බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමියි.
වචන වලට මුවාවී , රටේ ඒකීය භාවය අහෝසියි.
දැනට පවතින අධිකරණ පද්ධතියට පිටින්එ න්.ජී.ඕ.කාරයන්ගෙන් සමන්විත ව්‍යවස්ථාව අර්ථදැක්වීමේ අධිකරණයක්.
රට ෆෙඩරල් කර කෑලි වලට බෙදන ව්‍යවස්ථා යෝජනා සමගම එන අරුම පුදුම යෝජනාවක් පිළිබඳ ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා පසුගියදා කරුණු හෙළිදරව් කළේය.
එනම් ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරන අතරේම ඒ ව්‍යවස්ථාව අර්ථ ගැන්වීමට දැනට පවතින අධිකරණ ව්‍යුහය සතු බලය අලුතෙන් පිහිටවනු ලබන ව්‍යවස්ථා අර්ථ ගැන්වීමේ අධිකරණය වෙත පවරන යෝජනාවයි.
ඒ හරහා දැනට පවතින අධිකරණයට පිටතින් පිහිටවන , ඩොලර් ,පවුම් ෆ්‍රෑන්ක් මත යැපෙන එන්.ජී.ඕ කාක්කන්ගෙන් සමන්විත නව අධිකරණ ව්‍යුහයකට රටේ ඉරණම තීරණය කිරීමේ සම්පූර්ණ බලය හිමි වන අතර දැනට වචන අස්සේ සඟවන්නට හදන රටේ ඒකීයභාවය , බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ආදී සියළු තීරණාත්මක කරුණු වල අවසාන තීරකයා වන්නේ මෙම අලුත් ව්‍යවස්ථා අර්ථදැක්වීමේ ව්‍යුහයයි.
මේ පිළිබඳව සහ රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවේ මහ අනතුර ගැන පසුගියදා යුතුකම සංවාද කවය විසින් පැවැත්වූ "රට විකුණන ලංකා වෙසක් දන්සල" සම්මන්ත්‍රණයේදී ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්..
සටහන :යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .