-වංශපුර දේවගේ ජානක-
යුරෝපීයයන් ඔවුන් ලෝක යුද්ධ නමින් හඳුන්වන යුද්ධ පිලිබඳ මතකය ඉන් වසර 70-80 ඉක්මවා යාමෙන් පසුවත් තවමත් බටහිර පමණක් නොවේ මුලු ලොවෙහිම ජන විඥාණයේ රඳවා ගැනීමට කටයුතු කරති. ඔවුන් එසේ කරන්නේ පැහැදිලි අරමුණක් ඇතිවය. ඒ යුධ ජයග්‍රහණය කලවුන්ගේ දේශපාලනය ලොව අධිපති දේශපාලනය වශයෙන් පවත්වාගෙන යාම සඳහාය. ජර්මනියේ හෝ ජපානයේ ඊනියා දෙවන ලෝක යුද්ධ සමයේ හෝ ඊට පෙර තිබූ දේශපාලනය අද ලෝකයට වලංගු නැති කර ඇත. ඒ දේශපාලනය තර්කාණුකුල නොවෙන බවට පත් කර ඇත. අඩුම තරමින් ජර්මනියේ හෝ ජපානයේවත් එහි පෙර තිබූ දේශපාලනයට හිස ඔසවන්නට ඉඩක් නැත. ඒ තත්වය පවත්වාගෙන යන එක ක්‍රමවේදයක් නම් ඊනියා ලෝක යුද්ධ පිළිබඳ ජයග්‍රාහකයින්ගේ කථාව නැවත නැවතත් ලෝකයට මතක් කර දීමය.
වසර තිහක කාලයක් තිස්සේ අපි ත්‍රස්තවාදය සමඟ පොර බදා ජයග්‍රහණය කලද, ලැබූ දේශපාලන ජයග්‍රහණය ආපසු හැරවීමට මේ රජය කටයුතු කරමින් සිටියි. මේ රජය පත් කරන ලද්දේ මේ රට ලද ජයග්‍රහණය ආපසු හැරවීමට මිස වෙන කිසිවකට නොවේ. ආපසු හැරවීමේ එක් ක්‍රමවේදයක් නම් අප කිසිවක් ජයග්‍රහණය නොකල බව අපට ඒත්තු ගැන්වීමය. ඊනියා යුද්ධයක් නිමා කලා මිස ජයග්‍රහණයක් නොලද බව මේ රජය පුන පුනා කියන්නේ එබැවිනි. නමුත් නිමාවේ වැදගත් ප්‍රතිඵලය ජයග්‍රහණයයි. 2009 මැයි මස 18 දා ප්‍රභාකරන් ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ද ඔවුන්ට පන පෙවූ විදේශ බලවේගද පරාජය ලැබීය. අපි ජය ගත්තෙමු.
වසර තිහක අතීතය මේ ජාතියට අමතක කල නොහැකිය. රට වෙනුවෙන් ජීවිතය කැප කල රණ විරුවන් අපට මතකය. ඝාතනය කෙරුනු සිවිල් වැසියන් අපට මතකය. ත්‍රස්තවාදයට දිවිදුන් සිවිල් වැසියන්ගේත් රණ විරුවන්ගේත් ඥාතීන් තවමත් අප අතර ජීවත් වෙති. මේ කිසිවෙක් අපේ මතකයෙන් ගිලිහීමට ඉඩ නොදිය යුතුය. නමුත් මේ කිසිවකටත් වඩා අපි ජයග්‍රහණය කළ බව මතක තබා ගත යුතුය. අපි ඊනියා යුද්ධයක් නිමා කලා නොව දෙමළ බෙදුම්වාදය පරාජය කරමින් ජය ලදෙමු. අපි ජයග්‍රහණය සමැරිය යුතුය. ඒ දෙමළ ජනයාගේ හිත රිදවන්ටවත් අධිපතිවාදී වන්ටවත් නොවේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනයට මෙරට ඉඩක් නැති බව නැවත නැවතත් තහවුරු කිරීම සඳහාය.
යුරෝපීයයන් ඔවුන් ලෝක යුද්ධ නමින් හඳුන්වන යුද්ධ පිලිබඳ මතකය ඉන් වසර 70-80 ඉක්මවා යාමෙන් පසුවත් තවමත් බටහිර පමණක් නොවේ මුලු ලොවෙහිම ජන විඥාණයේ රඳවා ගැනීමට කටයුතු කරති. ඔවුන් එසේ කරන්නේ පැහැදිලි අරමුණක් ඇතිවය. ඒ යුධ ජයග්‍රහණය කලවුන්ගේ දේශපාලනය ලොව අධිපති දේශපාලනය වශයෙන් පවත්වාගෙන යාම සඳහාය. ජර්මනියේ හෝ ජපානයේ ඊනියා දෙවන ලෝක යුද්ධ සමයේ හෝ ඊට පෙර තිබූ දේශපාලනය අද ලෝකයට වලංගු නැති කර ඇත. ඒ දේශපාලනය තර්කාණුකුල නොවෙන බවට පත් කර ඇත. අඩුම තරමින් ජර්මනියේ හෝ ජපානයේවත් එහි පෙර තිබූ දේශපාලනයට හිස ඔසවන්නට ඉඩක් නැත. ඒ තත්වය පවත්වාගෙන යන එක ක්‍රමවේදයක් නම් ඊනියා ලෝක යුද්ධ පිළිබඳ ජයග්‍රාහකයින්ගේ කථාව නැවත නැවතත් ලෝකයට මතක් කර දීමය.

වසර තිහක අතීතය මේ ජාතියට අමතක කල නොහැකිය. රට වෙනුවෙන් ජීවිතය කැප කල රණ විරුවන් අපට මතකය. ඝාතනය කෙරුනු සිවිල් වැසියන් අපට මතකය. ත්‍රස්තවාදයට දිවිදුන් සිවිල් වැසියන්ගේත් රණ විරුවන්ගේත් ඥාතීන් තවමත් අප අතර ජීවත් වෙති. මේ කිසිවෙක් අපේ මතකයෙන් ගිලිහීමට ඉඩ නොදිය යුතුය. නමුත් මේ කිසිවකටත් වඩා අපි ජයග්‍රහණය කළ බව මතක තබා ගත යුතුය. අපි ඊනියා යුද්ධයක් නිමා කලා නොව දෙමළ බෙදුම්වාදය පරාජය කරමින් ජය ලදෙමු. අපි ජයග්‍රහණය සමැරිය යුතුය. ඒ දෙමළ ජනයාගේ හිත රිදවන්ටවත් අධිපතිවාදී වන්ටවත් නොවේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනයට මෙරට ඉඩක් නැති බව නැවත නැවතත් තහවුරු කිරීම සඳහාය.
[මගේ රට]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .