-ගහ දන්න මිනිහට කොළ කඩා පෑම
ආචාර්ය නාලක ගොඩහේවා
පසුගියදා රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වාදයකදි, හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ ආචාර්ය හර්ෂද සිල්වා මහතාගෙන් ඉතා කාලෝචිත ප්‍රශ්නයක් ඇසුවේය. ඒ 2016 මහ බැංකු වාර්තාවේ සඳහන් වන රැකියා ආශ්‍රිත සංඛ්‍යාලේඛන වන නිරවද්‍යතාවය පිළිබඳවය. ප්‍රශ්ණය නිසා අන්දමන්ද වූ නියෝජ්‍ය ඇමති වරයා තම දුරකථනය ඔස්සේ මහබැංකු වාර්ථා පිරික්සා පැවසුවේ 2015 හා 2016 වසරවල මහ බැංකු වාර්ථාවල දක්වා ඇති සංඛ්‍යාලේඛනවල යම් ගැටලුකාරී තත්වයක් තමන්ටද පෙනෙන නමුත් එයට හේතුව මහ බැංකුවෙන්ම නොවිමසා සිදුවී ඇත්තේ මන්දැයි මෙම වැඩ සටහන තුලදී පැහැදිලි කිරීම අසීරු බවය.
බැලූ බැල්මට මහබැංකු සංඛ්‍යාලේඛනවල වරදක් පෙනෙන්නට තිබෙන බව අවංකවම පිළිගැනීම පිලිබඳව නියෝජ්‍ය ඇමතිවරයාට අප ප්‍රශංසා කලයුතු නමුත්, එදා විපක්ෂයේ සිටින කාලයේ එවකට පැවත් රාජපක්ෂ රජයේ සංඛ්‍යාලේඛණ වැරදියැයි මහා ඝෝසාවක් නැගු ආචාර්ය හර්ෂ ද සිල්වාටම සජීවී රූපවාහිනී වැඩ සටහනක අතරතුර තමුන්ගේම රජයේ වැරදි සංඛ්‍යාලේඛණව සැකකටයුතු භාවය පිළිබඳව මෙවැනි පිළිගැනීමක් කිරීමට සිදුවීම දෛවයේ සරදමක් විය යුතුය.
දැන් අපි මෙහි සිදුවී ඇත්තේ කිමක්දැයි විමසා බලමු.
ලංකාවේ සමස්ථ ජනගහනයෙන් යම්කිසි ආදායම් මාර්ගයක් ලැබෙන රැකියාවක හෝ ස්වයං රැකියාවක හෝ ව්‍යාපාරයක නිරතව සිටින්නේ මිලියන 8.3 ක් පමනි. එය වයස 15ට වැඩි ජනගහනයෙන් 53.8% පමන වේ 2016 ශ්‍රී ලංකා මහබැංකු වාර්ථාව අනුව 2016 අවසන් වන විට 7,948,000 ක පමන ජනතාවක් යම් රැකියාවක නිරත වී සිටින අතර 2015 දී එම පිරිස 7,831,000 ක් පමන විය. මතක තබා ගැනීමේ පහසුව සඳහා මේ සංඛ්‍යා ලේඛණ සියල්ල අවසාන 1000ට රවුම් කර ඇති බව සලකන්න.

2016 මහ බැංකු වාර්ථාව - 2015 රැකියා නියුක්තුය ලක්ෂ 78.3 ක් ලෙස සඳහන්ව ඇති ආකාරය |
මේ අනුව 2016 මහ බැංකු වාර්ථාව පෙන්වන්නට උත්සාහ කරන්නේ 2015 සිට 2016 දක්වා කාලය තුල රටේ අලුතින් රැකියා අවස්ථා 117,000 ක් පමන ජනිත වී ඇති බවයි. බැලූ බැල්මට මෙය නරක තත්වයක් නොවේ.
නමුත් එකාබද්ධ විපක්ශයේ තරුණ මන්ත්‍රීවරයා වැඩසටහනේදී ප්‍රශ්ණ කල ආකාරයට මෙහි යම් ගැටලුවක් ඇත. ඒ 2016 මහ බැංකු වාර්ථාවේ සඳහන් වන 2015 රැකියා ප්‍රමාණය 2015 දී මහ බැංකුව විසින්ම නිකුත් කරන සංඛ්‍යාලේඛණ සමඟ නොගැලපීමයි.
2015 මහ බැංකු වාර්ථාව - 2015 රැකියා නියුක්තුය ලක්ෂ 85.5 ක් ලෙස සඳහන්ව ඇති ආකාරය |
2015 මහ බැංකු වාර්ථාව අනුව 2015 අවසන් වන විට රටේ රැකියා තිබූ ජනගහනය 8,554,000 විය. මේ සත්‍යය නම් අනුව 2016 දී සිදුවී ඇත්තේ රැකියා වැඩිවීමක් නොව අඩුවීමකි. දැන් මතුවන ප්‍රශ්ණයනම් සත්‍යය වසන් කිරීම සඳහා යමෙක් විසින් 2016 වසරේ වාර්ථාවේ සඳහන් විය යුතු 2015 රැකියා ප්‍රමාණය අඩුකොට පෙන්නුවාද යන්නයි. එසේ කලානම් එදා මහබැංකුවට ඇඟිල්ල දිගුකල හර්ෂද සිල්වා මහතා අද තමුන් දෙසටම ඇඟිල්ල දිගුකරගත යුතුය.
මෙහි වඩාත් වැදගත් කරුණ වන්නේ එයත් නොවේ. 2016 මහබැංකු වාර්ථාවේ සංඛ්‍යාලේඛණ සමඟ ගනිත සෙල්ලම් දැමූ අයට ඔවුන් විසින්ම නිකුත් කරන ලද 2014 හා 2015 මහ බැංකු වාර්ථා දැන් වෙනස් කල නොහැකි වීමයි. මේ වාර්තා දෙකටම අනුව 2014 මේ රටේ රැකියා 8,424,000ක් තිබුනි.
මහ බැංකු වාර්ථා දෙකකම එකම අගය සඳහන් වන නිසා එය නිවැරදි දත්තයක් ලෙස අපට පිලිගැනීමට සිදුවේ.
එසේනම් යතාර්ථය රජයට හිතකර දෙයක් නොවේ. ඇත්තටම සිදුවී ඇත්තේ 2014දි 8,424,000 ක්ව තිබූ රැකියා ප්‍රමානය 2016 වන විට 7,948,000 ට අඩු වී තිබීමයි.
එසේනම් වසර 5ක් තුල රැකියා 10 ලක්ෂයක් බිහිකිරීමට පොරොන්දු වී බලය ගත් යහපාලන රජය තමුන්ගේ පලමු වසර දෙක තුල රටට රැකියා 476,000 අහිමි කොට ඇත. දිගින් දිගටම රාජ්‍ය දේපල විකුණමින් ආර්ථිකය අවකලමනාකරණය කරමින් මේ ආකාරයටම රජය පවත්වාගෙන ගිය හොත් ඉතිරි කාලය තුල කුමක් සිදුවේද යන්න ජනතාව කඩිනමින් අවධානය යොමු කල යුතු ප්‍රශ්ණයකි.
වසර 5ක් තුල රැකියා දශලක්ෂයක් බිහිකරනවා යනු එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් විය. එය ලොකු වැඩක් ලෙස මැතිවරණ වේදිකාවල විරුද්ධ පක්ෂයේ කථිකයින් පෙන්වන විට සෑබෑ සංඛ්‍යාලෙඛන භාවිත කොට මෙය රටට කරන මහා සේවයක් නොව අලුතින් පත්වන ඕනෑම රජයක අවම වගකීම බව පෙන්වාදෙන්නට බලයේ සිටි මහින්ද රජපක්ෂගේ කන්ඩායම අසමත් වූ බව අප මතක් කල යුතුය.
දැන් අපි යලිත් මහ බැංකු වාර්ථා සසඳා බලමු. 2010 ජනවාරි මාසයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවන පාලන කාලය පටන් ගන්න විට රටේ සමස්ථ රැකියා ප්‍රමාණය 7,602,000 විය. මෙම සංඛ්‍යාව 2014 දෙසැම්බර් වන විට වසර පහක් තුල 8,424,000 දක්වා වැඩි වී තිබුනි. මේ වසර 5ක් තුල රැකියා 822,000 ක වැඩි වීමකි. මෙම කාලය තුල රටේ ශ්‍රම බලකාය 8074,000 සිට 8,805,000 දක්වා 731,000 කින් වැඩි වී තුබුන අතර රැකියා අවස්ථා 822,000 ම ජනිත කිරීම නිසා විරැකියාව 472,000 සිට 381,000 දක්වා අඩුවී තිබුනි. .
නමුත් මේ කරුණු එදා කිසිවෙක් ජනතාවට පැහැදිලිකලා අපට මතක නැත.
2015-2020 කාලය තුල රටේ ශ්‍රම බලකාය දශලක්ෂයකට වඩා වැඩිවන බව රටේ ජනගහන වර්ධනය ආශ්‍රිත සංඛ්‍යාලේඛන වලින් පැහැදිවම පෙනී යන නිසා මේ කාලය තුල රැකියා දශලක්ෂයක් බිහිකිරීම අලුතින් පත්වන කුමන හෝ රජයක මූලික වගකීමක් මිස මහා උදව්වක් නොවන බව පෙන්වා දෙන්නට එදා කිසිවෙකු ඉදිරිපත් නොවීම ඉතා කනගාටුදායකය.
මෙයට මූලික හේතුව වන්නට අතේ සමහරවිට එදා බලයේ සිටි දේශපාලනඥයින් පොතක් පතක් කියවා සංඛ්‍යාලේඛනයක් සොයාබලන්නට දැක්වූ අලස කමයි. නමුත් අද විපක්ෂයට ගියපසු අඩු වශයෙන් තරුණ මන්ත්‍රීවරුවත් රටේ ඇති තතු හොඳින් අධ්‍යයනය කොට වාද විවාද වලට එනවා දැකීම සතුටට කාරණයකි.
පාර්ලිමේන්තුවේ ජේශ්ඨ මන්ත්‍රීවරයෙක් වරක් මා සමඟ කනගාටුවෙන් පැවසූයේ පාර්ලිමේන්තුවේ සිටින සෑම මන්ත්‍රීවරයෙකුටම පර්යේෂණ සහායකයෙකු තබාගැනීම සඳහා දීමනාවක් ලැබෙන නමුත් ඔවුන් බොහෝදෙනෙකු එම රැකියා අවස්තාව ලබා දී තිබෙන්නේ රියැදුරෙකුට හෝ රැකියාවක් දෙන්නට අවශ්‍ය පවුලේ කෙනෙකුට හෝ යම් හිතවතෙකුට බවය. මේ තත්වය ඉදිරියේදී වත් වෙනස් වී මහජනතාව වෙනුවෙන් සැබෑ යුතුකම් ඉටුකිරීමට තමන්ට ලබා දී ඇති පහසුකම් නිසි ලෙස භාවිතකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි පිරිසක් යොමු වනු ඇතැයි යනු ඔහුගේ බලාපොරොත්තුව විය.
දැන් අපි යලිත් මූලික ගැටලුව දෙස බලමු වත්මන් රජය යටතේ මහබැංකුවේ කුමන සංඛ්‍යා ලේඛණය පිලිගන්නටදැයි අපට විශාල ගැටලුවක් මතු වී තුබුනද 2014,2015,2016 යන වාර්ථා තුනම අධ්‍යයනය කිරීමෙන් ඉතාමත්මපැහැදිලිව පෙනී යන්නේ රටේ රැකියා ප්‍රමාණය 476,000 කින් යහපාලනයේ පලමු වසර දෙක තුල අඩු වී ඇති බවයි. තමුන්ගේම සංඛ්‍යාලෙඛණ වැරදියයි ඉදිරි දිනයක රජයේ බලධාරියෙක් ප්‍රසිද්ධියේ පාපොච්චාර්ණය කරනු තුරු අපට සිදුවන්නේ මෙය යථාර්ථය ලෙස පිලිගැනීමටයි. එසේ නම් එය භයානක තත්වයකි.
එක පැත්තකින් රටේ ජීවන වියදම දිගින් දිගටම වැඩි වන තත්වයක් තුල මෙම රජය බලයට ඒමට පෙර ක්‍රමාණුකූලව අඩුවෙමින් පැවති රැකියා වියුක්තිය යලි වැඩි වන්නේ නම් එය අනාගතයේ තරුණ අසහණය වැඩි කිරීමට හේතුවක් වනු ඇත.
රජය කල යුත්තේ ප්‍රශ්ණයක් තිබෙනවානම් අවංකව එය පිළිගෙන විසඳුම් සොයනවා විනා ප්‍රශ්ණය වසන් කිරීම සඳහා රජය මගින් පලකරණ සංඛ්‍යාලේඛණ විකෘති කිරීම නොවේ. හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිට කියන පැරණි කියමන බලධාරීනට මතක් කර දෙන්නට සිදුවන්නේ ඒ නිසාය.

( 23-05-17 Mawubima )-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .