-වෛද්‍ය වසන්ත දේවසිරි-
මෙම ලිපිය පළ වන මොහොත වන විට දී මුලූ රටම එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සඳහා අති උත්කර්ෂවත් ලෙස සරසවා තිබෙනු ඇත. ලක් දෙරණේ ගුවන් තලයම වෙසක් සැරසිළි වලින්, විදුලි ආලෝකයෙන් ඇළලී ගොස් තිබෙනු ඇත. මා එය එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය ලෙස විශේෂයෙන් සඳහන් කළේ මීට පෙර මේ රටේ තිබුනේ සිංහල බෞද්ධයාගේ වෙසක් උත්සව මිස ජාත්‍යන්තර වෙසක් උත්සව නො වන බැවිනි.
සිංහලයාගේ ඉතිහාස කතන්දරයේ ඉතාමත් ම අවාසනාවන්ත වූ ද ඛෙදජනක වූ ද යුගයක් පසුකරමින් සිටින මෙවන් වූ යුගයක රට මුහුණ පාන අභියෝග වලට ඉතිහාසයෙවන් පිළිතුරු සෙවීමට ගන්නා උත්සාහයේ දී මා සුරත නිතැතින් ම ඇදී යන්නේ ඉතිහාස පෙල පොත් වෙත නොව දයානන්ද ගුණවර්ධන ශූරීන් ගේ මධුර ජවනිකා නාට්‍ය පිටපත වෙතට යි. එතෙක් මෙතෙක් සිංහලයාගේ ඉතිහාසය දෙස හෙලූ වඩාත් ම සානුකම්පික සුහදශීලී මෙන් ම උපහාසාත්මක වූ ද දෘෂ්ටිය ගුණවර්ධනයන්ගේ මධුර ජවනිකා නාට්‍යය යැ යි මම සිතමි. ගුණදාස අමරසේකර මහතා මධුර ජවනිකා නාට්‍ය සිංහල වංශය ලෙසින් නොව හිංගල වංශය යන සුහද නමින් හැඳින් වූයේ ද මෙම ගුණය නිසා යැ යි සිතමි. මෙරට ඉතිහාසයේ විවිධ අවස්ථාවන් නිරූපණය කරණ ජවනිකා දහ හතරක් එහි කථකයා සහ විවිධ චරිත අතර ඇතිවන සංවාදයන් ලෙස ය මධුර ජවනිකා වේදිකාව මත රඟ දැක්වෙන්නේ.
සිංහලයේ අවසන් රජුට පෙර රජකම් කළ රාජාධි රාජසිංහ රජ පේ‍්‍රක්‍ෂයාට හඳුන්වා දෙන එහි එන එකොළොස් වැනි ජවනිකාව නම් කර ඇත්තේ සිංහලේ තලමල යන නමිනි. රබානක් වයමින් කවි ගායනා කරමින් වේදිකාවට පිවිසෙන රාජාධි රාජසිංහ රජතුමා පේ‍්‍රක්‍ෂකයනට මෙන් ම කථකයාට ද එකවර හඳුනා ගැනීම අපහසු වන්නේ ඔහු බහු ජාතික, බහු ආගමික, බහු සංස්කෘතික, බහු භූතයෙකු ලෙස සැරසී සිටින බැවිනි. රජතුමා ව හඳුනා ගැනීමෙන් පසු ව ”ඔබ වහන්සේ මේ විධියට වෙස් වළාගෙන තැන තැන අවිදින්නේ මන්දැ” යි කථක රජුගෙන් විමසයි. එයින් පසු රජතුමා හා කථක අතර ඇතිවෙන සංවාදය මෙබන්දකි.
රාජසිංහ රජු: ”එහෙම නොකර වෙන මොනවා කරන්නද මිත‍්‍රයා. රාජ මාලිගාවෙ ඉන්න බෑ නිලමෙලා එහේ කා කොටා ගන්නවා. කුමන්ත‍්‍රණ කරනවා. ඉතිං මං කරන්නේ මොකක්ද?”
කථක: ”අනේ දේවයන් වහන්ස, අපේ රටට මේ මොකක්ද වෙන්න යන්නේ ඇත්තට?”
රාජාධි රාජසිංහ: ”දුක් වෙන්න එපා, අපේ රට මුදුනේ ලස්සන මලක් පිපීගෙන එනවා. ඒ මල ගැන ලස්සනට අපි කවි කියන්න ඕනෑ”
කථක: ”මොකක්ද දේවයන් වහන්ස ඒ මල?”
රාජාධි රාජසිංහ: ”සිංහලේ තලමල”
කථක: ”තල මල පිපෙන්නෙ තල ගහේ විනාසෙට. ඒ කියන්නෙ අපේ රටත් විනාශ වෙලා යනව කියල ද දේවයන් වහන්ස”?
ඒ කියන්නෙ අපේ රටත් විනාශ වෙලා යනව කියල ද? දේවයන් වහන්සේට ඒ බව නොතේරුනත්, ඊනියා ජත්‍යන්තර වෙසක් උත්සවයෙන් දෑස නිලංකාර නොවූ මෙරට සිටින සියලූම බුද්ධිමතුන්ගේ හා දේශපේ‍්‍රමීන් ගේ හද පෙළන පැනය මෙය යි. මෙම වෙසක් උත්සවය පැවැත්වෙන්නේ තිරිකුණමලය තෙල් ටැංකි, එට්කා ගිවිසුම, හනුමා පාළම තුලින් මේ රට ගිල ගැනීමට සැදී පැහැදී සිටින ඉන්දියාවේ රාජ්‍ය නායකයාගේ ප‍්‍රධානත්වයෙනි. ඇතැම් දේශපාලන අඳ බාලයින් මෝදි ගේ මෙම මැදිහත් වීම සාධාරනීය කිරීමට උතසාහ ගන්නේ බුදු රජාණන් වහන්සේ ද ඉන්දියන් කාරයෙකු බව අපට මතක් කර දෙමිනි. ඔවුහු ඉන්දියාව නම් රටක් ලොව ඇති වූයේ බුදුන් වහන්සේ පිරිණිවන් පා අවුරුදු 2491 ක ට පසුව බව නොදනිති. ඊට බොහෝ කලකට පෙර ජම්බුද්වීපයේ ප‍්‍රචලිත වූ හින්දු සභ්‍යත්වය විසින් මධ්‍ය ප‍්‍රදේශයේ ජීවත් වූ බුදු රජාණන් වහන්සේ මෙන් ම අශෝක අධිරාජයා ද එරට ඉතිහාසයෙන් අකා මකා දමනු ලැබී ය. බුදු රජාණන් වහන්සේ මෙන් ම අශෝක අධිරාජයත් ජීවමානව ම සුරැුකුණේ අශෝක අධිරාජයා පැතූ බෞද්ධ රාජ්‍යය ස්ථාපිත කරගත් සිහළද්වීපය තුළ මිස ඊනියා ඉන්දීය රාජ්‍යය තුළ නොවේ. අසෝක චක‍්‍රය ඉන්දියාවේ රාජ්‍ය ලාංඡුනය ලෙස පිළිගැනීමට පවා ඉන්දියානු නායකයන්ට සිදු වූ යේ විසි වැනි සිය වසේ මුල් භාගයේ දී අනගාරික ධර්මපාල තුමා විසින් කරණ ලද මැදිහත් වීම් නිසා බව ප‍්‍රකට විද්වතෙකු වූ ඞී බී ධනපාල මහතා පෙන්වා දෙයි. ඉන්දියාවට එපා වූ බුදුන් වහන්සේ ඉතිහාසයෙන් මකා දැමීමට ඉඩ නොදී ආරක්‍ෂා කර ගැනීම ගැන ඉන්දියාව අපට කිසි දින සමාව නොදෙනු ඇතැයි යන ආචාර්ය නලින් ද සිල්වා ගේ ප‍්‍රකාශය හුදු අතිශෝක්තියක් නොවන බව අප තේරුම් ගත යුතු ය.
මෙම පුන්‍ය භූමිය තුළ බුදු සසුන ස්ථාපිත කරණ ලද්දේ කි‍්‍රපූ 308 වසරේ දී ය. එදා සිට කි‍්‍රව 2015 ජනවාරි මස දක්වා මෙරට සියළුම රාජ්‍ය නායකයෝ සම්බුද්ධ සාශනය මුල් තන්හි ලා රටේ ඒකීය භාවය රැුක ගැනීම සඳහා තම ශක්ති ප‍්‍රමාණයන් අනුව අඩු වැඩි වශයෙන් දායක වීමට උත්සුක වූ හ. මේ තත්වය වෙනස් වූයේ කාලිංග, චෝල හා ඉංගිරිසි ආක‍්‍රමණිකයන් මේ රට පාලනය කරණු ලැබූ වකවානු වල දී පමණෙකි. අවාසනාවකට මෙන් 2015 ජනවාරියේ දී ආක‍්‍රමණියකන් ගේ සිතැඟි අනුව රට පාලනය කරණ දුර්වල පාලකයින් පිරිසකට මෙරට රාජ්‍ය බලය හිමි විය. ඔවුහු ඉංගිරිසින් ඇතුලූ බටහිර ජාතීන්ගේ උවමනාව මත එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එකතු වී ජනතාවගේ ඇස් වලට වැලි ගසා බුදු සසුනට උරුම උත්තරීතර බව අහිමි කිරීමට හා මෙරට කැබලි කර දැමීම සඳහා උප්පරවැට්ටි යොදති.
මෙවර අප වෙසක් උත්සවය උත්කර්ශවත් ලෙස සමරන්නට යන්නේ මෙරට බෞද්ධ අනන්‍යතාවයට විරුද්ධ ප‍්‍රධාන බලවේගයන් වන එක්සත් ජාතින්ගේ සංවිධානයේ හා ඉන්දියානු රාජ්‍ය නායකයාගේ ප‍්‍රධානත්වයෙනි. බුදු රජාණන් වහන්සේ කෙරෙහි අප‍්‍රමාණ භක්තියෙන් යුක්ත වූ ඉතිපිසෝ ගාථාව දන්නා අපි අපගේ උරුමය වූ වෙසක් උත්සවය අති උත්කර්ශවත් ලෙස සමරමු. එමෙන්ම වෙසක් සතිය ගෙවී ගොස් අපගේ දෑස නිලංකාර කරණ පහන් එකින් එක නිවී යද්දී අප ගේ හිසට උඩින් අන්ධකාරයේ පිපී ඇති සිංහලේ තලමල පැහැදිලි ව ම දැක ගනිමු. ඒ තලමලේ අසිරියෙන් දෑස අඳ කර ගැනීමට නොව අපගේ යුතුකම ඉටු කිරීමට ය.
”තල මල පිපෙන්නෙ තල ගහේ විනාසෙට. ඒ කියන්නෙ අපේ රටත් විනාශ වෙලා යනව කියල ද?”
2017 වෙසක් මස 9 දින
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook -https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .