සෝභිත හිමි අපවත් වෙල සිංගප්පූරුවෙදි උදේ
කිරිබත් උයමුද මානෙල් ලමයිත් අද ගෙදර නිසා
ප‍්‍රභාකරන් මැරුණු වේලෙ සිතට දැනුනු සන්තෝසය
සෝභිත හිමි මියුනු විටත් සිතට දැනෙන අරුමය කිම
කුරා කූඹියෙක් මැරුණත් අනේ අපොයි කියන රටක
සිවුරට හැමදාම වැන්ද මගේ සිතේ ඇයි වෙනසක්
ප‍්‍රභාකරන් රට වැනසුව දරුවන් අමිමලා මැරුව
ඒකයි අප සතුටු වුනේ ඒ යස්සය මිය ගිය දා
සසුන රකින්නට කැප වුනු ප‍්‍රාතිමොක්ස සීලය රැකි
සෝභිත හිමි නැති වුනු දා තුටු වන්නේ ඇයිද ම සිත
සසුනයි රට එකක් මිසක දෙකක් නොවේ මට කිසි දින
හොඳට තිබුනු රට වනසල සුද්දන් යළි රජ කරවලකිරිබත් උයමුද මානෙල් ලමයිත් අද ගෙදර නිසා
ප‍්‍රභාකරන් මැරුණු වේලෙ සිතට දැනුනු සන්තෝසය
සෝභිත හිමි මියුනු විටත් සිතට දැනෙන අරුමය කිම
කුරා කූඹියෙක් මැරුණත් අනේ අපොයි කියන රටක
සිවුරට හැමදාම වැන්ද මගේ සිතේ ඇයි වෙනසක්
ප‍්‍රභාකරන් රට වැනසුව දරුවන් අමිමලා මැරුව
ඒකයි අප සතුටු වුනේ ඒ යස්සය මිය ගිය දා
සසුන රකින්නට කැප වුනු ප‍්‍රාතිමොක්ස සීලය රැකි
සෝභිත හිමි නැති වුනු දා තුටු වන්නේ ඇයිද ම සිත
සසුනයි රට එකක් මිසක දෙකක් නොවේ මට කිසි දින
මැරුණු කොටින් පණ ගන්වල දෙකඩ කරන්නට මගෙ රට
පාර කපපු නිසයි එ හිමි සතුටක් දුන්නේ එ පුවත
හික්කඩුවේ නායක හිමි ගුණානන්ද හිමි වැනි වූ
උදාර පරපුරක නැතත් බුදු පුතෙකිය සෝභිත හිමි
දෝසය සිත තුරන් කරමු නිවන් පතමු එ උතුමන්ට
අසූ හතේ රට වෙනුවෙන් බැට කෑ හැටි සිහි ගන්වමු
හිටියානම් හෙට දවසෙදි සිද්ද වෙචිච විනාසෙ දැක
නැගී සිටිනවා නිසැකයි අපිත් එක්ක රට රකින්න
හෙනහුරු ලැබුවම අකලේ බුදු පුතුනුත් වල්මත් වෙි
කිරිබත් ඔිනෑ නෑ අද තියෙන දෙයක් කාලා ඉමු
සසුන සුරැකි හිමි නමකිය පින් පමුනමු සැදැහැ සිතින්
පවු පුරවා නොගෙන සොඳුර විස්නු දෙයියො සසුන රකියි
-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2015 ඉල් මස 8 වැනි දා
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama