5/07/2015

රාජ්‍ය නායකයකුගේ නිවහල් නොවූ මනස

කතෘ:යුතුකම     5/07/2015   3 comments

වත්මන් ජනාධිපතිවරයා තමන් බලයට පත් වී දින සියයකට පසුව ජාතිය අමතමින් මෙරට සිංහල බෞද්ධයින් 1862 දී ඇමෙරිකාවේ විසූ වහලූන්ට සමාන කළේ ය. එතුමාට අනුව ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙකු වූ එබ‍්‍රහම් ලින්කන් ඇමරිකාවේ 1862 දී වහල් මෙහෙය නිමා කිරීමේ නීති රීති සමිපාදනය කරන විට ඇතැමි වහල්ලූ වහල් බාවයෙන් මිදීම ප‍්‍රතිෙක්ෂේප කළෝ ය. ජනාධිපති තුමාට අනුව ඔවුන් තමන්ට හුරුපුරුදු වහල් බාවයෙන් මිදී තමාට උරුම වූ නිදහස තුළ ස්වශක්තියෙන් දියුණුවීමට තරම් ආත්ම විශ්වාසයක් නැති පුද්ගලයින් ය. එතුමා අපට නොකී කතාව නම් වහල් බාවයෙන් මිදී ඔවුනට තම ජීවිතය ගොඩ නගා ගැනීමට හැකි වාතාවරණයක් එම වකවානුව වන විට ඇමරිකාව තුළ නිර්මාණය වී නොතිබුනු බවයි. ඒබ‍්‍රහම් ලින්කන් මහතාද ඇතුලූ එකළ සිටි ප‍්‍රධානීන් දැරූ මතය වූයේ මෙසේ නිදහස ලැබූ කළු ජාතිකයන් යළිත් වරක් අපි‍්‍රකාවටම යැවිය යුතු බවයි. ඇත්ත වශයෙන් ම ඔවුන්ගෙන් කොටසක් කැමැත්ත ඇතිව හෝ නැතිව බෝට්ටු වල පටවා ලයිබීරියාවට යවන ලදී. මෙම කරුණු සළකා බැලීමේදී අතැම් වහලූන් නිදහසට අකමැති වීමට බලපෑ හේතු තේරුම් ගැනීම අපහසු නොවේ. වහලූනට නිදහස ලබාදුන් මෙී ශේෂ්ඨ මානවහිතවාදියා තමා මුණ ගැසීමට ඉතිහාසයේ මුල්වරට ධවල මන්දිරයට පැමිණි නිදහස් කළු ජාතිකයන් අමතා ඔවුන් ඇමෙරිකාවෙන් පිට වී යායුතු බව ප‍්‍රකාශ කළේ ය. මෙසේ නිදහස ලැබූ වහලූන්ට මූලික පුරවැසි අයිතීන් පවා නොතිබුනු අතර ඔවුනට ඡන්ද බලය පවා හිමිවුනේ එයින් වසර සියයකට පසුව ය.

ඇතමුන්ට අනුව වර්තමාන ජනාධිපති තුමා බලයට පත් වන විට මෙරට තිබුනේ අන්ත දූෂිතත ඒකාධිපති ෆැසිස්ටි පාලනයකි. එතුමා බලයට පත් කරවන ලද්දේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් සුරැකීමට සහ යහපාලනය ඇති කර දූෂිතයන්ට දඬුවම් දීමටය . බටහිර බලවේග සහ ඔවුන්ගේ එ්ජන්තයන් කෙසේ හැඳින්වීමට උත්සාහ කළ ද මෛත‍්‍රීපාල සිරිසේන මහතා තරඟ කළේ කෝටි දෙකක ජනතාව සතු ජීවත් වීමේ මානව අයිතිය තහවරු කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයකු සමඟ බව අමතක කළ නොහැක. එබැවිනි එතුමාට තම දේශපාලන න්‍යාය පත‍්‍රය සාධාරනීය කිරීම සඳහා තමා ඡන්දයෙන් පරාජය වූවා නම් තමා ඇතුළු පවුලේ උදවිය මේ වන විට ද සිටින්නේ අඩි අටක් පොළොව යට ය, ජනාධිපතිවරණය දා සිදුවූ කුමණ්ත‍්‍රණය වැනි ප‍්‍රලාප ගෙතීමට ද සිදු වූයේ. එ් තමා බලයට පත් වන විට මෙරට තිබුනේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ම්ලේචීඡ පාලනයක් බව ලෝකයාට මවා පෑමටයි . පසුගිය මැතිවරණයේදී ද මෙරට සිංහල බෞද්ධ ජනතාවගෙන් බහුතරය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්දය පාවිචිචි කළ බව නොරහසකි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය දේශනයේදී දහ නමවැනි සියවසේ වහල් මානසිකත්වය ඇතැයි සමච්චලයට ලක් කරන්නේ මෙම ජන කොටසයි. දින සියය අවසන් කාලය වන විට මෙරට සිංහල බෞද්ධ ජනතාව මහින්ද රාජපක්ෂ නැමැති නායකයා වටා විශාල ලෙස එක් රොක් වෙමින් සිටිති. තමා විසින් දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙරට සථාපිත කරන ලද අසීමිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස සහ යහපාලනයේ ප‍්‍රතිලාභ විඳීමට අකමැති සිංහල බෞද්ධයන් දහ නම වැනි සියවසේ ඇමරිකාවේ ජීවත් වූ කළු ජාතික වහලූන් ලෙස සිරිසේන මහතාට පෙනීම පුදුමයට කරුණක් නොවේ. ඒ සිරිසේන මහතානි යෝජනය කරණ දේශපාලන ප‍්‍රවාහය තුළ සිටින සියළුම විජාතික බලවේගයන් සිංහල බෞද්ධයන් කෙරෙහි දරන ආකල්පයද එයම වන බැවිනි. සිරිසේන මහතා මෙන් ම ඔහු නියෝජනය කරන දේශපාලන ප‍්‍රවාහය ද නොදකින දේ නම් පරගැති මානසිකත්වයේ වහල් බාවයෙන් මිදීමට සිංහල බෞද්ධයන් යෙදී සිටින අනවරත අරගලය යි.

1818 දී වෙල්ලස්සෙන් ඇරඹි ජාතික නිදහස් සටන පසුගිය සියවසේ මුල් දශකයේදි ගම් දනවු සිසාරා පැතිර ගිය ජාතික ව්‍යාපාරයක් බවට පත් කරණ ලද්දේ අනගාරික ධර්මපාල තුමා විසිනි. 1915 මුස්ලිම් කෝලහලයත් සමඟ ඉංගිරීසින් විසින් ජාතික නායකයින් ට විරුද්ධව එල්ල වූ මර්ධනය හමුවේ දුර්වල වූ ජාතික ව්‍යාපාරයේ නායකත්වය මෙරට කළු සුද්දන් අතට පත් වීමත් සමඟ එය නිදහස අරභයා කෙරෙන ව්‍යවස්ථා අරගලයක් බවට පත් විය. දෙවැනි ලෝක සංග‍්‍රාමයේ අවසන් කාලය වන විට බටහිර අධිරාජ්‍යවාදීන් ට විවිධ හේතු නිසා අකමැත්තෙන් නමුත් අධිරාජ්‍යය අත් හැරීමට සිදු වුව ද යටත් විජිතයන්ගේ පාලනය ජගත් සංවිධානයක් යටතට ගත යුතු බව එකළ ඉදිරිපත් වූ ප‍්‍රබල මතයෙකි.අද පවා මෙරටෙි අභ්‍යන්තර ආරඏාව සම්බන්ධයෙන් විශාලතම තර්ජනය එල්ල වන්නේ 1948 වසරේ දි පිහිටවා ගන්නා ලද ජගත් සංවිධානය හරහා බව නොරහසකි. එමෙන් ම ඉංගිරිසින් විසින් අපට නිදහස ලබා දෙන්නේ රටෙි ආරක්ෂාව හා විදේශ සබඳතා සම්බන්ධයෙන් ඔවුනට සෟජුවම බලපෑම් කළ හැකි අයුරිනි. කළු සුද්දන් සඳහා මෙරට ඉතිහාසය ලියූ ජී සී මෙන්ඩිස් මහතා ඉංගිරිසින්ගේ ත්‍යාගශීලී බව වර්ණනා කරන්නේ ඔවුන් රටෙි අභ්‍යන්තර කටයුතු පාලනය කිරීමට සම්පූර්ණ නිදහස දුන්නා පමණක් නොව ආරක්ෂාව හා විදේශ කටයුතු සම්බන්ධයෙන් ද යම් නිදහසක් ලබා දුන් බව සඳහන් කරමිනි. මෙරට ජාතික ව්‍යාපාරය නැවත දළු මල් ලියලා වැඩෙන්නේ 1956 දී ය. වරායවල් ගුවන් තොටුපළවල් ජනසතු කරමින් ජාතික ආරඏාව පිළිබඳ ව අදීන තීරණ ගත් බණ්ඩාරනායක මහතා මෙරට විදේශ සබඳතා බටහිර ආධිපත්‍යයෙන් මුදවා ගනිමින් සමාජවාදී කඳවුර වෙත සමීප කරවීය. බණ්ඩාරනායක මහතාට අනුව නොබැඳි ප‍්‍රතිපත්තිය යනු ඒ පැත්තටත් මේ පැත්තටත් නැති ප‍්‍රතිපත්තියක් නොවේ. 1972 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ජන රජ ව්‍යවස්ථාව හඳුන්වා දෙමින් මේ රට ඉංගිරිසි ආධිපත්‍යයෙන් මුදවා ගත් අතර ඇයගේ නායකත්වය යටතේ නොබැඳි පිළිවෙත ප‍්‍රබල බටහිර විරෝධී ව්‍යාපාරයක් බවට පත් විය.

බටහිර යටත් විජිතවාදයට විරුද්ධව මෙරට විශාලම අරගලයක යෙදුනේ මහින්ද රාජපක්ෂ මහතා ය. ඒ නව යටත්විජිතවාදීන් විසින් හදා වඩා පෝෂණය කළ කුරිරු කොටි ත‍්‍රස්තවාදය විනාශ කරමිනි. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් විසින් කාලයක් තිස්සේ කි‍්‍රයාත්මක කරගෙන ආ ලොව බටහිර නොවන සියළු සභ්‍යත්වයන් විනාශ කර දැමීම සඳහා යොදා ගන්නා ලද ත‍්‍රස්ත ව්‍යාපාරයන් අතර වූ ශක්තිමත් ම සංචිධානයක් වූ කොටි ව්‍යාපාරය මෙසේ සුණු විසුණු කර දැමීම ඔවුන් මෑත ඉතිහාසයේ ලද විශාලතම පසුබෑම විය. ඔවුනට මහින්ද රාජපඏ විනාශ කිරීමට උවමනා කරන්නේ ඉදිරි අනාගතයේදී වෙනත් කිසිම ඊනියා කුඩා රාජ්‍යයක රාජ්‍ය නායකයෙකුට ඔවුන් විසින් නිර්මාණය කරන ලද ත‍්‍රස්තවාදී ව්‍යාපාරයකට විරුද්ධ නොවීම සඳහා පාඩමක් ඉගැන්වීමටයි. ඔවුහු මේ අරමුණ සාඏාත් කර ගැනීම සඳහා ඔවුනට හැකි අයුරෙන් චිදේශීය මෙන් ම දේශීය බලවේග ද යොදා ගත්තෝ ය. වර්තමාන ජනාධිපති තුමන් ද මේ සඳහා සෟජුවම දායක වී ය. වර්තමාන රජය අද කි‍්‍රයාත්මක කරන බටහිර ගැති විදේශ ප‍්‍රතිපත්තිය මඟින් යටත් විජිත වාදීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපට ජාතික නිදහසක් අවශ්‍ය නැති බවත් අප යළිත් යටත් විජිතයක් බවට පත් කර ගන්නා ලෙසත් ය.

අද මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැහැදිලිවම තේරුම් ගත යුතු දේශපාලන යථාර්ථය නම් දිනෙන් දින මහින්ද රජපඏ වටා ගොනුවන බලවේග ඉල්ලා සිටින්නේ වහල් භාවය නොව ජාතික නිදහස බවයි. මෙරට ජනතාව ඉල්ලා සිටින්නේ තමන් විසින් ද මානව හිමිකම් උල්ලංඝනය කරණ ලද බව පවසන ඇමෙරිකානු රාජ්‍ය ලේකමිවරයා ට ඬ ඔවු ඔබලා එසේ කර ඇති බව අප ද පිළිගන්නවා, නමුත් අපි නමි එසේ කර නැතැඬ යි පැවසිය හැකි උදාර නායකත්වයකි. ඒ ඇමරිකාව මානව අයිතිවාසිකමි සමිබන්ධයෙන් නමි තවමත් අපට වඩා සියවස් ගණනක් පසුපසින් සිටින බැවිනි. මෙරට ජනතාව හෙට වන විට එක හඬින් ඉල්ලා සිටිනු ඇත්තේ ඒ උදාර නායකත්වයයි. වර්තමාන ජනාධිපති තුමාගේ පමණක් නොව මේ රටෙි ද ඉදිරි අනාගතය රඳා පවතින්නේ ඔහු එයට දෙන පිළිතුර මත ය.මෙරට පොදු ජනතාව අතරින් බිහිවූ වත්මන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද මෙරට ජාතික විරුවන්ට අපහාස කරන බටහිර ගැති සුළුතර රජය ඉවත් කර මහින්ද රාජපඏ මහතා යටතේ ජාතිකනිදහස ස්ථාපිත කර ගත හැකි රජයක් බිහි කර ගත හැකි වාතාවරණයක් සකස් කරනු ඇතැයි යන්න මෙරට සියළු දේශපේ‍්‍රමී ජනතාවගේ බලාපොරොත්තුවයි.
 

-වෛද්‍ය වසන්ත දේවසිරි
2016 වෙසක් මස 4 වැනිදා
 යුතුකම සංවාද කවය 
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. මහින්ද රාජපක්ෂ නමැති හොර නායකයා වටා එක්ව සිටින්නේ හොරු රැලකි. උන්ට අවශ්‍ය ආපහු හොර නායකයා රජ කරවන්නටය. මරා තව අවුරුදු දෙකක් ඇතුලත දේශපාලනයෙන් අතුගෑවී යනවා. මෙය සටහන් කර තබාගන්න. එදාට මම ඇත්ත නමෙන් එනවා. මේ අඩවිය ඉතුරුවෙලා තිබුනොත්.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් මෙහි පලවන දෑ සමග නොගැලපේ නම්, කරුණාකර මෙම වෙබ් අඩවිය කියවීමෙන් වලකින්න. තවද​, ඔබේ වෛරී අදහස් පලකර මෙය අපවිත්‍ර නොකරන්න​. ඔබ ඇත්ත නමින් ආවද නාවද අපට නම් පලක් නැත​.....

      Delete
  2. wijedasa rajapaksa mahathata atheethaya amathaka wee etha

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions