5/16/2017

'මගේ ලෝකය' ගැන වංගීස සුමනසේකර ගේ විවේචනයට පිළිතුරක්

කතෘ:යුතුකම     5/16/2017   2 comments

'මගේ ලෝකය' ගැන වංගීස සුමනසේකර ගේ විවේචනයට පිළිතුරක් -1
-තමලු මලිත්ත පියදිගම-
වංගීස සුමනසේකර මහතා ආචාර්ය නලින් ද සිල්වා මහතා ගේ 'මගේ ලෝකය' කෘතියේ මතවාදය විවේචනය හා විචාරය කරමින් බ්ලොග් සටහන් පෙළක් පළ කරමින් සිටී.
'මගේ ලෝකය' යනු නලින් ද සිල්වා මහතා සිය ඥානවිභාග ප්‍රවාදය ඉදිරිපත් කළ කෘතියයි. වංගීස ප්‍රශ්න කරන්නේ මගේ ලෝකයේ දාර්ශනික ප්‍රවේශය නිවනට ආදේශ කිරීමේ දී නිවන හුදු විශ්වාසයක් පමණක් බවත් නිවන පිළිගනිමින් බාහිර වූ යථාර්ථයක පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම එහි දාර්ශනික ප්‍රවේශයේ දුර්වලතාවක් බවත් ය.

වංගීස සුමනසේකර ගේ තර්ක මෙසේ සාරාංශ කරමි.

1. ජාතික චින්තන කණ්ඩායමේ ප්‍රධාන මතවාදයක් වන්නේ බර්ක්ලි ගේ තර්කයයි.
2. මනසේ (ඔහු ගේ වචනයෙන්) 'රැඩිකල් අනේකත්වයක්' (මනස නො පවතින අවස්ථාවක්) පරිකල්පනය කළ නො හැකි ය.
3. මානසික ලෝකයේ පැවැත්ම අනිවාර්ය වීමට හේතුවක් ඉදිරිපත් කර නැත.
4. එහෙයින් බාහිර ලෝකයක පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් ඉදිරිපත් කළ නො හැකි අතර එසේ කළ නො හැකි ය.
5. නිවනේ 'වියහැකි' බව නොමැති බව පෙන්වා දීමට නම් මානසික ලෝකයේ පැවැත්මට අනිවාර්ය පරම හේතුවක් දැක්විය යුතු ය.
6." නමුත්, ගැටලුව වන්නේ, මේ ආකාරයට අපගේ මානසික ලෝකයෙන් රැඩිකල් ලෙස විනිර්මුක්ත වූ අනේකත්වය ලෙස අපට ‘නිවන’ පමණක් හඳුනා ගැනීමට හේතුවක් නොමැති වීමයි. "
7."‘මනසින් පරිබාහිරත්වයක් සිතීමේ නොහැකියාව’ පිළිබඳ තර්කයට අනුව මේ නොපැවැත්ම කුමක්ද කියා අපට දැනුමින් – මනසින් – ග්‍රහණය කර ගැනීමට නොහැකි වේ. මන්ද මා ගේ නොපැවැත්ම පිළිබඳව සිතීම කළ හැක්කේ ද මනසින් පමණි. එවිට එම නොපැවැත්ම පිළිබඳව අදහස අපගේ මානසික ලෝකය තුළ පවතින්නක් බවට පත්වෙයි. එවිට, මාගේ නොපැවැත්ම ද මගේ මනසට සාපේක්ෂ වන්නක් ලෙස ගැනීමට සිදු වීම වන අතර, එනිසාම එය සත්‍ය වශයෙන්ම, කිසිදා, මාගේ නොපැවැත්මක් නොවනු ඇත. එනිසා මාගේ නොපැවැත්මක වියහැකිබව පිළිගැනීම යනුම මානසික ලෝකයේ විෂම චක්‍රයෙන් පරිබාහිරත්වයක් පිළිගැනීමකි."
8."මන්ද, එය පරිකල්පනය කරනවා යනුම එය නැවතත් අපගේ මනසට සාපේක්ෂ වන්නා වූ දෙයක් බවට පත් කර ගැනීමයි. එනිසා, මේ මගින්, තාර්කිකව ගත්විට, කෙනෙකුට කිව හැකි වන්නේ එවැනි නොපැවැත්මක වියහැකිබව තමන් පිළිගන්නවා යන්න පමණි"

පළමු කරුණ ගැන කිව යුත්තේ බර්ක්ලි තර්කයේ හා ජාතික චින්තන කණ්ඩායමේ තර්කවල ස්වභාවයේ සමානකම් ඇති නමුත් නලින් ද සිල්වා මහතා ඉදිරිපත් කරන තර්කය බර්ක්ලේ ඉදිරිපත් කළ තර්කයේ සීමාව ඉක්මවා යන බවයි. ඒ පිළිබඳ වංගීස සුමනසේකරට ගැටළුවක් ඇතැයි නො සිතමි. චිකාගෝ දේශනයක දී ධර්මපාලතුමා පැවසූයේ බර්ක්ලි තර්කයේ අනෙක් දාර්ශනික අර්ධය සැපයෙන්නේ බුදු දහමින් බව ය.

පුටුවේ රැඩිකල් අනේකත්වය පුටුව අමුද්‍රව්‍ය ලෙස එනම් වෙනත් අයුරකින් තිබීම බව වංගීස කියයි. එවන් අරුතකින් නම් මනසේ අනේකත්වය ද දැකිය හැකි ය.
වේදනා , සඤ්ඤා ,සංඛාර ,විඤ්ඤාණ, රූප ආදී වශයෙන් වෙන් කොට ද සිත් වශයෙන් වෙන් කොට ද මනස වෙනත් ලෙසකින් මනසින් ම දැකිය හැකි ය. මනස නොමැති අවස්ථාවක් පරිකල්පනය ඒ අයුරින් කළ හැකි ය. අප සිදුකරන ක්‍රියාවක් සඳහා "සිතීම" ලෙස සම්මුතියක් ඇති කර ගැනීමත් , සිතීමේ ඉන්ද්‍රියක් ඇති බව සංස්කරණය කිරීමත්, එය මනස ලෙස දැකීමත් එම ක්‍රියාවෙන් ම සිදුවන්නකි. දැන් එම ක්‍රියාවෙන් ම මනස තනි භූතාර්ථයක් ලෙස නො සලකා සිත් වශයෙන් හෝ ස්කන්ධ වශයෙන් හෝ දුටුවහොත් 'පරිකල්පනය කළහොත්' කුමක් වේ ද? මනස යනුවෙන් අපි හඳුන්වමින් සිටි ප්‍රපංචයෙන් ම 'මනස' නොවන අවස්ථාවක් පරිකල්පනය වී ඇත.

මානසික ලෝකයේ පැවැත්ම අනිවාර්ය වීමට හේතුවක් නැත. යම් කිසි ප්‍රස්තුතයකට හේතු දැක්වීම යනු කුමක් ද? හේතු දැක්වීමෙන් පිළිගැනීමට ලැබෙන රුකුළ කුමක් ද? හේතුව යනු ප්‍රස්තුතයකට ලබා දුන් තවත් ප්‍රස්තුතයකි.. ඒ ප්‍රස්තුත අතර සම්බන්ධයක් ඇති බව කියන්නේ කෙසේ ද? එවන් සම්බන්ධතා ඇතිවන්නේ නම් ඒ ප්‍රස්තුත අතර ව්‍යාකරණමය සම්බන්ධතා නිසා ම පමණි. හේතු දැක්වීම යනු ප්‍රස්තුත පෙළ ගැස්වීමක් මිස කිසිවක් නො වේ. එබැවින් ඉහත 3,4 වැනි කරුණු සඳහා යම් ආකාරයකින් හේතු දැක්විය හැකි වුවත් එම හේතු දැක්වීම් මඟින් කිසිවක් ම නො කියවෙනු ඇත. යමකට හේතු ඉදිරිපත් කිරීමේ විශේෂ වැදගත්කම කුමක් ද?

5 කරුණට කිව යුත්තේ හේතු දැක්වීම් යනු නිෂ්ප්‍රයෝජන ක්‍රියාවන් බව ය. පරම හේතුවක් දැක්වූව ද ඉන් ප්‍රයෝජනයක් නැත. "නිවනේ විය හැකි බව නොමැති බව" වංගීස මෙය තවත් සංකල්පයක් ලෙස ගෙන ඇත. ඔහු ගේ තර්කයේ එය විශාල අඩුපාඩුවකි.

6. නැවතත් හේතු ඇසීමකි. හේතු දැක්වීමෙන් ප්‍රයෝජනයක් නැත. නිවන අනේකත්වයක් වේ යන්නෙන් නිවන සංකල්පයක් කෙරේ එහෙයින් ඔහු ගේ තර්කය හිස් ය.

වංගීස ගේ සියලු තර්ක පදනම් වන්නේ ඔහු ගේ ස්වචාර (idiosyncrasies) දෙකක් මත ය.

1. හේතු සෙවීම
2. යමක් නැත යනු එහි නො පැවැත්ම පිළිගැනීමය යන අදහස

1. රේඛීය හේතු සෙවීම කිසිදු තේරුමක් නැති ක්‍රියාවකි. හේතුව හා ඵලය යනු කවරේ ද? ඒවා අතර සම්බන්ධය කෙසේ ද? හේතුවක් දැක්වීමෙන් ඵලය සම්බන්ධව ඇතිවන විශේෂ විශ්වසනීයත්වය කුමක් ද?

2. වංගීස දකින්නේ P=F නම් ~P= T ලෙස ය.
පෙර ලිපියක දී ඇති වූ සංවාදයේ දී ඔහු කීවේ. P=~(~P) වන නිසා. P හි පැවැත්ම නො පිළිගැනීම යනු P හි නො පැවැත්ම හෙවත් ~P හි පැවැත්ම පිළිගන්නා බවයි.

වංගීසට අමතක වන්නේ බටහිර තර්ක ශාස්ත්‍රයේ පවා නැත යන්න දෙයාකාර බව ය.
පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමේ නැත යන්නට තර්ක ශාස්ත්‍රීය මූලධර්ම වලංගු නො වේ.
P හි කතා විශ්වය (universe of discourse) අභිශූන්‍ය වූ විට මූලික තර්ක නීති සියල්ලට විරුද්ධව ප්‍රස්තුත හැසිරේ.. එනිසා වංගීස ඉදිරිපත් කරන තර්ක වලංගු ඒවා නො වේ.

උදාහරණයක් ලෙස:
බටහිර ගණිතයේ කුලකයක් සංඛ්‍යා රේඛාවක දැක්වූ විට එහි දිග ගැන කතා කළ හැකි ය.

එහෙත් විශේෂ B නම් කුලකයක දිග 0, අනන්තය හෝ පරිමිත සංඛ්‍යාවක් නො වේ. ඊට දිග යන සංකල්පය ම නැත. එයින් එහි දිගක් නො පවතින බව විය හැකියැයි පිළිගැනීම අදහස් නො වේ. දිග 0 නොවන බැවිනි. දිගක් නැත කීම හා දිග ශූන්‍ය වීම එකක් නො වේ. දිග ශූන්‍ය වීම එක නැත යන්නකි. දිග යන්න ම අහෝසි වීම අනෙක් නැත යන්නයි.

මෙහිදී සංකල්පීය ඇත යන්නත් සංකල්පීය නැත යන්නත් අහෝසි වන්නේ එකට ම ය.
මනසට සාපේක්ෂ වූ පැවැත්මත් මනසට සාපේක්ෂ වූ නො පැවැත්මත් අවසන් වන්නේ එක ම විට ය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. තමළුට අදහස් දැක්වීමෙන් පලක් වෙතැයි නොසිතන නිසා, වංගීස සුමනසේකරට අදහසක් දැක්වීමට කැමතියි.

    මනස විසින් උපදවන සිතුවිලි සංවෘත සහ පරිසමාප්ත (cohesive) 'ලෝකයක්' හෝ විශ්වයක් ලෙස ගැනීමත් සිතුවිල්ලකි. මනස සහ බාහිර ලෝකය එකිනෙකින් ස්වායත්ත අවකාශ දෙකක් ලෙස ගැනීම එවැනිම තවත් සිතුවිල්ලකි. ඒ සිතුවිලිවලට යටත්ව 'මගේ ලෝකය' තර්කය හෝ, ඩෙකාට්ගේ 'මම' හෝ, බාර්ක්ලිගේ විඥානවාදය හෝ බාහිර ලෝකයේ පැවැත්ම වල පල්ලට යවන මාර තර්කයක් ලෙස ගැනීම තවත් එවැනිම (මාර) සිතුවිල්ලකි.

    විඥානවාදියෙකුට මානසික විශ්වයෙන් එළියට 'තාර්කිකව' යා නොහැකි බව උපකල්පනයත්, ඒ අනුව 'නිවන' වැනි සිතෙන් විනිර්මුක්ත 'අනේකත්වයක්' ගැන සිතීම 'අතාර්කික' බව තර්ක කිරීම විහිළුවකි. එවැනි තර්කයක් ඇත්තෙන්ම අතාර්කිකත්වය දෙගුණයකින් වර නැගීමකි.

    නමුත් 'සිත යනු ස්වායත්ත, පරිසමාප්ත විශ්වයකි' ලෙස ගත හැක්කෙකුට, සිතෙන් ඔබ්බට පවා සිතීමටත් (එනම් නිසි වෙලාවකදී, රිසි පරිදි) තමන් සිතෙන් ඇඳ ගත් මායිම් ඉවත් කර දැමීමටත් හැකි වීමේ කවර නම් පුදුමයක් ද? එනිසා විඥානවාදියෙකුට බාහිර ලෝකයත්, සිතත්, නිවනත්, අතර්කයත්, තර්කයත්, ද්වීකෝටිකයත්, තවත් කෝටිකත් රිසි පරිදි හැසිරවිය හැකිය; කැමති විට හේතු දීමටත්, කැමති විට හේතු දීමෙන් පලක් නැතැයි කීමටත් හැකි ය. ඒ නිසා සිත යනු බාහිර ලෝකයට සමාන්තර විශ්වයක් ලෙස හෝ බාහිර ලෝකය යනු සිත තුළ ඇති 'ප්‍රදේශයක්' ලෙස හෝ දැකීමට යොමු වූ විඥානවාදියා සමග 'තාර්කිකව' 'තර්ක' කිරීමම අතාර්කික ය.

    අනෙක් අතින්, 'දාර්ශනිකව' සිත නම් වූ විශ්වයක් සිතුවිලිවලින්ම ගොඩ නගා 'දාර්ශනිකව' එය බිඳ දැමීම ආස්වාදජනක විය හැකි නමුත් එක්තරා විදිහකට කාලය කා දැමීමකි. ඇත්තෙන්ම විඥානවාදියාට මෙන්ම අපිට ද 'සිතීමට' කිසිම බාධාවක් නැත. ඒ නිසා බාහිර ලෝකය අපෙන් බාහිරව පවතී යැයි 'සිතීමත්', එය තාර්කිකව, පරිසමාප්ත ලෙස දැකීමට 'සිත' උත්සහා කරතැයි 'සිතීමත්', නමුත් සිතෙන් 'ගන්නා' තරම් සහ සිතෙන් ගැනීමට කැමති තරම් එය පරිසමාප්ත හෝ තාර්කික නැතැයි 'සිතීමත්' ඊට වඩා තාර්කිකය; සාධාරණය; පහසුය‍; දාර්ශනික ය. ඒ අරුතින්, අතාර්කික, අපරිමිත ලෝකය තාර්කික සහ සාපේක්ෂ/ප්‍රායෝගික පරිසමාප්ත භාවයෙන් 'වටහා ගැනීම' සිතේ කාර්ය භාරය ලෙස සැලකීමට හැකි ය.

    ReplyDelete
  2. මේ කොමෙන්ටුව ම ඔබෙ මුහුණු පොතෙහි පළ කර තිබුණි. එතැන දී මීට පිළිතුර ලබා දී ඇත.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions