1/24/2016

සිරිසේන සත පහකට විස්වාස නොකරමු - රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවමු

කතෘ:යුතුකම     1/24/2016   1 comment

- රටට හිතැති මහජන නියෝජිතයන්ගේ වගකීම මතක් කර දෙන ගෙවිඳු කුමාරතුංග

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම , නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම ආදී අලංකාර වගන්ති ඉදිරියට දමා  රට බෙදන ව්‍යවස්ථා සංශෝධනයකට රනිල් - මෛත්‍රී හවුල් ආණ්ඩුව සූදානම් වන බවත් ජනවාරි 26 වනදා පාර්ලිමේන්තුවේදී එහි ක්‍රියාපටිපාටිය පිළිබඳ තීරණාත්මක චන්ද විමසීමක් පැවැත්වෙන බැවින් එය පරාජය කිරීමට කටයුතු කිරීම රටට හිතැති මන්ත්‍රීවරුන්ගේ වගකීම සහ යුතුකම බවත් , සිරිසේන ජනාධිපතිවරයා ඒ ද්‍රෝහී පාවාදීම වසං අසාර්ථක උත්සාහයක් ගත්තත් ඔහුගේ සුපුරුදු  හිස් ප්‍රලාපවලට හසු නොවී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ සඳහා පෙරමුණ ගත යුතුව ඇති බවත් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පෙන්වා දෙයි.
 

බිල්ලෝ කුමන්ත්‍රණ ව්‍යවස්ථාව යන මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති යුතුකම සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මේ බව අවධාරණය කළේය. 

ඒකාබද්ධ විපක්ෂය අවඥාවට ලක් කරමින් ජීඑල් පීරිස් මහතාගේ ජුන්ටාවක් ගැන අවමන් කරන රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා සංශෝධනය සඳහා බෙදුම්වාදීන්ට බහුතරය හිමිවන 21 දෙනෙකුගෙන් සමන්විත ජුන්ටාවක් පත් කර ඇතැයි පෙන්වා දෙන කුමාරතුංග මහතා එදා 20 වන සංශෝධනය ගෙන එද්දී එය රනිල් වික්‍රමසිංහගේ 'ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්' යැයි චෝදනා කළ චම්පික රණවක ඇමතිවරයා කිසිඳු විලි ලැජ්ජාවක් නැතිව එහි සාමාජිකත්වය දරන බවද පෙන්වා දෙයි.
පරාජිත මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුව හරහා මංකොල්ලකෑම හරහා අටවාගත් 50% කගේවත් වරමක් නැති ආණ්ඩුවට අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ජනතා වරමක් නැති බව පෙන්වා දෙන ගෙවිඳු කුමාරතුංග මහතා එවැනි රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහි වීම රටට අදරය කරන සියළු දෙනාගේ වගකීම බව පෙන්වා දෙයි.

එදා රණවිරුවන් රණ බිමේ දිවි පුදා බේරා ගත් මාතෘභූමිය මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණ හරහා පාවාදීමට කැසකවන ද්‍රෝහීන් පරාජය කිරීම පාර්ලිමේන්තුවේ සිටින ජනතා හදවත් හඳුනන මහජන නියෝජිතයන්ගේ වගකීම සහ යුතුකම බව පෙන්වා දෙන ඒ මහතා ඒකාබද්ධ විපක්ෂයට ඒ සඳහා පෙරමුණ ගන්නා ලෙසද ආයාචනා කර සිටී..

සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන් සවන් දෙන්න...



සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. Please accept a DEFEAT, without trying to discredit the VICTORS. No matter how much you love MR, he LOST to his deputy. It is shameful to loose to your own minister when you are the president, BUT that is life. People who cannot accept defeat are NOT leaders. They are bad looses and never should be running even a municipality let alone a country.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions