11/26/2015

"දෙමළ ජනයාගේ පිපාසය ඊළම" යයි මහවිරු දිනයට උතුරේ පෝස්ටර් ගසයි

කතෘ:යුතුකම     11/26/2015   1 comment

හෙට පැවැත්වෙන මහවිරු දිනයට එක්වෙමින් "ඊළමට සහාය පළ කරමු" යන වැකි සදහන් පෝස්ටර් ඊයේ යාපනය, වව්නියාව, කිලිනොච්චිය ප්‍රදේශ පුරා අලවා තිබූ බව අද මාධ්‍ය වාර්තා කර තිබුණි. ඊට සම්බන්ධන් ගේ විරෝධයක් නැත. රටක විපක්ෂ නායකට ත්‍රස්තවාදීන් සැමරීමට සහයෝගය දිය හැකිද ? ලෝකයේ මොනම රටකවත් ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ තබා නැත. කිසිදාක ඇලොල්ෆ් හිට්ලර්, ඔසාමා බින් ලාඩන් හෝ ඔවුන්ගේ අනුගාමිකයෝ සමරනු ඔබට දැකිය හැකිද ? නිසැකවම නො හැකි ය.

සිවාජිලිංගම් කියන්නේ ජවිපෙ ට විරු සැමරුම් කළ හැකිනම් ඔවුන්ට ද එම අයිතියම ඇති බවයි. එය මතුපිටින් අපුරු තර්කයකි. ඉන් ඔවුන් ජවිපෙ ද ත්‍රස්‌තවාදීන්ට සමාන කෙරේ. සිවාජිලිංගම් ගේ ප්‍රකාශය share කරන ජවිපෙ සහ ජවිපෙ නොවන ගෝතයන් අනියමින් කරන්නේ ද ජවිපෙත් කොටි සංවිධානයට සමාන කිරීමයි. මේ දෙපිරිසම සමරන්නේ මිනීමරුවන් බව සැබෑය. එහෙත් ජවිපෙ LTTE යට කිසිවිටක සම පාත කළ නොහැකිය. ජවිපෙ මිනී මැරුවේද රාජ්‍ය දේපල විනාශ කළේ ද දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කරගැනීමටය. ඔවුන් ආයුධ ගත්තේ කිසිදාක මෙරට රෝපණය කළ නොහැකි මාක්ස්වාදය ඔළු තුළ හොවාගෙන සමාජවාදී දේශපාලන ක්‍රමයක සුබ සිහින දකිමිනි. ඔවුහු රටේ ස්වෛරීභාවයට,ජාතික නිදහසට අභියෝග නොකළහ. රට බෙදා වෙනම රාජ්‍ය ක් නොඉල්ලුහ.
එහෙත් කොටි ත්‍රස්තයන් ප්‍රභාකරම්ගේ ෆැසිට්වාදී න්‍යාය ට අනුව ඔවුන් මිනී මැරුවේ රටේ ස්වෛරීභාවයට, ජාතික නිදහසට අභියෝග කරමිනි. වෙනම රාජ්‍යක් ඉල්ලමිනි.රට දෙකඩ කිරීම වෙනුවෙනි. ප්‍රභාකරම් දෙමළ ජනයා බලහත්කාරයෙන් සිය අඩසියට ගත් නිසා මියගිය ඥාතීන් පෞද්ගලිකව කෝවිලකට ගොස් අනුස්මරණය කළාට වරදක් නැත. එහෙත් මහවිරු දිනයට එක්වෙමින් "ඊළමට සහාය පළ කරමු" යයි පෝස්ටර් ගසා විරු සැමරුම් කියා කරන මේ කොටි සැමරුම් වලට ඉඩ නොදිය යුතුය.

රටේ විපක්ෂ නායක ලෙස සම්බන්ධන් නියෝජනය කළ යුත්තේ නොබෙදුන රටක පොදු ජන අභිලාශ මිස "දෙමළ ජනයාගේ පිපාසය ඊළමයි. මහවිරු දිනයට එක්වෙමින් "ඊළමට සහය පළ කරමු" යයි පෝස්ටර් ගසා කරන බෙදුම්වාදීන්ගේ ඊළාම් සිහින සැබෑ කරදීමට සහය වීම නොවේ. රටක විපක්ෂ නායක යනු ජාති භේදයකින් තොරව එක් ජන කොටසකට පමණක් සීමා නොවී සමස්ත ජනතාවම නියෝජනය කරන තනතුරකි. එහෙත් සම්බන්ධන් යනු සමස්ත ජනයා කෙසේ වෙතත් උතුර හැරුණු විට දකුණේ වතුකරයේ වෙසෙන තම පාත්‍ර වර්ගයයේම ජන කොටස් වෙනුවෙන් වත් පෙනී සිටීමේ විභවතාවක් පෙන්නුම් නොකළ නායකයකි. ඔහු තවමත් බෙදුම්වාද අත්හැර නැති බවට එයද සාක්ෂ්‍යකි.


සම්බන්ධන් පළමුව කළ යුත්තේ ලක්ෂ්මන් කදිරගාමර්, ආනන්ද සංගරී ඩග්ලස් දේවානන්ද මෙන් බෙදුම්වාදය අතහැර ඇති බව රටේ බහුතරයට විශ්වාස කළ හැකි පරිදි ඒත්තු ගැන්වීමයි. ඔහු මේ විරු සැමරුම් වලට අනුබල දීමෙන් කරන්නේ එය නොවේ. මේ රටේ තිබෙන්නේ වාර්ගික ප්‍රශ්නයක් නොව බෙදුම්වාදය පිලිබඳ ප්‍රශ්නයකි . මතු දැක්වූ නායකයන් බෙදුම්වාදය අත්හළ දෙමළ නායකයින් නිසා ඔවුන් සමග අනවරථ ගැටුමක් හෝ සැකයක් උග්‍ර ජාතිවාදියකුට හැර දකුණේ මැදිහත්ව සිතන බහුතරයකට නැත.

රත්තනදෙණියේ මේධානන්ද හිමි
(2015. 11. 26 )
යුතුකම සංවාද කවය -
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. Lakshman Kairagmar was never considered as a terrorist and he cannot take with other mentioned names.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions