5/11/2015

පළාත් පාලන ආයතන විසුරුවා හැරීම

කතෘ:යුතුකම     5/11/2015   3 comments

හෙට අනිද්දා පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට සූදානමක් වෙයි. බොහෝ පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වී ඇති අතර තවත් කිහිපයක නිල කාලය මාස කිහිපයකින් නිම වෙයි. මේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියා මාර්ග තුනක් වෙයි. පළමුවෙන් ම පළාත් පාලන ආයතන විසූරුවා හැර ඒ වෙනුවෙන් මැතිවරණ වහාම පැවැත්වීම ය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව කළ යුතු යහපත් ම කාර්යය එය ය. එමගින් පළාත් පාලන ආයතනවලට තම නියෝජිතයන් පත්කර ගැනීමේ අයිතිය ජනතාවට හිමිවෙයි.

දෙවනුව කළ හැක්කේ පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දිර්ඝ කිරීම ය. එමගින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පහරක් එල්ල වේ යැයි කෙනකුට තර්ක කළ හැකි ය. එසේ වුවත් ඒ සඳහා අණ පනත් යටතේ අවසර තිබීමත් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ජනතාව විසින් පත්කරනු ලැබ තිබීමත් හේතුවෙන් එසේ කාලය දීර්ඝ කිරීම යම් ආකාරයකට යුක්ති යුක්ත කළ හැකි ය. අනෙක් අතට මහා මැතිවරණ සූදානමක් ඇති බැවින් හා එසේ මහා මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් ජනාධිපතිට හා අගමැති යන විධායක බලතල හවුල් කරුවන්ට තිබේ නම් මහා මැතිවරණයක් සමග පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීම අවුලකට තුඩු දිය හැකි බැවින්, පළාත් සභා මැතිවරණ අවුරුද්කින් කල් දමා තිබෙන පළාත් පාලන ආයතන එලෙස ම පවත්වාගෙන යෑම රටට හා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර නොවන බව ජනතාවට එත්තු ගැන්වීම එතරම් අපහසු කරුණක් නොවනු ඇත.

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති තුන්වැනි විකල්පය ඒ ආයතන විසුරුවා හැර ලේකම්වරුන් යටතට පත් කිරීම ය. ඒ සඳහා ද විධිවිධාන ඇති නමුත් එය කිසි ආකාරයකින්වත් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කිව හැකි නො වේ.  ලේකම්වරු කිසිම අර්ථනිරූපණයක් අනුව ජනතා නියෝජිතයෝ නො වෙති. ඔවුහු වැටුප් ලබන රජයේ සේවකයෝ පමණක් ම වෙති. එවැන්නන් යටතේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කිරීමට පික්පොකට් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කිනම් ප්‍රජාතන්ත්‍රවාදයකට එකඟ ව ද?

අද පළාත් පාලන ආයතනවලින් අති විශාල ප්‍රමාණයක් ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකින් සමන්විත වන බව කවුරුත් පාහේ දනිති. එමෙන් ම පළාත් පාලන ආයතන සඳහා මේ මොහොතේ මැතිවරණ පැවැත්වුවහොත් ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද කණ්ඩායම ජයග්‍රහණය කරන බව රනිල් වික්‍රමසිංහ මහතා මෙන් ම මෛත්‍රිපාල සිරිසේන මහතා ද දනියි. ඔවුන් දෙදෙනාගේ ම පොදු අපේක්‍ෂාව මහින්ද රාජපක්‍ෂ මහතා නැත්තට ම නැති කිරීම ය. ඒ සඳහා ඕනෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා මාර්ගයකට එළඹීමට ද ඔවුන්ට ලජ්ජාවක් හෝ බියක් හෝ නැත.සමස්තයක් ලෙස පළාත් පාලන ආයතන මහින්ද රාජපක්‍ෂ මහතා වටා ඇති බැවින් ජනාධිපති අගමැති විධායක යුවළ පළාත් පාලන ආයතන ලේකම්වරුන් යටතට පත්කර මහින්ද රාජපක්‍ෂ මහතා දුර්වල කිරීමට කටයුතු කරන බව පැහැදිලි ය.

අද මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට හා බටහිරයන්ට හා ඉන්දීයයන්ට අවශ්‍ය ආකාරයට මිස අඩුම තරමෙන් ශ්‍රී ල නි පක්‍ෂයේ තම කණ්ඩායමට අවශ්‍ය ආකාරයටවත් නොවන බව පැහැදිලි ය. ශ්‍රී ල නි පක්‍ෂයේ බහුතරය බවට පත්වී ඇති මහින්ද කණ්ඩායමට අද පළාත් පාලන ආයතනවල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිය රැක ගැනීමට ද ඉදිර්පත් වීමට සිදු වී ඇත. එසේ කිරීමේ දී පෙනී යන ප්‍රධාන කරුණක් නම් මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ල නි පක්‍ෂයට ම බාධාවක් වී ඇති බව ය. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ඊනියා සභාපති වුව ද පක්‍ෂය රැකීමට වෙනුවට දුර්වල කිරීමට වෙහෙසෙයි. ඔහු කියන්නේ එකකි. කරන්නේ තවත් එකකි. ඔහු අඩුම තරමෙන් පක්‍ෂයේ සභාපතිත්වයෙන් ඉවත් කිරීම ශ්‍රී ල නි පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ  මූලික වගකීමක් බවට පත් වී ඇත.     

නලින් ද සිල්වා
කාලය : 2015 මැයි 10

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. ඉතින් ඕයි අඬන්නේ නැතුව ඉලෙක්ෂන් තිබ්බම තරග කොරලා දිනාගන්නවකෝ. පහුගිය කාලේ මරා සහ උහේ හැත්ත වරිගේ රටටම කෙරුවනේ මදි නොකියන්න. ඒ නිසා මිනිස්සු චන්දෙ දෙන්නේ නැතෑ. තමුසෙලා ගූ බයේනේ ඉන්නේ මරාටයි උගේ සෙවල කම්බ හොරුන්ටයි කෙළවෙන නිසා.

    ReplyDelete
    Replies
    1. මර්වින්5/11/2015 8:37 AM

      මේ හාදය කවුරු උනත් අපේ පුතාටත් වඩා නොම්මර එකේ හරකෙක්...
      ලිපිය කියවන්නේ නැතිව තමයි කමෙන්ට් කරන්නේ පුක ගිනි අරන් වගේ..
      මේකේ තියෙන්නේ චන්දෙ තියන්න කියල තමයි ගොනෝ..
      එහෙම නැතිව කොමසාරිස් කෙනෙකු යටතට පත් කරන්න එපා කියලයි මේ කියන්නේ.
      අනේ උඹ වගේ හරකෙක් මෝඩ මූසලයෙක්

      Delete
  2. හප්පා මංගල ගෙ social media set එක මේකටත් බැහැල comment කරන්න පටන් අරන් වගේ ...නියම reply එක මර්වින්

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions