7/21/2015

"සිංහලයේ රණහඬ" "බලු සිංහයෙකු" බවට පත්වීම

කතෘ:යුතුකම     7/21/2015   2 comments


නරින් ද, කොටින් ද, ඔ‍ටුවන් ද, රතු අලින් ද, කහ බළල්ලු ද සමඟින් එකම වේදිකාවක ලැග "සිංහලයේ රණහඬ" "බලු සිංහයෙකු" බවට පත්වීම

මෙවර මැතිවරණයේදී ජාතික හෙළ උරුමය ක්‍රියා කරන්නේ චාල්ස් ඩාවින්ගේ න්‍යායට අනුව බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ 2015.07.18 දින "සිළුමින" පුවත්පතට පවසා ඇත. ඒ අනුව පළමුව අනුගත වීමත්, එයින් පැවැත්මත් ඇති වන බව පෙන්වා දී ඇති උන්වහන්සේ එසේ නොමැතිව යහපත් අරමුණක් කරා යා නොහැකි බව ද තම ශ්‍රී මුඛයෙන් වදාරා ඇත. එම ප්‍රකාශය අද යහපාලනය නඩය සමඟ නිරුවත් වී එක ගෙයි වළඳන, මුන්වහන්සේගේ න්‍යායාචාර්යවරයා වන චම්පකට එල්ලවන විරෝධය වළක්වා ගැනීමට කළ ප්‍රකාශයක් බව අමුතුවෙන්ම කිව යුතු නැත. උන්වහන්සේගේ මෙම වැදි බණ ඇසූ සැණින් සිහියට නැගෙන්නේ කිතුල් ගහට නැග අතටම අසුවූ පසු තණකොල කපන්න ගහට නැගි බව කී කපටි ගමයාගේ කතාවය.

බලය වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කරන බලලෝභියෙකු සහ රාජිත-එස්බී-හකීම්-මර්වින් ආදීන් මෙන් දේශපාලන අවස්ථාවාදියෙකු බවට අද පත්ව ඇති චම්පකගේ මේ මහින්ද විරෝධය ඇති වීමට ප්‍රමුඛ හේතුව කුමක්දැයි පළමුව විමසා බලමු. 2005 ජනාධිපතිවරණයේදී "මහින්ද චින්තනය" පිටපත් කළේ චම්පකය. ඔහු මැතිවරණ ජයග්‍රහණයෙන් පසු බලාපොරොත්තු වූයේ අගමැති වීමටය. මුල් කාලයේදී නිතරම මහින්ද වටා භ්‍රමනය වෙමින් සිටි මොහුගේ යටි අරමුණු වටහාගත් මහින්ද විසින් මොහුව ටිකෙන්-ටික කොන් කළ නිසා මොහු මහින්ද සමඟ විරසකභාවයට පත්විය. එමෙන්ම සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන් අතර තමන් නිකන්ම නිකමෙකු බවට පත්වෙමින් සිටීමත්, ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අභියස තමන්ගේ අගමැතිවීමේ බලාපොරොත්තුව හීනයක් බවට පත්වෙමින් ඇති බවත් වටහාගත් චම්පක ඉන් පසු සන්ධානය තුළ සිටිමින්ම සන්ධානය බිඳවන්නට උත්සාහ කළේය. ඉන් පසු ඔහුගේ ඉලක්කය වූයේ ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මැදමූලනේම නතර කොට, මහින්ද හිතවාදීන් ශ්‍රීලනිපයෙන් අතු ගා දමා, ශ්‍රීලනිපයේ ලේකම් බවට පත්වී 2020 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කර ඇති නිසා ඊළඟ ජනාධිපතිවරනයේදී ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීමටය.

එහෙත් 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාදය වූවද, මොහුගේ කුමන්ත්‍රණය මල් ඵල නොගත්තේ විමල්-උදය-දිනේෂ්-වාසු ප්‍රමුඛ සන්ධානයේ නායකකාරකාදීන් ද, ශ්‍රීලනිපයේ මහින්දහිතවාදීන් ද මහින්ද රාජපක්ෂ මහතාව නැවත දේශපාලන කරලියට කැඳවාගෙන පැමිණීම නිසාය. කිසිවෙකුත් නොසිතූ, නොපැතූ ලෙස සිදුවූ මහින්ද රාජපක්ෂගේ පුනරාගමණය නිසා චම්පකගේ දේශපාලන යටිසූත්තරය උඩු-යටිකුරු වන්නට විය. මහින්ද රාජපක්ෂ සන්ධානයෙන් තරඟ කරන බව ප්‍රකාශ වීමත් සමඟ තක්කු-මුක්කු වී සිටි චම්පිකට විකල්ප හතරක් ඉතිරි විය. එනම්, තමන් හෙල උරුමය වශයෙන් තනිව තරඟ කිරීම හෝ මහින්ද යටතේ සන්ධානයෙන් තරඟ කිරීම හෝ මහින්ද විරෝධී මෛත්‍රීපාල සිරිසේන හිතවාදීන් සමඟ නව පක්ෂයකින් තරඟ කිරීම හෝ එජාපයෙන් තරඟ කිරීම හෝ ය.
හෙල උරුමය වශයෙන් තනිව තරඟ කළහොත් එකදු ආසනයක්වත් තමන්ට නොලැබෙන බව වටහා ගැනීමට තරම් චම්පක නූගතෙකු නොවන නිසා ඔහු පළමු විකල්පය අත හැරියේය. දෙවන විකල්පය වූ මහින්ද යටතේ සන්ධානයෙන් තරඟ කළහොත් ඔවුන්ට සන්ධානයේ පාක්ෂිකයන්ගේ මනාපය කෙසේ වෙතත් හූ හඬට පාත්‍ර වීම නිසැක නිසා දෙවන විකල්පයත් අත හැරීමට සිදු විය. තෙවැනි විකල්පයත් අත හැරදැමීමට සිදුවූයේ මහින්ද විරෝධී මෛත්‍රීපාල සිරිසේන හිතවාදීන් සමඟ නව පක්ෂයකින් තරඟ කළහොත් ආසන 10-15ක් අතර ගණනකට වඩා තමන්ට ලබාගත නොහැකි බව වටහාගත් නිසාවෙනි. වඩාත් වාසිදායකවන්නේ තමන් ඇතුලුව රාජිත, අර්ජුන, හිරුනිකා, නාවින්න, වර්නසිංහ, පරණවිතාන ආදීන් එජාපයෙන් පාර්ලිමේන්තුවට රිංගවා ගැනීමත්, සෝලන්ග, තිලන්ග, දුමින්ද, එස්බී, මල්ෂා, කත්‍රිආරච්චි ආදීන් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට රිංගවා ගැනීමත්, ශිරාල්, මලිත්, ජීවන්, රෙජිනෝල්ඩ්, පවුසි, අමුණුගම, මුස්තාපා, රජීව් ආදීන් සන්ධානයේ ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ඇතුල් කරගැනීමත්, ඕමල්පේ සෝභිත-රතන-ජයම්පති-එම්.කේ.ඩී.එස්-උස්වැ‍ටකෙයියාව ආදීන් එජාප ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ඇතුල් කරගැනීම බවත්, එමගින් තමන්ගේ මෛත්‍රී හිතවාදී පාර්ශවයට ආසන 20-25ක් පමණ කොටා ගත හැකි බවට චම්පකගේ අදහස විය.

මීළඟ ආණ්ඩුවේ අගමැතිවරයා බිහි කරන්නේ, තමන් ඇතුළු පිරිස බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවට නම් කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පසුගිය දිනෙක ප්‍රකාශ කළේ මේ හේතුව නිසාය. මේ ප්‍රකාශය මගින් ඔවුන්ගේ ඉදිරි කුමන්ත්‍රණය නමැති බළලා මල්ලෙන් එළියට පැන ඇත. මොවුන්ගේ මීලඟ ඉලක්කය වන්නේ මීලඟ පාර්ලිමේන්තුවට මෛත්‍රීපාල හිතවාදී මන්ත්‍රීවරුන් 20-25ක් අතර ප්‍රමාණයක් මහජන මනාපයෙන් සහ ජාතික ලැයිස්තුවෙන් පත්කර, රනිල් වික්‍රමසිංහව අගමැති කරවීමේ තීරක බලය බවට ඔවුන් පත්වී, යම් තීරනාත්මක අවස්ථාවකදී එම සහයෝගය ඉවත් කරගෙන, පාර්ලිමේන්තුවේ පු‍ටු පෙ‍රැලියක් මගින් තමන්ගේ මන්ත්‍රීවරයෙකු අගමැති ලෙසට පත්කර ගැනීමය.

එහෙත් මෙතෙක් ජාති ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසූ, නූතන දොන් ජුවන් ලෙස අන්වර්ථ නාමයකින් අපහාසයට ලක්කළ රනිල් සමඟත්, බෙදුම්වාදීන් ලෙස හැඳින්වූ බාහු, සාලි, මනෝ ආදීන් සමඟත්, මුස්ලිම් මූලධර්මවාදීන් ලෙස හංවඩු ගැසූ හකීම් සහ මුජිබර් රහ්මන් සමඟත් චම්පක තම සහුර්දයා වන රතන හිමි සමඟින් එකම වේදිකාවක ලැග සිටිනු දකිනා විට සිතට ඇතිවන ජුගුප්සාජනක හැඟීම් නම් ලිඛිත භාෂාවෙන් පළ කළ නොහැකි නිසා, ධර්මිෂ්ඨ රාජ්‍යයක් ගැන වැදි බණ දෙසා පැමිණි ඔවුන් අද දිනයේදී තමන් විසින් කරන්නේ කෙතරම් බලලෝභී ජඩ දේශපාලනයක්ද කියා ඔවුන්ගේම හර්ද සාක්ෂියෙන් විමසාගතහොත් වඩා හොඳයැයි සිතමි.

මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් හා රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින යහපාලන නඩයෙන් මා ඉල්ලා සිටින්නේ මෛත්‍රීපාල සිරිසේනගේ න්‍යායාචාර්යවරයෙකු බවට පත්ව ඇති "චම්පිකගේ 30 වසරක් පටසෝඝතගාමීව" පොත කියවන්නැයි කියාය. මේ ස්‌වයංලිඛිත චරිතාපදානයේ ඔහු සඳහන් කර ඇති කරුණුත්, අද දිනයේ ඔහු සඳහන් කරන කරුණුත් සසඳා බැලීමේදී සිනහ යන්නේ අධෝමුඛයෙන්ය. එය කියවීමෙන්ම අද යහපාලනය සමඟ නිරුවතින් ලගින චම්පික කුමන ආකාරයේ දිව දෙකේ කබරයෙක්දැයි ඔබටම වටහාගත හැකිවනු ඇත.

2015 මැයි මස 24 වනදා ලංකාදීප පුවත්පතේ "උතුරු නැගෙනහිර කොටින්ට පාවා දෙන ‘පීටොම්ස්‘ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ අගමැති විදියටය" යි පවසන චම්පකයන් තමාගේ ‘පටිසෝතගාමීව තිස්‌ වසක්‌’ කෘතියේ සඳහන් කරන්නේ "රටම අවදි කිරීම අපේ පරමාර්ථය වූ අතර, දහස් ගණන් ක‍්‍රියාකාරීන් රටපුරා පන්සල් හා සේවා ස්ථාන කරා පිටත් කරවීමු. තුන්වන දිනය වනවිට ජ.වි.පෙ ආණ්ඩුවෙන් එළියට ආ අතර, වෙනම උපවාසයක් ආරම්භ කළේය. කපටි චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩල යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවේ අගමැති මහින්ද හරහාය. ඒ එතුමා වෙතට ජාතික බලවේගවල වෛරය තල්ලූ කර හරින්නටය" යනුවෙනි. තව දුරටත් එම පුවත්පතටම ඔහු පවසන්නේ
 "2005 ජනපතිවරණයට පෙර කොටින්ට අරමුදල් දුන් බව ශ්‍රීපති සූරියආරච්චි, ටිරාන් අලස් හා මංගල සමරවීර ප්‍රකාශ කර තිබෙනවා. අද වෙනකම් එය බොරු බව කිව්වේ නෑ. සමහරුන් රහස් පොලිසියට පවා ඒ ගැන ප්‍රකාශ දී තිබෙනවා" යනුවෙනි. 
එහෙත් 2009දී පළකළ ‘පටිසෝතගාමීව තිස්‌ වසක්‌’ කෘතියේ ඔහු ඒ කාරණය පිළිබඳව සඳහන් කරන්නේ "1982 සිට පවත්වන ලද සියලූ ජනාධිපතිවරණ සිය ශක්ති ප‍්‍රමාණයේ හැටියට වේලූපිල්ලේ වර්ජනය කළේය. එයට හේතූව තමිල් ඊළාමයේ ජනාධිපති තමාය යන හැඟීමය. 2005 ජනාධිපතිවරණයේ දී එය යාපනය වැනි හමුදාව සතුව තිබූ ප‍්‍රදේශවලට ද ව්‍යාප්ත වූයේ ආණ්ඩුවේ මුග්ධ සාමය නිසාවෙනි. අනෙක් අතින් හමුදා බලප‍්‍රදේශවල පවත්වන මැතිවරණයක දී තමනට සිතූ හැටියේ ඡන්ද පෙට්ටි පිරවීමට කොටින්ට හැකිවන්නේ ද නැත. පෙරළා දකුණ, බස්නාහිර, උතුරු මැද, වයඹ, සබරගමුව වැනි සිංහල ප‍්‍රදේශ අතිවිශාල වැඩි ඡන්දයකින් දිනා ඒ ප‍්‍රතිඵලය වන්නියේ දෙමළ ඡන්දවලින් ආපසු හැරුණා නම් රට තුළ ඇතිවන්නේ කැරැල්ලකි. එමෙන්ම විපක්ෂයේ චෝදනාව ඇත්ත යැයි ගත්ත ද වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ප‍්‍රථමවතාවට රැවටීමේ ශූරකම, මහින්ද රාජපක්ෂට ලැබෙන්නේය. මන්ද එයට පෙර ඔහු හා ගනුදෙනු කළ සියල්ලෝම ඔහු විසින්, රැවටීමට ලක්කර මරාදමා හෝ මරාදැමීමට තැත්කර හෝ තිබුණු හෙයිනි" යනුවෙනි.

තව දුරටත් එම පුවත්පතටම ඔහු පවසන්නේ "මහින්ද රාජපක්ෂ මුල ඉඳන්ම ත්‍රස්තවාදය පරාජය කරනවා කියා තිර අදිටනකින් සිටි බව, උපන්දා සිට ත්‍රස්තවාදය පරාජය කරන්න බලාගෙන සිටින බව කවුරුන් හෝ කියනවා නම් එය බොරුවක්. ඔහු 2005 හෙළ උරුමය සමඟ ගිවිසුම් අත්සන් කරන තුරු ෆෙඩරල් වාදියෙක්. රටේ ඒකීය භාරවය ගැන වචනයක් කතා කළේ නෑ" යනුවෙනි. එහෙත් 2009දී පළකළ ‘පටිසෝතගාමීව තිස්‌ වසක්‌’ කෘතියේ ඔහු මහින්ද රාජපක්ෂයන් පිළිබඳව සඳහන් කරන්නේ "සුභවාදී ලෙස පෙනුණු එකම දෙය ආරක්ෂක අමාත්‍යාංශයේ සිදුවූ පෙරළියයි. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්විය. එහි උපදේශකයින් ලෙස එම්.ඞී.ප‍්‍රනාන්දු හා එච්.එම්.ජී.බී.කොටකදෙණිය මහත්වරු පත්වූහ. හමුදාපති ලෙස සරත් ෆොන්සේකා මහතා පත්විය. මේ සියලූදෙනාම ප‍්‍රතිපත්තිගරුක දේශපේ‍්‍රමීන් වූහ. අප බලාපොරොත්තුවන ඉලක්කය කරා හමුදාව ගමන් කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇතිවිය. ඊළඟට සිදුවූ ක‍්‍රියාදාමයන්ගෙන් පෙනී ගියේ එය සිදුවෙමින් පවතින බවය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු ආරක්ෂක අංශවල සිදු වූ නායකත්ව වෙනස්කම් මගින් ඉක්මණින්ම සියලූදෙනා දැනගත්තේ ආණ්ඩුව කොටින්ගෙන් එල්ලවන ඕනෑම අභියෝගයක් සඳහා සූදානම් වන බවයි. විශේෂයෙන්ම කොටින්ගෙන් බිදී ගිය කොටස් හා කොටි විරෝධී කොටස් අනුක‍්‍රමයෙන් අප හා සම්බන්ධ වන්නට විය" යනුවෙනි.

‘පටිසෝතගාමීව තිස්‌ වසක්‌’ කෘතියේ තවත් එක් පරිච්ඡේදයක ඔහු සඳහන් කරන්නේ තමන් ආර්.ප්‍රේමදාස මහතාව බලයෙන් ඉවත් කිරීමට මහත් කැපකිරීමක් කළ බවත්, එතුමාගේ මරණය සැලවීමත් සමඟම තමාගේ හිතට සතුටක් ඇතිවූ බවත්, එහෙත් ආර්.ප්‍රේමදාස මහතා වැනි නිර්-ප්‍රභූ චරිතයක් පිළිබඳව එසේ කටයුතු කිරීම පිළිබඳව තමන් අද දිනයේදී (2010දී) කණගා‍ටුවන බවත්ය.

ආර්.ප්‍රේමදාස සාධකයේදී මෙන්ම, තමන්ගේ බලලෝභය නිසා 2015 දී තම රටට අත්කළ ඉරණම පිළිබඳව තමන්ගේ මරණ මංචකයේදී හෝ චම්පකට කණගා‍ටු වීමට සිදුවනු නියතය.
එමෙන්ම 2000-2005 කාලයේදී "සිංහලයේ රණහඬ" ලෙස හැඳින්වූ චම්පකයන්, අද දිනයේදී නරින් ද, කොටින් ද, ඔ‍ටුවන් ද, රතු අලින් ද, කහ බළල්ලු ද සමඟින් එකම වේදිකාවක "බලු සිංහයෙකු" සේ ලැග සිටීම පිළිබඳව සිතට ඇති වන මහත් වූ පහන් සංවේගය නිසාම අවසාන වශයෙන් මෙලෙස සඳහන් කරන්නෙමි. "චම්පකයෙනි, තම මතු අරමුණු වෙනුවෙන් රටම අවුල් ජාලයක් බවට පත් නොකොට, මතු ජීවිත කාලයම පටිසෝතගාමීව සිටින්නේ නම් එය තම උපන් බිමට කරනා මහඟු මෙහෙවරක් වන්නේමය."

-Jana-Ananda -

යුතුකම පාඨක ලිපියකි

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. මේ යකා තමා මහින්ද චින්තනය ලියනකොට යම් යම් වගන්ති ඇතුලත් කරලා තියෙන්නේ. මේකා දවසක් බනිනවා මහින්දට කොටිත් එක්ක සාකච්චා කරනවා කියලා මහින්ද චින්තනයේ තිබ්බ ලු. මේකා ම තමා එක ලියල තියන්නේ. නියම කැනහිලෙක්.

    ReplyDelete
  2. Thank you for your comment

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions