කොටි ත්රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමේ සටනේදී ප්‍රබල මෙහෙයක් ඉටු කළ ශ්‍රී ලංකා යුධ හමුදා දිගු දුර විහිදුම් බලකායේ විශිෂ්ඨ රණවිරුවකු වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර හතක් සපිරේ.
2008 නොවැම්බර් 26 වැනි දින කොටි පාලනය කළ ප්‍රදේශයක සිදු කළ රහසිගත මෙහෙයුමක් අතරතුරදී ඔට්ටුසුඩාන් හිදී කොටි ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගන්නා විට ඔහු 31 හැවිරිදි විය. කොටි ත්රස්තයන් අණසක පැතිරවූ සතුරු බල ප්‍රදේශ ඇතුළටම ගොස් විශිෂ්ඨ දස්කම් දැක්වූ දුරදිග විහිදුම් බලකාය එල්ටී ටී ඊ නායක ප්රභාකරන් පවා බිය වූ හමුදා කණ්ඩයක් විය. කොටි ගුවන් බලකායේ ප්‍රධානියා වූ ශංකර් හා මුහුදු කොටි අංශයේ දෙවනියා වූ කංගේ අමරන් මෙන්ම සන්නද්ධ බුද්ධි නායක චාර්ල්ස් ඇතුළු ඉහළ පෙලේ කොටි නායකයන් රැසක් කර්නල් ලලිත් ජයසිංහ මෙහෙයවූ දිගු දුර විහිදුම් බලකායෙන් ඝාතනයට ලක් වූ බව එල්ටීටීඊය පවා එකල පිළිගෙන තිබිණ.
වීර වික්‍රම විභූෂණ වීරක්‍රියා සම්මානයෙන් දෙවරක්ම ඇගයීමට පාත්රවූ ලලිත් ජයසිංහ ඊට අමතරව දේශ පුත්‍ර ,උතුරු නැගෙනහිර සංග්‍රාමික,50 වන යුධ හමුදා සංවත්සර , පූර්ණ භූමි මෙන්ම 56 වන නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම් වලින් ද ඇගයීමට ලක්විය.අවිස්සාවේල්ල ජනාඪිපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ලලිත් ජයසිංහ කොලඹ ලුම්බිණි විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය.
ලලිත් උඹ වාසනාවන්තයෙක්...
අප ලලිත් ජයසිංහ විරුවා ගැන මේ සටහන තබන මොහොත එසේ රණවිරුවන් ගැන ඇගයුම් ඇසෙන කාලයක් නම් නොවේ.එක් පසකින් හවුල් ආණ්ඩුවේ ද්‍රෝහී ජිනීවා පාවාදීම හරහා ලලිත් වැනි විරුවන් සිය ගණනක් අද වීරත්වයේ ඔටුනු ගලවා දමා ස්ත්‍රී දූෂකයන් , මිනීමරු ම්ලේච්චයන්, පාපතර ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා තිබේ.
අනෙක් පසින් ලලිත් ජයසිංහලා වැනි විරුවන් සිය දහස් ගණනක් දිවි පිදූ මාතෘභූමිය බටහිර කැනහිලුන්ගේ සහ උන්ගේ මෙරට ඒජන්තයන්ගේ ගල ග්‍රහණයට හසුව ඉතා අභාග්‍යසම්පන්න ඉරණමකට ඇද දමා ස්වෛරීභාවය අහිමිව වැලපෙමින් සිටී. ඒ අස්සේ බෙදිම්වාදී ව්‍යාපෘතිය ඉතාමත් වේගයෙන් රට බෙදන සීමාවට ඉතාමත් ඉක්මනින් ළං වෙමින් තිබේ.
මීට ඉහත රණවිරුවන්ට අපරාධකාරයන් යන හංවඩුව ගැසුවේ මව්බිමේ ද්‍රෝහීන් සහ බටහිර අධිරාජ්‍යවාදීන්ය. අද එහි වෙනසක් වී තිබේ. අද අපේම ආණ්ඩුව ඔවුන්ට මේ ම්ලේච්ච හංවඩුව ගසා බටහිර චෝදනාව ඉස් මුදුනින් පිළිගෙන අවසන්ය. දැන් ඇත්තේ එහි අවසාන ජවනිකාව පමණි. එනම් ද්‍රෝහී හංවඩුව ගැසූවන් දංගෙඩියට දක්කාගෙන යන ගමන්ම ලලිත්ලා දිවි පිදූ ඒ උත්තරීතර පූජනීය අරමුණ මහ දවල් කෙළෙසමින් බෙදුම්වාදීන්ට වෙනම දේශසීමා වෙන්කරගෙන වෙනම රටක් හැදීමට පාර කපනා අවාසනාවන්ත ඛේචවාචනයයි.2008 නොවැම්බර් 26 වැනි දින කොටි පාලනය කළ ප්‍රදේශයක සිදු කළ රහසිගත මෙහෙයුමක් අතරතුරදී ඔට්ටුසුඩාන් හිදී කොටි ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගන්නා විට ඔහු 31 හැවිරිදි විය. කොටි ත්රස්තයන් අණසක පැතිරවූ සතුරු බල ප්‍රදේශ ඇතුළටම ගොස් විශිෂ්ඨ දස්කම් දැක්වූ දුරදිග විහිදුම් බලකාය එල්ටී ටී ඊ නායක ප්රභාකරන් පවා බිය වූ හමුදා කණ්ඩයක් විය. කොටි ගුවන් බලකායේ ප්‍රධානියා වූ ශංකර් හා මුහුදු කොටි අංශයේ දෙවනියා වූ කංගේ අමරන් මෙන්ම සන්නද්ධ බුද්ධි නායක චාර්ල්ස් ඇතුළු ඉහළ පෙලේ කොටි නායකයන් රැසක් කර්නල් ලලිත් ජයසිංහ මෙහෙයවූ දිගු දුර විහිදුම් බලකායෙන් ඝාතනයට ලක් වූ බව එල්ටීටීඊය පවා එකල පිළිගෙන තිබිණ.
වීර වික්‍රම විභූෂණ වීරක්‍රියා සම්මානයෙන් දෙවරක්ම ඇගයීමට පාත්රවූ ලලිත් ජයසිංහ ඊට අමතරව දේශ පුත්‍ර ,උතුරු නැගෙනහිර සංග්‍රාමික,50 වන යුධ හමුදා සංවත්සර , පූර්ණ භූමි මෙන්ම 56 වන නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම් වලින් ද ඇගයීමට ලක්විය.අවිස්සාවේල්ල ජනාඪිපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ලලිත් ජයසිංහ කොලඹ ලුම්බිණි විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය.
ලලිත් උඹ වාසනාවන්තයෙක්...
අප ලලිත් ජයසිංහ විරුවා ගැන මේ සටහන තබන මොහොත එසේ රණවිරුවන් ගැන ඇගයුම් ඇසෙන කාලයක් නම් නොවේ.එක් පසකින් හවුල් ආණ්ඩුවේ ද්‍රෝහී ජිනීවා පාවාදීම හරහා ලලිත් වැනි විරුවන් සිය ගණනක් අද වීරත්වයේ ඔටුනු ගලවා දමා ස්ත්‍රී දූෂකයන් , මිනීමරු ම්ලේච්චයන්, පාපතර ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා තිබේ.
අනෙක් පසින් ලලිත් ජයසිංහලා වැනි විරුවන් සිය දහස් ගණනක් දිවි පිදූ මාතෘභූමිය බටහිර කැනහිලුන්ගේ සහ උන්ගේ මෙරට ඒජන්තයන්ගේ ගල ග්‍රහණයට හසුව ඉතා අභාග්‍යසම්පන්න ඉරණමකට ඇද දමා ස්වෛරීභාවය අහිමිව වැලපෙමින් සිටී. ඒ අස්සේ බෙදිම්වාදී ව්‍යාපෘතිය ඉතාමත් වේගයෙන් රට බෙදන සීමාවට ඉතාමත් ඉක්මනින් ළං වෙමින් තිබේ.
යහපාලකයන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් ත්‍රීකුණාමල නාවික හමුදා කඳවුරට සුදු ඒජන්තයන් බලහත්කාරීව ඇතුළුවී එහි වදකාගාරයක් පවත්වාගෙන ගියැයි කියමින් රණවිරුවන් විශාල පිරිසක් මේ වන විටත් සිර කර තිබේ. මීට පෙර එක්නැළිගොඩ නම් සිංහල කොටියාගේ අතුරුදහන් වීමට යැයි කියමින් කොටි ත්රස්තවාදීන්ගේ අවසන් පුරුක්ද ගලවා දැමූ බුද්ධි අංශ මෙහෙයුමට දායක වූ රණවිරුවන් අපරාධකරුවන් යැයි හංවඩු ගසා මරණ මංචකය වෙත දක්කමින් තිබේ. ඒ අස්සේ රට වැනසූ කොටි ත්රස්තයන්ට ආණ්ඩුවේ අනුග්‍රයෙන් නිදහස ලැබෙමින් දිනෙන් දින දුසිම් ගණනින් නිදහස් වෙමින් තිබේ. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු හමුදා නායකයින් වංචාකාරයින් හොරුන් තක්කඩියන් ලෙස සමාජ අපවාදයට ලක් කර උසාවි ගානේ රස්තියාදු ගස්සවමින් රට වැනසූ ත්‍රස්ත අපරාධකරුවන් නිදහස් කරන අබුදස්ස යුගයකැයි අප මේ පසු කරමින් සිටින්නේ.
එසේ බැලූ කල ලලිත් නුඹ වාසනාවන්තයෙකි. සැබෑ වාසනාවන්තයෙකි. සතුරාගේ උණ්ඩයට ළය දී තම ජීවිතය මාතෘභූමිය වෙනුවෙන් කැපකළ වීරයෙකු ලෙස ඔබ දේශප්‍රේමී සිත් තුළ සදා අනුස්මරණීයයි. ඔබේ ලෙයින් උපන් තවමත් කැකුළු වියේ සිටිනා ඒ සිඟිති දියණියට ආඩම්බරයෙන් කිව හැකි වීර තාත්තා කෙනෙක් ලෙස ඔබ ඉතිහාසයට එක්වී අවසන්ය . ඔබ අද ජීවතුන් අතර සිටියේනම් ස්ත්‍රී දූෂකයන්, ම්ලේච්ච මිනීමරුවන් ලෙස රණවිරුවන්ට ගසනා 'යහපාලන හංවඩුව' ඔබටද වදිනු ඇත. සමහර විට දැනට සිර කඳවුරුවල ගාල් කර සිටින ඒ බුද්ධි අංශ විරුවන් සමග ඔබද සිරගෙවල් වල යකඩ කූරු ගනින්නට තිබිණ. ඒ මාතෘභූමිය ම්ලේච්ච ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ 'යහපාලන වරදටය'.
ලලිත් නුඹ වාසනාවන්තයි...
ලලිත් ජයසිංහ පිළිබඳ කෙටි රූපවාහිනී වැඩසටහනක් පහතින් දැක්වේ... >>
මෙය නරඹද්දී එක පැනයක් සිතට ඒ.. එදා මේ වැඩසටහන ප්‍රචාරය කළ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවට අද මේ වීඩියෝව නැවත ප්‍රචාරය කළ හැකිද. එසේ කළහොත් ඒ වෙනුවෙන් එහි සේවකයන් කීයකගේ වැඩ අහිමි වේද? වෙනස සැපද? –
-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
මරාට පුකදීම සඳහා රණවිරුවන් විකුණාගෙන කන්න එපා පකෝ. තොපි මරාගේ පරණ උප්පරවැට්ටි දැම්මට වැඩක් නෑ. 2016 මැයි මාසයේදී මරා හිරේ යනවා. බලාගෙන හිටපල්ලා.
ReplyDeleteහරිම අපූරු භාෂාව. කට ඇරියොත් කුණු හරුප. වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැද්ද?
Deleteරටට වෙනසක් ගෙන්න මුල් වෙලා තියෙන්නේ මේ වගේ අයද?
තව කෙනෙක්ගේ මතයක් ඉවසන්න බැරි කිසිම සංයමයක් නැති අන් අයට ගරු කිරීමක් නැති මේ වගේ මිනිස්සු තමා බලද්දී වැඩි හරියක් ඉන්නේ.
තම බිලිදිය මෙලොව එලිය දකින්නටත් පෙර දේශය වෙනුවෙන් දිවි දුන් ලලිත් ඡයසිංහ
ReplyDeleteසර්, අපි දැන් කිලෝමීටර් 28ක් විතර ඇතුලට ඇවිත් තියෙන්නෙ. හැම තැනම ටෙරාල high secure 1ක් දීල තියෙනෙ..., ඔව් අපි මෙතන් නැවතිලා targets ගමු.
ගත වූයේ පැය ගනනක් උනත් එය සෙබලුන්ට නිමේශයක් බඳු වේලාවක් විය, ඈතින් සුපෝපබෝගී L.T.T.E රත පෙලක් වේගයෙන් පැමිණෙමින් තිබුනි. විශේශ බලකා සෙබලු 8ක් සමග කොටි කටට ගොස්, මහා විරු දිනයට පැමිණෙන කොටි නායකයන්ට ප්‍රහාර එල්ල කිරීමට නොබියව බාරගත්තේ, ලාංකීය යුධ ඉතිහාසයේ වීරයන් අතර සිටි තවත් වීරයෙක්, ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහයන්ය.
................................
රථ පෙල ලංවනවාත් සමගම අටේ කණ්ඩායම සමග ලලිත් ජයසිංහ ක්‍රියාත්මක විය, කොටි කිසිසේත් නොසිතූ විරූ ප්‍රහාරයක් එල්ල විය, මන්දයත්, එය කොටි පාලන ප්‍රදේශයක් පමනක්ම නොව ඔවුන්ගේ දැඩි ආරක්ෂාව තබා තිබූ ප්රදේශයකි. එහෙයින් ඔවුන් කිසි විටෙක නොසිතන්නට ඇත, අප වීරෝදාරයන් එහි සිටීය යන වග. නැවත පැමිණීම ගැන කිසිම බලාපොරොත්තුවක් සිතේ තිබෙන්නට නැතිව, ජීවිතය දේශ වෙනුවෙන් කැප කිරීමට සෙබලුන් ලලිත් ජයසිංහයන් සමග එක්වී ධරුණු ප්‍රහාර එල්ල කලහ. එහිදී කොටි නායකයන් කිහිප දෙන්ක්ද මියගියහ, තවද ඔවුනට දැඩි අලාබහානි සිදුවිනි.
..............................
එහිදී කොටි මෙල්ල කලද, ඔවුන් නැවත එන ගමනේදී අතිරේක කොටි කණ්ඩායම් රැසක් සමගම ධරණු සටන් වදින්නට ජයසිංහයන් ඇතුලු පිරිසට සිදුවිය. අවාසනාවන්ත ලෙස පාදයට වැදුනු වෙඩි පහරින් ජයසිංහයන් බිම ඇද වැටුනි. ලාංකීය ලෙය පොලව දිගේ ගලා යද්දී නැවත නැගී සිටි ඔහු පහර පිට පහර එල්ල කරමින් සහෝදර සෙබලුන් සමග නවත සටනට එක්විය. කොටි ප්‍රහාර ධරුනු වීමත්, උණ්ඩ හිගකමත් මැද සටනේ යෙදී සිටි ජයසිංහයන් අවසන් වෙඩිමුරය තැබුවේ පපුව පසාරු කරගෙන ගිය උණ්ඩයක් පපුව තුල තබා ගනිමින්මය.
.......................................
ඔහු දේශයක් එලිය කරන්නට, අපේ හෙට දවස වෙනුවෙන් තම ජීවිතය මව්බිම වෙනුවෙන් කැපකරන විට තම ලෙයින් සැදුනු මේ ලොව එලිය දැක නැති තම බිරිදගේ කුසයේ වැඩෙන බිලිදියකගේ පියෙකි.
........................
ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ දිග දුර විහිදුම් ඒකකයේ විශිෂ්ට නිලධාරියෙකු වූ මොහු රණ බිමේ පෑ සුරු විරුකම් නිසා වීර වීක්ක්රම විබුෂණ වීරක්ක්රිය පදක්කමෙන් දෙවරක්ම පිදුම් ලද අතර,දේශ පුත්,
උතුරු නැගෙනහිර සංග්‍රාමික,50 වන යුධ හමුදා සංවත්සර හා පුර්ණ බුමි පදක්කම්වලින් පුද ලැබීමට තරම් අබීත සෙන්පතියෙක් විය.
........................
එදා ඒ පියපුතු සෙනෙහස අහිමි කල තිරිසන් යුගය අද අවසන් වී ඇත. මොහොතකට සිතන්න මිතුරනේ ඔවුන් රට වෙනුවෙන්, තම ආදරණීයයන් දමා ගියේ අප වෙනුවෙන් නිදහස් නිවහල් දැයක් තනනටයි. ඔවුන් කල දේ බලන විට, අප රටටත්, ඔවුනටත් කල දෙයක් නැත.
.............................
ඔබ සදා අමරණීයයි පියාණෙනි. අපේ දේශයේ සැබෑ ආඩමබරය නුඹයි!