5/12/2015

ජහපාලනය සහ රටේ අනාගතය

කතෘ:යුතුකම     5/12/2015   3 comments

ශ්‍රී ලංකාවේදී 'යහපාලනය' (ජහපාලනය) නමින් හැදින්වෙන්නේ good governance යන්නෙහි සිංහල වචනය ය. ලෝකයේ good governance යන්න මෙරටදී හැගවෙන්නේ සපුරා වෙනස් අර්ථයකිනි. එහි ‍අර්ථය ඇතැම් විට 'හොරු ඇල්ලීම' විය හැකි ය. ඒ අනුව, good governance යනුවෙන් හැදින්වෙන සමාජ ක්‍රියාදාමය, සිංහලයෙන් 'හොරු ඇල්ලීම' ලෙසින් හැගවෙන නිසා එවැනි ව්‍යාපෘතියක් ලෝකයේ තිබෙන්නේ අප රටේ පමණක් යයි කීම, යුක්ති යුක්ත ය.

good governance නම් වූ ඉංග්‍රීසි වචනයට නිශ්චිත ව්‍යවහාරික අර්ථයක් තිබේ. එය ප්‍රාදේශීය ආණ්ඩුකරණයට සම්බන්ධ යෙදුමක් වන අතර, අදාළ රටේ රාජ්‍යයට අමතර ව, ගෝලීය ප්‍රජා සංවිධාන හෙවත් විවිධ රාජ්‍ය නො වන සංවිධාන - NGO (?) සහ අන්තර්ජාතික ආයතන ද, ඊට මැදිහත් කර ගැනීම අනිවාර්ය අංගයකි. අද එය මේ රට තුළ සිදු වෙමින් පවතින අතර, ඒ පිළිබද ව මහජනතාවට එතරම් අවබෝධයක් නැති බව කිය යුතු ය.
අද, රටේ පරමාධිපත්‍යය ද ඉක්මවා, ව්‍යවස්ථාදායකය සහ විධායකය අභිබවා යන ආකාරයෙන් සැළසුම් කර තිබෙන, ඊනියා 'උපදේශක සභාව' යනු එවැන්නකි. 'නිර්දේශපාලනිකයි' නමැති බෝඩ් ලෑල්ලට මුවා වී, මෙලෙස අප රටේ පාලනය හැසිරවීමට සංවිධානය වී තිබෙන්නේ, අන්තර්ජාතික ආයතන රැසක් බව නො රහසකි. අද ප්‍රාදේශීය ආණ්ඩුකරණය හෙවත් බලය බෙදීමේ ක්‍රියාවලිය බලාත්මක කිරීමට උපදෙස් දෙමින් සිටින්නේ ද මේ උපදේශක සභාව බව පැහැදිලි ය.
'
ශ්‍රී ලංකාවේදී මෙවැනි ආයතන, ක්‍රියාවලි නිවැරැදි ව සිංහලයට පරිවර්තනය නො කෙරෙන්නේ ඇතැම් විට, සංවර්ධනය වෙමින් පවතින රටක් වුවත්, අධ්‍යාපන මට්ටම ඉතා ඉහළ අගයක් ගන්නා නිසා යයි සිතේ. මෙවැනි රටවල සංවේදී කාරණා, ඉතා පරෙස්සමෙන් හැසිරවිය යුතු බව ප්‍රකට ය. නිදර්ශනයක් වශයෙන් 'යහ ආණ්ඩුකරණය' වැනි සෘජු අර්ථයකින් මේ කාර්යය සිදු කිරීමට යන්නේ නම්, රටේ ඊට එරෙහි ව රට තුළ දැඩි ජනමතයක් මතු වන්නට ඉඩ තිබේ යයි, අදාළ පාර්ශ්වයන් අනුමාන කරනවා විය හැකි ය. ඒ අනුව, 'යහපාලනය' (ජහපාලනය) නමින් ව්‍යාපෘතිය අරඹා, 'හොරු ඇල්ලීම' ජනප්‍රිය කිරීම, උපාය මාර්ගයක් ලෙස සාර්ථක ය. ඒ අතරේ 'තලගොයින්' මරා ගැනීම පහසු ය.

අද නිශ්චිත වශයෙන් සිදු වෙමින් පවතින්නේ එයයි. එය රට අනතුරේ හෙලීමක් බව සහතික වශයෙන් කිය හැකි ය.
මේ සත්‍යය, සිරස සහ සිඵමිණ සපයන තොරතුරුවලින් පමණක් වටහා ගත නො හැකි ය. ඊට ඉතා සියුම් විචාර බුද්ධියක් අවශ්‍ය ය.
පහත සදහන් වන්නේ, එවැනි වටහා ගැනීමකින් තහවුරු කර ගත හැකි තොරතුරකි.

පසුගිය අප්‍රේල් මාසයේ LMD කලාපයයට ආචාර්ය ජෙහාන් පෙරේරා නම් වූ රාජ්‍ය ‍නොවන සංවිධාන - NGO (?) ක්‍රියාකාරිකයා Force of Unity නමින් ලිපියක් සපයා තිබේ. ජෙහාන් පෙරේරා යනු, මෙරට බෞද්ධ සංස්කෘතික උරුමයට එරෙහි ව, කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන තක්කඩියකු බව ද, සදහන් කළ යුතු ය.

ඔහු ගේ ලිපියේ එක් තැනක මෙලෙස සදහන් ය.
'Sri Lanka is fortunate to have the support of the South African government in addressing the issues of the past. An important lessons from South Africa is the need to educate the general population on what needs to be done.' (page - 58)
මෙහි සිංහල පරිවර්තනය මෙවැන්නකි.

'ශ්‍රී ලංකාව, ස්වකීය යටගිය ගැටලු නිරාකරණය කර ගැනීම සදහා උත්සුක වන විට, ඊට දකුණු අප්‍රිකාවේ සහයෝගය ලබා ගැනීමට තරම් භාග්‍යසම්පන්න වී තිබේ. එරටින් ලබා ගත හැකි විපුල පාඩම නම්, සිදු කිරීමට නියමිත දේ පිළිබද ව පොදු ජනතාව දැනුම්වත් කිරීම ය.'
මෙහි ඇති ගැටලුව කුමක් ද? කිසිවක් නැත.

බැලූ බැල්මට ද, අදාළ කටයුත්ත ඉතා යහපත් බව පෙනී යයි.
එහෙත් මේ සැළසුමේ යටිකූට්ටු අරමුණ ඇත්තේ වෙනත් මානයක ය. එය අවබෝධ කර ගැනීමට පාඨලී චම්පික රණවක විසින් එළි දක්වන ලද 'ආලාපාඵ' පොත් පඩංගුව කිය විය යුතු ය.

එහි 46වැනි පිටුවේ මෙලෙස දැක් වේ.
'ඉන්පසු අපූරු දෙයක් සිදු විය. සිංගප්පූරු සමාගම ගල් අගුරු ගෙන එන්නේ දකුණු අප්‍රිකාවෙන් බවත්, එම රටේ දේශපාලකයන් ද, මෙයට සම්බන්ධ බවත් හෙළි විය. රටින් පිටත ඊලාම් රාජ්‍යයක් තනා ගෙන සිටින වී.රුද්‍රකුමාරන් දකුණු අප්‍රිකානු දේශපාලකයන්ට සම්බන්ධ බවත්, ගල් අගුරු ටෙන්ඩරයේ අරමුණ උතුරේ දෙමළ ඡන්දයට යෝජිත ජනාධිපතිවරණ‍යේදී බලපෑමක් කිරීම බවත්, ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.'

මෙහි තිබෙන වැදගත් තොරතුර නම්, දකුණු අප්‍රිකාව සමග කොටින් ගේ හිතවත්කම් තිබෙන බව ඔප්පු වීම ය. ඒ අනුව, ඉහත සදහන් ලිපියේ සදහන් වන ආකාරයට, ආචාර්ය ජෙහාන් පෙරේරා දක්වා තිබෙන භාග්‍යසම්පන්න භාවයෙන්, 'බලය බෙදා හැරීමේ' ක්‍රියාවලියේදී වඩාත් ප්‍රයෝජන ලබා ගනු ඇත්තේ, සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ද? නැත්නම් ගෝලීය කොටි සංවිධානය ද?

- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. මරා මොකද දේවාල, පල්ලි, කෝවිල් ගානේ යන්නේ ජහ පාලනයට බය නැත්නම්. මරාගේ රෙද්ද කඩලා පුකේ තාර ගාලා පුකට පයින් ගහලා එලෙව්වේ නැති එක තමයි යහපාලනයේ ලොකුම වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. මර්වින්5/13/2015 9:22 AM

      මේ හාදයට 'මරා' කියන වචනෙ නැතිව පේලි දෙකක් ලියාගන්න බෑ.
      මරා බීතිකාව...
      ගොන් හරකෝ මෝඩ මූසලයො. හැම එකටම එකම වචන පේලිය ලියල හරියන්නේ නෑ. මාතෘකාවක් තියෙනව, ඒකට අනුව කතා කරපිය..
      නැත්නම් මිනිස්සු හිතාවි තෝත් මගේ දරුවෙක් කියල..

      Delete
    2. ko yako mama daapu comment 1 oya thaara puke gaaganna hadana ponnayage kathaawata reply 1k deela..
      publish karapan.

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions