඇති වීමේ අවස්‌ථාවක් තිබේ. මේ තත්ත්වය ඉන්දියාවට විවෘත කරන හෝ අනාගතයේ දී විවෘත කරනු ලබන සෙසු අංශවලටද පොදු ය. මේ සමඟ ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළට ඉන්දියානු ශ්‍රමිකයන් පැමිණීම සිදු විය හැකි ය.
ලාබ ශ්‍රමය සුලබ ඉන්දියාවේ විරැකියා අනුපාතය ද ඉහළ අගයක් ගනී. එරට තරුණ පිරිස් අතර විරැකියා ප්‍රතිශතය 2013 වර්ෂයේ දී 12.8ක් පමණ විය. ඉහළ අධ්‍යාපනයක් ලද ඉන්දියානුවන් අතර විරැකියාව ඉහළ වීම ද විශේෂයකි. අපේ රටට ආසන්න ව පිහිටා ඇති තමිල්නාඩුවේ පශ්චාත් උපාධිධාරීන් ගෙන් 13.5%ක් පමණ පිරිසක්
විරැකියාවෙන් පසු වෙති. එසේ ම ඉන්දියාවේ උපාධිධාරීන් අතරින් වැඩි ම විරැකියාව වන 30% අගය ඇත්තේ ඊට යාබද කේරළ ප්‍රාන්තයේ ය. මෙවැනි තත්ත්වයක දී සේවා අංශය විවෘත කිරීමෙන් සුදුසුකම් සහිත ඉන්දියානුවන් මෙරට රැකියාවලට යොමු වීම ඉහළ යා හැකි ය. (මේ තත්ත්වය විමසීමේ දී අප සැලකිය යුත්තේ අද වන විට සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ විවිධ සුළු රැකියා කරන ඉන්දියානුවන් පිරිස ගැන ය. එසේ කරමින් තිබිය දී අත්අඩංගුවට ගත් පිරිස් ගැන ද පුවත්පත් වාර්තාවල සඳහන් වේ).
එවැනි තත්ත්වයක දී මෙරට ශ්‍රම බලකායේ රැකියා නියුක්‌තියට බලපෑමක් විය හැකි ය. ශ්‍රී ලාංකිකයන්ට මෙරට අදාළ ක්‌ෂේත්‍රවල ඇති රැකියා අවස්‌ථා අඩු විය හැකි අතර, වැටුප් පරිමාණ පවා පහළ යැම සිදු විය හැකි ය. වෙනත් වචනවලින් පවසන්නේ නම් මෙරට ශ්‍රම බලකායට හිමි විය යුතු රැකියා අවස්‌ථා විදේශිකයන්ට ලැබීමට ඉඩ තිබේ. දැනටමත් උපාධිධාරීන් රැකියා නොමැති ව සිටින තත්ත්වයක් හමුවේ, අනාගතයේ දී ඔවුන් ගේ රැකියා වෙළෙඳපොළ විදේශ රටකට විවෘත කිරීම ගැටලු සහගත කරුණකි. මේ තත්ත්වය අපේ රටේ විරැකියාව වර්ධනය වීමට තුඩු දිය හැකි අතර, සුදුසුකම් ලත් වෘත්තිකයන් රට හැර යැමෙන් ඇති වන බුද්ධිගලනය උග්‍ර වීමට ද එA තත්ත්වය බලපෑ හැකි ය. එසේ ම තොරතුරු තාක්‌ෂණය වැනි අංශයක රැකියා සොයාගැනීම මෙරට තරුණ තරුණියන්ට අසීරු වුව හොත්, එවැනි අංශවල අධ්‍යාපනය ලැබීමට ඔවුන් අතර ඇති උනන්දුව අඩු වීමෙන් අදාළ අංශයේ සමස්‌ත පිරිහීමක් පවා ඇති විය නොහැක්‌කේ නො වේ.
ගිවිසුම ගැන තවත් කල්පනා කළ යුතුය
මේ සියලු කරුණු අනුව පෙනෙන්නේ ඉන්දියාව සමඟ මෙවැනි වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඒ පිළිබඳ වඩා පුළුල් සාකච්ඡාවක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව ය. යෝජිත ගිවිසුම ගැන අදහස් දක්‌වමින් රජයේ දේශපාලන නියෝජිතයකු පසුගිය දා ජනමාධ්‍ය වෙත පවසා තිබුණේ 100%ක් වාසිදායක ගිවිසුම් ඇති කරගත නොහැකි බවයි. එය සත්‍යයකි. එහෙත් එවැනි අවස්‌ථාවක දී යම් ගිවිසුමකින් සිදු විය හැකි අවාසිය ගැන අප වඩාත් සැලකිලිමත් විය යුතු වේ. එසේ නො වුව හොත් ඇති විය හැක්‌කේ බරපතළ තත්ත්වයකි.
අපේ රටට ඇති විය හැකි අවාසි හා අයහපත් බලපෑම් බරපතළ විය හැකි නම් එවැනි ගිවිසුමකට එළැඹීමෙන් වැළකී සිටීමට ද රජයට හැකියාව තිබිය යුතු ය. ඉන්දියාව අපේ අසල්වැසි බලවත් රාජ්‍යයක් වුව ද, අපේ රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට මෙරට ජනතාව වෙනුවෙන් පත් ව සිටින රජයකට හැකියාව තිබිය යුතු වේ. (2008 වර්ෂයේ දී එවකට පැවැති රජය සීපා ගිවිසුමට එළැඹීමෙන් වැළකී සිටි බව මෙහි දී සඳහන් කළ යුතු ය).
වර්තමාන රජය මේ පිළිබඳව සැලකිලිමත් නො වී ඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන්නේ නම්, ඉන්දියානු බලපෑම හා දේශපාලන අවශ්‍යතා මත උක්‌ත ගිවිසුම ඇති කරගැනීමට වර්තමාන රජය පෙලඹී සිටින බවට එල්ල වී ඇති චෝදනාවට තල්ලුවක් ලැබෙනු ඇත.
-ධනේෂ් විසුම්පෙරුම
විදුසර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .